කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පස් දෙනා අතර කැලණියේ ශ්‍රීලනිප සංවිධායක හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු ලේකම් බව කියන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්, සම්බන්ධීකරණ ලේකම් බව කියන සමන් නිශාමන් ද සිටින බව පොලීසිය කියයි.
සෝමරත්න කුමාර පෙරේරා හා ඔහුගේ පුත් රංගන කුමාර පෙරේරා හෙවත් රංග ද අත්අඩංගුවට ගත් බවත්, ඊට අමතරව චතුරංග වීරසේකර නම් පුද්ගලයා ද අත්අඩංගුවේ පසුවන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා හොඳයි කියලා තමයි අපි හිතුවේ. මොකද කාර්යක්ෂමව වැඩ කරපු නිසා. වැඩක් කරන්නේ නැතුව බොරුවට කයිවාරු ගහන හා මහජන මුදල් කොල්ල කන මිනිස්සු දැක්කාහම ඇමතිතුමා හොදයි. ඒත් දැන් යන වැඩ පිළිවෙළ හොඳ නැහැ. කරපු හොඳත් වතුරේ. (නි)
මතක තියා ගන්න සක කරුවන් විතරයි තවම (දී)
ඩිංගි, ඔයා වෙන්න ඇති අලුතින් පත්වුණ ලේකම්? (නි)
අලුත් කතාවක් වගේ(ස)
ඔන්න ඔය අහිංසකයෝ ටික නිදහස් කරලා දාන්න ආයුබොවන්ඩ. (නි)
සැකයක් නෑ..තව ටික දවසකින් නිදහස් වේවි (ස)
මේ කට්ටියත් මළගෙදර ගියා නම් මෙතන අදහස් දාන අයගෙන් කටපුරා හොඳ අහගන්න තිබුණා. (නි)
අෂ්ටලෝක ධර්මය නම් මෙලෙසය. (නි)
මර්වින් සිල්වා කියන්නෙ උගත්, නිහතමානි, කෙලින් වැඩකරන, අව්‍යාජ, සිල්වත්, ගුණගරුක, ඉතාම වැදගත්, යහපත් පුතුන් සිටින, කොන්දක් තියන, අපේ කාලයේ ඉන්නා ගෞරවනීය කෙනෙක්. නමුත් පහුකාලයේ මාධ්‍ය මගින් මේ යුග පුරුෂයාගේ චරිතය යම් තරමකට හානියක් කිරීමට තැත් කිරීම නිසා තමයි මෙවැනි අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙන්නේ. මේ අවස්ථාවේ ඥානෝත්මකම දේ තමා පොලිසියට හ අධිකරණයට මෙය බාරදී, යුක්තිය ඉටුවන හැටි බලාසිටීම, බාලයන් සේ කට ඉස්සර නොකර. අනික අප ජනාධිපතිතුමා කිසිම දිනක යුක්තියට, අධිකරණයට පිටුපාන්නේ නැහැ. (නි)
සරත් කියලා කෙනෙක් ලේකම් වෙලා හිටියා කියලා දැන් එතුමාට මතක නැද්ද දන්නෙත් නැහැ. (නි)
බොහොම කලින් කරන්න තිබුණු දෙයක් දැන් හරි කරපු එක ගොඩාක් හොදයි. හැබැයි අවංකවම චුදිතයන්ට විරුද්ධව කටයුතු කරයි කියලා හිතනවා. හෙට වෙනකොට ඇප දීලා ගෙදර එවලා මේක ඉවර කරන එකකුත් නැහැ කියලා හිතනවා. (නි)
අහුවුණු අයට ඇප ලැබෙන්නෙ හෙටද? එහෙමත් නැත්නම් අනිද්දද? (ස)
මේ සාක්ෂිම ඇති නේද තීරණයක් ගැනීමට ...? හසිත මහත්මයාට තිබුණු මරණ තර්ජන ගැනත් කලින් දැනුවත් කළානේ. ඉතින් ඒ පිළිබඳවත් කරුණු සැළකිල්ලට ගෙන නිසි අයට දැන්වත් දඬුවන් දුන්නොත් තමා හොඳ. (නි)
සුභ අනාගතයක්! (නි)
මිනීමරු දේශපාලනය රටින් තුරන් කළ යුතුයි. (නි)
මේකේ අදහස් දාලා තියෙන හුගක් අය පොඩි බබාලා. කාටවත් මුකුත්ම තේරෙන්නෙ නැති පාටයි. (නි)
අරයා වෙඩි තියාගත්තා වෙන්න බැරිද??(නු)
මිනීමරු දේශපාලනය රටින් තුරන් කළ යුතු නොවේද? (නි)
අයියෝ සල්ලි මොකද ඒ උනේ (දී)
අනේ මට නම් බයයි.. ඒ නිසා මම දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ..!(නු)
අනේ පව් (ස)
අනේ මන්දා මොනවාද මේ වැඩ කියලා
තනතුර බලන්න එපා (දී)
කර්මය අනුව සියල්ලන්ටම දඩුවම් ලැබේවි. (නි)
දඩුවම් දෙන්න බලබල ඉන්න එපා (දී)
ඩිංගි, නිකන් හැංගි හැංගි මෙහෙම කරන්න එපා. (නි)
මර්වින්... නෝ වින්...
අන්න හරි වරදක් කලවිට කුමක්ද අපි කලයුත්තේ (දී)
එයාලා එයාලාම කරගෙන අහක ඉන්න අයට දොස් කියනවා... (නි)
කැළණිය කියන පුදබිමෙන් වහාම මිනීමරුවන් ඉවත් කළ යුතුයි. (නි)
අයියෝ සල්ලි
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. ඇමතිවරයෙක්ගෙ සම්බන්ධීකරණ නිලධාරියා ...ඇමති තුමාත් එක්ක කිසිම සම්බන්ධකමක් ඇත්තමෙ නැත්ද...? මටනම් දැන් අමතකයි අමතකයි වගේ....(නු)
නිතිය අකුරට
වරදක් කලොත් දඩුවම් ලැබෙයි (දී)
දැන් මොකද කරන්නේ (දී)
ගින්නක් නැතිව දුම් නගිනවා දැකලා තියෙනවාද (දී)
තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ඩිංගි මොනවද මේ කියවන්නේ? (නි)
වැරදිකරුවන් සියල්ලන්ටම කර්මය අනුව විපාක ලැබේවා! (නි)
මෙයවත් විහිලුවක් නොවී විසඳේවා (ස)
ඩිංගිට පිස්සුද කොහෙද? (නි)
අදහස් නැත්තේ ඇයි..?(නු)
පුහුල් හොරා කරෙන් දැනිලා..!(නු)
කවුරු මොනවා කිවුවත් එතුමාට සියලු දේව ආරක්ෂාව තිබෙනවා. (නි)
මෙන්න අපේ පොලිසියේ උණු උණු වැඩ... (නි)
දැන් මොනවත්ම මතක නැහැ කිවුවොත් තමයි වැඩේ. (නි)
හොද හොද සෙල්ලම් තව ඉස්සරහට බලන්න පුලුවන් වේවිද? (නි)
මොනවා කළත් මනුෂ්‍ය ඝාතන හොද නැහැ. (නි)
සක කරුවන් නිසා කාටවත්ම බැහැ මේ දෙන්නාට විරුද්දව මොකුත් කියන්න (දී)
අපිට දැන් අපේ රට ගැන කොච්චර කළකිරිලාද කිවුවොත් පත්තර බලන එකත් එපාවෙලයි තියෙන්නේ. (නි)
දෙයියො දනී අපි නොදනී(නු)
අල්ලලා ගස් බදින්නනෙ තිබුණෙ..(නු)
උණු උණුවෙන් හොඳ පුවතක්. (නු)
මමනම් මේ මුකුත් දන්නේ නැහැ ...මට මේ හැම දෙයක්ම අමතකයි...(නු)
මම නම් හිතුවා ඕක..!(නු)
මටත් මේක හිතුනා හැබැයි..!(නු)
අපි නම් ඕවා දන්නෙ නැහැ.!(නු)
මර්වින් සිල්වාගේ සම්බන්ධයක් නැහැනෙ.. අපරාදෙ එයාව සම්බන්ධකරලා..!(නු)
ලේකම් තුමානෙ මේවා කරල තියෙන්නෙ..!(නු)
අනේ අපි නම් දන්නෙ නැහැ..!(නු)
අපිට නම් සැක නැ ..(නු)
ඇමතිතුමා ගැන අපි හිතාගෙන නම් හිටියේ මෙහෙම නෙමෙයි. (නි)
මම මොනවත්ම කියන්නේ නැහැ..(නු)
හසිත මඩවල ලියුමක් එහෙම ලියලද දන්නෙ නැහැ මැරැණෙ මම වෙඩි තියාගත්තා කියලා..!(නු)
ඇමතිතුමා නම් කියයි මම ගාව හිටියෙ ගොඩක් කාලෙකට ඉස්සරවෙලා.. දැං එයාලා මගෙ ලේකම්ලා නෙමෙයි කියලා.!(නු)
මමත් හිතුවෙම කංගැට්ටා දායි කියලා... (නු)
අහිංසකයෝ එහෙම ඕවට ගාවාගන්න එපා ඔන්න. (නි)
මර්වින් සිල්වා ඕවට ගාවගන්න එපා..! එයානෙමෙයිනෙ මේවා කරලා තියෙන්නෙ..(නු)
මට මතක නැහැනෙ..!(නු)
අනේ මන්දා මම මොකුත් කියන්නේ නැහැ (දී)
අපි දන්නවා එතුමා නිදොස් කියලා. (නි)
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලුනෙ..!(නු)
පුහුල් හොරා කරෙන් දැනෙන වැඩ කරන්නෙ නැහැ කිවුවා නේද? (නි)
මට නම් 100%ක් ෂුවර් ඇමතිතුමා මේකට සම්බන්ධ නැහැ කියලා. (නි)
ඔහොම යන්. ඔහොම යන්. (නි)
හොද වෙලාවට අර වෙඩිවැදුණු මහත්තයට කතා කරන්න බැරි. නැත්නම් කියයි මම හිතලා මටම වෙඩි තියාගත්තා කියලා. (නි)
ඉතින් එතකොට ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරන්නෙ නැද්ද? (නි)
දිගටම පරීක්ෂණ කරගෙන යන්න.. පොලිසියට උපහාරය..!(නු)
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ- සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ(නු)
එයාට සිංගප්පූරු සරත් කියන්නේ මොකද?(නු)
තෝරු මෝරු බේරෙනවා හාල්මැස්සො අහුවෙනවා... (නි)