ජංගම දුරකතන සමාගම් නියෝජිතයන් සේ පෙනී සිටිමින් රන් භාණ්ඩ හා වාහන ලොතරැයි දිනා ඇතැයි පවසා මුදල් ගරන කල්ලියක් ගැන පොලීසියට තොරතුරු ලැබී තිබේ. තෑගි ලබා ගැනීමේ ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 500 සිට 150000 දක්වා මුදල් ඉල්ලා එස් එම්එස් කෙටි පණිවුඩ යැවීමෙන් මේ ජාවාරම සිදු කරතියි කියති. මෙවැනි පණිවුඩයක් ලැබුණු ගලේවෙල අයෙකු රුපියල් 140000ක් බැංකු ගිණුමකට බැර කර ඇත. කහවත්ත අටකලම් පන්නේ කතක එවෙලේම ඒ මුදල් බැංකුවෙන් ගෙන ඇතැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ අයට හොද වැඩේ..!(නු)
මටත් ඔය වගේ ඒවා ආවා, හොර වංචා කාරයන්ගෙන් බී.එම්.ඩබ්ලිව් වාහන යක් ලොතරයියකට මට ඇදිලා කියලා, ඒ සදහා වාහනය රටින් නිදගස් කිරීමට අවශ්‍ය බදු මුදල් සමග වාහනය නැව් ගත කිරීමට අවශ්‍ය සම්පුර්ණ මුළු මුදල දින දාහතරක් ඇතුලත හැකි ඉක්මනින් මුදල් එවන ලෙසත්, එසේ නොවුන හොත් දින දාහතරක් ඇතුලත නැව්ගත කිරීමේ මුදල් ඇතුලු මුලු මුදලම නොලැබුණ හොත්, ත්‍යාගය එය අවලංගු වෙන බවත් බොහොම කරුණාවෙන් එංගලන්තයේ සිට ඉල්ලා එවා තිබුණි. මම ඒ ගමන සියළුම ලිපි ලේඛන සමග හොරු කල්ලියම, ජර්මනියේ බී.එම්.ඩබ්ලිව් සමාගමට අල්ලා දුනිමි. (ස)
අහුවෙන්න නම් එපා ඔන්න. (නි)
මොළයක් නැති තණ්හාව පමණක් ඇති මිනිස්සු තමයි මුලාවෙන්නේ. (නි)
මටත් ඔය වගේ ඒවා ආවා, හොර වංචා කාරයන්ගෙන්. බී.එම්.ඩබ්ලිව් වාහනයක් ලොතරැයියකට මට ඇදිලා කියලා, ඒ සදහා වාහනය රටින් නිදහස් කිරීමට අවශ්‍ය බදු මුදල් සමග වාහනය නැව් ගත කිරීමට අවශ්‍ය සම්පුර්ණ මුළු මුදල දින දාහතරක් ඇතුලත හැකි ඉක්මනින් එවන ලෙසත්, එසේ නොවුණහොත් ත්‍යාගය අවලංගු වෙන බවත් බොහොම කරුණාවෙන් එංගලන්තයේ සිට ඉල්ලා එවා තිබුණි. මම ඒ ගමන සියළුම ලිපි ලේඛන සමග හොරු කල්ලියම, ජර්මනියේ බී.එම්.ඩබ්ලිව් සමාගමට අල්ලා දුනිමි. (නි)
මෝඩ කමට බෙහෙත් නෑලු (ස)
ඩුබායි වල ඔය වැඩේ ජයටම කරනවා (ස)
දවස් දෙකකට උඩදී මට ඩොලර් මිලියන 1.5 ක් ඇදිල කියල පණිවිඩයක් ආව. මම යාලුවන්ටත් පෙන්නලා මකල දැම්ම. මේවට අහු වෙන අයත් ඉන්නවා ඇති. (ස)
මෝඩයෝ තමයි ඕවට අහුවෙන්නේ. (ස)
මිනිස්සු රවට්ටන්න එපා
මෙහෙමත් සුත්තර කාරයෝ (දී)
මේවගේ ලිපියක් මගේ ඊ-මේල් එකට ළගකදී ආවා එංගලන්තයෙන්, මට ඇමෙරිකා පුරවැසිභාවය හිමි ග්‍රීන් කාර්ඩ් ලොතරැයියක් ඇදිලා කියලා. ඒකට ලියාපදිංචි ගාස්තු වශයෙන් ඩොලර් 840ක් බදින්න කියලා. අන්තර් ජාලයේත් මෙවැනි වංචා සිදුවන නිසා ඔයාලා අන්තර් ජාල පරිහරණයේදීත් වඩාත් ප්‍රවේසම් වෙන්න කියා ඉල්ලා සිටිනවා. (නි)
මහ බැංකුවෙන් දමයි දැන්විම් අයියෝ සල්ලි (අ)
මේක ලංකාවෙ විතරක් නෙමෙයි ඩුබායි වලත් තියෙනවා..! (නු)
අපේ රටේ අය ජංගම දුරකථන කිව්වාම ඇදගෙන ඉන්න ඇදුනුත් ගලවලා දෙයි..!(නු)
140000ක්? අනුවන කමට බෙහෙත් නැහැනේ... එත් බැංකු ගිණුමක් හරහා වංචාව කළ නිසා අල්ලගන්න එක අමාරු වැඩක් නෙවෙයි නේ...(නු)
මටත් ඔය වගේ ඒවා ආවා හොර වංචා කාරයන්ගෙන් වාහන ලොතරයි මට ඇදිලා කියලා එංගලන්තයේ සිට මම ඒ ගමන ජ්ර්මණියේ ඒ සමාගමට හොරැ ටික අල්ලා දුන්නා.
තෑග්ගක් ගන්න ලියාපදිංචි ගාස්තු ගෙවන අයත් ඉන්නවාද? ඊටත් කෙටිපණිවිඩ, ඊ.මේල් වලට? මේ ජාවාරම පටන් ගත්තේ අප්‍රිකානු රටවල් වලින්, ඊටපස්සේ මැද පෙරදිගත්, පකිස්ථානයත් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වුණ. පුදුම විදිහට මිනිස්සු මුලාවෙන්නේ. මුග්ධ කම , තන්හාව තමා මුල. (නු)
පුදුම දේවල් තමයි තත්පරෙන් තත්පරේ සිදුවෙන්නේ.. මේ ගැන ඉක්මනින්ම සොයා බැලිය යුතුයි..!(නු)
මෙහෙමත් මිනිසුන් ඉන්නවානෙ..!(නු)
අනේ මෙහෙම ආසාවක්.. අනේ මෙහෙම තන්හාවක්.. මිනිසුනි ලැබේද මින් සැනසීමක්..!(නු)
හොද බුද්ධිමතුන්ටත් මේ වගේ බොරැ කරන අය නිසා තැනක් නැතිව යනවා..!(නු)
මේ අයව නීතියේ රුහැණට අසුකරගන්න ඕන..!(නු)
ලෝකෙ හැමතැනම ඔය සෙල්ලම තියෙනවා.. කල්පනාකරන්නෙ නැති මිනිසුන් තමයි මේවට අහුවෙන්නෙ..!(නු)
ඇත්තටම කියනවනම් මේ වගේ ලොකු මුදලක් කිසිම හොයා බැලීමක් නොකරම ඒ විදියට බැංකු ගිණුමකට දාන අව ඉන්නවද කියල හිතෙනවා මේ ලංකාවේ.. මොලයක් කියල දෙයක් තියෙන්නේ කල්පනා කරන්න නෙවෙයිද පොඩ්ඩක් හරිවත් මේවට බෙහෙත් නැති නිසාම හොදයි ඉතින්...(නු)
මෙන්න පුවත්. මේවට අහු වෙන්න එපා.. ලංකාදීප ඔබට ස්තුතියි..! මෙවැනි ප්‍රචාර කරන්න ඕන..!(නු)
ආශ්චර්යය කියන්නේ ඕකට තමයි (නු)