සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.
ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත වන විට ගැබිණියක්ව සිටියාය.
පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය.
පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය.
වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.
සිරෙන් නිදහස් වූ මේ පුතා ඇඟළුම් කම්හලක සේවය කොට උපයා ගත් මුදල් රැගෙන අලහබාද් මහාධිකරණය වෙත ගොස් තම මව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
උසාවි නියෝගය ගැනීමෙන් පසු කහපාට සාරියක් මිලයට ගත් ඔහු එයත් රැගෙන බන්ධනාගාරයට ගියේ තම මව සිරෙන් නිදහස් කර ගැනීමට.
පුංචි අවදියේදී තම දරුවා වෙන් වූ නිසා අයට තම පුතාගේ මුහුණුවර අමතකවී තිබිණි.
පසුව ඇය තම පුතා හදුනාගෙන ඔහු බදාගෙන හැඬුවාය.
දැන් මේ පුතා කන්නියා සහ ඔහුගේ මව විජායි කුමාරි එකම ගෙදරක වසති. ඒ අතීතය අමතක කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය!!! (නි)
පුතුගේ ක්‍රියාව අගය කළ යුතුයි. කොහේ කොතනකවත් නිර්දෝෂී පිරිස් නීතිය හමුවේ වගඋත්තර හෝ වරදකරුවන් නොවේවායි! පතමි (මෙම කාන්තාවගේ නිර්දෝෂී භාවය සාධාරණීකරණයට නොදනිමි) (නි)
මෙන්න ආදර්ශ !!!! ඒකට අපේ අය? (නි)
හේරත් , මෝඩ කතා කියන්න එපා (නි)
උඹට කවදාවත් වරදින්නේ නැත ඔබට සදා ජය.(නදී)
පුතා කිසිම වරදක් නොකර අවුරුදු 18 හිරේ හිටියේ ඇයි ? පුදුම නීතියක් නේ ? තුන්වන ලෝකයේ අධිකරණ කොතරම් නොදියුණු ද ? (නදී)
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.(නදී)
ඇත්තටම කියාගන්න බැරි තරම් සතුටක් මේ මල්ලි ගැන. එත් පුදුම දුකක් කියන්නේ එයාගේ ළමා කාලය ආයේ ගන්න බැහැ එයාට. පුදුම රටක් අපරාදේ ඒ අහිංසක මල්ලි. දරුවා බිහි කරලා උස් මහත් වෙලා එනකම්ම ඒ අම්මට ඉන්න උනා. ඇත්තටම බෝසත් දරුවෙක්. කවදාවත් වරදින්නේ නැහැ.(නදී)
සංවර්ධනය වෙමින් පවතින රටවල නීතියේ දුර්වලතාවය නිසා දුක් විදින ප්‍රමාණය ඉතාමත් වැඩියි. (නි)
දස මස කුසේ දරා ඔබ බිහිකළ මොහොතේ නොදැනුනි කිසිත් සිතුවත් මා සතර අතේ දහ අට වසක් රස බලමින් සිපිරි බතේ ඔබ විඳි දුක මා කෙසේ ඉවසම්ද පුතේ (නි)
අහන්නත් සතුටුයි (නි)
ඔබ විශිස්ටයි දරුවෝ.(නදී)
ඔය කරපු වැඩේ මම ගොඩක් අගය කරනවා මිනිසුන්ට ජීවිතේ සමහර තැන් වරදිනවා. ඒ වැරදි අඩු පාඩු හදාගෙන හොදින් ජීවත් වෙන්න බලන්න.(නදී)
ඉන්දියාවේ යථා තත්වය ඔහොම තමා. මිලියන ගණන් මිනිස්සු හිගා කනවා. ගෙවල් නැහැ. අඩුම තරමේ වැසිකිලි පහසුකම්වත් නැහැ. ඉන්දියාව කියන්නේ අපායක්. ඔය හින්දි ෆිල්ම් වල පෙන්නන්නේ ඉන්දියාව නෙමෙයි. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල සුන්දර තැන් තමා ෆිල්ම් වල පෙන්නන්නේ. එහෙම ඉන්දියාව තමා අපිට බන දේශනා කරන්නේ. මධ්‍යම ඉන්දියාවේ බෝම්බ පිපිරෙනවා මාවෝවාදීන් යුද්ධ කරනවා. කාශ්මිරේ ත්‍රස්තවාදය. දකුණු ඉන්දියන් අයව උතුරු ඉන්දියන් ගණන් ගන්නේ නැහැ. කුලවාදය, ආගම වාදය, ජාතිවාදය, භාෂා ප්‍රශ්න හැම තැනම ඉන්දියාවේ. ඒ අතින් ලංකාව සුරපුරයක්. අපි අපේ ලංකාව රැක ගනිමු. ඒ ගැන ආඩම්බර වෙමු. දකුණු ආසියාවේ හොදම රට ලංකාවයි. (නි)
මව් ගුණ දන්නා පුතෙක්. (නි)
මේ දෙදෙනාම ලංකාවේ සංචාරයකට ගෙනෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. ලංකාදීප මැදහත් වන්නේ නම් අපි සුදානම් අපේ අයටත් ආදර්ශයක් දෙන්න (නි)
නිල්මිණිට හොද හිතට යුක්ති ධර්මෙට ජීවිතය වුව පුදා- රට දැයට ආගමට සලකලා ඉන්න එය හොදා- වැදු මවගෙ හැදු පියාගෙ නාමයද සිහිකරලා- මගෙ ඔවදන පිළිගෙන හැදියන් රත්තරන් පුතා.......... (නි)
දිසානායකට, දස මස කුස දරා- මේ සා දුක විදා- කිරි කර ලේ පොවලා මා සෑදූ ගුණේ- නෑර පාමී මෙමා ජීවිතේ හී පුරා- වදිනේමී බැතියේනී පාද ඔබේ............ (නි)
මෙවැනි ආදර්ශමත් දේ පළකිරීම ගැන අපි ලංකා දීපයට තුතී පුද කරමු. (නදී)
ඉන්දියාවේ කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්නවා. නළු නිලියෝ, ව්‍යාපාරිකයෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා. මේ කාටවත් මේ දුක දැනුනේ නැද්ද? නැතිනම් ගනන් නොගෙන අහක බලාගෙන හිටියද? ලංකිකයන්ගේ සිත් විතරයි උනුවෙන්නේ.(නදී)
මේ වගේ ළමෙයෙක් ඉන්නවා නම් කොච්චර හොදයි නේද. දමිල ලමෙයෙක් මෙහම කරාට සිංහල මුස්ලිම් ළමුන් කරාවිද.(නදී)
විශිෂ්ටයි!!! පුතේ නුබ විශිෂ්ටයි!!!. තෙරුවන්සරණයි.(නදී)
ඇත්තටම අහන්නත් සතුටුයි. ඒත් අපේ රටෙත් ඔන තරමි ඔය වගේ ළමයි ඉන්නවා ජයලලිතාගේ හිත උණූ වෙන්න ජයලලිතා අමිමා කෙනෙක්යැ.(නදී)
හැකි තරම් නොමිනිසුන් බිහිවෙන මේ යුගයේ මේ පුත් 'කාන්නිය' කෙතරම් අගේද.(නදී)
විපක්ෂය මොනවද හිතන්නේ මේ ගැන...? (නි)
නිල්මිණි නුවන් පිනි කදුලැල්ලකින් තෙමා ...ඒ පොඩි දෑස් මා එන පෙර මගට යොමා...මගේ පුතු සොයන්නේ මවකගේ තුරුල තමා...සමා වෙයන් පුත අම්මට වෙන්න සමා..ඒ අහිංසක මෑණියන් එසේ සිතමින් ඉන්න ඇති (නි)
පුතේ ඔබ රත්තරන් !! (නි)
නුඹ නියමයි කොලු පැටියෝ. දැන් තාත්තත් පවුලට එකතු කර ගනින් කොලුවෝ. නුඹට අපෙන් ආසිරි. (ස)
අම්මව මරණ මේ සමාජයට මේ දරුවා ලොකු දෙයක් කියලා දුන්නා. ඔබට දෙවියෝ වැඩි වැඩියෙන් වාසනාව ලබා දේවි (නි)
ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ (නි)
දෙමාපියන්ව මරණ අපේ රටේ පුතනුවන්ට මේවා හොඳ පාඩම්.(නදී)
ආදර්ශමත් දරුවෙක්. මෙවැනි එක පුතෙක් පුතුන් දස දහසක් සිටියට වඩා වටිනවා . ඔබ දෙපලට නිරෝගී සුවපත් ජීවිතයක් පතමි.(නදී)
ඔබ විශිෂ්ටයි පුතේ.(නදී)
මිනී මැරුම් නම් හොද නැහැ. ඒත් එයා වරද කරුවී නැහැනේ. පව් ඒ ළමයගේ සුන්දර ළමා කාලය දුප්පත් කමත් වළිගය නැති ගොනා වගේ කියන්නේ නිකන් නොාවේනේ. (ස)
බෞද්ධ අම්ම කෙනෙක් නම් පුතේ උඹ බුදුවෙයන් යයි ඇගේ මුවින් පිටවෙන්න ඇති. ඒ නැතත් අදහන දහමට අනුව උපරිම ප්‍රාර්ථනය කරන්න ඇති මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා!(නදී)
ලෝකේ දුර්ලබ ගනයේ කතාවක්. මව් සෙනෙහස ලෝකේ උතුම්ම දේ. (නදී)
ඉන්දියාවේ අධිකරණ ක්‍රමය ගැන ඒ අය ලැජ්ජා විය යුතුයි. (ස)
ඉන්දියාවේත් එහෙනම් අවුරුදු ගණන් නඩු ඇදෙන පාටයි.(නදී)
රටක් වටිනා මගේ සුරතල් සුදු පුන්චි පුතා.(නදී)
දෙමවුපියන් නොසලකන උගත් යයි කියාගන්නා එහෙත් බුද්ධිය නැති දූ දරුවන්ට මේ පුතා දීල තියෙන්නේ ඉතා වටිනා ආදර්ශයක්. මෙවැනි අරුත් බර දේ පලකිරීම ගැන "ලංකාදීප එසැනට" මල්මිටක්. (නදී)
උඹ නියමයි කොලු පැටියෝ. දැන් තාත්තත් පවුලට එකතු කර ගනින් කොලුවෝ. උඹට අපෙන් ආසිරි.(නදී)
රත්තරන් පුතෙක්.(නදී)
පුතේ ඔබ විශිෂ්ටයි. ඔන්න ඉන්දියාවේ මානව හිමිකම් වල තත්වය.(නදී)
ඉඳල හිටලවත් මේ වගේ පුවත් අහන්න ලැබුනම පුදුම සතුටක් හිතට දැනෙනවා.(නදී)
ඇප මුදල ගෙවාගන්න බැරිව වසර 18 ක් මේ මව මොන කර්මයක් විඳින්න ඇත්ද? මෙම ප්‍රවෘතිය වසර 18 කට පෙර ඉන්දියාවේ ජන මාද්‍ය තුලින් ප්‍රසිද්ධ කලා නම් ලෝක ප්‍රජාව හෝ උදව් කරනු ඇත. කොටි පුතුන්ට කිරි පොවන ජයලලිතාට රටේ පුතුන්ගේ, අම්මලාගේ දුක අන්දොනාවන් පෙනුනේ නැද්ද මවක් වශයෙන් ?(නදී)
බෝසත් පුතෙක්. ඔය වගේ දරුවන්ට වරදින්නේ නැහැ. (නදී)
උතුම් පුත් රුවනක්.(නදී)
හදට ගියත් ,පරමාණු බලේ තිබුනත්, ලෝකේ දහවැනි ශක්තිමත් ආර්ථිකේ තිබුනත් මොකටද මෙහෙම ඇප මුදල ගෙවන්ට බැරිව අවුරුදු 18 හිරේ ඉන්න මිනිස්සු ඉන්දැද්දී. වැසිකිලි නැති මිනිස්සු මිලියන් 150 වැඩ ඉන්දැද්දී. උබට සුබම සුබ අනාගතයක් පුතා. බුදුසරණයි.(නදී)
පියවරුන් ගැන අම්මාවරුන් ගැන ගී ලියුනට පුතවරුන් ගැන ගී ලියුන මදී. (ස)
මේ තුන්වන ලෝකයේ අධිකරණ කොතරම් නොදියුණු ද ? මවට උපන් දරුවා කිසිදු වරදක් නොමැතිව හිරගෙදර තබා ගත්තේ ඔහු අධිකරණයේ පිහිටෙන් පාසලකට යොමු කළ යුතුව තිබුණා. අදපටන්වත් මේවා ලංකාවේ අධිකරණ වල නොවෙන්න වගබලාගන්න ඕනේ. ඉන්දියාව යනු තවම වසර 500 ක් පැරණි ගති පැවතුම් ඇති රටක්, අපේ රටෙත් සමහර තීරණ මේ වගේ තමයි. (ස)
හැම දේම විසදෙන්නේ කරුමය අනුවයි. .දැන් වත් යහපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා. (ස)
ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි (නි)
සත් දවසක් මවු කරපිට පීනු බෝසතා, සත්වැනි දවසේදී කීවේ බුදුවෙයන් පුතා, ඒ අම්මා බුද්ධාගමේ නොවුනත් එහෙම කිවුවා නම් මේ පුතා සසරෙන් සසර බුදු භව පතාගෙන එන පුතෙක් වේවි. ඒ දෙපලට වාසනාවන්ත දිවියකට අපි සුබ පතමු. (නි)
දස මස කුස දරා දහදුක් විදි අම්මා. ඇග ලේ කිරට හරවා කිරි දුන් අම්මා. කැත කුණු අතගගා දහා දුක් විදි අම්මා. නිදුක් නිරෝගිව ජීවත් වෙනු අම්මා.(නදී)
ඔබ වැනි පුතුන් ලොව පවතින තුරු මේ ලොවෙහි ඉපදේවා! (නි)
ලංකාවෙ නම් අම්මයි පුතයි තවම හිරේ. (නි)
අවුරුදු 18ක් වෙනකම් නඩුවේ තීන්දුව දෙන්න බැරි වුනේ පොලිසියේ වරදින්. මේ කාන්තාවගේ සැමියාට බැරි වුණාද රස්සාවක් කරලා ඇප දෙන්න සල්ලි හොයන්න? (නි)
මව් සෙනහසද? දරු සෙනහසද?(නදී)
අසේල ..ලංකාව ඒ වගේ නැහැ .. ගීත රචකයෙකුට හොද මාතෘකාවක්. (නි)
ලංකාවේ නම් ඔහොම වෙන්නේ නැහැ. ලංකාව ගැන හැම වෙලාවේම වැරදි විදියට බලන්න එපා (නි)