පුංචිතිරයට ආ මේ රුවැත්තිය මහේෂි මධුශංකාය. මහනුවරදී උපන්න මහේෂි පාසැල් ති‍්‍රත්වයකින් අධ්‍යාපනය ලබා තිබෙනවා. වයස අවුරුදු විස්සක් වන ඇය පවුලේ එකම දරුවායි. මුතුවරුසා සමඟ ජීවිතයට රංගනයේ මල් වැස්ස සමීප කරගත් මහේෂි මේ දිනවල සුනිල් ටී. ප‍්‍රනාන්දුගේ ජීවිතය ලස්සනයි චිත‍්‍රපටය වෙතිනුත් අපට හමු වෙනවා. එය ඇය රඟපෑ ප‍්‍රථම චිත‍්‍රපටයයි. මුතුවරුසා වලින් පසුව අද ඇය අපට හමුවන්නේ, සඳුන් රාජකරුණාගේ නවතම ටෙලි වෘතාන්තය වන සිරස ටී.වී ගෙන එන ‘‘චායා’’ සමගයි. එහි චායා වූ මහේෂි සමඟ අපි අද සඳැල්ල හැඩකර පිළිසඳරට එක්වෙමු.
|
මහේෂි ඔබ රඟපෑම ඉලක්ක කරගෙන කටයුතු කළ කෙනෙක්ද?
|
නැහැ, මගේ එකම අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි.
එය බොහෝ තරුණියන්ට තියෙන ආශාවක් නේද? ඇයි ඔබ උඩින් යන්න කැමති වුණේ?
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවන් අඳින පළඳින විදියේ සිට ඒ ස්වරූපයට මම ආසා කළා.
කේන්දරේ මොනවද ලියැවිලා තිබුණේ?
ප‍්‍රසිද්ධ වෙනවා කියලා තිබුණලූ.
කලාව ගැන වැටහීම මොන වගේද?
වැටහීමකට වඩා, කරන දේ වෙනුවෙන් දක්‍ෂතාවය තියනවද කියන එක තමයි වැදගත්. බොහෝ දෙනාට විවිධ ආකාරයේ සැඟවුණ කලා කුසලතා ඇති. ඒවා හඳුනා ගැනීම හැමෝටම කරන්න ලැබෙන්නෙ නැහැ. ඇත්තටම කලාව කියන්නේ හම්බ කරන්න සුදුසු වෘත්තියක් නෙවෙයි.
ඇයි වෘත්තියක් කර ගන්න බැරි?
ටෙලිනාට්‍ය වගේ ක්‍ෂේත‍්‍රයකදී කලින් කලට විවිධ චරිත එනවා. ඒ වගේම හැමදාම රංගනය කියන දේ කරන්න ලැබෙන්නෙ නැහැ.
මුලින්ම රඟපෑමට ආවාම ප‍්‍රවීනයින් ඔබ දිහා බැලූවෙ කොහොමද ? සහයෝගය දුන්නද?
ජීවිතය ලස්සනයි චිත‍්‍රපටයට දායක වූ සියලූම ප‍්‍රවීනයින්ගෙන් බොහෝ උපදෙස් සහ සහයෝගය ලැබුණා.
රඟපෑම මොන වගේ දෙයක් කියලද හිතන්නෙ?
මිනිසුන්ගේ ආදරය ලැබීම වාසනාවක් කියලයි හිතෙන්නෙ. මගේ වාසනාවට මම කලාකාරියක වීම ගැන සතුටු වෙනවා.
කලාව කරන්නෙ යැපීම සඳහා නොවෙයිද?
ඒ අතින් මම හරි වාසනාවන්තයි. පවුලේ එකම දරුවා ලෙස මගේ දෙමාපියන් මට හොඳ ස්ථාවරයක් හදලා දීලා තියෙනවා. රඟපෑමෙන් යම් කිසි හොඳ දෙයක් කිරීම මුදලට වඩා අගයනවා.
මුලින්ම රඟපෑමට ඇවිත්, ඇක්ෂන් කියන කොටම, හරියට එය කළාද?
මුලින්ම මට තිබුණෙ මුතුවරුසා නාට්‍යයේ මල් විකුණන දර්ශනයකටයි. කිරිවෙහෙර අවට මල් විකූණන නංගිලා යාළු කරගෙන එයාලා කරන විදියට මාත් කළා. කොහොම හරි තුන්පාරක් විතර ඒ දර්ශනය රූගත කළා. නමුත් ඒ නාට්‍යයේ රඟපාලා ඉවර වෙනකොට අචල
|
අයියා වගේම මුළු නාට්‍ය කණඩායමම ලබා දුන්න සහයෝගය කවදාවත් අමතක කරන්න බැහැ.
පවුලේ එකම දරුවා මේ විදියට ගෙදරින් පිටවෙලා කාලය ගත කිරීම ගැන හිතන්නෙ කොහොමද? එයාලා තහංචි දැම්මෙ නැද්ද?
අම්මා, ආච්චි පුංචි සහයෝගයක් දුන්නා. ඒත් තාත්තගෙ පාර්ශවයේ නෑදැයින් අකමැති වුණා. ඒත් දැන් එයාලා ආසාවෙන් සහයෝගය ලබා දෙනවා.
ලංකාවේ ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හොඳ නිර්මාණ බිහිවෙනවා.
කවදාහරි දවසක හිතේ තිබුණද මටත් මේ වගේ චරිතයක් කරන්න ඇත්නම් කියලා? මොකක්ද ඒ චරිතය?
මම කොහොමටත් කැමති මාලනි ෆොන්සේකා රංග වේදිනියටයි. ඇය නිධානයේ රඟපෑ චරිතයට හරිම ආසයි. ඇය පෙනී සිටි ගීතමය ජවනිකා වලටත් හරිම ආසයි. ඒ හැඩය කාටවත් නැහැ.
මොකක්ද මතකයේ රැඳී ගීතමය රූපරාමු පෙළ?
ආදරේ හිතනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි.....
දැක්කාම ආදරේ හිතෙන කෙනෙක් ඔබට මුණ ගැහිලා නැද්ද තවම?
තවම හමුවෙලා නැහැ. තවම වයස අවුරුදු විස්සයිනෙ.
ගීත අහන්නත් හරි කැමතිලූ නේද?
කවුද අකමැති
මේ දිනවල හදබැඳි ගීත මොනවද?
සුරේන්ද්‍රගේ හීනයක් වගේ, බාචි සුසාන්ගේ නිහඬ ගමන සහ බටහිර ගායිකාවක් වන ශකිරා සහ ජෙනිෆර් ලොපැස්ගේ ගීත වලට ආසයි.
ඔබ කොහොම කෙනෙක්ද?
|
නිහතමානීව ඉන්න කැමති කෙනෙක්.
මොනවද තියෙන දුර්වලකම්?
පොඞ්ඩක් විතර තරහා යනවා.
ඒ මොනවගේ අවස්ථාවලදීද?
සමහර වෙලාවට අපි නොකරපු දේ ගැන අපේම නවකයින් බොරු ප‍්‍රචාර කළාම තරහා යනවා. හැබැයි මම ඉවසීම කියන දේ අගයන කෙනෙක්. හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න ආසයි. ජීවිතය වරද්දවා ගන්න කැමති නැහැ.
ඔබගෙ මිතුරියන් ඔබ බොලිවුඞ් නිළි කත‍්‍රිනා කයිෆ්ට සසඳනවා. ඒකට කැමතිද?
කත‍්‍රිනාගේ ඩාන්සින් ඔක්කොටම මම හරි ආසයි. ඒ වගේම අයිෂ්වර්යා සහ කරීනා කපූර්ටත් ගොඩාක් ආසයි. එයාලගෙ චිත‍්‍රපට ගොඩාක් නරඹනවා.
මේ දිනවල රඟපාන්නෙ චායා නාට්‍යයේ විතරද?
ඇයි, දෙරණ විකාශය කරන වසන්ත ගේ වැල්ලවායගේ, පිපෙන මල් නාට්‍යයේ රඟපානවා.
කවුද ක්‍ෂේත‍්‍රයේ යහළු යෙහෙළියන්?
අයෝමි, පබෝදා, සුජානි අක්කලා, වගේම රොෂාන් රණවන, විශ්ව කොඩිකාර අය්යලා ඇතුළු ගොඩාක් දෙනා ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100% ඔබ සමග මම එකඟ වෙනවා (දී)
නංගි මම ඔයාට දිගු ගමනකට සුබ පතනවා... (ස)
මාත් මගේ බිරිඳත් ඔබට ඇලුම් කරමු.පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත අපේ කැදැල්ලට ඔබවැනි දුවක් ලැබුණානම් කියා මගේ බිරිඳ කියයී. නම රැකගෙන ඉදිරියටම යන්න වරම් ලැබේවා (ස)
ජීවිත කාලයම රගපෑවත් විජයටවත් හොදම නළුවා සම්මානය ගන්න බැරිවුණාලු නේද? ඒකට අද කාලේ? (නි)
අනෙක් අය වගේ නම් වෙන්න යන්න එපා. (නි)
ඔබට සුභපැතුම් මගෙන් (දී)
ඔබට බුදු සරණයි (දී)
ලෝකේ තියෙන වටිනාම දේ තමයි මිනිසුන්ගෙන් ආදරය ලැබීම (දී)
කළා ක්ෂේත්‍රයේ ඔබ වැජබේවා (දී)
සම්පුර්ණ ඇත්ත. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න්නේ නැතිව සිටීමම ලොකු දෙයක් (දී)
"කේන්දරේ මොනවද ලියැවිලා තිබුණේ? ප‍්‍රසිද්ධ වෙනවා කියලා තිබුණලූ......" පරිස්සමින් හොදේ. (නි)
ඔබේ රුවට සාදාරණයක් ඉටු වෙන්නේ, ඔබ ලඳක් හැටියට් නිහතමානි,අහිංසක චරිතයක් වුණොත් පමණයි. නිහතමානීව අහිංසක දිවිපෙවතක් ගතකරන තාක් කල් ඔබේ රුව ඇත්තෙන්ම ලස්සනයි. (නි)
දුව, ඔයාගේ අනාගතයට මම සුභ පතනවා. (නි)
ආදරය විතරක් ලැබුනාම හොදටම ඇති.!(නු)
නංගී, ඇත්තටම ඔබ වාසනාවන්තයි. (නි)
ලස්සනයි. සුභ අනාගතයක් ! (නි)
ඔබව ඉහළට ගෙනගිය මිනිසුන්මයි පොඩ්ඩ වැරදෙද්දි පහළට ඇද දමන්නෙත්. එනිසා පරිස්සමින් කටයුතු කරන්න (ස)
ඔබට සුභාපතුන් (දී)
සුබ පැතුම් නංගෝ (ස)
සුබ පැතුම් නංගෝ (ස)
ගැමි නාගාරිය දෙවිදියටම රඟපාන්න පුළුන් කෙනෙක් වගේ පේනේනේ. සුබපතමි (අ)
ඔයාට හොඳ මහත්තයෙක් ලැබෙයි, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි (ස)
හොදයි... (නි)
අක්කේ ඔයානම් කත්‍රිනා වගේමයි. හැබැයි ඊට වඩා ලස්සනයි (අ)
ඇත්තමයි (දී)
මට ආසයි ඔයා එක්ක කථා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද? ස්තුතියි.(ස)
දුව ඔයා හරිම ලස්සනයි. ජීවිතය ලස්සනකරගන්න. කලාවෙන් හම්බකරගන්න යන්න එපා.මගෙන් සුභ පැතුම්!(නදී)
ඔබට මම සුභ පතනවා (දී)
හදපු වඩපු දෙමාපියන්ගේ සිත් නම් කවදාවත් රිදවන්න එපා. (නි)
කන්තාවන් ඇයි මෙච්චර ගුවන් සේවිකාවක් වෙන්න කැමති. මේ රටවල් වල නම් ඒක ඉතාමත් සුළු රැකියාවක්.(නදී)
තමන්ගේ නම කැත කරනොගන්න. (නි)
නංගි. ඔයාට ශුද්ධ වූ වැලන්ටයින් මුනිදුගේ ආරක්ෂාව ලැබේවා! (නි)
රංගනයේ යෙදේදී තමන් ගෙඩනගා ගත්ත සීමාවන් මත විතරක් කටයුතු කරන්න. දක්ෂතාවය පෙන්වන්න කියලා නොගැලපෙන දේ කරන්න එපා.(නදී)
ඔයාට බුදු සරණයි අක්කේ! (නි)
නංගී, ඉහළ නොබලන්න. පහළ බලන්න. මිනිසුන්ගේ ආදරයේ ඇති භයානකත්වය හොදින් තේරුම්ගන්න. (නි)
100% ඇත්ත, සුභපතනවා ඔබට (දී)
ඔයා ගොඩක් ලස්සනයි නංගී. මට නම් කත්‍රිනාට වඩා ඔයා ලස්සනයි. (නි)
ඔබට සුභ පතනවා මම (දී)
පිස්සු නැත්නම් හොදයි අපිට.(නදී)
ඉන්දියාවේ මිනිස්සුන්ගේ ජාතික වීරයෝ නලු නිළියෝ. නමුත් ලංකාවේ මිනිස්සු එච්චර මෝඩ නැහැ. (නි)
කවදද ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේනතුවට යන්නේ අනිත් අය වගේ ? (ස)
මටත් ආසයි ඔයත් එකක් රගපාන්න. (නි)
ඔයාගේ දක්ෂතාවය අගය කරනවා. ඒත් ඇයි බොරු කියන්නේ. අනුරාධපුරේ කියන්න ලැජජයිද? (නදී)
නංගි, ඔයා හරිම ලස්සනයි. ඔයාට සුභ පැතුම්! (නි)
සහෝදර ටෙලි නිළියෝ නම් හොර රහසේ ඉතාලියට ඇවිල්ලා යනවා. ඔය නංගි එහෙම ඔය හොර වැඩ වලට පුරුදු වෙන්න එපා. (නි)
ගුවන් සේවිකාවක් වුනාට කමක් නෑ. සනත්ගෙන් ප්‍රවේසම් වෙන්න...(ස)
ගලබඩ අයියා. අපිටත් විස්තර කියන්නකෝ.(නදී)