මාස තුනක් යන්නටත් පෙර තිහගොඩ නායිම්බල කිතලගම පාර ගිලා බැස ඇතැයි තිහගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමේදී පැමිණිලි කිරීමට නොදී තමා රැස්වීමෙන් ඉවත් කළැයි තිහගොඩ ග්‍රාම සංවර්ධන බල මණ්ඩල සභාපති අංගුන්නබදුල්ලේ ඥනදස්සී හිමියෝ කියති.
පසුගිය සඳුදා වූ මේ සිද්ධියට විරෝධය දැන්වීමට 500ක් පමණ ගැමියෝ කිලෝමීටර් පහක් පයින් ගමන් කර තිහගොඩට පැමිණ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමියන්ගේ පිළිරුව අසලදී සත්‍යග්‍රහය පැවැත්වූහ.
තිහගොඩ ප්‍රාදේශීය සභාපති තමනට එදා බැන වැදී රැස්වීමෙන් ඉවත් කරන ලෙස පොලීසියට දැන්වූ බවත් ඒ හිමියෝ කියති.
තිහගොඩ ප්‍රාදේශීය සභාපති නිර්මාල් සමරසිංහ මහතා පැවසූයේ ඥානදස්සී හිමියන් ආරාධනයක් නැතිව ඒ රැස්වීමට පැමිණි බවයි.
පාර කැඩී නැතැයි ද ඔහු කියයි.
පාරේ කොන්ක්‍රීට් ගල් කැඩී ගිලා බැස ඇතැයි ද, පස් නිසි පරිදි පුරවා නැතැයි ද, එය මහජන මුදල් කාබාසිනියා කිරීමක්යැයි ද ඥානදස්සී හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ පොඩි දෙයක් විවෘත කරද්දිත් හුරේ දාන අය? (නි)
සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍යයිනේ.ප්‍රශ්නයක් කර ගන්න එපා (ස)
හලාල් සහතික ඕනද (අ)
තැනකට ආවහම හැමෝටම මුල අමතක වෙනවා වගෙයි. (නි)
අද හැමදේම පාලනය වෙන්නේ චණ්ඩිකමින්. අද සත්‍යයට තැනක් නැහැ. (නි)
මහේෂ්ගේ කතාව සහතික ඇත්ත. (අ)
අපේ හාමුදුරුවනේ, පරිස්සමින්. (නි)
මාස තුනක් තිබුණම මදෑ ඉතින්. ඕවා අවුරුදු ගණන් තිබුණහම ප්‍රශ්නනේ. (නි)
මේකට අපි කාටද ගහන්න ඕනෑ? (නි)
නියමයිනේ කතා කරලා වැඩක් නැහැ (දී)
රට පුරාම පාරවල් ඔහොම තමයි. (නි)
මෙහෙමවත් හැදුවා මදැයි. (නි)
මේවා පෙනෙන්නෙ නැද්ද අපේ බල සේනාවට? (නි)
යම් දෙයක් විවෘත කරද්දි හුරේ දාන්න හදිස්සි වෙන්න එපා. අඩුම ගණනෙ මාස තුනක් වත් ඉවසලා ඉන්න. (නි)
ආශ්චර්‍යයට යන මග ඔහොම අබලන් වෙන්න බෑ (ස)
අයිඋඔ සල්ලි
අපේ හාමුදුරුවන්ට තේරෙන්නේ නෑ. මේවා දේශපාලනීකරණය වූ වැඩ ..!!!
හාමුදුරුවනේ...මෙහෙම තමයි කොන්ත්‍රාත් වැඩ (ස)
මේවා කාගේ වැඩද? (දී)
මේක පාරවල් වල හැටියක්ද මන්දා? (දී)
මමනම් මොකුත් නොකියමි
අපි කාටද මේ දුක කියන්නේ (දී)
අනිත් ඒවත් ඔහොමද දන්නේ නෑ (ස)
දරුවෝ අද ඉපදෙන්නේ ලක්ෂ 3 ණයක් එක්ක . ඒත් ඒ ණයට ගත්තු මුදලින් වැඩක් වෙලා නෑ (ස)
දුෂණය තියෙනකල් ඔහොම තමයි
අපරාද සල්ලි වියදම් කිරිමක් පමණි (දී)
ලෝකෙටම ණය වෙලා යමක් කරාම ගෙදරින් ගෙනැත් කරා වගේ තමයි අපේ අයගේ කතාව (ස)