දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරන නමුත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශාල කිරි තොගයක් කිරි බඳුන්වලම තබන්නට සිදුවී ඇතැයි මිල්කෝ සමාගම කියයි. පෞද්ගලික සමාගම් දෙකක් මෙරට ගොවීන්ගෙන් කිරී නොගෙන පිටරට වලින් අඩු මිලට කිරි ගෙවීමත්, දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට සිදු වීමත් නිසා සමාගම බරපතල අර්බුදයකට මුහුණ පා සිටී. මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ සමාගම කිසිම ගොවියකු හරවා නොයවන බවයි. කිරි විසි කරන්න සිදු වුවත් අපි ගොවීන්ගෙන් කිරි මිලට ගන්නාවා. කිරි යන්ත්‍රාගාර සියල්ලම පිරී ඇතැයි ද ඔහු කියයි. දිනකට ලීටර් ලක්ෂ දෙකක් ඉක්මවා මිලට ගන්නා බවත් ඊට සරිලන පරිදි අඹේවෙල, පොළොන්නරුව, නාරාහේන්පිට හා දිගන කම්හල්වලින් වෙළෙඳ පොළට කිරි නිෂ්පාදන නොසපයන බවත් සේවකයො කියති. ගොවීන්ගෙන් මිලට ගන්නා අමුකිරි එම බඳුන්වල හා ප්‍රවාහන බවුසර් වලම තිබියදී පැය හතරකට වරක්, නරක් නොවීම සඳහා බෙහෙත් මුසු කිරීමට සිදුව ඇතැයි සේවකයෝ පවසති. දිනකට කිරි ලීටර් හතළිස් දහසක් පමණ නරක් නොවී බේරා ගැනීම බරපතල අර්බුදයක් වී ඇතැයි ද වෘත්තිය සමිති කියයි.
අලුතෙන් සමාගමට ගෙන්වූ යන්ත්‍රයක් සවිකැර මාස දෙකක් ඇතුළත මේ ප්‍රශ්නයට විසැඳුමක් දීය හැකි බවත් එළඟිතෙල් හෝ නිෂ්පාදනය කර ප්‍රශ්නය විසැඳීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි ගොවියා ගැන කිසිම අනුකම්පාවක් නෑ. කිරිපිටි මිල වැඩි කෙරේ.දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කියල වෙළද ඇමති කීවත් තවත් ඇමතිවරෙයක් කියනවා ලෝක වෙළදපළ මිල නිසා කියලා ? කව්ද හරි ?
කිරි වලින් කරන්න පුළුවන් අමතර නිෂ්පාදන වලට ගියා නම් ඔය ප්‍රශ්නේ නෑනේ.ඕකට ලොකු තාක්ෂණයකුත් ඕනි නෑනේ
කිරි මුට්ටිය බාල්දියේ ගමට උඩින් කොක්කු ගියේ
නෙස්ලේ ලංකාද???
පාසල් දරුවන්ට දියර කිරි දෙනවා කියල කිව්වා. ඒකට කෙලින්ම ගොවීන්ගෙන් කිරි ගත්තොත් ප්‍රමිතියක් නැහැනේ. බාල කරන්නත් පුළුවන්නේ. ඒ හින්ද මිල්කෝ එකේ තියෙන U.H.T. යන්ත්‍ර වලින් කිරි පැකට් හදල පාසැල් දරුවන්ට සහන මිලට පිරිසිදු කිරි දෙන්න පුළුවන් නේද ? එතකොට ඔය කිරි අතිරික්තය තරමක් දුරට හරි අඩු වේවි. අනාගත පරපුර පෝෂණයක් නැති, ඌරු තෙල් මිශ්‍ර කරපු කිරිපිටි බීම නවත්වල පෝෂ්‍යදායක දියර කිරි බොන්න පුරුදු වේවි. ආර්ථික සංවර්ධන ඇමති තුමනි, පොඩ්ඩක් හිතන්න.
අයියෝ මාත් ඉවරයි
ලංකාවට ඔබව අවශ්‍යයි....
දැන් ඉන්න නිලදාරීන් එක්ක බලනකොට ඔබගේ උත්සාහය අගය කරනවා.අපිත් එලකිරි බොන්න කැමති .ඒත් අපිට ලැබෙන්නේ නැ.ක්‍රමවේදයක් හදන්න බෙදාහරින්න .....
ප්‍රශ්නේ තියෙන්නේ මේ අය නිෂ්පාදනය හරියට නොකරන එක.මේ ගැන හොයලා බලනවානම් හොදයි
අනේ !!! මේ ප්‍රතිචාර පළකරන අයගෙන් කීයෙන් කීදෙනෙක් ලංකාවේ කිරි නිෂ්පාදන මිලදී ගන්න අයද ? අපේ කිරිපිටිවලට ලංකාවේ වෙළදපලක් නැති කොට ඒවා නිපදෙව්වයි කියලා විකුණන්නේ කොහොමද ? විදේශ වෙළද නාම අගයකරන ජනතාවක් එක්ක මේවා කරන එක විහිළුවක් .... මේකට ප්‍රධාන ලෙස රජය නෙවෙයි පරාධීන මානසික තත්වයයක් ඇති ජනතාව තමයි වගකියන්න ඕන.... අපට තවම නිවහල් වෙන්න බැරි වුනාට.... එහෙම වුණ දවසට අපි දිනයි ..... අපිමයි තාමත් රැවටිලා ඉන්නේ........
සුජිත්ගෙ කතාව හරියටම හරි..............
ඇයි අපිට බැරි පිටරටවල වගේ දියර කිරි ජනතාවට දෙන්න? ලාභයි, පොෂ්ය දායකයි, පශු සම්පත් ඇමැතිතුමා ටිකක් හිදුවද?
බොහොම පිං, ඔබතුමාගේ උත්සාහයට . අපිත් රට වැසියො විදියට පුඵවන් තරම් මිල්කෝ නිශ්පාධතම අරගන්නම්.
ගබඩා වල තියෙන කිරිපිටි ලක් සතොස, සමූප සේවාවන් හරහා වෙළඳ පොළට නිදහස් නොකරන්නේ ඇයි??????
මේ සමාගම් රටට හෙළි කරන්න. ජනතාව මොවුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා නිසැකයි
හරියටම හරි...
කවදාවත් දියුණු වෙන්නෙ නැති රටක් වගේ මේක.
ඇයි මෙ කිරිඅර්බුදයට විකල්ප වැඩපිළිවෙලක් යෙදුව නේද? එතකොට මේ අර්බුදය මොකක්ද? මේවා එළඟිතෙල් සදහා නිශ්පාදනය කරන්න පුලුවන්. මුදවපුකිරි වර්ග නිශ්පාදනය කර වෙළදපොලට ලබාදීම. පැකැට් කිරිවර්ග, බෝතල් කිරි, කිරි මණ්ඩල මගින් ව්‍යාප්තකර දේශිය ආදායමි ඇතිකර රැකියාවන් විරහිත තරුණ තරුණියන් යෙදවිම. ගමිමටිටමින් නගරමටිටමට ව්‍යයාපාති කිරීම. මේ වගේ ක්‍රමවේද අපි කල්පණාකරන්නට ඕන.අද ලංකාවේසහන මිලකට කිරිපැකටි එකක් ලැබුණොත් කවුරුත් නොගෙන ඉන්නේනෑ.පිරිසිදු කිරි ටිකක් නැතිව අපේළමයි බලන් ඉන්නවා. බලන්න විදේශිය රටවල් මෙවගේ තම සමිපත් උපයෝගි කරගෙන පොඩිකර්මාන්ත ඇතිකර ඒ රටවල් දියුණුවෙන ආකාරය. එවා අපි ආදර්ශයට ගතයුතුයි.
මේ අර්බුධ කවද ඉවර වෙයිද ???
අනේ....සතාටත් නෑ අපිටත් නෑ...
මේ රටේ පිටිකිරි මිල අහස උසට නැඟලා.දියර කිරි පරිභෝජන මට්ටමටත් වැඩිය නිෂ්පාදනය කරනවා. නමුත් ඒ දියර කිරි නිෂ්පාදන පිටිකිරි බවට හරවලා හරි වෙනත් ක්‍රමයකින් හරි දියර කිරි ලෙසම හරි සාමාන්ය පාරිභෝගිකයා දක්වා ගෙන යන වැඩ පිලිවෙලක් සකසා ගැනීමට තවමත් මේ රජය අසමත් වෙලා තියෙනවා. මේ තරම් සුළු කරුණකට පවා විසඳුම් සපයා ගැනීමට නොහැකිව තිබෙද්දී ආසියාවේ ආශ්චර්යය කරනවා යැයි බොරු පුරසාරම් ප්‍රචාරය කරන්නේ කවුරු රැවටීමටද?
කිරි ආනයනය නවත්වන්න...
කිරි විකුණාලා කාසි සොයන්නයි... අනාගතේ මාළිඟා තනන්නයි.... කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි...... ..........මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි.......
මේ සමාගම් රටට හෙළි කරන්න. ජනතාව මොවුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා නිසැකය. මලයාසියාවේ වගේ පාරිබෝකික සංවිදාන ඉක්මනින්ම ලංකාවේ ගොඩනැගිය යුතු වෙනවා.