ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා නොහරින ලෙස කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මුස්ලිස් කොංග්‍රසය ගිය මහා මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. පසුව රජයට එක්වූහ.
කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම්, ඇමැති බෂීර් සේගුඩාවුඩ්, එම් එස් තවුෆික්, එච් එම් එම් හරීස්, එම් සී එම් ෆයිසාල් හා අස්ලම් මොහොමඩ් සලීම් මේ පෙත්සම් ඉදිරිපත් කළහ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු වගඋත්තරකරුවෝ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් දෙයක් කරන්න රනිල් මහත්තයා. (ත)
ඒකටත් උපවාසයක් කලා නම් හරි.(නදී)
ඉර හඳ පවතිනතුරු මුස්ලිම් කොන්ග්‍රසය පරද්දන්න බැහැ. (නි)
මේ විදියට බලද්දී අපේ රටට පක්ෂ දේශපාලනය අවශ්‍ය නැහැ. (නි)
අජිත් කරුණාරත්න මහතා කියන කතාව හරි. මම චන්දෙ දීපු එක්කෙනෙක්වත් දැන් මගේ පක්ෂයේ නෑ. ජන මතය පුස්සක්.(නදී)
සමන්ට පිස්සු හැදිලද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
පැරදෙන දෙයක්ම තමයි කරන්නේ. (ත)
හොද නායකයෝ මේ පක්ෂයේ හිටියත් ටික දෙනෙක් ගෙනියපු ප්‍රතිපත්ති නිසා පක්ෂය විනාශ වුණා. (නි)
දේශපාලනයේදී ස්ථිර මිතුරන් හෝ හතුරන් නොමැත. සදාකාලිකව රැවටෙන පිරිසක් පමණක් ඉතිරිව ඇත. (නි)
ඉස්සරහට හරි පාඩමක් ඉගෙනගන්න පුලුවන් වෙයි. (නි)
මේක ඉතින් මහ අමුතු දෙයක් නෙමෙයිනේ. (නි)