වසර 2012 සිට විදෙස් බැඞ්මින්ටන් පුහුණුකරුවකුගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ඒ අනුව ජාතික බැඞ්මින්ටන් ධුරයේ කටයුතු කිරීම සඳහා මැලේසියානු ජාතික බැඞ්මින්ටන් පුහුණුකරු සංකර් අන්නමලේ මහතා ජනවාරී මස 1 වැනිදා වසර දෙකක සේවා කාලයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට ආගන්තුක පුහුණුකරුවකු නොවන සංකර් මහතා 2008 වසරේද ජාතික බැඞ්මින්ටන් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කර තිබේ. ඔහු වසර 15 කට වැඩි අන්තර්ජාතික අත්දැකීම් හෙබි පුහුණුකරුවෙකි. මෙම පුහුණුකරුගේ සේවය ලබා ගැනීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වන බවද වාර්තාවේ. මෙම වසරේදී අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමිවු ක‍්‍රීඩාව බැඞ්මින්ටන් කී‍්‍රඩාව බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය. ‘‘ගෙවී යන 2011 වසර බැඞ්මින්ටන් ක‍්‍රීඩාවට සුවිශේෂීයි. රන් පදක්කම් අටක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා දීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා යැයි’’ බස්නායක මහතා පවසයි. එහිදී ජාතික ශූර නිලූක කරුණාරත්න දිනා ගත් රන් පදක්කම් තුන සහ ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 80 අතරට ඒම කැපී පෙනෙන දස්කමක් ලෙසද අවධානයට යොමු විය. ජාතික ශූරි අචිනි රත්නසිරි මෙම මසදී බංග්ලාදේශ් අන්තර්ජාතික තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වුවාය. උපුලි සමන්තිකා, චන්ද්‍රිකා ද සිල්වා සහ ග‍්‍රීසියේ පැවැති පැරා බැඞ්මින්ටන් තරගාවලියේදී හිරුණි හෙල්ලහේව යන කී‍්‍රඩිකාවෝ ද රන් පදක්කම් දිනා ගත්හ. ලබන වසරේද අන්තර්ජාතික තරගාවලි රැුසකට ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගිවීමට සුදානමින් සිටින බවත්, ශ්‍රී ලංකාවේදී සැටලයිට් අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු කරන බවත් බස්නායක මහතා පැවසීය.
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැලේසියානු බැඞ්මින්ටන් පුහුණුකරු යළිත් ශ්‍රී ලංකාවේ සේවයට කැඳවයි