(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
නව සමෘද්ධිලාභින් 5450කට මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොකිරීම නිසා දැඩි අසාධාරණයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සිදුව ඇති බව පවසමින් දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයෝ අද (15) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පැවැති උත්සවයට සහභාගි නොවි තම විරෝධය පළ කරන බව පැවසූහ.
වසර 2030 වන විට දිළිඳු බවින් තොර ශ්‍රි ලංකාවක් උදෙසා සමාජ සවිබල කරණයේදි වත්මන් රජයේ යෝජනාවක් අනුව සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙයන් අද මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගණයේදැ පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මාතලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එ.ජා.ප) ගාමිණි කොස්තා මහතා කියා සිටියේ වත්මන් රජයේ නව වැඩසටහන අනුව මෙම සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි දැඩි අසාධාරණයක් වූ බවයි. අවුරුදු 20ක් තිස්සේ පාක්ෂිකයින් විවිධ පීඩාවන්ට ලක්විය. එදා යූ.එන්.පී ය කියලා පසුගිය ආණ්ඩුව සමෘද්ධිය කපා දැමීමත්, ආණ්ඩුවක් තිබයදිත් අසීමිත ලෙස අසාධාරණකම් සිදු වුවත් මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ඉන්න මැති ඇමතිවරුන් දැනුවත් කළත් පළක් නැතිවූ බවද හෙතෙම පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණි කොස්තා මහතා, “අගමැතිතුමා සමග අපිට ප්‍රශ්නක් නැහැ. අපි කියන්නේ මේ ක්‍රමවේදය වැරදියි කියන එකයි. මම මීටපෙරත් සම්බන්ධීකරණ කමිටුවේදී පවා සමෘද්ධිය තියන අයටම සමෘද්ධිය දෙනවා කියලා කිව්වා. ඒත් පලක් වුණේ නැහැ. ඇතැම් දේශපාලනඥයින්ද කටයුතු කරන්නේ තමන්ගේ සුඛ විහරණයටයි.
මාධ්‍ය වෙත අදහස් දැක්වු රත්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රි අතුල සුදර්මන් වික්‍රමනායක මහතා මෙසේ පැවැසීය. “අගමැතිතුමා එන උත්සවයට අපිට ආරාධනා නැහැ. නමුත් පොහොට්ටුවේ සභාපතිවරයාට ආරාධනා පත්‍ර දෙනවා. මේවා තමයි විහිළු වැඩ. මේ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි තනි පුද්ගලයින් වැඩි පිරිසක් තෝරාගෙන තියනවා. තනි පුද්ගලයකුට යම් දීමනාවක් දෙනවා. රත්තොට වැඩි පිරිසක් එහෙම තෝරලා ඉන්නේ.
වසමකින් 10 දෙනෙක් තේරිමේදි යුඇන්පි කියන අයට දෙන්නෙක් විතර දානවා. හැමදාම දෙන අයට විතරයි මේ සමෘද්ධිය දෙන්නේ. නියම සුදුස්සාට ලැබිලා නැහැ. සමෘද්ධි ප්‍රතිලාභින් ලබා ගැනිම සඳහා අයදුම්පත්‍ර ලබා දීමේදී අක්‍රමිකතා සිදුවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා දැන් අවුරුදු තුන හතරක් වෙනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයට ජනාධිපති, ඇගමැති, මැති ඇමැතිවරුන් එනවා. නමුත් හැමදාම පළාත් පාලන මන්ත්‍රිවරුන්ට තැනක් දුන්නෙත් නැහැ.
ආරාධනා කරන්නෙත් නැහැ. කිසිම තැනකදි එජාප මන්ත්‍රිවරුන්ට ආරාධනා නැහැ. මේ පිළිබදව අපි දැනුවත් කිරිම් කළත් පළක් නැහැ. මේ සමෘද්ධිය ලබා දිම තුළින් මාතලේ දිස්ත්‍රික්කයේ යුඇන්පී ඡන්ද සියයට 50ක ප්‍රමාණයක් අපිට අහිමිවෙනවා“ යැයිද පැවසීය.
අඹන්ගඟකෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති වත්මන් මන්ත්‍රි (එ.ජා.ප)උපසේන ඇලහේන මහතාද මෙසේ අදහස් දැක්වීය.
“ඉදිරි ඡන්දය බලාගෙන මේ පොහොට්ටුවේ පිරිස් මේ සමෘද්ධිය ලබාදීම සදහා තෝරාගෙන තියනවා. සමික්ෂණ කටයුතු කරලා තියෙන්නේ සමෘද්ධි නිලධාරින්. ඒ අයම තමා පසුගිය කාලයේත් කිසිම වෙනත් පක්ෂයක අයට සමෘද්ධිය දුන්නේ නැත්තේ... මේ යහපාලන ආණ්ඩුව මගින් අලුත් සමෘද්ධිය ලබා දිමේදීත් ඒ දෙන්න බැරිවුණ ඒ අයගේ පවුල්වල පිරිස් හට මේක දුන්නා. මේක අයුධයක් වුණා ඒ අයට සමෘද්ධිය දෙන්න. මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ අයටවත් දෙන්න බැරිවුණා. සමෘද්ධි නිලධාරින්ගේ බැලමෙහවරක් කරන වත්ත පිටිය සුද්ධ කරන අයට තමා මේවා දිලා තියෙන්නේ. දුප්පති අහිසංක සමෘද්ධිය ලැබිය යුතු යුඇන්පි කාරයින්ට හම්බවෙලා නැහැ.
අගමැතිමා එක්ක අපි තරහ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් මැති ඇමතිවරුන් ඇමතිකම් ගත්තහම හිතාගෙන ඉන්නේ ඒ අයගේ බූදලයෙන් මේවා ඉබේ ඇමතිකම් හම්බවෙනවා කියලා. අපි පළාත් පාලන නියෝජතයින් ලෙස හැමදාම මේ අය බලයට පත් කරන්න ගම්වල ඉන්න අහිංසක මිනිස්සු එක්ක ඡන්ද කරනවා. අඩු ගානේ සමෘද්ධි කාඩ් එකක්වත් දෙන්න බැරිනම් වැඩක් නැහැ“ යැයිද පැවසිය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාතලේ එජාප පළාත් පාලන නියෝජිතයෝත් අගමැති පැමිණි උත්සවය වර්ජනය කරති
ජයරත්න Saturday, 15 September 2018 10:30 AM
අගමැතිතුමා ලංකාවට හරියන විදියට දේශපාලනය කරන්න. නැත්නම් 2005 දී වුණා වගේ ආයෙත් රාජපක්ෂලාටම රට යයි. ඒ ගොල්ලෝ ඇවිල්ලා අත දිග ඇරලා බෙදලා තව අවුරුදු දහයක් විතර බලයේ ඉඳියි.
HafeelSaturday, 15 September 2018 01:31 PM
බයවෙන්න එපා. රාජපක්ෂලා බලයට ආවොත්, 2030 වෙනකම් මෙයා තමයි පක්ෂයේ නායකයා. එ්කත් ලොකු දෙයක්නේ.
SamSaturday, 15 September 2018 02:14 PM
යුද්ධය නැති රටේ මහබැංකුව විනාශ කිරීම වොක්ස්වෝගන්, හොරණ රබර් බදුපිට බදු, රුපියල වැට්ටීම, පාතාලය නැගිටීම, රට විකිණීම, දින100, වැනි අති සාර්ථක වැඩ කිරීම සඳහා රාජපක්ෂලාට එන්න නොදෙන්න.
RNG Saturday, 15 September 2018 03:28 PM
එහෙනම් මේ අයත් දන්නවා අගමැතිතුමාට සහ හිටපු ජනාධිපතිතුමාට තියෙන පිළිගැනීමේ තරම.. මොනවා වුණත් ඇත්ත තත්වය තේරුම් ගන්න එක හොඳයි..
jantha anura Saturday, 15 September 2018 11:29 AM
ජනතාව හිඟන්නන් නොවේ.. වැඩක් කර මුදල් ඉපැයීම ජනතාවගේ ප්‍රර්ථනාව වෙනවා..
Gihan Saturday, 15 September 2018 02:57 PM
කසකාරයෝ ඔය එන්නේ. හොඳ හොඳ ඒවා එළිවෙන ජාමෙට...
Banda Saturday, 15 September 2018 06:43 PM
ඊළඟ ඡන්දෙදි මුළු රටම වර්ජනය කරයි......
V.warnakulasuriya Saturday, 15 September 2018 06:46 PM
දැනට අවු. 70 ක් තුළ රටේ සිටින පීඩිත පංතිය තව තවත් පීඩිතයන් වී ඇති බවට පෙනෙන මොහොතකි. මේ පීඩිතයන්ගෙන් යම් ප්‍රමාණයකටවත් යම්තරමට හෝ වාසනාවක් ලැබුණේ විදේශ රටවල වහල්කමට යාමට හැකිවීම නිසාය. එයින්ද රටට ලැබෙන වාසියෙන් අද සැප විඳින්නේ විලිලැජ්ජා නැති පාලකයන්ය. රටේ දුප්පත්කම තුරන් කරනවාට වඩා දුප්පතුන් නඩත්තු කරන්න යාමක් නිතරම අපි දකින්නෙමු. අද එය දේශපාලන පක්ෂවල පැවැත්මට යොදා ගැනීමක් මෙහිදි පෙනෙන්නට ඇත. රටේ දුප්පත් කම ඉහළ යාමත්, අඩු ආදායම් ලබන්නන් වැඩිවීමත්, ඉහළම සැපවිදින නව ධනපති පංතික් බිහිවීමකුත් පමණක් අද අපි දකින්නෙමු. ගැටළුව ඇත්තේ ජනතාව කොතනද? ජනතාවගේ කැමැත්ත සියල්ල සිදුවේ. පාඩම් ඉගෙනීමට අවු. හැත්තෑවක ඉතිහාසයක් ජනතාවට ප්‍රමාණවත් නොවන්නේද?
ලුම්බිණි Sunday, 16 September 2018 01:36 AM
මෙතන කිසිම අවුලක් නැහැ නේ........ සමෘද්ධි ප්‍රතිලාභින් තෝරා ගැනිමේදි එම අයගේ දේශපාලන පසුබිම වෙනුවට ආදායම අනුව තොර ගත්ත නම්. මෙච්චර සුළු දෙයක් තේරුම් ගන්න තරම් කෙනෙක් මෙතන නැද්ද?