IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි

(අජන්ත කුමාර අගලකඩ )  
 
ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත.  
                                   
පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඇතැම්විට මහමැතිවරණය වුවද ලබන වසරේ පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. 
                                             
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(24)  පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමිනි.  
                                                  
සංවිධායකධුර පුරප්පාඩුව පවතින ආසනවලට සහ සංවිධායකයින් සිටින ආසනවලට අලුතින් සංවිධායකවරුන් ජනවාරි මස මුලදී පත්කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. 
                                                       
බණ්ඩාරනායක දිනය යෙදෙන ලබන මස 8වැනිදා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අලුත් මුහුණුවරකින් ආරම්භ කරන බවත් සංවර්ධන කටයුතු රැසක් එදින ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ යැයි මහලේකම්වරයා කීය. 
                                       
පක්ෂයේ ප්‍රතිසංවිධායක වැඩපිළිවෙළ පිළිබඳව ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී පුළුල් ලෙස සාකච්ඡා වූ බවද ඔහු කීවේය.



අදහස් (34)

මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි

Hafeel Monday, 24 December 2018 06:54 AM

මෛත්‍රීට ගැලපෙන මහලේකම් කෙනක්. මේ පාර සමස්ථයක් වශයෙන් දිවයින පුරා 10% අඩු ප්‍රතිෂතකයක් තමයි ගනීවි. මෙහම ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යනවා.

:       632       813

justin Monday, 24 December 2018 07:04 AM

මෙතුමාට මැතිවරණ සහ විදේශ සංචාර හැර වෙන කිසිවක් හිතේ නැහැ. නින්ද යන්නෙත් නැතිව ඇති. අනේ අපේ රටට ගිය කලක්. සරත් ෆොන්සේකා කියපුව තමා මතක් වෙන්නේ.

:       901       1077

Nuwan Monday, 24 December 2018 07:20 AM

රටේ ජනතාව මෙවර බැංකු කඩපු අයව මුලින්ම ගෙදර යවන වසර

:       857       1127

NishanMonday, 24 December 2018 10:07 AM

බිලියන 12 බැංකු හොරකමද බිලියන 981 බැංකු හොරකමද?

:       26       523

Hafeel Monday, 24 December 2018 01:36 PM

දෙගොල්ලම යවන්නොන.

:       0       86

එරික් Monday, 24 December 2018 07:21 AM

තවත් තුරුම්පුවක්වත්ද?

:       23       155

බන්දුල Monday, 24 December 2018 07:23 AM

ජන්දෙට ලෑස්ති උනාට වැඩක් නෑ. මේයා ඊලග ඡන්දෙන් ගෙදර තමයි. මුළු ලංකාවෙන්ම ඡන්ද ලක්ෂ 5 ක් ගන්නේ නෑ,

:       102       1046

Rata Perata Monday, 24 December 2018 07:26 AM

මැතිවරණයක් නැතුව හරි කමක් නෑ මෙන්න මේයාව ගෙදර යවලා ඉමු.

:       133       806

sandy123 Monday, 24 December 2018 07:31 AM

හෆීල් - දිය වෙන්න දෙයක් නැහැ. දිය වෙලා ඉවරයි. අතට ඇඩ්ඩ්‍රස් නැහැ.

:       10       292

amarapaaala Monday, 24 December 2018 07:43 AM

"ශ්‍රිලනිප ආසන සංවිධායකවරු" එහෙමත් කට්ටියක් තවම ඉන්නවද ?

:       1       455

de silva Monday, 24 December 2018 08:11 AM

රටේ ශ්‍රී ල නි ප සංවිධායක වරු වඳවී ඇත , පොහොට්ටු සංවිධායක වරු නම් හතු පිපෙන්නාක් මෙන් රටේ හැමතැනම බිහිවී ඇත ,

:       0       68

බද්රානි Monday, 24 December 2018 08:32 AM

මැතිවරණ ගැන අපි බලා ගන්නම්, පින්සිද්ධ වෙයි ඔබ තුමා කට වහගෙන ඉන්නවද ලබන අවුරුද්දේ වත්? නැත්නම් ඉතින් ඒ අවුරුද්දත් විනාශයි??

:       25       423

බණ්ඩා Monday, 24 December 2018 08:35 AM

මැතිවරණ කර කර හිටියම ඇති අනික් ඔක්කොම දැන් අංග සම්පුර්ණයිනේ අනේ අනේ අපේ රටට වෙච්ච දෙයක්. ඔය මුදල් වලින් මීහරක් ටිකක් ගත්තනම් කුබුරු ටික අස්වද්දන්න තිබුන අගේට. මැතිවරණෙ පැත්තක දාලා එහෙම හොද නැද්ද? හා

:       74       222

kamil Monday, 24 December 2018 08:45 AM

පරදින එක විස්වාසයි එය විදගන්න ඉදිරි වසර සුදානම් වෙන්න

:       5       347

Mahee Monday, 24 December 2018 08:46 AM

මෙයාගේ වැඩපිළිවෙල වැරදි බව ඇත්ත. ව්‍යවස්ථාව කඩපු එකත් ඇත්ත. මහින්දට තල්ලුව දෙන්න හදපු එකත් ඇත්ත. කටට බ්රේක් නැති එකත් ඇත්ත. හැබැයි ඒ වගේම රනිල්ලාගේ අමු පට්ට හොර වැඩ ටිකක් හරි පාලනය වුනේ මෙයා නිසා කියන කාරණයත් ඇත්ත. ඊ ළඟ මහ මැතිවරණය පවත්වන තුරු මේ ආණ්ඩුවෙන් කරන්න හදන හොරකම් වෙතොත් ඒවා නවත්වන්න පුළුවන් හොඳම තැනැත්තා මෙයා තමයි කියන එකත් ඇත්ත.

:       578       1467

aseMonday, 24 December 2018 09:29 AM

පළමුව ගෙදර ඈයෝ හදාගත්තනම් නේද හොද ?

:       33       230

lionMonday, 24 December 2018 11:32 PM

මේ රටට විශාල අපරාදයක් කළා. මේ රට අරාජික කළා. එකඑක වෙලාවට හිතෙන හිතෙන දේ කියන හරයක් නැති බොරු දෙසන නායකයෙක් මෙරට ඉතිහාසයේම නෑ. පුළුවන් උපරිම දඬුවම දිය යුතුමයි.

:       0       0

ChandimaTuesday, 25 December 2018 02:00 AM

ටිකක් හිතලා බැලුවහම ඔබේ අදහස හරියි කියලා හිතෙනවා. මෙය මුලදීම මෝඩ වුණා. එ්කනේ දුරදිග නොසිතා 19 ට පැනගෙන උදව් දීලා තමාගේ බලතල අවුරුදු 4 කට නැතිකර ගත්තේ. ඊට පස්සේ තමන්ට නැති බලයක් ක්‍රියාත්මක කරන්න ගිහින් ලැජ්ජාවට පත් වුණා. ඔය 19 සංශෝධනය ජනතාවට කොහොම වුනත් අගමැතිට ඕනෑ වැරැද්දක් කරලා තමන්ගේ බහුතරය තියෙනවා නම් රැකිලා ඉන්න පුළුවන් විදියට හදාගත්තේ මෙයාගේ නොදැනුවත්කම පාවිච්චි කරලා. ඔයිට වඩා දුර දිග හිතලා වැඩ කරන්න තිබුණා.

:       12       0

තරස්තයා Monday, 24 December 2018 09:49 AM

2015 ජනවාරි වල රැවටුන සහ පාවාදීමකට ලක් වූ සියලු ඡන්දදායකයන්ගෙන් ඡන්දය දීමට උනන්දු කරවූ ඒ ඒ පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන විසින් පළමුව ඡන්දදායකයින්ගෙන් සමාව ගත යුතුයි .

:       1       1018

Kumara Monday, 24 December 2018 10:25 AM

අවුරුදු 3ක් ගහපු බොරු........ ජනතාව මේ පාරනම් රැවටෙන්නේ නෑ....

:       1       0

lankasri Monday, 24 December 2018 10:29 AM

මෙයා ආවේ හංසයාගෙන් දැන් මෙයාට ඒවා මතක නැහැ.

:       1       28

Bandu Monday, 24 December 2018 10:30 AM

මේ සැරේ.... බැංකු කතාව තමා දැන්...... කරලියේ ..... රටම බංකොලොත් කරේ 2015

:       0       1

Ruwan Monday, 24 December 2018 10:32 AM

2015 රට දුන්නේ හොඳට කරන්න..... සිංගප්පූරුවක් කරනවා කිව්වා.... ඉතියෝපියාවක් වෙන්න ගියේ්‍....

:       1       0

Sunil Ambalangoda Monday, 24 December 2018 10:51 AM

මේ සියලු මැතිවරණ එකම දිනයක පවත්වන්න පුලුවන් ද​....? චන්දය දීමට සුදුසු කිසිවෙක් නැත කියලා කතිරෙ ගහන්න කොටුවකුත් දාන්න​.....

:       1       2203

බණ්ඩා අය්යා Monday, 24 December 2018 11:01 AM

මට තේරෙන්නේ නැති නිසා මම මේ අහන්නේ එතකොට ලබන වසරේ මැතිවරණ විතරමද ? අනේ කියන්නකෝ වෙන සංවර්ධන වැඩ කටයුතු මුකුත් කෙරෙන්නේ නැතෙයි?

:       1       63

Amila Monday, 24 December 2018 11:25 AM

රටත් අනලා සහ පක්ෂයත් නන්නත්තාර කරලා ඡන්දයකට ලෑස්ති වෙන්නලු.

:       39       331

Kumara Monday, 24 December 2018 11:27 AM

මේවා අහලා රටේ මිනිස්සුන්ටත් දැන් පිස්සු.

:       0       217

rocky Monday, 24 December 2018 11:42 AM

අනේ මහත්තයෝ, අපට පවු නොදී , දැන්වත් නම්බු පිටින් යන දිහාක යන්න. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙක් අපිට උවමනා නැහැ.

:       658       660

jerami Monday, 24 December 2018 11:56 AM

අවුරුදු 5 යනවා කියලා නේද පටන් ගත්තේ නේද? රනිල් අගමැති උනොත් පැයෙන් යනවකීව නේද? කිසිම විස්වාසයක් නැති මනුස්සයෙක්. අපි බලගෙන ඉන්නේ ඡන්දේ දෙන්නම තමා.

:       62       477

රුවන් Monday, 24 December 2018 01:51 PM

රටට යන කල ගැන හරි දුකින් තමා අපි දැන් ඉන්නේ

:       4       149

Jehaan Monday, 24 December 2018 08:03 PM

තරඟ කරන්නේ ආප්පය ලකුණින් වෙන්න ඇති.

:       0       0

ajith Tuesday, 25 December 2018 02:08 AM

අනේ අපේ ජනාධිපතිතුමා කියපු එකක්වත් ඉෂ්ට කළාද? ඔබතුමා නිකන් සවුත්තු වුනානේ නිර්පාක්ෂික වෙනවා.. නැවත මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නැහැ රාජපක්ෂලාට මේ රටේ දේශපාලනයට එන්න ඉඩ තියන්නේ නැහැ.. වැල් බයිලා ගහලා දැන් බයියොත් එක්ක ගුලිවෙලා වැල් ගාලේ පැටලිලා... පැයෙන් පැය පුවත් මවනවා ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. පරාජය භාරගන්න සුදානම් වෙන්න...

:       0       8

chanak los angeles Friday, 28 December 2018 12:32 AM

අනෙක් පුද්ගලයෝ ඡන්ද ඉල්ලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහුට හැර.. මන්ද ඔහු ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නැවත ඡන්දයකට ඉදිරිපත් නොවී නිර්පාක්ෂික වෙමි කියා ප්‍රසිද්ධියේ වාචික ප්‍රකාශයක් කළා.. දී තිබෙන පොරොන්දුව කඩකළොත් සියලු සාක්ෂි මත උසාවියාමට ජනයා පොළඹවනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 01 January 2019 10:56 AM

අපි රෙඩි! පැන්සලත් ගෙදරින්ම ගේන්නම්. දෙන්නම් මේ සැරේ එජාපයට හොම්බෙන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 71 0

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 264 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 219 3

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 1157 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 249 1

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 273 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 634 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 471 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site