සීගීරිය නැරඹීට ගිය මස්කෙළි සිසුන් පිරිසක් සිංහ පාදයේ අකුරු ලියා වනසා ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
සිකුරාදා සවස පහට පමණ මේ සිද්ධිය සිදුවිය. එම අවස්ථාවේ සීගිරි සිංහ පාදය අසල ආරක්ෂාවට කිසිදු ආරක්ෂකයෙක් යොදවා සිට නැත.
සීගිරිය නරඹා සීගිරි භූමියෙන් පිටව යමින් සිටි එම පාසල් සිසුන්ගෙන් තිදෙනෙක් සීගිරි ආරක්ෂකයන් විසින් අල්ලා ගත්හ. පසුව එම ස්ථානයට පොලීසිය කැඳැවීය.
සීගිරි සිංහ පාදයේ අකුරු ලියා ඇති අයුරු සහ පොලීසිය පැමිණ විමර්ශන සිදු කරන අයුතු ඡායාරූප ගත කළ ‘ලංකාදීප‘ සහ ‘අද‘ පුවත්පත්හි මාධ්‍යවේදීනට එම සිසුන් සමග පැමිණි ගුරුවරුන්ගෙන් හා පොලීසියෙන් බාධා සිදුවිය.
තමන් මාධ්‍යවේදීන්යැයි හැඳුණුම්පත් පෙන්වද්දී පවා එම ඡායාරූප මකා දමන ලෙසට ඔවුහු බල පෑම් කළත් ඒවා මකා දැමීමට නොහැකි විය.
පස්වරු 7.30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් සිසුහු පොලිස් ජීප් රියට නංවාගෙන පොලීසියට රැගෙන ගියහ.
සීගිරිය නැරඹීමට පැමිණි අයකු පැවසුවේ පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයකට සිසුන් රැගෙන යද්දී ඒවායේ වටිනාකම සහ එවැනි ස්ථානවල හැසිරිය යතු අන්දම කියා දිය යුතු බවයි.
දැනගන්නට ඇති පරිදි කලක පටන් සීගිරි සිංහපාදය අසළ රාජකාරි සඳහා ආරක්ෂකයෙක් යොදවා තිබී නැත.
(ග.හෙ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දඩුවම් දෙන්න ඕනි අනිත් අයට දැනෙන්න (ස)
මෙයාලා හදන්නේ අපේ උරුමයන් විනාස කරන්න (ස)
පෙනෙන සාක්ෂි අනුව මෙය ජාතිවාදී ක්‍රියාවක් බව පැහැදිලියි. (නි)
1970 දී අප්සරාවන්ගේ චිත්‍රවල තාර ගැවෙත් මෙයාලගේ කට්ටිය තමයි (ස)
මස්කෙළියෙන් ගිය කොල්ලෝ මෙච්චර කෙළියක් කරද්දී මුන් එක්ක ගිය ගුරුවරු මොකක් කළාද බොලවු? (නි)
මේවා කරනකම් ගුරුවරු උඩබලාගෙනද හිටියේ , මෙයාලට රජකාලේ දඩුවම් දෙන්න ඕනි (ස)
සිසුන්ට වගේම ගුරුවරුන්ටත් උපරිම දඩුවම් දියයුතුයි. (නි)
ඇගපත හැදුනට මේ ළමයින්ගේ මොළ හැදිලා නැහැ වගෙයි. (නි)
අද කාලේ ළමයින්ට ඉතිහාසය පෙන්නන්න කලින් ඒවායේ වටිනාකම හරියට කියලා දෙන්න ඕනෑ. (නි)
කියන්න වචන නෑ (ස)
තව හුරතල් කරන්නකෝ . ගුරුවරුන්වත් මොවුන්ව වලක්වලා නැති බව හිතේ තියා ගන්න (ස)
මේ ළමයි සමග පැමිණි අය ගුරුවරුද ? නැත්නම්............ (ස)
කොල්ලන්ගේ හැටි ඔහොම තමයි වුණත් මේවා අපේ ජාතික උරුම. (නි)
සමහරවිට මෙතන සිංහලයට අයිති නැති තැනක් කියන්න වෙන්න ඇති මෙහෙම කලේ (ස)
ඇයි මේ දෙමළ ළමයිම මෙහෙම දෙයක් කළේ? (නි)
මේවට වගකියන්න ඕනි සීගිරිය පාලනය කරන අයයි (ස)
අද කාලේ ගුරුවරුන්ටත් ඉතිහාසය ගැන හරිහමන් දැනුමක් නැහැනේ. (නි)
මේ ගැන සුළුවෙන් හිතන්න එපා. අපේ උරුමය විනාස කරන විශාල කුමන්තුණයක පොඩි ආරම්භයක් වෙන්න පුළුවන් (ස)
ෂික් , ගිය තැන කැත කරනවා. (ස)
මස්කෙළියේ ළමයි විතරද දැන් ඕවා මෙච්චර කාලෙකට කුරුටු ගාලා තියෙන්නේ? (නි)
මම කියන්න ගිය අදහස මෙතන ලියන්න බැරි නිසා අන්තිමේ නොකියා සිටින්නට තීරණය කළා. (නි)
මෙම සිසුන් ලියලා තියෙන්නෙ මොනවද කියලා කාටහරි කියන්න පුළුවන්ද? මට පේන්නෙ දෙමළ භාෂාව වගෙයි. (නි)
මේක නම් හිතලා මතලාම කරපු වැඩක්. (නි)
මේ නම් කොල්ලෝ නෙමෙයි. මට හිතන එන එක මෙතන කියන්න බැහැ. (නි)
දඩුවම් දෙන්න ඕනෑ ආරක්ෂක නිළධාරීන්ටත් එක්කමයි. (නි)
කරුණාකරලා මෙවැනි දේට ඉක්මණින් නිසි පියවර ගන්න. (නි)
ළමයි වැරදි නැහැ. මේවා බලාකියාගන්නා ආරක්ෂකයෝ තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)
ඇස ගෙඩි වලට හෙණ ගහලද සිහළුන්නේ? (නි)
අපි අපේ උරුමයන් රැකගැනීමට මිටවඩා උනන්දු වියයුතුයි. යමක් වුණාට පස්සේ දුක්වෙලා වැඩක් නැහැ. (නි)
මෙම දමිළ අක්ෂර මකාදැමීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. (නි)
මේක නොදැනුවත්ව කළා කියලා කවුරුහරි කියනවා නම් ඒක බබා කතාවක්. ලංකාවේ ඉතිහාසය ලංකාවේ ජීවත්වන සෑම ජාතිකයෙකුම අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි. මෙහි වසන අන්‍ය ජාතිකයින් සිතා සිටින්නේ තමන් තාම ජීවත් වන්නේ තමන්ගේ පරම්පරාවේ මුල් රටේ කියලයි. නිවැරදිව ලංකා ඉතිහාසය මොවුන්ගේ හිත් තුළට දැමිය යුතුයි. මොවුන්ගේ පාසල්වල උගන්වන්නේ මොනවාද? මේ ගුරුවරු මොන වර්ගයේද? මේවා ආරක්ෂා කරන්න. ලංකාව කියන්නේ මොනවගේ ඉතිහාසයක් තියෙන රටක්ද කියලා මෙම යක්ෂ පැටවුන්ට කියලා දෙන්න. (නි)
අයියෝ ළමයිනේ අපේ දේ රක ගන්න ගුරුවරු වත් කියලා දීලා නැද්ද (දී)
මේක අහස පොලොව නුහුලන අපරාධයක් (දී)
උල තියන්න ඕන (ස)
මේ කොල්ලෝ කොළුකමට කළ වැඩේට ජාතිවාදයක ගාවාගන්න එපා. (නි)
මෙය පැහැදිලිව ම අප ගේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීමේ විජාතික උත්සාහයේ ප්‍රතිඵලයක්. මේ අයට අවශ්‍ය වී ඇත්තේ අපගේ උරුමයන් මේ රටින් අතුගා දමා මෙය එයාලගේ නිජබිමක් බවට පත් කර ගැනීමටයි. (ස)
මේ ළමයින්ට දඩුවම් දෙන්න ඕනි (ස)
සම්පත්, කොලුකම කියලා සුනඛ වැඩ කරන්න ඉඩ දෙන්න බෑ . කස පහර දෙන්න ඕන (ස)
දඩුවම් දෙන්න (දී)
මේවා සෙල්ලම් නෙමෙයි ළමයිනේ , කාලයක් ගියහම කියයි මේක දෙමළ රජ කෙනෙක කරවපු දෙයක්ය , මේ තියෙන්නේ එයා ලිපපු දේවල්ය කියලාත් (ස)
ආරක්ෂකයින් නිදි ද? ලක්ෂ ගණනින් සීගිරිය නැරඹීමට විදෙස් සංචාරකයන් දිනපතා පැමිණෙනවා. මේ අපේ ලෝක උරුමය රැක ගත යුතුයි.මේ වගේ අය තමා පස්සේ කාලෙක අපේ උරුමයන් විනාශ කරන්නේ. නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
මේ සිද්දියට අපි දඩුවම් දෙන්න ඕනේ නැහැ, ස්වභාව ධර්මයම දඩුවම් දෙයි (දී)
රියැලිටි ශෝ... (ස)
සිංහල මිනිස්සු මේ දවස්වල කරන කියන දේවල්වල හැටියට අනාගතේදි මීට වඩා දේවල් වෙන්න ඉඩ තියෙනවා. එක යුද්දයක් ඉවර වුණා විතරයි. බෞද්ධ යැයි කියාගන්නා සමහර සිංහල කොටස් දිගින් දිගටම වෛරය වපුරන හැටියට ඊළඟ යුද්දේ අත ලඟයි. (ස)
එක තමයි දැන් කාලය තරුණ ළමින්ට ඉතිහාසය සහ අපේකම් පිළිබඳව තියෙන දැනුම සහ ඉතිහාස සහ අපේ කම උගන්වන්න ඕනේ. මේ අය රටේ අනාගතය බාරගෙන ලංකාවට මොනවා කරයිද ? (අ)
සුදා, මලර්,දර්ශන්, ටෙරන්ස්, උසස් පෙළ 2013 ආදිය දෙමළෙන් ලියා ඇත. - කලබල වීමට තරම් දෙයක් මෙහි ලියා නොමැත. එහෙත් මෙමගින් යම් හානියක් සිදුව ඇති බව පෙනේ. අවලස්සන කර ඇති බව ද නොකියම බැහැ.. වගකිව යුත්තන්ගේ නොසැලකිල්ලෙන් හා අසීලාචාර සිසුන් විසින් නොදැනුවත් කමින් කළ එකක් බව පෙනේ... (ස)
මට තියෙන කෙන්තිය නම් වචන වලින් කියන්න බැහැ (දී)
මොකද්ද මේ අයට දෙන දඩුවම (දී)
මොහොමඩ් ඔබට ස්තුතියි (අ)
කැටපත් පවුර දැකලා ලියන්න හිතෙන්න ඇති.... (ස)
මේ ගුරුවරු මේවා නොදන්නවා නොවෙයි. (අ)
මොහොමඩ් ඔබට බොහොම ස්තුතියි, පරිවර්තනයට. යන එන තැන නම්,ගම් ලියන පුරුද්දට සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නෑ. ලංකාවේ සමහරුන්ට තියෙන අමාරුවක් නේ ඕක. මෙතන ජාතිවාදය වපුරන්නේ නැතිව මෙතන ඇති ඇත්තම ප්‍රශ්නය ගැන සෙව්වොත් නේද හොඳ? (ස)
මේක අපේ අධ්‍යාපනයේ වැරැද්ද, මුස්ලිම් ළමයින්ට දෙමළ ළමයින්ට අපේ සංස්කෘතික උරුමයන් කියලා මේවා උගන්වන්නේ නැහැ ඔවුන් සිතන්නේ මේවා සිංහලුන්ගේ සංස්කෘතික උරුමයන් කියලා ,දේශපලකයන් මේ ගැන තැකිමක් නොකරොත් අපේ අනාගත පරම්පාරවට දකින්න වෙන්නේ මේවගේ කුරුටුගෑ ඒවා විතරයි. (ස)
අපේ දේ ගැන තැකීමක් නැති කම තමයි (දී)
කුමුදු, කාවද ඔය පන්නන්න කතා කරන්නේ? බලංගොඩ මානවයාගෙන් කෙලින්ම පැවතගෙන එන කෙනෙක් ඔබටත් යන්න කිව්වොත් ඔබත් යනවද? මේක අපි ඔක්කොගෙම රට. අපි එකතුවෙලා රටට හොඳ දෙයක් තමයි කරන්න ඕන. භේද ඇති කරන්නෙ නැතිව. (ස)
වයස බලන්න එපා දඩුවම් කරන්න (දී)
කොල්ලෝ ඔහොමතමයි කියල විතරක් අහු වෙන්න එපා (දී)
ඇත්ත මොහොමඩ් ඔබ හරි කොතන හරි වැරැද්දක් තියෙනවා (අ)
කොලු කමට කරපු දෙයක් ජාතිවාදයට හරවා ගන්න උත්සහා කරන් එපා. (අ)
"කොල්ලෝ" ලෙස හැදින්විය යුත්තේ නියම කොල්ලන් මිස මෙවැනි අයට නොවේ. (ස)
මෙය සාධාරණීකරණය කරන්නට තැත් කරන්නෝ අපේ ඉතිහාසය නොදන්නෝය (ස)
උල තියන්න ඕනි මේ අක්‍රමිකතා හෙලිකළ මාධ්‍ය වාර්තාකරුවන්ටද? නැත්නම් වැරදිකාර නිලධාරීන්ද ? (ස)
අපේ දේ රෑක ගන්න අපි දන ගන්න ඕනේ (දී)
ළමයින්ට හොදට අපේ දේ ගැන කියලා දීලා තියෙනවා (දී)
මොන අපරාධයක්ද මේ (දී)
මෙයට එකම විසදුම නම් මේ ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත්කිරීමයි. ලංකාවේ පවතින පෞරානික නටඹුන් ඇති ප්‍රදේශ තහනම් කලාපයන් බවට පත්කළ යුතුය. පෞරාණික නටඹුන් ආරක්ෂා කිරීම සදහා වෙනමම පෞරාණික ඇමතිවරයකුද පත් කිරීමට දැන් කාලය එලඔ ඇත. (නි)
නැවත ප්‍රතිසන්ස්කරණය කරන්න බැරි වෙන්නම වැඩේ කරලා (දී)
මේ අයත් එක්ක ගිය ගුරුවරුන්ට ඇස් තිබේ නැතුව ඇති නේද ? (ස)
පාලනය කරන්න මිනිස්සු නැද්ද මේවයේ
මට ඉතින් කියන්න මොකුත් නැහැ. කේන්ති (දී)
ලෝක උරුමයක් (දී)
මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)
සිගිරිය පරිස්සම් කර ගන්න ඕනේ (දී)
ළමයි දන්නේ නැහැ මේවයේ තියෙන වටිනා කම (දී)
ඕක මේ කොලු කමට කල වැඩක් නේ මෙතන නිකන් බොරුවට කලබල වෙන්න එපා. අපිට ජාතික වගකීමක් තියෙනවා නේද ඊට වඩා? මම හිතන්නේ අපි ජාති, පක්ෂ ආගම් භේද නැතුව රටේ දියුණුව ගැන වැඩිපුර හිතන්න ඕන කාලයක් මේක. දුප්පත්කම ජාති තුනටම උරුමයි නේද? නිලධාරීවාදය අපි හැමෝටම එකයි නේද? ඇයි අපි මේවා ගැන සමගියෙන් සාකච්ඡා කරන්නේ නැතුව එසේ කිරීමට ඇති සෑම පහසුකමක්ම යොදාගෙන එකිනෙකාට බැනගන්නේ? (අ)
ළමයි නොවෙයි වග කියන්න ඕනේ වැඩිහිටියෝ (දී)
මෙහෙමත් ළමයි
ගිය තැන ඉවරයි.(නදී)
රට, ජාතිය ගැන හැඟීමක් නැති අය. මැචි එකක් බැළුවත් සපෝට් කරන්නේ ඉන්දියාවටනේ. මේවට රජ කාලෙ දඬුවම් දිය යුතුයි.(නදී)
ගුරුවරු, ආරක්ෂකයෝ කොහෙද හිටියේ මේ පය භාගයක් විතර යනකල් (දී)
මොකද ඒ ළමයි දන්නේ නැද්ද මේවායේ තියෙන වැදගත් කම (දී)
අද අප රට තුළ වැදගත්කමෙන් යුතුව ජාතික හැගීම දෙස බලන අය අල්පය. සමහර වැඩිහිටියන් කියාගන්නා වු, සිංහලයන් කියාගන්නා වු පුද්ගලයන් බුදුන් වහන්සේගේ පිළිම කඩමින් නිදන් හාරද්දී සංඝයා වහන්සේලා ඝාතනය කරද්දී සමහරක් ඇත්තන් සංඝයා වහන්සේලා නමින් පෙනීසිටිමින් දුෂණය භීෂණය රටතුළ වපුරද්දී අද රටේ කුඩා දරුවන්ද ඒවා අනුකරණය කිරීම පුදුමයට කරුණක් නොවනු ඇත. (නි)
මේ ළමයි මේ අපරාධය කරනා තුරු අවට මිනිසුන් ඇස් , කන් පියා සිටියේ මන්ද (දී)
ළමයි කරන්නේ ගුරුවරු කියන දේ. (නි)
මෙහෙම දේවල් දැක්කහම හරිම දුකයි. අපි අපේ උරුමය රැකගන්න උපරිමයෙන් වැඩ කරමු. (නි)
ලෝක උරුමයක් තමයි ඔය විනාශ කලේ, (දී)
මෙහෙම අයට සිසුන් නෙමෙයි කියන්න තියෙන්නේ. (නි)
රට, ජාතිය ගැන හැඟීමක් නැති අය. දුකයි. (නි)
දැන් කාලේ හැදෙන ළමයි ඔහොම්මම තමයි. (නි)
අල්ලලා දාන්න, කොල්ලෝ ඔහොමතමයි (දී)
ළමයින්ට බැණලා වැඩක් නැහැ. එහි සේවය කරන්නන් මෙහි වගකීම ගතයුතුයි. (නි)
මේවයේ තියෙන වටිනාකම නොදැනද මෙහෙම කලේ (දී)
කේන්තිය වැඩි නිසා මම මොකුත් නොකියමි (දී)
ලංකාවේ පුරා විද්‍යා වටිනාකම නොදන්නා එක තමයි මේකට හේතුව (දී)
දන්නවාද මේකේ තියෙන වැදගත්කම (දී)
මොනවාද ඒ ලියලා තියෙන්නේ (දී)
මොකද ඒ ලමයි ඒ වගේ වැඩක් කලේ , නොදැනුවත් කමටද, එහෙමත් නැතිනම් වෙන මොකක් හරි හේතුවක්ද (දී)
සීගිරිය ගැන දන්නේ නැති අයට මොකට මේ වගේ ඓතිහාසික ස්ථාන බලන් යන්න දෙනවද මන්දා ? (ස)
අහල පහලවත් කවුරුත් හිටියේ නැද්ද, නවත්වන්න (දී)
සමාව දෙන්න එපා මොවුන්ට (දී)
කොල්ලෝ ඔහොමතමයි (දී)
දර්ශන්, මලර්, ටෙරන්ස්, සුද්දා 2013 ඒ.ලෙවල් මේ වගේ දේවල් ලියලා තියෙන්නේ. කලබල වෙන්න එපා. තරහට ලිවිව නම් නරක දේවල්නේ ලියන්නේ. නොදැනුවත්කමට ලිටපු දේවල්. කොළුකම තමයි මේ.(නදී)
මොනවා කරලා මදිද මේ අයට (දී)
ළමයින්ට නෙමේ ගුරුවරුන්ටයි දඩුවම් කරන්න ඕන. (නදී)
ළමා කාලයදී හිතාමතා අපේ උරුමයන් විනාස කරනවානම් අනාගතයේ කුමක් වේවිද ?(නදී)
මට තියෙන කේන්තිය නම් (දී)
අපිනම් කැමති නැහැ මේ වෙන වැඩ වලට (දී)
සිංහ පාදය කියන්නේ ලෝක උරුමයක් (දී)
වයස බලන්න එපා. දඩුවම් කරන්න. (නි)
ළමයි බලන්නේ ඒ වෙලේ සතුට විතරයි (දී)
ලංකාවේ පෞඪ ඉතිහාසයක් ඇති බව කවුරුත් නොදන්නවා නොවේ. නමුත් ප්‍රශ්ණය වී ඇත්තේ ඒ අයිතිහාසික පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීමට තරම් පරමවිඥානය ඇති දේශීය මමත්වයක් ඇති උදවිය අද අප රටතුල ඉතා විරල වීමයි (නි)
ඔය ගිය කොල්ලෝ ටිකට කියන්න වචන මගේ කටට එනවා. කියගන්න බැහැ.(නදී)
දෑන් ඉන්න අය කොහෙද මේවායේ අගයක් දන්නේ. ලමයි අම්මලා අප්පලා ගුරුවරු ඔක්කොම ඉන්නේ මනෝ ලෝකේ. දන්නේ ෆේස් බුක් යන්නයි එස් එම් එස් ගහන්නයි විතරයි. මේවට වග කියන්න ඕන ඔතන බාරව ඉන්න නිලදාරීන්. අනේ මෙහෙමත් කාලයක්.(නදී)
මොන අපරාධයක්ද මේ (දී)
මොකද ළමයින්ට මේවයේ තියෙන වැදගත් කම කියා දෙන්නේ නැද්ද (දී)
එපා කියන්නවත් මට කෙන්තියනවා (දී)
එයාලා එයාලගේ නම ලියලා තියෙන්නේ, මම හිතන්නේ. (නි)
හුගක් අය හිතාගෙන ඉන්නේ සීගිරිය කියන්නේ සිංහලයන්ගේ පමණක් උරුමයක් කියලයි (නි)
සීගිරිය කාගේ උරුමයක්ද එතකොට? (නි)
අපේ උරුමය නැති වෙන්න දෙන්න එපා,, මේවා සුළු කොට තකන්න එපා (දී)
දැන්වත් මේක වටිනාකම තේරුම් කරලා දෙන්න (දී)
මහා ලෝක අපරාධයක්, මේකේ වටිනා කම නොදන්නා විදේශිකයෝ ඇවිත් පරිස්සම් කරනවා. ලංකාවේ ළමයින්ට බැහැ මේක පරිස්සම් කර ගන්න (දී)
ළමයින්ටම දොස් කියල හරියන්නේ නැහැ (දී)
මෙහෙමත් කොල්ලෝ? (නි)
මේ යට මතක හිටින්න දඩුවමක් දෙන්න ඕනේ (දී)
කතාකරලා වැඩක් නැහැ (දී)
මොනවද මේ වැඩ වල තේරුම (දී)
මේවා ගැන අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි! (නි)
අපේ කමේ වටිනා කම් නොදන්නා එක තමයි ඕකට හේතුව (දී)
මේ ළමයින්ට මේ දේවල් වල පුරා විද්‍යාත්මක වටිනාකම කියලා නොදුන්න එකේ වරද තමයි මේ. (නි)
නොදන්නා කමද ඇත්තට (දී)
මමනම් කියන්නේ මෙ වගෙ ස්ථානවලට ඇතුළුවන දොරටු තුළ හා සෑම තැනකම සිංහල දමිල ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දැන්වීම් පුවරු දමා තිබේනම් මැනවි.(නදී)
ලංකාවේ පුද්ගලයින් ට පොදු දේපල සුරැකීම පිළිබඳ ප්‍රායෝගික පුරුද්දක් නැහැ. මෙතන ජාති භේදයක් ඇති කරන්ඩ හදපු දෙයක් නෙමෙයි. සිංහල, දෙමළ මුස්ලිම් කොයිකවුරුත් ඕන තරම් පොදු ස්ථාන වල, මෙවැනි දේවල් කරලා තියෙනවා. ගහක් ගලක් පෙන්නන්ඩ බෑ ලියනවා. ඡන්දෙ කාලෙට දේශපාලනඥයින් මේ වගේ වැඩ කරනවා. එතනින් පෙනෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාව. විදෙස් රටවල නම් මේ වගේ පෞරාණික ඓතිහාසික ස්ථාන නරඹන්ඩ පුළුවන්. ඒත් ලංවෙන්ඩ බැහැ. එවැනි ක්‍රමයක් ඇති අපේ නැහැ. ඕන කෙනෙකුට මෙම ස්ථාන අතගාල ඕන දෙයක් කරන්ඩ පුළුවන්. මෙතන වැරැද්ද ළමයි ගේ නෙමේ. මේවාට ළං නොවෙන්ඩ නොහැකි ලෙස ආරක්ෂාවක් යොදලා නැති එක. ගොඩක් අය බලන්නේ ජාතිවාදයක් මෙතුළින් මතු කරන්ඩ. අපි බෙදුනොත් කිසි දවසක මේ රට ගොඩගන්ඩ බෑ. මේ වගේ තැනක වැරැද්ද නිසි ආරක්ෂක වැඩපිළිවලක් නැති එක මිසක් ජාතිවාදයෙක් කළ දෙයක් නෙමෙයි.(නදී)
දැන්වත් උගන්නන්න අපේ උරුමය ගැන (දී)
රජය මීට වඩා මේවා ගැන හොයලා බලනවා නම් මේ වගේ සිදුවීම් වලක්වා ගන්න පුළුවන්. (ස)