සරසවි ගැටුමෙන් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අවසන් වසරේ ඉංජිනේරු සිසුවකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව මොරටුව විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා කියයි.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ යතුරුපැදි ගැටුමෙන් අනතුරුව විශ්ව විද්‍යාලයය පසුගිය නම වැනිදා විවෘත කැරිණි.
අනතුරුව මෙම ගැටුම හටගත්තේය. ඉන් පසු සරසවිය යළි වසා දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කරන්න තියෙන හොදම දේ තමයි මේවගේ ප්‍රශ්න ඇතිකරන අය අයින් කරන එක.. දුප්පත් දෙමව්පියන් ළමයින්ට උගන්වන්න කොයිතරම් මහන්සි වෙනවාද? මේගොල්ල ඇවිල්ල කරන දේවල්ද මේ..!(නු)
අපගේ පුහුණුවීම් සහ තීරණයන් තුලින් ආරක්ෂ වන බර අනු අපගේ වාසනාව සහ අසාර්ථකත්වය ගොඩ නැගේ..!(නු)
මෙන්න එන්.ඩී.ටී. වැඩ . කව්ද දැන් මේ ළමයාගේ ජීවිතට වග කියන්නේ.(නු)
ඕකත් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)
දැන්වත් එන්.ඩී.ටී. එක වෙන තැනකට ගෙනියන්න බලධාරීන්ගේ ඇස් ඇරුණොත් ඇති. (නි)
එන්.ඩී.ටී. කට්ටිය දියගමට යැවුවොත් හොද නැද්ද? (නි)
රාත්‍රී දහයට පමණ පැමිණ ඇති කලහකාරී පිරිසක් විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ඇති පිරිමි නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. (නි)
අන්තරේ මැරයන් විසින් සිසුන්ට සිදුකල අමානුෂික ප්‍රහාරය පිළිකුලෙන් හෙළාදකිමු (ස)
අහිංසක ළමයෙක්ලු ඒ ළමයා (දී)
එන්.ඩී.ටී.සිසුන් මෙතැනම තියල අනෙක් සිසුන් වෙනත් විශ්ව විද්‍යාලවලට මාරුකර යැවුවොත් හොද නැද්ද?අපරාදෙ මරා ගන්නේ. (ස)
එන්.ඩී.ටී යනු විශ්වවිද්‍යාල පාඨමාලාවක් නෙමෙයි.. මෙය මෙතනින් වහාම ඉවත් කළ යුතුයි..එය තාක්ෂණික පාඨමාලාවක්.. ඉංජිනේරු පිඨයට සිසුන් එන්නෙ ගොඩක් මහන්සිවෙලා.. එම සිසුන්ට අවස්ථාව ලබා දීලා වහාම මෙම එන්ඩීටී සිසුන් ඉවත්කරන්න. මෙය අවුරුදු ගානක් තිබෙන ගැටළුවකි..!(නු)
එන්.ඩී.ටී කියන්නේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් නෙමෙයි . අන්තරෙන් කරන්නේ ඔය වගේ වැඩ තමා . හැකි ඉක්මනින් ඕක දියගමට දාන්න ඕනේ ගණන් කෑල්ලක් හදාගෙන මොන පාඨමාලාවකටවත් යන්න බැරි අය .ඉතින් එයාල කොහොමද ඉංජිනේරු පාඨමාලාවක් කරන්නේ (නු)
දැන්වත් එන්.ඩී.ටී. එක වෙන තැනකට ගෙනියන්න... (ස)
බී.එස්.සී පීඨයේ 4000කට විතර ගහන්න එන්.ඩී.ටී 700ගැන අපි ටආඩම්බරයි.. එකමුතුකමේ අගය ගැන ලොකු පණිවිඩයක් එන්.ඩී.ටී එකනේ ගන්න ඕන... ලංකාවෙ තියෙන එක විශ්ව විද්‍යාලයකවත් නැති එකමුතුකමක්. මොනවා උනත් එන්ඩී.ටී එකත් එක්ක ප්‍රශ්න දාගන්නකොට දෙපාරක් හිතන්න...මොරටු විශ්වවිද්‍යායට පටන්ගත්තේ එන්.ඩී.ටී එකට.. ඒක අයිති එන්.ඩී.ටී එකට..!(නු)
මේම ආයතනය හැදුවෙම එන්.ඩී.ටී එකට. අනිකුත් පාඨමාලා ඇතිවුනේ ඊට පස්සේ.. දැං ඒ අය එන්.ඩී.ටි. එක යවන්න හදනවා.. ඉංජිනේරු සිසුන්ට තවත් පීඨ දෙකක්ම තියෙනවා නමුත් එන්ඩී.ටී අයට ස්ථානයක් කෝ... (නු)
විශ්වවිද්‍යාලයක් මොකටද ඉතින් ඔය පාඨමාලා වලට. (නු)
අධ්‍යාපන බෙදුම්වාදය ද්‍රවිඩ සිංහල බෙදුම්වාදයට වඩා භයානක එකක්.. මෙය අවසාන කිරීමට නම් සමටම උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරැ කළ යුතුය. අද පවතින්නෙ සුළු පිරිසකට ආර්ථිකය පදනම මත නොමිලේ උගන්වන ක්‍රමයක්..අධ්‍යාපන නිදහසක් නැති එකම රට ලංකාවයි..!(නු)
උද්දච්ච උගත්තු (ස)
කොහොම උනත් ඔය එන්.ඩී.ටී. එක පටන් ගකත්ත තැනනේ.. නිවැදරි කළ යුතු වරදක් වෙලා තියෙනවා...!(නු)
ඉක්මන් සුවය ලැබේවා..!(නු)
ඉගෙන ගන්න ගිය අය ඉගෙන ගන්න එකයි කරන්න ඕන.. පවු අහිංසක දෙමව්පියන්ගේ සල්ලි..!(නු)
මේ වගේ රටේ ප්‍රශ්ණ නැතිවටද තවත් ගැටලු ඉගෙන ගන්න අවනම් ඉගෙන ගන්න..!(නු)
පළමුවැනිදා ගැටළුවක් ඇතිවුණ වෙලාවෙ දැං කෑගහන අය නිදාගෙනද හිටියෙ.. ? එන්.ඩී.ටී වලින් පටන්ගත්ත සරසවියෙන් අයින් කරන්න ඕන එන්.ඩී.ටී.ය නෙමෙයි..!(නු)
ආචාර්යවරු සැමටම එක හා සමානව නොසළකීමද මේකට හේතුව..??(නු)
මෙතන තියෙන්නෙ සිසු ප්‍රශ්නයක්.අපි ඒක තේරුම් ගන්න ඕනි. එන්.ඩී.ටී උනත් බී.සී.එස්. උනත් මොරටුව සරසවියේ ළමයි.අපේ රටේ ළමයි.අපිට උඹලා ඔක්කොම එකයි.අනාගත ඉන්ජිනේරුවො ඔක්කොම.දෙගොල්ලම සමගියෙන් ඉන්න. .මේක එකම ගෙදර ප්‍රශ්නයක්.(නු)
දියගමට යවන්න සරසවිය ඔයගොල්ලන්ගෙද? මොරටුවට මුලින් ආවෙ කවුද කියල දන්නවනේ?(නු)
අනාගත ඉංජිනේරුවො මිනී මරා ගන්නවා.. උගතුන්ට ගිය කලක්.. ලංකාවෙ අනාගතය අදුරේ..!(නු)
මෙම විශ්වවිද්‍යාලය තුල බොහෝ ප්‍රශ්න ඇති කර තිබෙන්නේ එන්.ඩී.ටී සිසුන් බව කවුරුත් දන්නා රහසකි. එබෙවින් මෙම සිසුන් වහාම දියගම නව ස්ථානය වෙත මාරු කිරීම් වඩා උචිත වේ.(නු)
මෙයාලටද නායකත්ව පුහුණුව දුන්නේ පහුගිය දවස්වල..!(නු)
පව් අසරණ දෙමව්පියෝ (දී)
මම ත් මොරටුවෙ උපාධිධරයෙක්.. ඒ උනාට මෙතන වෙන්නෙ උරුලෑවාගේ ගෙට කබැල්ලෑව රිංගුව වගේ වැඩක්නෙ.. මෙතන තිබිලා තියෙන්නේ එන්.ඩී.ටී එක... පස්සෙ තමයි බී.එස්.සී පටන් අරන් තියෙන්නේ... ඉතිං කොහොමද එන්.ඩී.ටී. එක මෙතනින් ඉවත් කරන්නකියන්නෙ.. ඕනෙනම බී.එස්.සී එක ඉවත් කරන්න කියන්න. එන්ඩීටී කට්ටියත් එක්ක ඉන්න බැරි නම්.. මොනවා උනත් මෙහෙම ගහ න්න එක නම් මහම මහ මෝඩ කමක් .. රටේ මේතරම් ගැටළු තියෙද්දි..!(නු)
කවුරුවත් දන්නේ නැහැ ඊයෙ උන සිද්ධිය මොකද්ද කියලා. බී.එස්.සී සිසුන් ඔවුන්ගේ විභාග කල්යවාගන්න මුලින් උත්සාහ කරලා තියෙනවා.. මෙවර තවදුරටත් විභාග කල් යවාගන්න ඇති උවමනාවට එන්.ඩී.ටී සිසුන්ට අපහාස නිදා වෙන පරදිි ක්‍රියා කරනවා. කවුරුත් කොල්ලො.. කවුරුත් කැමැති නැහැනෙ දෙවැනි වෙන්න (නු)
ඔටුව කල වගේ යන්තම් ඔළුව දාගන්න දුන්නාම ඇගත් ඇතුලට දාගෙන හිටපු එකාව එලවා ගන්නව වගේ වැඩක්.. මුල් පදිංචිකරුවො එන්.ඩී.ටී නේද? මට හරියට මතක නැහැ...!(නු)
මේ පිංතූර දැක්කාම හිතෙනවා මේ බුද්ධිමත් අය කොච්චර මොලේ පාවිච්චි කරනවාද කියලා..!(නු)
බී.එස්.සී කියලා මොනම කෙකෙක්වත් උඩ යන්න හොද නැහැ.. මේක සරසවියක්.. ඒක ඇතුලෙ ප්‍රශ්ණයක්.. ඔයාලම බලන්න මොරටුව සරසවියෙ වෙබ් අඩවියෙවත් එන්.ඩී.ටී එකට ඉඩක් දීලා තියෙනවාද කියලා.!(නු)
මනු ඒක තමයි ප්‍රශ්ණය ඒ තුනක් ගත්ත අය මේවා තේරුම් ගන්නෙ නැහැ කවදාත්.!(නු)
කරුණාකර ඉතිහාසය අධ්‍යයනය කරන්න මේ සරසවියේ.. කවුද පළමුවෙන්ම මෙහි හිටියෙ කියලා.. අයි මේ බී.එස්.සී අය එන්.ඩී.ටී අයව අයින්කරන්න හදන්නෙ..? ඒක ඔවුන්ගේ හැකියාවන් හා ඉල්ලුමට ගැටළු වක්.,!(නු)
මෙලෝ දෙයක් නොදන්නා ළමයෙකුට නේද ගහල තියෙන්නේ (දී)
මේක එන්.ඩී.ටී පාඨමාලාවෙ වරදක් නෙමෙයි දැං ඉගෙනගන්න අයගෙ වරද මමත් එන්ඩීටී කෙනෙක්.. එත් ඇත්ත කතා කරන් ඕන.. එක රටේ අය නේද මේ මරාගන්නෙ.. තමන්ගේ පාඩුවෙ වැඩ කරගන්නෙ නැතිව අනුන්ගෙ ඒවට ඇගිලි ගහනවා..!(නු)
මනු, දන්න දෙයක් කතා කරන්න. එන්.ඩී.ටී. කියන්නේ උපාධියක් නෙමෙයි ඩිප්ලෝමා එකක්.. අනික එන්ඩිටී එක මොරටුව සරසවියෙ ඇතුලෙ තිබුණට ඒක සරසවියට අයිති පීඨයක් නෙමෙයි.. තවද එන්ඩීටී අය කියන්නේ කවදාවත් ඉංජිනේරුවො නෙමෙයි.. තාක්ෂණවේදියෝ.. දෙයක් දැනගෙන අදහස් දක්වන්න.!(නු)
කොහොම නමුත් දැන්වත් මෙම මන්ද මානසිකත්වයෙන් මිදෙන්න බැරි නම් ඉන්ජිනේරු සිසුන් සමාජයට පිළිලයක් වෙනවා. එන්.ඩී.ටී. කියන්නේ සමාජයට වැඩක් කරන පිරිසක් කියලා ඕනෑම කෙනෙක් දන්නවා. මෙම බී.එස්.සී. පුහු මානසිකත්වයෙන් මිදී ඔවුනුත් එන්.ඩී.ටී. සිසුන් මෙන් යහපත් පිරිසක් වෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්. (නි)
හැමදාම බී.එස්.සී. ය තමුන් වැඩි ඉසෙඩ් ළකුණකින් විශ්ව විද්‍යාලට අවායි මාන්නයක් හිතට අරගෙන අනිත් ළමුන්ව පාගා තමුන්ට මෙම විශ්ව විද්‍යාලයීය අයිතිවාසිකම් වැඩිබව පෙන්වීමට උත්සාහ ගන්නවා. තමුන් අනිත් ළමුන්ට වඩා ඉගෙනීමෙන් වැඩිනම් තවත් මොන ප්‍රශ්නයක්ද? රටක හෝ ඕනෑම තැනක මිනිසුන්ගේ ඉගෙනීමේ ප්‍රමාණ වෙනස වුණත් ඒ හැමෝටම නිදහසේ ජීවත් වෙනන අයිතියක් තිබෙනවා. තමන් ඉංජිනේරුවෝ වෙන්න ඉන්නවා නම් නිහතමානී වෙන්න ඕනෑ. (නි)
මේවට මුල ඉංජිනේරු සිසුන්ගේ ක්‍රියාකලාපය..!(නු)
ලමයින්ට දොස් කියන්න බෑ. ඒඅය ආදර්ශයට අරන් තියෙන්නෙ රටේ වැඩිහිටියන්..!(නු)
මොරටුව එන්.ඩී.ටී එකට දෙන්න..!(නු)
ඕනෙම වැරදි වැඩක් කළොත් ඒක ප්‍රතිඵල තියෙනවා.. ජනවාරි පළමුවැනිදා එන්.ඩී.ටී අයට ගැහුවා නේද? ඒකෙ ප්‍රතිඵල තමයි මේ .. දැං වත් පාඩුවෙ ඉන්න ඉගෙන ගන්න.!(නු)
එන්ඩීටී අය බී.එස්.සී අය වගේ රගපාන වෙලාවලුත් තියෙනවා..!(නු)
සනු නම් හොර උපාධි ධාරියෙක් වගෙයි පේන්නේ. මෙතන මුලින්ම තිබ්බේ කාර්මික විද්‍යාලයක් බව ඇත්ත. නමුත් මේක පසු කාලීනව විශ්ව විද්‍යාලයක් කරලා ඉංජිනේරු, වාස්තු විද්‍යා, තොරතුරු තාක්ෂණ පීඨ ඇති කරාට පස්සේ මේක තව දුරටත් කාර්මික විද්‍යාලයක් නොවේ. එන්ඩීටී යනු කාර්මික පාඨමාලාවකි. එයට ඇතුලත් කර ගන්නේ උසස් පෙළ ප්‍රතිපල වලින් නොවේ, වෙනම විභාගයක් පවත්වා ගෙනයි. අවම සුදුසුකම උසස්පෙළ එස් 3 ක් තිබීමයි. එන්ඩීටී පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන්න උසාවි නියෝග පවා දී තිබේ. මෙතැන ඇති එකම ප්‍රශ්නය එන්ඩිටී සිසුන් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් නොවීමයි. එයට හේතුව එවිට ඔවුන්ට ලැබෙන සහතිකයේ "මොරටුව විශ්ව විද්‍යාලය" යන්න ඉවත් කිරීමට සිදුවීමයි. මෙම සහතිකය ඉංජිනේරු උපාධි සහතිකයට බෙහෙවින් සමාන නිසා බොහෝ එන්ඩීටී සිසුන් උපාධිදාරීන් ලෙස පෙනී සිටීමට මෙම ඩිප්ලෝමා සහතිකය යොදා ගනී. මේ හා සමාන ඩිප්ලෝමා පාඨමාලා වන එච්.එන්.ඩී.ඊ සහ ටීටිඅයි සිසුනට මේ වාසිය නොලැබේ.(නු)
මොරටු සරසවියේ මෙම සිසු ගැටුම් වලින් පෙන්නුම් කරන්නේ, සමස්ත ශ්‍රී ලංකා සමාජය තුලම පවතින ආත්මාර්ථකාමීබව සහ පටු අදහස් හා ආකල්ප නිසා ඇතිවූ බෙදීමය.(නු)
මේවට මුල ඉන්ගිනේරු සිසුන්ගේ ඇති නොහික්මුණු කම.. එයාලා එන්.ඩී.ටී අයගේ තැන බලෙන් ලබාගන්න හදනවා..!(නු)
මට ඉතාම කණගාටුවක් දැනුනා මෙම අදහස් දැකීමෙන්..ඔවුන්ට තවමත් තේරුම්ගන්න බැරිවෙලා තියනවා කොහොමද ඉංජිනේරුවෙක් වෙන්නෙ කියන එක.. (නු)
එන්.ඩී.ටී. එකේ උපන් බිම එයාලට දීලා අනෙක් අය ගියොත් නේද හොද? (නි)
ඉවසනවා කියන දේට කවදාවත් කිසිම තැනක සීමාවක් තියන්න ඕනෑ නැහැ ආයුබෝවන්ඩ. කවුරුත් මිනිස්සු. ඒත් එන්.ඩී.ටී. කවුරුවත් නිවන් දැකලත් නැහැ. නිවන් දැකලා නැති වුණාට නිකරුනේ කිසිම අම්මා කෙනෙක්ගෙ පුතෙක්ගෙ ඇඟේ ලේ හොල්ලන්න කාගෙවත් තුන් හිතකවත් තිබුණේ නැතුව ඇති. (නි)
වෙච්ච දේට කණගාටුයි. ඒත් මම මේ කියන්නේ එන්.ඩී.ටී. එක ඉවත් කරන්න බලාගෙන ඉන්න අයටයි. ඔය සරසවිය ඔතන සරසවියක් බවය පත්වුණේ අපි හින්දයි. (නි)
මම දන්න විදියට එන්.ඩී.ටී. එක පටන් ගත්තේ මොරටු සරසවියේ නෙමෙයි. ඒ කාලේ ඕක කාර්මික විද්‍යාලයක්. (නි)
එන්.ඩී.ටී. එක තමයි මුලින්ම තිබුණේ. ඒත් අපේ අය හිතන්නෙ නැහැනේ ඔය කට්ටිය ඔතනින් අයින් කළොත් අවුරුද්දකට කී දෙනෙක්ගේ ජීවිත අදුරු වෙනවද කියලා. (නි)
ඉතිං අපිට මොකෝ? (නි)
මොනවා දනගෙනද ඒ ළමයා (දී)
අපිත් කැම්පස් ගියා, අපි නම් විරුද්දයි ඔය වැඩ වලට (දී)
මා මේ ලියන්නේ දෙපාර්ශවයටම අයත් නොවූ නිදහස් මනසක නැගෙන සිතිවිල්ලක්ය. ගුටි බැට හුවමාරුව වනාහී මිනිසා(විශේෂයෙන් පිරිමියා) යමක් කමක් තේරුම් ගතහැකි ඉතා කුඩා අවධියේ සිට මරණය දක්වාම විවිධ වූ ස්වරූපයෙන් වරින් වර සිදුවන ඉතා සරල සිද්ධියකි. මේ සියල්ල සාමාන්‍ය දෙයක් ලෙස මා දකින්නේ ආරවුල් ඇතිකර ගැනීම මිනිසාගේ ස්වභාවය බැවිනි. නමුත් සියලු ගැටුම් වලට සීමාවක් තිබේ. මේ සියලු ගැටුම් පරයා මිනිසත් බව මොහොතකට හෝ ඉස්මතු විය යුතුය. මට අන්තිමේ කීමට ඇති එකම දෙය නම්, වෛරය කොයි තරම් තිබුණද ලෝක යුද්ධයකට වුවද මානුෂික යුධ නීතියක් තිබෙන බවයි. අවසාන වශයෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සහ සුළු හෝ තුවාල ලබා සිටින ඉන්ජිනේරු පීඨයේ සහෝදරයන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම, සීරීමකට හෝ ලක්වුන එන්.ඩී.ටී. සිසුවන් වේ නම් ඔවුනටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)
මොනව වුණත් එන්.ඩී.ටී. අය හොද වෑඩකාරයො. එයාලට හොද ප්‍රායෝගික දැනුමක් තිබෙනවා. (නි)
මෙතන තියෙන්නේ ජේ.වී.පී. ප්‍රචණ්ඩත්වය. එයාලට ඕනෑ කොතැනක හරි අවුලක් හදන්න. ඕක තමා මෙච්චරකල් මොරටුව කැම්පස් එකේ වුණේ. මේ වෙනකොට විසි තිස් වතාවකට වඩා ඔය වෙනුවෙන් කැම්පස් එක වහලා තියෙනවා. රටේ නමගිය අයත් ජේ.වී.පී. ලණු කනවා නම් අත්දැකීම් නැති දරුවො ගැන මොන කතාද? උසස් අධ්‍යාපන ඇමැතිතුමනි, එන්.ඩී.ටී. මෙතනින් වෙනතැනකට ගෙනියන්න බැරිද? එහෙම වුණොත් මොරටුව ගොඩක් සාමකාමී තැනක් වෙයි.ජේ.වී.පී.
ඉංජිනේරු සිසුන් 35 ක් පමණක් සිටින නේවාසිකාගරයකට පහරදීමට 200 ක පමණ පිරිසක් පැමිණීමෙන්ද, අසල පිහිටි කාන්තා නේවාසිකාගාරයටද පහරදීමෙන්ද එන්.ඩී.ටී. සිසුන්ගේ නපුංසකභාවය රටටම පෙන්වන ලදී... (නි)
තරින්ද , ඉංජිනේරු පීඨයට එන්නත් අවම සුදුසුකම එස් 3 තමයි, එහෙම වුණාට ඔක්කොම තේරෙන්නෙ නැහැනේ. (නි)
එන්.ඩී.ටී. සිසුන්ව ඉවත් කරන්න බී.එස්.සී. සිසුන් උත්සාහ කළේ අදක ඊයෙක ඉදලා නෙමෙයි. (නි)
ඉතිහාසයේ එක කාලයක මේ දෙගොල්ලටම සරසවියේ එක පන්තියෙ දේශන එකට කළේ. බල තණ්හාවට ඇතිකරපු ප්‍රශ්න නිසා තමයි මේ ගැටලුව මෙච්චර දුර යන්නෙ. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ (දී)
හෙලා දකිනවා (දී)
ගහ ගන්න නොගියේ ඒ කට්ටිය විතරයි., දැන් ඒ කට්ටියත් හරි (දී)
අයියෝ සල්ලි, මොකද මේ දැන් වෙලා තියෙන්නේ(දී)
ඔහොමත් ගහනවද දෙයියනේ (දී)
මෙය පිටුපස ඉන්නේ කවුද දන්නෙ නැහැ. (නි)
මේ ගැටුමට මුල ඉන්ඡිනේරු සිසුන්ලු. ඔවුන් තමයි නොහික්මුණු විදියට ඉකුත් 01 වැනිදා එන්.ඩී.ටී. සිසුන්ට පහර දීලා තියෙන්නේ. ඒ ගැටුම තමයි මේ දිගින් දිගට යනවා කියන්නේ (නි)
ආයෙත් කවදහරි සරසවිය පටන් ගත්තහම අපේ එකා වෙනුවෙන් ඔලුව පලලා ලේ වලින් වන්දියක් ගන්නවා. මිනීමරලා හරි මේ ප්‍රශ්නය ඉවර කරන්නෙ එන්.ඩී.ටී. අය එළවලයි. (නි)
පවු, ඒ ළමයාගේ අසරණ දෙමවුපියෝ (දී)
NDT කට්ටියට ඉස්සර ඉඳලම ඔය සෙල්ලම හොඳට පුරුදුයි (ස)
ඉන්ජිනේරු මල්ලියේ, එන්.ඩී. ටී. මල්ලියේ, උඹලා ලෝකේ ටිකයි දැකලා තියෙන්නෙ. ඔය කෝස් ඉවර වෙලා ලොකු මිනිස්සු වෙන්න හිතාගෙන ඔතන ඉන්න බුද්ධිමත්ම කියන අය බටහිර රට වලට යයි. ගිහින් බොහෝ අය කසල ශෝධනය වගේ රස්සාවල් කරයි. එතකොට අපේ මෙහේ ඉන්න උඹලගෙ සීනියර්ස් අයියල වගේ අය කියයි ඒ දවස් වල අපි කුලු හරක් වගේ මරාගත්තෙ මේ ටිකටනෙ කියලා. (නි)
චතුර, ඔයගොල්ලෝ වගේ බොරු ආවේගශීලි සිසුන් ඉන්න තාක්කල් සරසවි වල ලේ හැලීම් නතර කරන්න බැහැ. පිටරටවල සරසවි ආදර්ශයට ගන්න. හරි වැරැද්ද සාමකාමීව නිත්‍යානුකූලව විසදා ගන්න. ඔබගේ අදහස දැක මහත්වූ කලකිරීමක් හා ඔබවැන්නවුන් ගැන දුකක් ඇතිවුණි. (නි)
මේවා දැන් හදන්න බැහැ (දී)
බී.එස්.සී. 4000ක් එක්ක හැප්පෙන්න එන්.ඩී.ටී. 700ක් නිකම්ම පෙළබේවි කියලා හිතනවද? කවදාවත් නැහැ. බී.එස්.සී. සිසුන්ගේ ඉරිසියා සහගත හැගීම් තමා ඔක්කොටම මුල. (නි)
අනේමන්දා (දී)
පේන විදියට බී.එස්.සී. අය මේකත් කැම්පස් එක කියලා හිතාගෙන වගේ අදහස් දාන්නෙ. උපාධිය කියන්නේ ඉන්ඩ්‍රස්ට්‍රියල් එකේ එක සුදුසුකමක් විතරයි. මේ වගේ පටු අදහස් තියෙන අය එතන්ට ආවමත් ප්‍රශ්න. මට නම් පේන්නේ මේ ප්‍රශ්නෙ විසදන්න මීට වඩා ගැඹුරින් හිතන්න ඕනෑ. නැත්නම් මේකෙ අවසානයක් නැහැ. (නි)
දෙකම වහලා දාලා පුද්ගලික සරසවි පටන්ගත්තොත් හොදයි. (නි)
මම මෙම විශ්වවිද්‍යාලයේ, එවකට කටුබැද්ද මණ්ඩපය, ඉගෙන ගත්තා 1970 ගනන් වල මුල, ඉංජිනේරු ශිෂ්‍යයෙක් ලෙස. ඒ දවස්වල අපි අතරෙ කිසිම භේදයක් තිබුනේ නෑ. එන්. ඩී. ටී සහ ඉන්ජිනේරු පීඨවල අය ඉතාම සමගියෙන්, සහයෝගයෙන් වැඩ කළා. (ස)
විශ්ව විද්‍යාලයට ආවේ මොකටද ගහ මරා හැන්නද (දී)
ඉගෙන ගන්න ළමයෝ , ඉගෙන ගන්න (දී)
මම මේ සිදුවීම් දිහා දක්කින්නේ මේ විදියට.අනික මම B.sc වත් NDT වත් කෙනෙක් නෙමේ.මම මේ විශ්වවිද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණ උපාධිධාරියෙක්. විශ්වවිද්‍යාලයේ අවුරුදුඩ් 4ක් හිටපු කාලේ මම දැක්කේ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලයේ අවුල් ඇති කලේ NDT ළමයි තමා.මේකට තියෙනෙ එකම විසදුම මේ NDT ළමුන් දියගම ඔවුන්ට වෙන් කර ඇති අලුත් ස්ථානයට ගෙන යන එක තමා. (ස)
ආවනම් ඉගෙනගෙන යන්න (දී)
මොනවද මේ වෙන්නේ (දී)
පව් අනේ බී එස් සී අය, තාම සිල් ගත්තු ගමන් ඉන්නෙ.මේකත් හරියට රටෙ අර මොකද්ද එක වගේ තමයී.NDT කලොත් වෑරදි. BScකලොත් හරි. (ස)
මෙය ගැටුම් ඇති කරගත යුතු කාලයක් නොව එකාවන්ව එකට හිදිය යුතු කාලයකි. (නි)
පේරාදෙණිය සරසවිය ආදර්ශයට ගන්න එහි කළා,විද්‍යා,ඉංජිනේරු ,කෘෂිකර්ම ආදී පීඨ වල ඉගෙනගන්න ළමයි එකට ඉතා සමගියෙන් ඉන්නවා. (ස)
යන්න. ගිහින් හොදට ඉන්න. අපිට කරදරයක් වෙන්න එපා. ආයෙත් මොරටුවට එන්නත් එපා. (නි)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔහුට ඉක්මන් සුව ලැබේවා! (නි)
දිය ගමට යන NDT කට්ටිය අපේ සුබ පැතුම් (ස)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ..(ස)
අනේ ඒ අසරණ ළමයා (දී)
මේ රටට මොනවා වෙලාද මන්දා (දී)
NDT එකේ අයට ඉරිසිය කරන්න අය නිසයි මෙහෙම වෙන්නේ (ස)
පව් අනේ.බලාගෙන ඉන්න යනකන් (ස)
සිරිදාස ඔයයි දන්නෙ නෑත්තෙ. ඇයි ඔයාලා පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙන්නෙ නැත්තේ.ඒකට විරුද්ධ වෙන්නෙ NDT කොල්ලො.ඔයාලා NDT නිසා ඉන්නෙ. (ස)
සත්තු වගේ රණ්ඩු වෙනවා (ස)
පව් (ස)
දැන් අධ්‍යාපනය නම් නැති වෙලා (දී)
පාඩම් කර කර ඉන්න ලමයිටත් දැන් ගහනවාද (දී)
ඉගෙන ගන්න ඇවිත් කරන වැඩ (දී)
විශ්වවිද්‍යාලවල මේ සටන් ඉක්මනටම අවසන් කරන්න නීති හදන්න ඕනේ. (දී)
නිදහස්අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා අය කරන අනුවන වැඩ (දී)
හැමදාම විශ්වවිද්‍යාලවල මේ සිදුවීම වෙන්න දෙන්න බෑ . මේක නවත්වන්න ඕනේ. (දී)
අහිංසක සිසුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවයි (දී)
චතුර, ඔයගොල්ලෝ වගේ බොරු ආවේගශීලි සිසුන් ඉන්න තාක්කල් සරසවි වල ලේ හැලීම් නතර කරන්න බැහැ. (නි)
දුප්පත් දෙමවුපියන්ට දෙවි පිහිටයි (දී)
මේ ළමයි මෙතෙන්න්ට යන්නේ ඉගෙන ගන්න නොවේ (දී)
අපිට තන්තිරිමලේ වුණත් කමක් නැහැ කැම්පස් එකක් හදලා දෙන්න, අපි යනවා. අපිට රැකියා ගන්න කැම්පස් එකේ නම ඕනෑ නැහැ. ~2006 පීඨ රැස්වීම අමතමින් අපි ඉල්ලූ දේ තාම ලැබිලා නැහැ -ඉංජිනේරු පීඨය- (නි)
අපිට ඕනෑ කරදරයක් නැතුව ඉගෙනගන්න විතරයි. (නි)
මේ ළමයි විශ්වවිද්‍යාල වලට යන්නේ ගහ මරා ගන්න ද (දී)
එන්.ඩී.ටී. එකට කට්ටිය ඔච්චර බය මොකද දන්නෙ නැහැ. (නි)