අයි. පී. එල්. තරගාවලියේ 37 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (27 වැනිදා) මුම්බායිහිදී පැවති තරගයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල පරදවා ලකුණු 58 ක පහසු ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ මුම්බායි පිලේ ආරම්භක පිතිකරු ඞ්වේන් ස්මිත් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 50 ක් රැස්කළේ පන්දු 36 කිනි. ඕවර 2 ක් පමණක් යැවූ ස්මිත් ලකුණු 20 කට බැංගලෝර් පිලේ කඩුලූ 2 ක් දවාගැනීමටද සමත්විය.
මුම්බායි පිලේ රෝහිත් ශර්මා (10), දිනේෂ් කාර්තික් (42), අම්බටි රයිඩු (00) යන කී‍්‍රඩකයන් තිදෙනාම දුවද්දී දවා ගැනීම් වලට හසු කරගැනීමට බැංගලෝර් පිලේ පන්දු රකින්නෝ සමත්වූහ.
ධවාල් කුල්කර්නිගේ පන්දුවක් හමුවේ දැවීයන විට තිලකරත්න දිල්ෂාන් පන්දු 18 කදී රැස්කරගෙන තිබුනේ ලකුණු 13 ක් පමණි.
ලසිත් මාලිගට ඕවර 4 ක් යවා ලකුණු 24 ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකිවිය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 194
(ඞ්වේන් ස්මිත් 50, සචින් ටෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 42, රෝහිත් ශර්මා 10, කිරන් පොලාර්ඞ් 34, හර්බජාන් සිං 16)
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 136
(කි‍්‍රස් ගේල් 18, තිලකරත්න දිල්ෂාන් 13, සෞරව් තිවාරි 21, අරුන් කාර්තික් 12, රවී රාම්පාල් නොදැවී 22, විනේ කුමාර් 26, ධවාල් කුල්කර්නි 19/3, ඞ්වේන් ස්මිත් 20/2, හර්බජාන් සිං 21/2)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ කෙනාට ච්කට්? (නි)
ගේල් හිතන්න ඇති මාලිංගටත් ගහන්න. ඒවා කොහෙද ඉතින් අපේ මාංලිග එක්ක? (නි)
ඇයි සඳරුවන් මතක නැද්ද ගිය පාර විස්සයි විස්ස ෆියිනල් මැච් එකේදී මාලිංගට බටහිර ඉන්දියානු ක්‍රීඩක මර්ලෝන් සැමුවෙල්ස් සැලකුව හැටි??? කොහෙද ඔයා ඉන්නේ?? අදහස් දාද්දි පොඩ්ඩක් හිතල දාන්න.(නදී)
විකට් නැතත් මාලිංගගේ මුදල් හදල් පැත්ත යහපත්නේ. එදා මාලිංගට ගහපු අයට අද මොකද වෙලා තියෙන්නේ (නි)
සඳරුවන්-ඔවෙර් 4 ට ලකුණු 54 විකටි නැහැ.(නදී)
මුම්බායි පිලට සුභ පැතුම්.(නදී)