IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘මැතිසබේ ස්ථාවර නියෝග නීතියක් නොවේ‘

 

විනිසුරුවරයකු වැරැදිකරුවකු කිරීමේ නීතිමය බලයක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු ස්ථාවර අණ පනත් හි 78 ඒ වගන්තිය නීතියක් නොවන බවත් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ අද කෙළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ කථනයක් පතමින් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීට පෙර ඉල්ලා සිටියේය. ඒ අනුව අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරිමට ද පාර්ලිමේන්තු තේරීම් සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ කථනය උපුටා දක්වමින් පැවැසීය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් ඒ අනුව විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමට නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නැති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘මැතිසබේ ස්ථාවර නියෝග නීතියක් නොවේ‘

නන්දන Thursday, 03 January 2013 03:22 PM

ඒවා ස්ථාවර නියෝග ඒවා පාර්ලිමේන්තුවට විතරයි (දී)

:       0       0

මානවඩු Thursday, 03 January 2013 03:28 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ ඇති ඉහළම නීතියයි. ස්ථාවර නියෝග එහි ඇති නීතියම තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් නැවත නීති අවශ්‍ය විය යුතු නැහැ. පාර්ලිමේන්තුව හැමවිටම කරනුයේ අධිකරණයේ මතය විමසීම හෝ අර්ථකතනයක් ලබා ගැනීමයි. අධිකරණයට අවශ්‍ය සියලු නීති සකස් කරන්නෙත් සංශෝධනය කරන්නෙත් පාර්ලිමේන්තුවයි. ඒ අනුව අධිකරණයට පාර්ලිමේන්තු කටයුතු යටපත්කළ නොහැකියි යන්න මගේ අදහසයි. මෙහෙම ගියොත් පාර්ලිම්න්තුවට පණතක් සම්මත කරගන්න බැරිවෙයි. අනාගතයේ මේ වැඩෙන් මුලු රටම අරාජික වෙයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කළ යුකුයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය කියලයි.එහෙම නේද? (නි)

:       0       0

රවී Thursday, 03 January 2013 03:38 PM

මම නම් මේ ප්‍රතිපල මුලින්ම දන්නවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 11:04 AM

"උදය 2013-01-03 16:35:15 පාර්ලිමේන්තුව කරන වැරදි නිවැරදි කරන්න ජනතාවට වසර හයකට සැරයක්වත් අවස්ථාව ලැබෙනවා. නමුත් අධිකරණය කරන වැරදි හදන්න කිසිදිනෙක අවස්ථාවක් එන්නෙ නැහැ." මේ අදහස නම් ඇත්ත තමා. අද දවසේ අධිකරණය මුහුණ පා ඇත්තෙත් පහුගිය කාලේ අධිකරණය විසින් බල ගැන්වූ අශීලාචාර දේශපාලන ප්‍රවාහයේම දිගුවකට බව සත්‍යයකි. මා අසා තියෙනවා ඇමරිකාවේ නම් අධිකරණ විනිසුරන් ඡන්දයෙන් පත් කරන බව. හැබැයි එහෙම දෙයක් මේ රටේ කරනවා නම් ඒ සඳහා වන ඡන්ද බලය යම් දැන උගත්කමක් ඇති, රටට ආදායමක් හෝ යම් ආකාරයක දායකත්වයක් දෙන ප්‍රජා කොටසකට මිස අනුවණයින්ට දුන්නොත් ඒකත් ඉවරම කරලා දාවි . (නි)

:       0       0

ජනක Thursday, 03 January 2013 03:42 PM

අධිකරණය‍ට ජය වේවා ! . සාධාරණය වෙනුවෙන් අපි පෙලගැසෙමු (ස)

:       0       0

අරුණ Thursday, 03 January 2013 03:42 PM

100% හරි කතාව (දී)

:       0       0

යොහාන් Thursday, 03 January 2013 03:46 PM

නමුත් නීති හදන්නේ පාර්ලිමේන්තුවේ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 03 January 2013 03:51 PM

පාර්ලිමේන්තුව පාලනය කරන්නයි ඒ නියෝග තියෙන්නේ (දී)

:       0       0

සංජිව Thursday, 03 January 2013 03:54 PM

මමත් පිලි ගන්නවා (දී)

:       0       0

පාලිත Thursday, 03 January 2013 03:54 PM

ඕක කවුරුත් දන්නවා (දී)

:       0       0

චමිලා Thursday, 03 January 2013 03:51 PM

කතාව ඇත්ත

:       0       0

නිශාන්ත Thursday, 03 January 2013 03:59 PM

ජනතාවගේ දෙනෙත් හැරේවා! (නි)

:       0       0

සංජීව Thursday, 03 January 2013 04:07 PM

අධිකරණය‍ට ජය වේවා ! (නි)

:       0       0

සේනාරත්න Thursday, 03 January 2013 04:12 PM

ගොඩක් හොඳ තීරණයක් (ස)

:       0       0

උදය Thursday, 03 January 2013 04:35 PM

පාර්ලිමේන්තුව කරන වැරදි නිවැරදි කරන්න ජනතාවට වසර හයකට සැරයක්වත් අවස්ථාව ලැබෙනවා. නමුත් අධිකරණය කරන වැරදි හදන්න කිසිදිනෙක අවස්ථාවක් එන්නෙ නැහැ. (නි)

:       0       0

චම්පා Thursday, 03 January 2013 05:22 PM

යුක්තිය සැමදා රජ ‍වේවා! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 01:22 PM

ස්ථාවර නියෝග නීති නොවෙයි (දී)

:       0       0

යෝනුස් Thursday, 03 January 2013 05:34 PM

ලොකු පුටු කොහොමත් හොල්ලන්න පොඩ්ඩක් අමාරුයි තමයි.‍ (නි)

:       0       0

ගාමිණි Thursday, 03 January 2013 05:44 PM

ඉතිහාසගත තීණ්දුවක්. (නි)

:       0       0

නිමල් Thursday, 03 January 2013 12:26 PM

ජය වේවා !!! (ස)

:       0       0

අමිල Thursday, 03 January 2013 12:24 PM

පාර්ලිමේන්තුවේ අය මේ වගේ දෙයක් සමබන්ධයෙන් තීරණ ගන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

හරිත Thursday, 03 January 2013 12:30 PM

යුක්තිය සාධාරණය ජය වේවා..!(නු)

:       0       0

‍මහේෂ් Thursday, 03 January 2013 12:31 PM

ඒක සාධාරණයි. නැත්නම් මේ ‍රටේ බුද්ධිමතුන්ට තැනක් නැති වෙනවා (ස)

:       0       0

චමින්ද Thursday, 03 January 2013 12:30 PM

අගවිනිසුරු කරන වැරදි සොයා බලන්න විදියක් නැද්ද එතකොට...?(නු)

:       0       0

දිනේෂ් Thursday, 03 January 2013 12:35 PM

අරාජික ලංකා (ස)

:       0       0

ලක්මාල් Thursday, 03 January 2013 12:37 PM

ජයවේවා, අපි එකගයි. (නු)

:       0       0

ආරියවංශ Thursday, 03 January 2013 06:01 PM

මෙම තීරණය හොදයි. එසේම නඩුකාරයින් විසින් කරන වැරදි වලටත් දඩුවම් දෙන ක්‍රමයක් රටකට අවශ්‍යයි. (නි)

:       0       0

චමින්ද Thursday, 03 January 2013 12:38 PM

මහේෂ්. එතකොට ඔය කියන උත්තරීතර තැනක ඉන්න කෙනෙක් අමතක වෙලාවත් වැරදි කලොත් එයව කොතනටද ගෙන්න පුළුවන්. (නු)

:       0       0

චන්දා Thursday, 03 January 2013 06:06 PM

අපි නොදන්නවැයි (ස)

:       0       0

සිල්වා තබුක් Thursday, 03 January 2013 12:40 PM

සුදුස්සන් සිටීම ගැන ආඩම්බරයක්..!(නු)

:       0       0

ලලිත් Thursday, 03 January 2013 12:41 PM

මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)

:       0       0

ගයාන් Thursday, 03 January 2013 12:43 PM

අයියෝ සල්ලි

:       0       0

උපුල් Thursday, 03 January 2013 12:48 PM

ජයවේවා. නීතිය තමයි රටක උත්තරීතරම රාමුව විය යුත්තේ (ස)

:       0       0

සදුන් Thursday, 03 January 2013 06:06 PM

ඉස්සර මුතු ඇටේ, දැන් මෑ ඇටයක් තරම්වත් වටින්නෙ නැති ගානට අරාජික වුණ එක ගැන අපිට දුකයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 03 January 2013 12:45 PM

යුක්තිය සාධාරණය වෙනුවෙන් අපේ සහය , ජය‍ වේවා !! (ස)

:       0       0

ගාමිණී Thursday, 03 January 2013 06:13 PM

රටක උත්තරීතර වෙන්නේ නීතිය මිස රීතිය නෙමෙයි..අධිකරණයට අපගේ ප්‍රණාමය..!(නු)

:       0       0

චමිලා Thursday, 03 January 2013 12:46 PM

ගරු අග විනිසුරුවරු තුමියට ජය වේවා (නු)

:       0       0

ජනක Thursday, 03 January 2013 12:49 PM

සාධාරණ තීන්දුවක්, අධිකරණයට ජය වේවා !! (ස)

:       0       0

ජයන්ත Thursday, 03 January 2013 12:53 PM

නීතියට කවුරු කවුරුත් හිස නැමිය යුතුයි. ජය වේවා (ස)

:       0       0

පැතුම් Thursday, 03 January 2013 12:57 PM

යුක්තිය සාධාරණය වෙනුවෙන් අපේ සහය (ස)

:       0       0

අනුර ශාන්ත Thursday, 03 January 2013 12:55 PM

සාධාරණ විනිශ්චයක් අධිකරණය ලබා දී තිබීම රටේ ජනතාවගේ සතුටට පත්වන කරුණකි (ස)

:       0       0

ජයන්ත Thursday, 03 January 2013 01:03 PM

අපිට වැඩක් නැහැ

:       0       0

ඉන්දු Thursday, 03 January 2013 01:06 PM

සහතික ඇත්ත

:       0       0

චන්දන Thursday, 03 January 2013 01:16 PM

අපිට පිස්සු හැදෙයි තව ටික දවසකින් (දී)

:       0       0

මහින්ද Thursday, 03 January 2013 01:30 PM

ඒවා රටක් පාලනය කරන නීති නොවෙයි (දී)

:       0       0

අනිල් Thursday, 03 January 2013 06:50 PM

ජය වේවා !!(නු)

:       0       0

පාලිත Thursday, 03 January 2013 01:28 PM

අධිකරණය‍ට ජය වේවා ! . සාධාරණය වෙනුවෙන් අපි පෙලගැසෙමු (ස)

:       0       0

විරාජ් Thursday, 03 January 2013 07:06 PM

රටක නීති හදන්නේ පාර්ලිමේන්තුව උනත් ස්ථාවර නියෝග නීති නොවෙයි (දී)

:       0       0

කසුන් Thursday, 03 January 2013 01:35 PM

මෝඩ චමින්ද, ඒකට තමයි අධිකරණය තියෙන්නේ. (නි)

:       0       0

හර්ෂණ Thursday, 03 January 2013 01:41 PM

චමින්ද, ඒකට තමයි අධිකරණ සේවා කොමිශන් සභාව තියෙන්නේ. (නි)

:       0       0

ධම්ම Thursday, 03 January 2013 01:44 PM

ඇයි චමින්ද අධිකරණය තියෙන්නේ ඒකට තමයි. (ස)

:       0       0

චින්තා Thursday, 03 January 2013 01:55 PM

මොනවාද මේ වෙන්නේ දැන් (දී)

:       0       0

මධු Thursday, 03 January 2013 01:56 PM

අධිකරණය තියෙන්නේ නඩු අහන්න. ජනතා මනාපය නැති වුණ ගමන් පාර්ලිමේන්තුවේ ඉන්න අයට වෙන්නේ මොකක්ද කියලා දන්නවනේ. (නි)

:       0       0

වරුණ Thursday, 03 January 2013 08:04 PM

මමනම් ඒ හැටි දන්නේ නැහැ

:       0       0

සංජිව Thursday, 03 January 2013 02:29 PM

ඒවා තියෙන්නේ මැති සබය පාලනය කරන්න (දී)

:       0       0

ලාල් Thursday, 03 January 2013 08:31 PM

ස්ථාවර නියෝග බල සම්මානන වෙන්නේ පාර්ලිමේන්තුවේදී විතරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 360 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 451 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 806 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 940 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 697 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 669 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site