මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීමේ සිද්ධිය හා ඊට කලින් පොලිසියට කළ පැමිණිලි ගැන සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය කියයි. පන්සලේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අඩුම ගණනේ පැමිණිලි 11ක් ලැබී ඇතැයි ද ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 11 දෙනකු පමණ සොයන බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිත් නුල් ටික බැන්දේ කෙහෙන්ද ?(ස)
මෙයා සාමාන්‍යයෙන් වැරදි කරන කෙනෙක් නෙමයි. සොයා බලා දඩුවම් දෙන්න (ස)
හරියට සොයා බලන්න ,වැරදි කරු කවුරු උනත් නිසි දඩුවම් ලැබේවි , මට නීතිය විශ්වාසයි (ස)
මම හිතන විදියට මොරටුව නගර සභාව සහ මොරටුව පොලිසිය මේවට වගකිව යුතුයි.(ස)
මේ අයට තාම තේරුමක්වත් නැති පොඩි අයනේ ලොකු තැන්වලට ආවම මේ වගේ වැඩ කරනවා.. ඡන්දෙ දෙන අයයි මේවට වග කියන්න ඕන..!(නු)
ඔය අදහස් දාලා තියෙන අය ඉස්සෙල්ලා හොයලා බලන්න එයා වැරැද්ද කරලාද කියලා. (නි)
ඉතුරු ආයුධ ටික පෙන්නන්න. (ස)
මේ අයට සෞදියේ දඩුවම් ලබා දිය යුතුයි.,!(නු)
නියමයි, නිතිය එකට (දී)
මේ අයව බලයෙන් පහ කළ යුතුයි.,!(නු)
නුසුදුස්සො මේ තැන් වලට යවපු මොරටුවේ ජනතාවට තමයි උපහාර දක්වන්න ඕනා. මොරටුවේ විතරක් නෙමෙ හැම තැනම මේකයි තත්වය.අනේ මොරටුවේ අහිංසක ජනතාවට දෙවියන්ගේම් පිහිටයි.... (ස)
බුරුලක් දෙන්නම එපා (දී)
එල්ලල මරන්න ඕන අපරාධ කරනවට (ස)
පිටිගල ඔයාගේ ක්‍රමය මෙතනට හරියන්නේ නැහැ..!(නු)
නියමයි බොදු බල සේනා.. තවත් සේනා තියෙන්නේ මේවට නෙමෙයි.. අන් ආගම්වලට විරුද්ධව වැඩ කරන්නයි..ඒකනේ හාමුදුරුවන්ට මේ තරම් විපත්.. (නු)
මෙයා සැක පිටනෙ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.. (නු)
මෙයාගේ අතේ තියන පිරිත් නුල් ටික බැන්දේ කොහෙන්ද දන්නේ නැහැ. (නි)
මොරටුව නගරයේ බුද්ධිමත් ජනතාවට ජය වේවා! (නි)
මේ වගේ අපරාධ නවත්වන්නම බැරිද? (නි)
ඇයි ගත්තේ. මරන්න තිබුනේ අරුන් දෙන්නා වගේ.(නදී)
මොහුගේ දෙමවුපියන් තවමත් සිටිනවාද? (නි)
එයාට නිසි දඩුවම් ලැබුණු දවසට අපි කිරිබත් කමු. (නි)
දුක් වෙන්න එපා උප නගරාධිපතිතුමා.. මේ නඩුව ඔබවගේම පිරිසකටයි ඉදිරිපත් කරන්නෙ..!(නු)
තැනට සුදුසු නැති අය ඒ තැනට යවපුවම ඔහොම වෙනවා.(නදී)
මරණ දඩුවම ක්‍රියාත්මක කළ නම් රටේ අපරාධ අඩුවනු ඇත. (නි)
කාට වුණත් කර්මය විපාක දෙනවා අනිවාර්‍යයි (ස)
ප්‍රභාකරන්වත් මෙහෙම එළිපිට මිනීමැරුවේ නැහැනේ. (නි)
දේශපාලකයන්ට ඕනෙම අපරාදයක් කරන්න බලය තියෙනවද? රටේ නීතිය එයාලට විරුද්ධව ක්‍රියාත්මක නොවන්නේ.(නදී)
වැඩිම උනොත් සතියයි.. ඊට පස්සෙ..?(නු)
කවුද මෙයාලට ඡන්දය දීලා පත්කළේ? (නි)
තමන්ගේ පක්ෂයේ මිනිස්සු හදාගන්න.(නදී)
මට මතක නැහැ..
මේවා ඔක්කෝම ප්ලෑන් කරලා කරපු වැඩ වගේයි පේන්නේ (ස)
පොඩි හාමුදුරුවෝ කෙලින්ම කියනවානම් මෙයා සැකය කියලා හරිනේ ........... (ස)
කෝ බොදු බල සේනාව (ස)
මේ පිරිත් නූල් නෙමෙයි (ස)
හරි හෝ වැරදි හෝ රිසානා මැරුවෙ එහෙ නීතියෙ හැටියට ඒකට විරුද්ධව කෑගහපු ලංකාවෙ අය නීති විරෝධීව සැකකරුවන් මරන්න කියනවා.. අපේ අයගේ ඔළුවල මොනවාද තියෙන්නේ..!(නු)
වෙන ආගමික පූජකයෙකුට මෙලෙස සිදු කලානම් කොහොම වේවිද ? (ස)
මොන තරම් කෘර හිතක් ඇද්ද (දී)
මට හොදටම ෂුවර් ඇත්ත හෙළිවෙන්න වැඩිකල් යන්නෙ නැහැ කියලා. (නි)
පිටිගල, ඔයාගේ අදහස හොඳයි. ඒත් වැරදිකාරයා නම් පමණක්.
දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් නේද හොද? (නි)
ඔය දැං ටික ටික එළිවෙන්නෙ.. මෙයාට දඩුවම් දෙන්නෙ කොහොමද? (නු)
බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙත අකටයුතුකම් කරන්න එපා, (දී)
පොලිසිය කැපවෙලා නියම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනාවා.. නමුත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එක තමයි මේ සියළුම අපරාධවලට මුල...!(නු)
පොලිසිය දක්ෂයි..!(නු)
මම නම් එකයි ඒකට(දී)
බුදුන්ට දුනුවායන් යොදවපු හැටි සිහිවෙනවා.. මේ අපරාධයට සම්බන්ධ දෙදෙනාත් මැරිලා නේද?(නු)
ඉඩම් කේස් කියන්නේ අන්තිමට ජීවිතෙන් තමයි කෙලවර වේන්නේ.(නදී)
මේ අය බලවත් කිරීමට ඡන්දය දීපු අය තමයි වැරැද්ද කරලා තියෙන්නේ. (නි)
දඩුවම් දෙන්න,, උපරිම දඩුවම් දෙන්න (දී)
හිතාගෙන ඇති ලේසි පහසු වැඩක් කළා කියලා (දී )
රටකට ගිය කල... (නි)
මට මතක නෑ කියයිද දන්නෑ.. (දී)
වැරදිකාරයා මෙයා නම් ඉක්මනින්ම ඉතුරු ආයුද ටික හොයන්න අරගෙන යන්න.(නදී)
දෑන් පොලිසිය හරි වෑඩකාරයො වෙලානේ.(නදී)
ආනන්තරීය පාපකර්ම කරන දේශපාලඥයින් අතුගා දැමිය යුතුයි.(නදී)
පිටිගල කිවිවා හරි, මෙයාවත් ඉක්මනට ආයුධ හොයන්න අරගෙන යන්න. එතකොට බයටම මිනිහා වලාන හරියෙන් ගගට පනීවි. මෙයාට නඩු අහන්න එපා. පුළුවන් තරමි ආයුධ පෙන්නන්නම අරගෙන යන්න.(නදී)
පුස්පකුමාර උනාට මෙයා සුවද නැහැ වගේ.(නදී)
හුගක් මිනිසුන් අද මානසික අසහනයෙන් පෙළෙමින් සිටියද ඒවාට ප්‍රතිකාර ගැනීමක් නොකරයි. (නි)
නියමයි! අපේ පොලිසියේ අය.(නදී)
බොදු බල සේනා, සිංහල රාවය මේවාට නිහඩද? (නි)
කහවත්ත, කැළණිය, මොරටුව ඊලගට මොන නගරයෙද? (නදී)
තරාතිරම නොබලා ඉක්මනින්ම දඬුවම් කළ යුතුයි. නැත්නම් හෙට මෙයාට මාරාන්තික ලෙඩක් හැදී රෝහල් ගතවෙයි. (නි)
මොරටුව නගර සභාව ගැන කතාකරන්න එපා දන්නෝ දනිති. නීතියට භාර කරමු.(නදී)
රංඩුව ඇතිවුනේ පිරිත් නූල් මදි වෙලාද?(නදී)
අපේ පොලිසියත් එක්ක ඔය සෙල්ලමි බැහැ. බලමුකො මොකද වෙන්නේ කියලා.(නදී)
කල වරදට මරණ දඩුවම තමයි දෙන්න ඕනේ (දී)
මේ මැරුවේ බුද්ධ පුත්‍රයෙක් (දී)
ආනන්තරිය හා සමාන පාපයක් කර ගත්තේ (දී)
මමනම් කියන්නේ මෙයා වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටින්න (දී)
මොන තරම් පවක්ද කර ගත්තේ (දී)
බලමුකො මොකද වෙන්නේ කියලා. වැරදිකාරයා මෙයා නම් ඉක්මනින්ම ඉතුරු ආයුධ ටික හොයන්න අරගෙන යන්න. (නි)
අපේ ඡන්ද අරන් මේ වගේ වැඩ කරන අයට ආත්මය නෑ. (ස)
කවුරු කලත් මේවා බරපතල අපරාධ !!!! (ස)