ටෙස්ට් ක‍්‍රීඩක දකුණතින් පා දඟ පන්දු යවන මාලිංග බණ්ඩාර මෙහෙයවන ‘මාලිංග බණ්ඩාර’ ක‍්‍රිකට් පුහුණු පාසල ඉකුත්දා කළුතර මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. සෑම ඉරිදා දිනකම පස්වරු 2.00 සිට එම විදුහල් පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ක‍්‍රිකට් පුහුණු පාසලේදී වයස 7 සිට වයස 19 දක්වා ක‍්‍රීඩකයන්ට පුහුණුව ලැබිය හැකිය.
මේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායකයකු වූ හෂාන් තිලකරත්න මහතා සහභාගි විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක ප‍්‍රසන්න ජයවර්ධන ද මේ අවස්ථාවට සහභාගි විය.
හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක රවින්ද්‍ර පුෂ්පකුමාර මහතා යැවූ පන්දුවට හෂාන් තිලකරත්න මහතා පහර දීමත් සමග පුහුණු පාසල ආරම්භ විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, කළුතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිකට් තරුවක් . අපිට ගොඩක් ආඩම්බරයි. ඔයාට ජය වේවා (ස)
ජයවෙවා