
ඒ ලෙවල් විභාගයට මුහුණ දීලා ඉවරවෙලා මේ කට්ටිය ඔක්කෝම බලාගෙන ඉන්නෙ ඊළඟට පනින පිම්ම මොකක්ද කියලයි. හැබැයි මේ අය අනෙක් අයගේ පදයට නටන අය නම් නෙවෙයි. තමුන්ගෙ සිතැඟිවලට අනුව තමුන් සොයා යන පිරිසක් කියල කිව්වොත් හරි. මේ අය අතර සිටින උදාරි සහ ලීසා කියන්නෙ හොඳ යෙහෙළියෝ. උදාරිගේ ගෙදරට ලීසාව එක්කගෙන යන්න උදාරි - ලීසගෙ නැන්දට කෝල් කරලා මෙන්න මෙහෙම කීවා.
”ආන්ටි, අනේ ආන්ටි, අදට විතරක් මෙයාව අද අපේ ගෙදර තියාගන්නද?”
මෙයාගේ මේ බැගෑපත් ඉල්ලීමට ඇන්ටි අහුවෙනවා.
මේ ලීසා, උදාරි මෙන්ම තවත් මේ විදියෙ අපූරු චරිත ටිකක් හමුවන අපූරු නාට්‍ය මාලාවක් ලෙස මේ දිනවල සතියේ දින පහ පුරා රාත‍්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ” (ඒ-ලෙවල්) ඉවරයි” නාට්‍යය හඳුන්වන්න පුළුවනි. පවතින රැල්ලේ නාට්‍යවලට වඩා වෙනසක් රැගත් මෙහි උදාරි ලෙස රඟපාන්නේ සමනලී ෆොන්සේකායි. කාලයකට පසුව අපට හමුවන තාරුණ්‍යයේ ඒ දක්ෂ ශිල්පිනිය සමග කතාබහකට එක්වෙමු.
සමනලී රඟපෑම ඔබගෙ වෘත්තියද?
මේ වනවිට රඟපෑම කෙරෙන්නෙ නම් වෘත්තීය මට්ටමින්. වෙන වැඩක නියැලෙන්නෙ නැහැ. මුදල් හම්බ කිරීම මේ නිසා සිදුවෙන්න පුළුවනි. නමුත් පාසල් කාලයේ, සරසවි කාලයේ ඉඳලම ඇඟ ඇතුළෙ තිබුණෙ රඟපෑම වෙන්න ඇති. සමහර විට එය නොකළා නම්, සරසවියෙන් පිටවෙනකොට
|
|
කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්න හිතුවා.
රඟපෑමට පමණක් සීමාවීම ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
මගේ ජීවිතයේ රිද්මය සමහර විට එය වෙන්න ඇති. ඒ නිසා තමයි මේ හැම දෙයක්ම කරන්න ඇත්තෙ. නමුත් රඟපෑම ජාත්‍යන්තර මට්ටමින් කරන්න අවකාශය නොමැතිවීම වගේම, ලංකාවේ කරන්න තියෙන වැඩ ගැන හිතන විට දුකක් තියෙන්නෙ. ඒත් ලංකාවේ වුණත්, රඟපෑම කියන විෂය හරියට කරනවා නම් මේක හරි සුන්දරයි.
ඔබට රඟපෑමේ ආශාව ඇතිවුනේ, මාලිනිය, දමයන්ති, රසාදරී වැනි නැන්දලාගේ ආභාසය නිසාද? ඔබට අවශ්‍ය වුණේ දෙවැනි පරම්පරාව ලෙස එය දිගටම පවත්වාගෙන යන්නද?
රඟපාන්න ආශාවක් ඇති වුණේ ලොකු නැන්දා (ආචාර්ය මාලනී ෆොන්සේකා) නිසා තමයි. ලොකු නැන්දා, චූටි නැන්දා ඇතුළු නැන්දලා පිරිවර කරන දේවල ආභාෂය ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති නොතේරෙන වයසෙදිම රඟපෑමට එන්න හේතුවුණේ. වයස අවුරුදු හයේදී විතර තමයි ”පාරාදීසය” චිත‍්‍රපටයේ රඟපෑවේ. දිනේෂ් ප‍්‍රියසාද් මහතා අධ්‍යක්ෂණය කළ ඒ චිත‍්‍රපටයට මාව ගත්තෙ ලොකු නැන්දා. කොහොම හරි එදා මම චකිතයකින් ඉඳලා නැහැ. සමහර විට නැන්දලා ඊට සම්බන්ධවීම නිසා වෙන්නත් ඇති. ලොකුවට චරිත ගොඩාක් රඟපාලා නැති වුණාට ”ආකාස කුසුම්” චිත‍්‍රපටයේ ”බන්ටි” නිසා බොහෝ දෙනකු අතර කතාබහට ලක්වුණා.
ඇයි දක්ෂතාව තිබියදීත්
බොහෝ චරිත රඟ නොපාන්නෙ?
කුඩා කාලයේ ඉඳලා රඟපෑවත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන සමයේ රඟපෑමෙන් ඈත්වෙලා හිටියා. ඉන්පස්සෙ ඕස්ටේ‍්‍රලියා ගිහින් අවුරුදු දෙකක් විතර එහේ හිටපු නිසා රඟපෑමට සම්බන්ධ වෙන්න බැරිවුණා. පසුව ලැබුණ චරිත ගැන කැමැත්තක් නැතිකම නිසාත්, ගෙවීම් ආදී ප‍්‍රශ්න නිසාත් මං කාර්යබහුල වුණේ නැහැ.
එතෙක් කළ චරිත ටික හරි ඔබට දැනිච්ච සහ ජනතාවට දැනිච්ච චරිත කියලා හිතනවද?
නිල් අහස ඔබ, සැඩ සුළං (නිම්මි) සහ යෞවනියක ලෙස නැවත රඟපෑමට ප‍්‍රවේශ වූ ”සූරිය විංසතිය” කෙටි චිත‍්‍රපටයේ චරිතය, ”රළ බිඳෙන තැන” නාට්‍යයේ චරිතයත් මතකයේ රැඳුණු චරිත ලෙස සඳහන් කරන්න පුළුවනි.
දැන් ඔබ ගැන කතා වන්නෙ ”A/L ඉවරයි” නාට්‍ය මාලාව නිසයි. මෙම නාට්‍යයට සම්බන්ධවීම ඔබ දකින්නෙ කොහොමද?
ලක්මිණි අමරදේව මීට පෙර කළ ”රස්තියාදුකාරයා” නාට්‍යයටත් මගේ කැමැත්තක් තිබුණා. මෙහි රඟපාන අනෙකුත් පිරිසගෙ හැකියාව, අධ්‍යක්ෂකගෙ වෙනස් ශෛලිය ආදී බොහෝ හේතු නිසා මෙම නාට්‍යයට සම්බන්ධ වුණා. මෙය පවතින රැල්ලට අනුගතව කළ නාට්‍යයක් නොවේ. ඒ නිසාම නාළිකාවක විකාශය කරවීම ම අභියෝගයක් වුණා. පසුව ජගත් විජේනායක මහතා නිෂ්පාදනය බාරගත්තාම මෙය විකාශයට අවකාශය ලැබුණා. කොහොම වුණත් මෙච්චර ප‍්‍රතිචාර ලබන, සාර්ථක නාට්‍යයක් වෙයි කියලා කලින් හිතුවෙ නැහැ.
මෙහි යථාර්ථය ඉස්මතු කෙරෙන කතා සංකල්පය නිසා නරඹන්නන් කැමති ඇති. සෑම මිනිසකුගෙ ජීවිතය දිහා බැලූවාම මෙහෙම වුණා නෙ. ඔය ජීවිතය අපිත් පහු කළානෙ කියන දේවල් ඇත්තටම යථාර්ථයක්. පවතින රැල්ලෙ නාට්‍යවල බොහෝ විට කතාවන්නෙ පෙම්වතා පෙම්වතියගෙ යෙහෙළිය එක්ක පවත්වන සම්බන්ධය ආදී දේවල්. ඒවා හැමතැනම එක වගේ. නමුත් මෙහි ඒ තේමාව නැහැ. ඇත්ත ජීවිතය සොයායාම තමයි ප‍්‍රකාශ වන්නෙ.
අද ඔබේ ජීවිතය කොහොමද?
මමයි - ගයානුයි විවාහ වෙලා අවුරුදු තුනක් වෙනවා. ගයානුත් රඟපානවා. එයා ”විසුල අහස යට” නාට්‍යයේ රඟපෑවා. වසර හතකට විතර පෙරදි රඟපෑ ”බොරදිය පොකුණ” චිත‍්‍රපටයේ තහනමින් පසු තිරගත වුණා. මේ විදියට රඟපෑම අපේ ජීවිතයේ ක‍්‍රමය විලාසිතාව වගේ වුණාට අපි දෙන්නා එකතු වෙලා නුගේගොඩ බ්‍රෙඞ්වේ නමින් ෂොප් එකක් පවත්වාගෙන යනවා.
”සමනලී” ඔබට ඔබ ගැන හිතෙන විදිය මොන වගේද?
මම හිතන්නෙ දෙමාපිය ගුරුවරු, වැඩිහිටි උපදෙස් මත ජීවිතය වැඩිදියුණු වුණාට, පිරිසක් මා වටා සිටියට, බොහෝ විට මම මට දැනිච්ච දේ කළ කෙනෙක්. ඒ නිසා එන හැම දෙයකටම මුහුණ දෙන්න සූදානම්. ජීවිතේ සතුට කියන දේ හැකි පමණින් මැරෙන කල්ම තබාගන්න උත්සාහ ගන්න කෙනෙක්.
හැඩගැන්වීම්: ගයනි බැට්ස්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි සුභපැතුම්
කුමාරිහාමි කියන දේ ඇත්ත තමයි.අර සීගිරි ලලනාවන්ටත් හැට්ටයක් ඇන්දුවා නම් තමයි හොද ? (නි)
අජා, මම මගේ ඇඳුම් විතරක් නොවෙයි ශරීරය ගැනත් හොඳට බලාගන්නවා.ගැහැණු පිළිවෙලට අඳින්න ඕනෑ කියලා මම හිතන්නේ. සමනලී ඇඟ පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න ඕනෑ කෙනෙක් නොවෙයි. දක්ෂකමෙන් ප්‍රසිද්ධ වෙන්න ඕනෑ කෙනෙක්. (නි)
මෙහි සමහර පුද්ගලයින් දකින්නේ ගැහැණුන්ගේ හැට්ට වැනි බාහිර දේවල්. මෙවන් පුද්ගලයින් තමයි ගැහැනියක් දැක ඉවසාගත නොහැකිව යම් යම් වැරදි වැඩ වලට යොමුවෙන්නේ. (නි)
කුමාරිහාමි, අනුන්ගේ හැට්ටේ ගැන හොයන වෙලේ ඔයාගේ ඇදුම් ගැන බලාගන්න (නි)
චාමර ගුරුගේ,දහම් පාසල් පොතේ තියෙන්නේ මොකක්ද කියලා නොදන්නේ ඔයා දහම් පාසල් ගියේ නැද්ද? (නි)
සාරියක් අඳිද්දී හැට්ටයක් අනිවාර්යයෙන්ම ඇඳිය යුතුයි කියල දහම් පාසල් පොතේද තිබ්බේ?(නදී)
ලොකු නැන්දට සල්ලි තණ්හාව (අ)
මම ඔබට හද පතුලෙන්ම සුභපතනවා (දී)
අදහස් පලකරන අය අනුන්ගේ අඩුපාඩුමයි දකින්නේ. (නි)
මම ඔබට ආශිර්වාද කරනවා ඉදිරියටම යන්න (දී)
නිලි රැජිනගේ අඩිපාර ගියොත් හොඳ අනාගයක් තියෙනවා නංගී (නි)
හැට්ටේ විතරක් නෙවේ තවත් ඒවා අමතක වෙලා වගෙයි. සැහැල්ලුවෙන් ඉන්න ඕනෑ නිසා වෙන්න ඇති සමහරවිට (නි)
සුභපතනවා ඔබට (දී)
කෝ හත්දෙයියනේ හැට්ටේ? (නි)
ඔබේ ප්‍රථම ඒකාංගික ටෙලි නාට්‍යයේ කොන්ඩ ගයාන් බේබද්දා ගේ චරිතය ලස්සනට රගපානවා.(නදී)
මාරයිනේ! (නි)
ඔයා හරිම ලස්සන කෙනෙක් අක්කි.මම ඔයාගේ අනාගතයට සුභ පතනවා. (නි)
හැට්ටයක් අදින්න අමතක වෙලා නේද? ගොඩක් කල් පිටරට හිටිය නිසා සාරියක් අදිද්දි හැටිටයකුත් අදින්න ඕනා කියලා අමතක වෙලා ඇති.(නදී)
ඔබට සුභපැතුම්
ඔයා ලස්සනයි (නි)