මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන් සිව් දෙනකු හදුනාගැනීමට හිමි දෙනමක් ඇතුළු සාක්කි කරුවන් සිවු දෙනක් සමත් වුහ.
එස්. ධනුෂ්ක ෂෙරෝන් ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු හා නිපුන සම්පත් ප්‍රනාන්දු, රමෙෂ් දිල්රුක් මෙන්ඩ්ස් හදුනා ගනු ලැබුවෝ වෙති.
අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය ඉදිරියේ පෙරට්ටුව පැවැත් විණි. සැකකාර උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර ලබන 28 දා හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.
මරණ පරීක්ෂණ සාක්කි ලබන 21 දින කැදවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
උප නගරාධිපති සුජිත් පුෂ්ප කුමාර , එම් දිනේෂ් ලක්මාල් ප්‍රනාන්දු, ඉෂාන් කාවින්ද ප්‍රේම බන්දු, තිරුමලම් ඉලන්ගෝ , දුරේෂානී කේසවන් නිරෝෂාන් කුමාර්, චින්තක රුවන්ද සිල්වා සෙසු සැකකරුවෝ වෙති.
සියලු දෙනාම ලබන 28 දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුලක් දෙන්න එපා (දී)
28 වෙනකොට උප නගරාධිපතිව හඳුනාගන්න බැරි වෙයිද දන්නේ නැහැ නේද ????(ස)
ලලිත් ජාති ආලෙන්ද කරන්න කියන්නේ... (ස)
රිස්වාන්, ආගම් බේද ඇති කරන්න එපා. (නි)
ඔන්න තියෙනවා අවස්තාව, බුරුලක් නම් දෙන්න එපා (දී)
බන්ධනාගාර නිළධාරීවරුනි, මේ මහත්වරුන්ව හොදින් බලාගන්න. (නි)
නිසි දඩුවම් දීමෙන් තවත් කෙනෙක් වරදක් කිරීම නතර වේ (දී)
මේ අය සියල්ල බෞද්ධ නොවේ. (නි)
ඔන්න දැන් තමයි වැඩේ. නිසි දඩුවම් දෙනකල් අපි බලන් ඉන්නවා (දී)
අනිවාර්යයෙන් මෙවැන්නන්ට මරණ දඩුවම දියයුතුයි. (නි)
රිස්වාන්..., මේ අය කතෝලික වෙන්න පුළුවන්.. හැබැයි මේක ආගම නිසා කළ අපරාදයක් නෙවෙයි.. ඔයාලා වගේ ආගමේ නාමයෙන් මිනිස්සු මරන්නේ නැහැ අනිත් අය. ආගම් බේධ අවුස්සන්න එපා... (ස)
රටක් උනාම නිතිය අකුරට තියෙන්න ඕන (දී)
ඔන්න දැන් තමයි අවස්තාව (දී)
නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
හඳුනා ගත්තනම් කරන්න ඔන දේ දන්නවනේ...ආයේ කථා එපා...(ස)
උප පුරපති හදුනා ගැනීම නම් ලෙසි වෙන එකක් නෑ(ස)
මෙතන ඉඩම් ආරවුලක් පිටින් දාලා භික්ෂුඝාතනයක් සිදු වෙලා වගේ... වැඩි හරිය කතෝලික. හැබැයි අනිත් පැත්තේ උනානම් සිංහල බෞද්ධයෝ ඉවරයි... නුඹලට තෙරුවන් සරණයි...!!(ස)
නැවත මෙවන් විපත් අසන්නට දකින්නට නොලැබේවා (දී)
මොනවාද තව බලන් ඉන්නේ (දී)
සුළු අපරාධ ගණයට නේද මේක වැටෙන්නෙ.රු 10000ක විතර ලොකු දරන්න බැරි දඩයක් ගහයිද? (ස)
හඳුනා ගත්තොත් ඔබ මා... සුදු වෑන් ලැබෙයිද? (ස)
පුරපතිව අඳුරගන්න බැරිවෙයි.පුරපතිට මතක නෑ කියලත් කියයි...(ස)
මෙයාලගේ නම් බොහොමයක් හරියට කතෝලික අයගේ වගේ.. මෙතන සැඟවුණ දෙයක් තියෙනවා වගේ...(ස)
ඔක්කොම එක කූඩුවකට දාලා පැනලා යන්න හැදුවා කියලා කියන්න බැරිද ???? අපරාදේ වෙලාව නාස්ති කරන්නේ(ස)
භික්ෂු ඝාතනය ආනන්තර්ය පාප කර්මයක්. එලොවදීත්, මෙලොවදීත්, ඒ වගේ දඩුවම් ලැබෙයි. සමහර පන්සල් වලට කොච්චර කළත් මදිම තමා....(ස)
දේශ පාලන බලපෑම් ආවේ නැත්නම්, උප නගරාධිපති ඇතුළු අයව අඳුනා ගැනීම බැරි වෙන එකක් නෑ.. (ස)
අරගොල්ලන්ට මොකක්ද අර වෙලා තියෙන්නේ? මුහුණු විකෘති වෙලාද? (නි)