දෙරණ ටී.වී. ඔස්සේ විකාශය වන මලී නාට්‍යය හැඩ කරන්නේ ඇයයි. ඇයගේ පෙනුම එම චරිතයට වඩාත් පෑහෙන බව සඳහන් කළ හැකියි. මේ නිසාම ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර අද ඇය කතා බහට ලක් වන චරිතයකි. මේ කතා බහ කෙතරම්ද කිවහොත් බොහෝදෙනා ඇය අමතන්නේද 'මලී' යන නාමයෙනි. මෙය ඇයගේ කුළුදුල් දීර්ඝ ටෙලි රංගනයයි. මෙලෙසින් පුංචි තිරය හැඩ කරන මේ රැවැත්තිය කවුද? ඒ ගැන ඇගෙන් විමසමු. ඔබගේ නම? සමාධි අරැණි ඡායා අබේගුණරත්න. ගම? තිස්සමහාරාමය ඉගෙන ගත්තෙ? පාසල් කීපයකටම ගියා. ඒ අතරින් රත්නපුර සුමන බාලිකාල දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය සහ අන්තිමට උසස් පෙළ දක්වා පාසල් ගියේ තංගල්ල බාලිකා විද්‍යාලයට. අම්මා තාත්තා ගැන සඳහන් කළොත්? අම්මා දැව සංස්ථාවේ රුකියාවක් කරනවා. තාත්තා ව්‍යාපාරයක නිරතයිග මට ඉන්නෙ මල්ලි විතරයි. දැන් වයස එහෙම? අවුරැදු 20 යි. ලග්නයත් කියමු නේද? ධනු යාළුවෝ ඔබ අමතන්නේ 'සමී' කියලා නේද? සමාධි කියලත් කියනවා. එතකොට සුදු නෝනා කියල කියන්නෙ කාටද? ඒ අම්මා ආදරේට කියන නම. ඉගෙන ගත්තෙ දොස්තර නෝනා කෙනෙක් වෙන්නලු නේද? ඇත්තෙන්ම ඔව්. ඒ විදියට බලාපොරොත්තු තියාගෙන ඉඳල කලාවට ආවේ? උසස් පෙළට ලියූ අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. ඉස්සර ඉඳලාම අවුරැදු කුමරිය තරගවලට මම ආසයි. 2010 දී රෑපවාහිනී අවුරැදු කුමරියට අයදුම් කළා. එවර ජාතික රෑපවාහිනිය සංවිධානය කළ අවුරැදු කුමරිය තරගයේ අභිෂේක ලැබුවේ මායි. අවුරැදු කුමාරිය වුණාට පස්සෙ? මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු වූ දවස එයයි. ඉස්සර කන්නාඩිය ළඟට ගිහින් රෑ රුජින ලෙස පෙනී සිටිමින් රඟපෑවලු නේද? ම්ම්....ම්.... එහෙම්ම නැහැ. ඒත්, හැමෝම ඔයා ලස්සනයි කියනවට ආසලු නේද? ඔව්. මාලනී ෆොන්සේකාගේ තරැණ කාලයට සමීප රැවක් ඔබට තියෙන්නෙ කියලා යාළුවො කියනවලු නේද? මගේ ජීවිතේ මම වඩාත් ආසා කරන එතුමියගේ ඒ කාලයේ රැවට යාන්තමට හෝ සැසඳීමත් මම එක අතකට ලැබූ භාග්‍යයක්. ඒත් මම නම් හිතන්නෙ ඇය තරම් වඩාත් සුන්දර රැවක් මට නැහැ. රඟපෑම කියන දේ යටි හිතේ තිබුණද? ඉස්සර ඉඳලාම තිබුණා. ඒත් හැදෑරීමක් කරල නැහැ. කවදාවත් රෑගත කිරීමක්වත් දැකලා තිබුණෙ නැහැ. කොළඹ ආවා ගියා. ගමේ තමයි හිටියෙ. මහගෙදර තියෙන්නෙ එහෙද? ඔව්, තිස්සමහාරාමයේ. අම්මාට රුකියාව සමග රට වටේ යන්න සිදුවුණා. දැන් නම් මගේ වැඩ නිසා අපි කොළඹට නුදුරැව පදිංචිව සිටිනවා. ඔබ කැමති ගමට ද? කොළඹට ද? ඇත්තටම මම ආස ගමට. දැන් ඔබට බොහෝදෙනා කියන්නෙ මලී කියල නේද? ඔව්, මලී කියලා. පරණ යාළුවො පවා මට දැන් කියන්නෙ එහෙමයි. තිස්සමහාරාමය ගැන මොකද හිතෙන්නෙ? වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි කියන සංකල්පය අපූරැවට ගැලපෙන පරිසරයක්. ඒ පරිසරය සුන්දර වගේම මිනිස්සුත් හරිම සුන්දරයි. කොළඹ වගේ දියුණු නොවුණට ජීවිත හරිම සරලයි. ඒ වගේම කොළඹ තියෙන කාර්ය බහුලත්වය නැහැ. ආදරය ගැන කතා කරනවට වැඩිය කැමැති නෑලු නේද? ඕන දෙයක් අහන්නග හැමෝම මටල ඒ කියන්නෙ මලීට ආදරය කරන බව පේනවා. මලී ආදරය කරන්නෙ කාටද? නිර්මාල්ට. මම අහන්නෙ ඔබ සැබෑවට ආදරය කරන්නෙ කවුද? මලී මට ගොඩක් දුර චරිතයක් නොවේ. සමහරවිට මගේ බාහිර ස්වරෑපය පවා මලී වගෙයි. ගමේදි මාත් අඳින්නෙ චීත්ත ගවුම් එහෙම. මලී අම්මාට ගොඩක් ළැදි කෙනෙක්. මාත් එහෙමයි. හැබැයි මට සැබෑවට නිර්මාල් කෙනෙක් ලැබිලා නැහැ. ඒ වගේ අය එනවා යනවා. ඒත් මම හොයන නිර්මාල් මට තවම හමුවුණේ නැහැ.
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න දෙයක් නෑ. ඔබගේ රගපෑම් හරිම තාත්විකයි. ගැමිකම හොදටම තියෙනවා. ලංකාවේ හොදම නිලිය වෙන්න වාසනාව ලැබේවා. බුදුසරණයි
ඔබගේ රංගනය ඉතාමත් සුන්දරයි. අපි හැමදාම මලී බලනවා. ඔයාට රගපෑමෙන් දියුණු ගමනකට සුබ පතනවා
ඔය රතු හැට්ට කාරි වගේ ලස්සනයි. මගේ චූටි පැටිය..
ඇය හරිම වාසනාවන්ත ළමයෙක්
ෙ මටත් ආඩම්බරයි. මමත් තිස්සමහාරාමේ
ඔබ ඉතාමත් විශිෂ්ට රංගනයක යෙදෙනවා. හරිම ලස්සනයි. ඔබගේ ලස්සන හැමදාමත් රැක ගන්නට ලැබේවා. සමහර නිළියන් වගේ නම කැත කරගන්නේ නැතිව දීර්ඝ ගමනක් යන්නට වාසනාව හා ධෛර්යය ලැබේවා
ඔබ දක්ෂයි. ඔබට ජය. සුබ අනාගතයක් වේවා!!
ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි. ඔබට සුභ අනාගතයක්.
ඉතා හොද නිළියක්
අපි හැමදාම මලී බලනවා,ඔබගේ රංගනය ඉතා විශිෂ්ඨයි ඔබට ඉතාමත් සුබ අනාගතයක් වේවා.
ඔයා හොඳට රඟපානවා. සුබ අනාගතයක්
ඔබ ලස්සනට රඟපානවා. ඔබට සුභ අනාගතයක්