IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


මෝදි අද රෑ දිවයිනට

(අංජුල මහික වීරරත්න)

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී පිළිගැනීමට නියමිතය.

නරේන්ද්‍ර මෝදි මහතා අද (4) සිට ඉරිදා (6)දක්වා මෙරට නිල සංචාරයේ නිරත වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වෙයි.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය සෙනසුරාදා(5) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එදින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට සහ ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබේ.

මෙහිදී ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වලට අදාලව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාල ගිවිසුම් හුවමාරු කර ගනු ඇත.

ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරේ.

එසේම, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමටත්, ඉන්දියා රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉරිදා(6) පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිම කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 



අදහස් (9)

මෝදි අද රෑ දිවයිනට

saman Friday, 04 April 2025 09:08 AM

මව්බිම නැත්නම් මරණය

:       34       20

sisilFriday, 04 April 2025 05:02 PM

ඉන්දියානු ව්‍යාප්ත වාදය ඉදිරියේ jvp නායකයින් අසරණ වූ වගයි...

:       7       4

Nilantha Friday, 04 April 2025 08:42 PM

මට මතක හැටියට නම් 1987-89 කාලයේ ඉන්දියාවට විරුද්ධව ජෙප්පන් දඟලපු දැඟලිල්ල දුටු කෙනෙකුට මොනවා හිතෙනවා ඇද්ද? අඩුම තරමින් ජෙප්පන් මරා දැමූ කෙනෙක් අහම්බෙන් වලෙන් නැගිටලා ආවොත් මොනවා කියාවිද?

:       2       0

කෞෂි Friday, 04 April 2025 09:37 AM

රෑ ගමන් හොඳෙයි ඔය වයසට?

:       2       28

Toni Friday, 04 April 2025 11:06 AM

බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කන්ඩ එපා කිව්වා

:       25       18

Damith Friday, 04 April 2025 11:20 AM

රෑට ආවත් දවල්ට ආවත් ගිවිසුම තියෙන්නේ ඉංගිරිසියෙන්... මේවා තේරෙනවා නම් මොනවා කරන්ඩ බැරිද?

:       27       16

hemantha Friday, 04 April 2025 01:01 PM

අර නෝනලා කෑ ගැහුවට රෑට බල්ලෝ පැන්නේ නැහැ අනේ...

:       9       8

ගුණරත්න Friday, 04 April 2025 06:48 PM

මෝඩි අගමැතිතුමා සාදරයෙන් පිළිගන්නවා. 88 කාලේ විජේවීර මිනීමරුවා නිතරම කෑගැහුවේ, හාන්කවිසියක් නැති නූගත් මිනිස්සු ඇවිස්සෙව්වේ ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කියමින්, ඒ මදිවාට 60,000ක ජීවිත නැතිකරලා එකාත් මැරිලා ගියා. දැන් ඔවුන්ගේ අලුත් පරම්පරාව ඉන්දීය අගමැති බැහැ දකින්න දේකට තුනට නැවිලා ඉන්නවා. දකිනවිට අපිට නිකම් අමුතු හිනාවක් එනවා..

:       4       1

සුජිත් Friday, 04 April 2025 07:21 PM

අතීතයේ කාලයක් තිබුණා ඉන්දීය අගමැති ලංකාවට එනකොට රටේ ඇඳිරි නීතිය දාන්න වුණා. මොකද ඒ තරම් විරෝධයක් තිබ්බේ මේ කට්ටියගෙන්...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකා මාතාව මෝදි පිළි ගනී
2025 අප්‍රේල් මස 05 536 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි


මෝදිගෙන් එක්ස් සටහනක්
2025 අප්‍රේල් මස 05 1278 0

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.


මෝදි පිළිගන්න සියල්ල සූදානම්
2025 අප්‍රේල් මස 05 371 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.


ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 04 1500 2

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මෝදි ලංකාවට පැමිණෙයි
2025 අප්‍රේල් මස 04 3043 3

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.


යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි
2025 අප්‍රේල් මස 04 1457 2

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 186 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 387 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 912 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site