නුවරඑළියේ අධ්‍යාපන චාරිකා ගිය පාසල් දරුවන් පමාවී යැයි බළන්ගොඩදී හා කිරිඇල්ලේ දී බස් රියැදුරන්ට පහරදුන් බව කියන මාපියන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරගම පොලිසිය කියයි. කාන්තාවන් දෙදෙනකු ඇතුළු පිරිසක් අතර මඟදී තම දරුවන් ඉල්ලා පහර දුන් බව රියැදුරන් පොලිසියට කියා ඇත. හක්ගලදි කැම ගැනීමෙන් පසු ඇති වූ අජිර්ණයක් නිසා දරුවන් දියතාලව රෝහලට ඇතුළු කළ බව ගුරුවරු කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙමාපියන් ජංගම දුරකථන ගැන දන්නේ නැද්ද (ස)
මොනවත්ම කරන්න බෑනේ (ස)
මේ කාලෙ දරුවන්ව දුර බැහැර චාරිකා වලටයවන්න හොද නැහැ (දී)
දරු සෙනෙහස නිසා ඇති වූ කෝපයක් (ස)
සන්නිවේදන ක්‍රම,මොබයිල් ෆෝන් පඳුරකට පයින් ගැහුවත් විසිවෙන කාලෙක..මේ ප්‍රමාදයට හේතුව හොයා ගන්න බැරි වුණ එක විහිළුවක්. ළමයි ගැන හොයපු එක වරදක් නෙවෙයි...දැන් ඉතින් පොලිසි ගානෙ යන්නකො දෙමව්පියො... (ස)
ඇයි මේ අය අත් අඩංගුවට ගන්නේ? නීතිය අතට ගන්න එක දැන් කවුරුත් කරන දෙයක් නේ. මෙතන මොකද්ද වෙනස?..(ස)
මව්පියන්ගේ ආවේගය සාදාරනයි.........ඒත් නීතිය අතට ගැනීම අසික්කිතයි..! හැම ප්‍රශ්නෙකටම කලබලවීමේන් පිළිතුරු සෙවිය නොහැක.......(ස)
දෑන් හෑමතෑනම ගහගන්න එකේ බස් කාරයන්ටත් ඉදල හිටල පාරක් ගැහුවට කමක් නෑ (ස)
ඕවත් වැඩද මල්ලී ඕවත් වැඩද ??? (ස)
අසාධාරණයක් වුන එක ඇත්ත නිතිය අතට ගන්න කාටවත් බැහැ (දී)
මේ ප්‍රකෝපකාරී දෙමාපිටන්ට කාගෙවත් එක ජංගම දුරකතන අංකයක් හොයාගන්න බැරි වුණාද ? (ස)
මේ මනුස්සයෝ ටික ගුරුවරුන්ට ගහවි තමන්ගේ දරුවෝ විභාගේ ෆේල් වුණත් (ස)
කව්රු උනත් නීතිය අතට ගන්න හොද නැහැ
ජංගම දුරකතන වලින් ඇත්ත තත්වය දැනුම් දුන්නත් තේරුම් නොගත්ත නුගත් දෙමවුපියෝ කීපදෙනෙක් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ.වැසිකිලි සොයාගන්න බැරි අවස්ථාවල පාරවල් අයින්වල පවා දරුවන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න උදවු කළ චාරිකාවට සහභාගී වූ දෙමාපියන්,ගුරුවරුන්,රියදුරු හා රියදුරු සහායකවරුන්ට මේ විදිහට සැළකීම සාධාරණද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබ සතු වගකීමක් ලෙසයි මම නම් දකින්නේ. චාරිකාවට සහභාගී වූ හැම දරුවෙක්ම තමන්ගේම දරුවෙක්ය යන හැගීමෙන් රැකබලාගෙන අරන් එද්දී තමන්ගේ දරුවාව විතරක් මහමගට ගිහින් කරදර කරලා පැහැරගන්න හදපු එක සාධාරණද? දරු සෙනෙහස කියන්නේ තමන්ගේ දරුවාට පමණක්ම සෙනෙහස දක්වීම නොවන බව චාරිකාවට සහභගී වූ දෙමාපියන් මුළු බණ්ඩාරගම ජනතාවට පෙන්වා දුන් බව මේ වනවිට රහසක් නොවේ.දෙමාපියන් දරුවන්ව බලෙන් ලබාගන්න උත්සාහ කළ අවස්ථාවේ,දරුවන් ඔවුන් සමග එන්න බෑ කියා කෑ ගසමින් බසයේ ජනේල වසාගනිමින්, තමන්ට මුළු රැයක් පුරා ළඟ සිටිමින් උපස්ථාන කල දෙමාපියන්ට හා ගුරුවරුන්ට කෘතගුණ සැලකු අන්දම අගය කළ යුතුය. (නි)