IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක්’

 

පුංචිතිරයට ආ මේ රුවැත්තිය මහේෂි මධුශංකාය. මහනුවරදී උපන්න මහේෂි පාසැල් ති‍්‍රත්වයකින් අධ්‍යාපනය ලබා තිබෙනවා. වයස අවුරුදු විස්සක් වන ඇය පවුලේ එකම දරුවායි. මුතුවරුසා සමඟ ජීවිතයට රංගනයේ මල් වැස්ස සමීප කරගත් මහේෂි මේ දිනවල සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ ජීවිතය ලස්සනයි චිත‍්‍රපටය වෙතිනුත් අපට හමු වෙනවා. එය ඇය රඟපෑ ප‍්‍රථම චිත‍්‍රපටයයි. මුතුවරුසා වලින් පසුව අද ඇය අපට හමුවන්නේ, සඳුන් රාජකරුණාගේ නවතම ටෙලි වෘතාන්තය වන සිරස ටී.වී ගෙන එන ‘‘චායා’’ සමගයි. එහි චායා වූ මහේෂි සමඟ අපි අද සඳැල්ල හැඩකර පිළිසඳරට එක්වෙමු.

 

 

මහේෂි ඔබ රඟපෑම ඉලක්ක කරගෙන කටයුතු කළ කෙනෙක්ද?

නැහැ, මගේ එකම අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි.


එය බොහෝ තරුණියන්ට තියෙන ආශාවක් නේද? ඇයි ඔබ උඩින් යන්න කැමති වුණේ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් අඳින පළඳින විදියේ සිට ඒ ස්වරූපයට මම ආසා කළා.


කේන්දරේ මොනවද ලියැවිලා තිබුණේ?
ප‍්‍රසිද්ධ වෙනවා කියලා තිබුණලූ.


කලාව ගැන වැටහීම මොන වගේද?
වැටහීමකට වඩා, කරන දේ වෙනුවෙන් දක්‍ෂතාවය තියනවද කියන එක තමයි වැදගත්. බොහෝ දෙනාට විවිධ ආකාරයේ සැඟවුණ කලා කුසලතා ඇති. ඒවා හඳුනා ගැනීම හැමෝටම කරන්න ලැබෙන්නෙ නැහැ. ඇත්තටම කලාව කියන්නේ හම්බ කරන්න සුදුසු වෘත්තියක් නෙවෙයි.
 

ඇයි වෘත්තියක් කර ගන්න බැරි?
ටෙලිනාට්‍ය වගේ ක්‍ෂේත‍්‍රයකදී කලින් කලට විවිධ චරිත එනවා. ඒ වගේම හැමදාම රංගනය කියන දේ කරන්න ලැබෙන්නෙ නැහැ.
 

මුලින්ම රඟපෑමට ආවාම ප‍්‍රවීනයින් ඔබ දිහා බැලූවෙ කොහොමද ? සහයෝගය දුන්නද?
ජීවිතය ලස්සනයි චිත‍්‍රපටයට දායක වූ සියලූම ප‍්‍රවීනයින්ගෙන් බොහෝ උපදෙස් සහ සහයෝගය ලැබුණා.


රඟපෑම මොන වගේ දෙයක් කියලද හිතන්නෙ?
මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක් කියලයි හිතෙන්නෙ. මගේ වාසනාවට මම කලාකාරියක වීම ගැන සතුටු වෙනවා.


කලාව කරන්නෙ යැපීම සඳහා නොවෙයිද?
ඒ අතින් මම හරි වාසනාවන්තයි. පවුලේ එකම දරුවා ලෙස මගේ දෙමාපියන් මට හොඳ ස්ථාවරයක් හදලා දීලා තියෙනවා. රඟපෑමෙන් යම් කිසි හොඳ දෙයක් කිරීම මුදලට වඩා අගයනවා.


මුලින්ම රඟපෑමට ඇවිත්, ඇක්ෂන් කියන කොටම, හරියට එය කළාද?
මුලින්ම මට තිබුණෙ මුතුවරුසා නාට්‍යයේ මල් විකුණන දර්ශනයකටයි. කිරිවෙහෙර අවට මල් විකූණන නංගිලා යාළු කරගෙන එයාලා කරන විදියට මාත් කළා. කොහොම හරි තුන්පාරක් විතර ඒ දර්ශනය රූගත කළා. නමුත් ඒ නාට්‍යයේ රඟපාලා ඉවර වෙනකොට අචල

අයියා වගේම මුළු නාට්‍ය කණඩායමම ලබා දුන්න සහයෝගය කවදාවත් අමතක කරන්න බැහැ.


පවුලේ එකම දරුවා මේ විදියට ගෙදරින් පිටවෙලා කාලය ගත කිරීම ගැන හිතන්නෙ කොහොමද? එයාලා තහංචි දැම්මෙ නැද්ද?
අම්මා, ආච්චි පුංචි සහයෝගයක් දුන්නා. ඒත් තාත්තගෙ පාර්ශවයේ නෑදැයින් අකමැති වුණා. ඒත් දැන් එයාලා ආසාවෙන් සහයෝගය ලබා දෙනවා.


ලංකාවේ ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හොඳ නිර්මාණ බිහිවෙනවා.


කවදාහරි දවසක හිතේ තිබුණද මටත් මේ වගේ චරිතයක් කරන්න ඇත්නම් කියලා? මොකක්ද ඒ චරිතය?
මම කොහොමටත් කැමති මාලනි ෆොන්සේකා රංග වේදිනියටයි. ඇය නිධානයේ රඟපෑ චරිතයට හරිම ආසයි. ඇය පෙනී සිටි ගීතමය ජවනිකා වලටත් හරිම ආසයි. ඒ හැඩය කාටවත් නැහැ. 


මොකක්ද මතකයේ රැඳී ගීතමය රූපරාමු පෙළ?
ආදරේ හිතනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි.....


දැක්කාම ආදරේ හිතෙන කෙනෙක් ඔබට මුණ ගැහිලා නැද්ද තවම?
තවම හමුවෙලා නැහැ. තවම වයස අවුරුදු විස්සයිනෙ.


ගීත අහන්නත් හරි කැමතිලූ නේද?
කවුද අකමැති


මේ දිනවල හදබැඳි ගීත මොනවද?
සුරේන්ද්‍රගේ හීනයක් වගේ, බාචි සුසාන්ගේ නිහඬ ගමන සහ බටහිර ගායිකාවක් වන ශකිරා සහ ජෙනිෆර් ලොපැස්ගේ ගීත වලට ආසයි.


ඔබ කොහොම කෙනෙක්ද?

නිහතමානීව ඉන්න කැමති කෙනෙක්.


මොනවද තියෙන දුර්වලකම්?
පොඞ්ඩක් විතර තරහා යනවා.


ඒ මොනවගේ අවස්ථාවලදීද?
සමහර වෙලාවට අපි නොකරපු දේ ගැන අපේම නවකයින් බොරු ප‍්‍රචාර කළාම තරහා යනවා. හැබැයි මම ඉවසීම කියන දේ අගයන කෙනෙක්. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න ආසයි. ජීවිතය වරද්දවා ගන්න කැමති නැහැ. 


ඔබගෙ මිතුරියන් ඔබ බොලිවුඞ් නිළි කත‍්‍රිනා කයිෆ්ට සසඳනවා. ඒකට කැමතිද?
කත‍්‍රිනාගේ ඩාන්සින් ඔක්කොටම මම හරි ආසයි. ඒ වගේම අයිෂ්වර්යා සහ කරීනා කපූර්ටත් ගොඩාක් ආසයි. එයාලගෙ චිත‍්‍රපට ගොඩාක් නරඹනවා.


මේ දිනවල රඟපාන්නෙ චායා නාට්‍යයේ විතරද?
ඇයි, දෙරණ විකාශය කරන වසන්ත ගේ වැල්ලවායගේ, පිපෙන මල් නාට්‍යයේ රඟපානවා.


කවුද ක්‍ෂේත‍්‍රයේ යහළු යෙහෙළියන්?
අයෝමි, පබෝදා, සුජානි අක්කලා, වගේම රොෂාන් රණවන, විශ්ව කොඩිකාර අය්යලා ඇතුළු ගොඩාක් දෙනා ඉන්නවා.

 

 

 

 

 



අදහස් (0)

‘මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක්’

ගලබඩ Thursday, 28 February 2013 01:54 PM

සහෝදර ටෙලි නිළියෝ නම් හොර රහසේ ඉතාලියට ඇවිල්ලා යනවා. ඔය නංගි එහෙම ඔය හොර වැඩ වලට පුරුදු වෙන්න එපා. (නි)

:       0       0

සචිනි Saturday, 09 November 2013 11:00 AM

අක්කේ ඔයානම් කත්‍රිනා වගේමයි. හැබැයි ඊට වඩා ලස්සනයි (අ)

:       0       0

පවන් Monday, 25 February 2013 12:05 PM

නංගි. ඔයාට ශුද්ධ වූ වැලන්ටයින් මුනිදුගේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

චාන්දී Monday, 25 February 2013 04:32 PM

ඇත්තමයි (දී)

:       0       0

සම්පත් Tuesday, 12 March 2013 02:23 PM

ඔබට සුභාපතුන් (දී)

:       0       0

උපුලි Monday, 25 February 2013 12:25 AM

ඔබට මම සුභ පතනවා (දී)

:       0       0

සදරුවන් Tuesday, 26 February 2013 02:31 PM

ඉන්දියාවේ මිනිස්සුන්ගේ ජාතික වීරයෝ නලු නිළියෝ. නමුත් ලංකාවේ මිනිස්සු එච්චර මෝඩ නැහැ. (නි)

:       0       0

රොෂාන් Monday, 04 March 2013 10:32 PM

සම්පුර්ණ ඇත්ත. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න්නේ නැතිව සිටීමම ලොකු දෙයක් (දී)

:       0       0

ජයා Wednesday, 06 March 2013 10:10 AM

ඔබේ රුවට සාදාරණයක් ඉටු වෙන්නේ, ඔබ ලඳක් හැටියට් නිහතමානි,අහිංසක චරිතයක් වුණොත් පමණයි. නිහතමානීව අහිංසක දිවිපෙවතක් ගතකරන තාක් කල් ඔබේ රුව ඇත්තෙන්ම ලස්සනයි. (නි)

:       0       0

දිසානායක Monday, 25 February 2013 01:59 AM

හදපු වඩපු දෙමාපියන්ගේ සිත් නම් කවදාවත් රිදවන්න එපා. (නි)

:       0       0

වරුණ-ඕස්ට්‍රේලියාව Monday, 25 February 2013 04:14 AM

කන්තාවන් ඇයි මෙච්චර ගුවන් සේවිකාවක් වෙන්න කැමති. මේ රටවල් වල නම් ඒක ඉතාමත් සුළු රැකියාවක්.(නදී)

:       0       0

තාරුකා Monday, 25 February 2013 12:53 PM

රංගනයේ යෙදේදී තමන් ගෙඩනගා ගත්ත සීමාවන් මත විතරක් කටයුතු කරන්න. දක්ෂතාවය පෙන්වන්න කියලා නොගැලපෙන දේ කරන්න එපා.(නදී)

:       0       0

නිත්‍යා Saturday, 09 March 2013 01:09 PM

ඔබව ඉහළට ගෙනගිය මිනිසුන්මයි පොඩ්ඩ වැරදෙද්දි පහළට ඇද දමන්නෙත්. එනිසා පරිස්සමින් කටයුතු කරන්න (ස)

:       0       0

කමල් Monday, 25 February 2013 05:39 AM

තමන්ගේ නම කැත කරනොගන්න. (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 06 March 2013 05:02 PM

100% ඔබ සමග මම එකඟ වෙනවා (දී)

:       0       0

රන්ජන් Thursday, 14 March 2013 11:00 AM

සුබ පැතුම් නංගෝ (ස)

:       0       0

නාලක Friday, 08 March 2013 10:58 PM

ලස්සනයි. සුභ අනාගතයක් ! (නි)

:       0       0

රංජන් Thursday, 14 March 2013 11:05 AM

සුබ පැතුම් නංගෝ (ස)

:       0       0

සුමුදු Tuesday, 26 February 2013 09:50 AM

පිස්සු නැත්නම් හොදයි අපිට.(නදී)

:       0       0

වික්‍රමසිංහ Thursday, 14 March 2013 06:47 PM

ගැමි නාගාරිය දෙවිදියටම රඟපාන්න පුළුන් කෙනෙක් වගේ පේනේනේ. සුබපතමි (අ)

:       0       0

අතුල Thursday, 28 February 2013 03:48 PM

ගුවන් සේවිකාවක් වුනාට කමක් නෑ. සනත්ගෙන් ප්‍රවේසම් වෙන්න...(ස)

:       0       0

වාසනා Monday, 25 February 2013 01:31 PM

ඔයාට බුදු සරණයි අක්කේ! (නි)

:       0       0

රුක්ෂලා Sunday, 24 February 2013 09:46 AM

ඔයා ගොඩක් ලස්සනයි නංගී. මට නම් කත්‍රිනාට වඩා ඔයා ලස්සනයි. (නි)

:       0       0

ඉන්ද්‍රා Friday, 01 March 2013 11:34 AM

දුව, ඔයාගේ අනාගතයට මම සුභ පතනවා. (නි)

:       0       0

රම්සි Monday, 25 February 2013 01:40 PM

නංගී, ඉහළ නොබලන්න. පහළ බලන්න. මිනිසුන්ගේ ආදරයේ ඇති භයානකත්වය හොදින් තේරුම්ගන්න. (නි)

:       0       0

මන්ජු Saturday, 02 March 2013 03:14 PM

නංගි මම ඔයාට දිගු ගමනකට සුබ පතනවා... (ස)

:       0       0

අජිත් Sunday, 24 February 2013 06:49 PM

දුව ඔයා හරිම ලස්සනයි. ජීවිතය ලස්සනකරගන්න. කලාවෙන් හම්බකරගන්න යන්න එපා.මගෙන් සුභ පැතුම්!(නදී)

:       0       0

ජනිත් Monday, 25 February 2013 08:40 PM

ඔබට සුභ පතනවා මම (දී)

:       0       0

ෆ්‍රැන්සිස් Saturday, 02 March 2013 04:07 PM

මාත් මගේ බිරිඳත් ඔබට ඇලුම් ක‍රමු.පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත අපේ කැදැල්ලට ඔබවැනි දුවක් ලැබුණානම් කියා මගේ බිරිඳ කියයී. නම රැකගෙන ඉදිරියටම යන්න වරම් ලැබේවා (ස)

:       0       0

ලක්විදු Thursday, 07 March 2013 05:03 PM

ආදරය විතරක් ලැබුනාම හොදටම ඇති.!(නු)

:       0       0

රම්සි Tuesday, 05 March 2013 08:51 AM

"කේන්දරේ මොනවද ලියැවිලා තිබුණේ? ප‍්‍රසිද්ධ වෙනවා කියලා තිබුණලූ......" පරිස්සමින් හොදේ. (නි)

:       0       0

උපුල් Monday, 04 March 2013 12:21 PM

ඔබට සුභපැතුම් මගෙන් (දී)

:       0       0

නාත් Wednesday, 27 February 2013 11:37 AM

කවදද ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේනතුවට යන්නේ අනිත් අය වගේ ? (ස)

:       0       0

බණ්ඩාර Monday, 04 March 2013 12:35 PM

ඔබට බුදු සරණයි (දී)

:       0       0

රසික Monday, 25 February 2013 02:35 PM

100% ඇත්ත, සුභපතනවා ඔබට (දී)

:       0       0

ලංකා Monday, 04 March 2013 12:54 PM

ලෝකේ තියෙන වටිනාම දේ තමයි මිනිසුන්ගෙන් ආදරය ලැබීම (දී)

:       0       0

පනාගොඩ-මිලානෝ Friday, 01 March 2013 04:56 AM

ගලබඩ අයියා. අපිටත් විස්තර කියන්නකෝ.(නදී)

:       0       0

තනුජා Monday, 04 March 2013 12:58 PM

කළා ක්ෂේත්‍රයේ ඔබ වැජබේවා (දී)

:       0       0

නේහා Wednesday, 27 February 2013 12:42 PM

මටත් ආසයි ඔයත් එකක් රගපාන්න. (නි)

:       0       0

රත්නායක Saturday, 16 March 2013 10:46 AM

ඔයාට හොඳ මහත්තයෙක් ලැබෙයි, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි (ස)

:       0       0

නදීෂා Wednesday, 27 February 2013 12:53 PM

ඔයාගේ දක්ෂතාවය අගය කරනවා. ඒත් ඇයි බොරු කියන්නේ. අනුරාධපුරේ කියන්න ලැජජයිද? (නදී)

:       0       0

පබසර Thursday, 22 August 2013 07:06 AM

හොදයි... (නි)

:       0       0

රෙක්ස් Sunday, 03 March 2013 03:06 PM

ජීවිත කාලයම රගපෑවත් විජයටවත් හොදම නළුවා සම්මානය ගන්න බැරිවුණාලු නේද? ඒකට අද කාලේ? (නි)

:       0       0

දුමින්ද Sunday, 24 February 2013 01:05 PM

මට ආසයි ඔයා එක්ක කථා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද? ස්තුතියි.(ස)

:       0       0

පිටිගල Wednesday, 27 February 2013 04:54 PM

නංගි, ඔයා හරිම ලස්සනයි. ඔයාට සුභ පැතුම්! (නි)

:       0       0

ලාරා Sunday, 03 March 2013 03:24 PM

අනෙක් අය වගේ නම් වෙන්න යන්න එපා. (නි)

:       0       0

ජගත් Thursday, 07 March 2013 08:19 PM

නංගී, ඇත්තටම ඔබ වාසනාවන්තයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2130 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1091 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 960 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 741 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2505 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site