මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 7 වැනි දා දක්වා ද සෙසු සැක කරුවන් නව දෙනා මාර්තු 14 වැනි දා දක්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
රිමාන්ඩ් කළ සෙසු සැක කරුවෝ මොවුහුය.
එස් . ධනුෂ්ක ප්‍රනාන්දු
සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු
එම් දිනේෂ් ලක්මාල්
චින්තක රුවන්ද සිල්වා
තිරුමලන් ඉලන්කෝන්
දුරේෂානි කේසවන්
ඉෂාන් කාවින්ද
දිල්රුක් මෙන්ඩිස්
නියෝජ්‍යය පුරපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය කල් දමා මොහු හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සුදුසු ද නැද්ද යන වග සොයා බලා කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
කොළඹ අපරාධ කොටිඨාශයේ ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට මහතා අද (28)සාක්කි දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරියනි, පාප කර්ම කළ මොවුන්ට හොදින් සලකන්න.(නදී)
මම නම් හිතන්නේ උප පුරපති මේ වැඩේට සම්බන්ධ නැහැ. (නි)
සඟවපු අවි සොයන්න එක්ක යමුද ? (ස)
මොන හේතුවක් මත හාමුදුරු කෙනෙක් මැරුවා වුනත් හෝ එයට සහය දුන්නානම් ඔවුන් එල්ලා මැරිය යුතුයි.(නදී)
මූ එල්ලා මැරිය යුතුයි.(නදී)
එයාවත් රජයේ සාක්කි කාරයෙක් කරපුවාහම නඩුව හමාරයි.(නදී)
මෙයාට කන්න බොන්න දෙන්නෙත් අපේම සල්ලිනේ. අපි අපිටම ගහගමු. (නි)
හදුනාගැනීමේ පෙරට්ටුව කල් දාන්නේ ඇප ලබා දෙන්නද? (නදී)
කොහොමහරි හිමි නම මැරුවා නම් හතර මහා අපායේ වැටෙන එක අනිවාර්යයි. (නි)
රුවන් හැමදේටම ආගම පටලවාගන්න එපා. ඒක හරි නැහැ.(නදී)
ඇප නොදී දිගටම රිමාන් භාරයේ තබා සුදුසු දඬුවමක් කලාට අපේ විරුද්ධත්වයක් නැහැ. (ස)
හැදුණු වැදුණු රටටත් තමන්ගේ ජාතියටත් අපහාස කරන්න හොද නැහැ. (නි)
මෙතන වෙනත් යමක් සැගවී ඇතියැයි මටද හැගෙනවා. (නි)
මේක සාහසික ඝාතනයක්. ඉක්මණින් දඩුවම් නුදුන්නොත් මේක ගැන කාවටත් මතක නැති වෙන්නත් බැරි නැහැ. (නි)
අනිවාර්යෙන් ඔප්පු උනොත් නම් ඇල්ලිය යුතුයි (ස)
මිනීමරුවෝ කවුද කියලා මුලු ගමම දන්නවා. (නි)
නම්වල හැටියට මෙයාලා බොහෝ විට බෞද්ධයන් නොවන අය.. මෙතන වෙන ප්‍රශ්නයක් වගේ තියෙන්නේ (ස)
තනතුර මොකක් වුණත් අපරාධයක් කළා නම් ඔහු දඩුවම් විදිය යුතුයි. (නි)
අපේ සේනාව මේ ගැන මොකද කියන්නේ? (නි)
මෙයාට නොමිනේෂන් දුන්නේ කවුද? චන්දය දුන්නේ කවුද ? (ස)