IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘මම මෙතනට එන්න තිබුණෙ මීට හුඟක් කලින්’

ඇය එදා ගුවන් විදුලියේ ළමා පිටියට අමුත්තියක නොවූවාය. රන් සමනළ පේළියයි, නිවන පතා - සුවය පතා යන ගීත එදා ඇය ගැයුවේ අක්කා සුප‍්‍රියා අබේසේකර සමගය. ඉන් පසු ඇගේ මව වන ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා අබේසේකර සමග ගැයූ ”සුදු මල් නෙලලා” ගීතය ද එකල ජනප‍්‍රිය විය. එවකට ඇය ප‍්‍රකට වුණේ සධානා අබේසේකර නමිනි. වයස අවුරුදු 7 දී එලෙස ගායනයට පැමිණිය ද වත්මන දක්වා ඇය ගැන වැඩිපුර කතා වූවේ නැත. නමුත් දැන් ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන්ගෙන ඇත්තේ ”රඟන රැඟුම්” ගීත එකතුව නිසාය. ගීත ලෙසට ”රඟන රැඟුම්” ගෙනා ඇය කලා ලොව සුපතල පවුල් දෙකකට උරුමකම් කියන චරිතයකි. රඟන රැඟුම් ගෙනා ඇය කවු ද? රඟන රැඟුම් ගයන ගැයුම්, දොළ ළඟ ගුරු පාර දිගේ ඇතුළු අතිශය ජනප‍්‍රිය ගී රැසක් ගැයූ නැසී ගිය වසන්තා සන්දනායක ඇයගේ ආච්චි අම්මාය. චිත‍්‍රපට පසුබිම් ගී ගායන ශිල්පිණියක වූ ප‍්‍රකට ගායිකා දයා හේමන්තා අබේසේකර සධානාගේ මවය. තාත්තා එකල ප‍්‍රකට රංග ශිල්පියකු විය. වහල් දුපත, සිදාදියෙන් හයක්, කොළඹ හාදයෝ ඇතුළු චිත‍්‍රපට ගණනාවක රඟපාමින්, අධ්‍යක්ෂවරයකු වූ ඔහු ශාන්ති අබේසේකරය. සිය මව සමග ”මද සීත නළරැල්ල දැඟලිල්ලපා” ගීතය ගැයූ සරත් සන්දනායක ඇයගේ මාමායි. ශ්‍රීමතී වසන්තා සන්දනායක ඇයගේ ලොකු අම්මාය. පවුලේ දෙවැනියා වන ඇගේ අක්කා සුප‍්‍රියා අබේසේකරය. සංජය, සුදේව, ශර්මිලා, සංජානා සහ සජනි ඇයගේ අනෙකුත් සහෝදර සහෝදරියන්ය. සධානා විවාහ වී සිටින්නේ මහාචාර්ය අමරා රණතුංග සහ ආචාර්ය දයාරත්න රණතුංග යුවළගේ දෙවැනි පුත් නන්දික රණතුංග සමගය. පුලස්ති රණතුංග සහ රූපශිකා නන්දිතගේ අයියා සහ නැගණියයි. මෙසේ රණතුංග පවුලට එක්වූ සධානා පුතුන් දෙදෙනකුගේ මවකි.  ඕෂධ චමිත් සහ ශෂික අරුන් ඒ දරු දෙදෙනාය. ”ගුවන් විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත‍්‍රයට ආ මම මේ තැන ඉන්න  ඕනෑ මීට පෙරයි. එනම් මගේ ගීත එකතුවක් සහ ගායනා ක්ෂේත‍්‍රයේ රැුඳී සිටිමින් කටයුතු කරන්න තිබුණෙ මීට පෙරදියි. ඒත් විවාහයත් එක්ක පවුලට මුල් තැන දී කටයුතු කිරීම ඒකායන අරමුණ වුණා. අනෙක් කටයුතු සියල්ලට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම අරමුණු කරගත් නිසා කලා ක්ෂේත‍්‍රයට වැඩිය සමීප වෙන්න බැරි වුණා. ඉඳහිට රූපවාහිනී වැඩ සටහන්වලට එක් වෙමින් ගීත ගැයුවා. ”රඟන රැඟුම්” ගීත එකතුවට මගේ පරම්පරාවේ සහ සැමියා නන්දිතගෙ පරම්පරාවේ ගීත කීපයකුත් මගේ ස්වතන්ත‍්‍ර ගීත දෙකකුත් ඇතුළත්. එදා මහාචාර්ය අමරා රණතුංග සමග පුලස්ති අයියා ගායනා කළ ”සෙන්පතියන් ගැන, නැව්පතියන් ගැන” ගීතය මෙවර මම මගේ පුතාලා දෙන්නා එක්ක ගායනා කළා. අපේ අම්මා ගැයූ ”මද සීත නළරැල්ල” ගීතය සරත් සන්දනායක මාමා එක්ක මේ ගී එකතුවට මම ගායනා කළා. ඊට අමතරව ආච්චි අම්මා ගැයූ කල්‍යාණි ගංගා, නොකියාම එදා, රඟන රැුඟුම්, දොළ ළඟ ගුරු පාර දිගේ, සුර ලලනාවියේ ගීත මීට ඇතුළත්. මහ ? යාමේ ගීතය ගැයුවේ සැමියා නන්දිත එක්කයි. එයා එක්ක ”ඉන්නේ ඈතින් ඈතින්” කියන ස්වාතන්ත‍්‍ර ගීතයත් ගැයුවා. මගේ මාමණ්ඩිය වන නන්දිතගේ තාත්තා ආචාර්ය දයාරත්න රණතුංග සමග ”මනමාලි පුතා අලූත ගෙනා” කියන අලූත් ගීතය ගායනා කළා. මාමා සහ ලේලිය ගැයූ ලංකාවේ එකම ගීතය මෙයයි.   මේ ගීත මොන විදියට අසන්නන්ට සමීප වේවි ද? හිතට දැනෙන ප‍්‍රසිද්ධ ගීත නිසා රසික රසිකාවියන් අතර රැඳේවි. අනෙක වසන්තා සන්දනායකගෙ මිණිපිරියක නිසා ඒ උරුමය අපට තියෙනවනෙ.   ඇයි ඔබට ඔබගෙම ස්වතන්ත‍්‍ර ගීත එකතුවක් කරන්න බැරි වුණේ? ඉදිරියේ දී බෞද්ධ ගී සහ ස්වතන්ත‍්‍ර ගී එකතුවක් ඉදිරිපත් කිරීම සඳහා දැනට නිර්මාණ කරගෙන යනවා. කොහොම වුනත් අපේ වත්මන් ගායන ක්ෂේත‍්‍රය ගැන කලකිරීමක් තියෙන්නෙ. මොකද අපි මේ ගමන ආවේ හරි හෙමිහිට පිළිවෙළකට. අද එහෙම නෙවෙයි. ඉබේම බිහි වෙන අය සිටින්නෙ. සමහරුන්ට ගීත ගයන්න බැරි වුනත් පරිගණක සංයෝජනය නිසා ගීත කරනවා. ඊට පස්සෙ සල්ලි තියෙන නිසා විෂුවල් කරනවා. අපි වගේ ඉගෙන ගෙන හැකියාව තියෙන අයට තැනක් නැහැ. කොහොම වුනත් අපි සංගීතයට කලාවට ආදරෙයි. බාහිර ගුරුවරියක ලෙස ඇය කොළඹ රාජකීය විදුහලේ සේවය කරන අතර, ඊට අමතරව මම සංගීත පංති පවත්වාගෙන යනවා.   කොහොම ද ගෙදර කට්ටිය එකතු වුනාම සංගීත සාජ්ජ එහෙම දානව ද? සැමියා නන්දිතට තබ්ලාව සහ ගිටාරය වයන්න පුළුවනි. පුතාලා දෙන්නටත් ගායන වාදන හැකියාව තියෙනවා. නන්දිත ගයන්නෙ තාත්තගෙ ගීතයි. ඒ උරුමය ගෙන යන්න  ඕනෑනෙ.   ඔබගෙ පරපුරේ අය එකතු වන අවස්ථා එහෙමත් තියෙනව ද? අනිවාර්යයෙන්ම ඔව්. අපි එකතු වුනාම පැදුරු සාජ්ජ එහෙම දානවා. ආච්චි අම්මා සිටිය කාලයේ ඒවා හොඳට කළා.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

‘මම මෙතනට එන්න තිබුණෙ මීට හුඟක් කලින්’

මම Tuesday, 07 August 2012 04:33 PM

කමක් නැහැ අක්කේ දැන් හරි ආවනේ (දී)

:       0       0

අනුර Friday, 27 July 2012 08:56 PM

බලන්න අද ඒ පවුලට කොච්චර සතුටක්ද කියලා... (නි)

:       0       0

සුසිල් Monday, 30 July 2012 02:48 PM

කලා පවුල් දෙකක සංයෝජනයක්. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

රුවිනි Monday, 30 July 2012 02:57 PM

අනේ සමාවෙන්න, මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය වේවැල් පුටුව උඩටද මීට කලින් එන්න තිබුණා නම් හොදයි කිවුවේ? (නි)

:       0       0

වසන්ත Friday, 27 July 2012 03:30 PM

වැඩිපුරම අද ඉන්නේ අනුන්ගේ සින්දු කියන අය, විලි ලැජ්ජාවක් නෑ. (ස)

:       0       0

නුවන් Saturday, 28 July 2012 12:11 AM

අපේ කලා පරපුරවල් ගැන රටට දැනගන්න පුළුවන්. ස්තුති (දී)

:       0       0

සම්පත් Saturday, 28 July 2012 12:12 AM

සුභ පතනවා සියල්ලන්ටම (දී)

:       0       0

සම්පත් Saturday, 28 July 2012 12:11 AM

මෙවෙනි ලිපි දැමීම කාලෝචිතයි (දී)

:       0       0

සම්පත් Saturday, 28 July 2012 12:12 AM

ලස්සන පවුලක් (දී)

:       0       0

නිකුම් Saturday, 28 July 2012 12:12 AM

දැන්වත් අපු එක ගැන සතුටු වෙන්න (දී)

:       0       0

සම්පත් Saturday, 28 July 2012 12:13 AM

ඇත්ත...ඇත්ත...ඇත්ත... (දී)

:       0       0

කරුණාරත්න Wednesday, 08 August 2012 12:20 PM

සුභපතනවා ඔබට (දී)

:       0       0

රණවීර Wednesday, 08 August 2012 12:22 PM

හොද පවුල් පරිසරයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 403 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 255 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 206 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 667 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site