අනුරාධපුර ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත මුස්ලිම් නීතිය කෘතිය දොරට වැඩීම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදි සිදුවිණි
ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ මේ සඳහා දඹර අමිල හිමියෝ ද නීතිපති පාලිත ප්‍රනාන්දු ද ,ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ගිහි පැවදී විශාල පිරිසක් එක්වූහ.
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට කව්රුත් අකුල් හෙලන්නේ. බෞද්ධ නීතිය, කිතුනු නීතිය කියලත් පොත් ප්‍රකාශ කරන්නකෝ.(නදී)
මුතුකුඩ මේක කොහොමද කාලීන අවශ්‍යතාවයක් වෙන්නෙ..?(නු)
ජාතිවාදී අදහස් පල කරන අයට මේ උත්සවය හොඳ පාඩමක්. ඒ මහත්තයට මගෙන් සුබ පැතුම්.(නදී)
එහෙනම් ලගදිම දඹානේ ඇත්තොත් කැලෑ නීතිය ගැන පොතක් ලියයි නේද?(නදී)
සමාජය පිරිහීම වැළැක්වීමට, රටේ ආරක්ෂාවට අවදානමක් නොමැති, වැරැද්දක් කල කුමන කෙනෙකුටවත් බේරීමට නොහැකි නීතියක් තිබෙනවානම් එය සිංහල, දෙමළ හෝ ඉස්ලාම් යන කුමක් වුවත් කම් නැත. පිළිගැනීමට සිත සකසාගතහොත් එයයි වටින්නේ.(නදී)
අපේ රටේ දැන් තියෙන්නේ මගේ නීතිය. (නි)
මොනවද මේ පිස්සු වැඩ. රටට මේ තියෙන නීතිය මදැයි. තව තව නීති මොකටද?(නදී)
ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට පටහැනි නොවන නීති පනවන්න ආයතන වලට පුලුවන්. පන්සල් පල්ලි පාසල් විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියත් නීති හදන බවත් දැනගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ අනෙක් පොදු නීති උල්ලංඝණය නොවන පරිදි මෙය කිරීම වැරදි නැහැ. (නි)
පොත ගැන විනිශ්චයකට එන්න එපා කවරය දිහා බලලා.. පළමුව කියවන්න.. මේක ලියලා තියෙන්නේ කරැණාරත්න හේරත් ඔහු මුස්ලිම් ජාතිකයෙක්ද?(නු)
මුස්ලිම් නීතිය ගැන හාමුදුරුවරු රැස් උනේ මොනවාටද? බෞද්ධ නීතිපොතක් පළවුනොත් මුස්ලිම් අය එනවාද?(නු)
අපේ රට ශ්‍රී ලංකාව වුණත් එහි නියම අරුත ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික ජනරජයයි. එකම රටක් එකම ධජයක් නම් , උත්තම පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාත්‍රන්ත ජනතාවගේ ස්‍ර්වවබල ඡන්දයෙන් පත්වූ මඩුල්ලක නියෝජනයයි. මැද පෙරදිග රටවල් නීති කෙටුම්පත් සාදන්නේ උත්තම කුරානයට අනුවය. නමුත් අප රටේ එය කළ නොහැක. එතැනදී ජාතිවාදි අරගල වලට බීජ වැපිරීමකි. හලාල් ප්‍රශ්නයෙදී මැදපෙරදිග කෑම ඒ විදියට ඕනෑම නම් නියමාකර තීරුබදු ගෙවා ගෙන්වාගෙන කෑමට හැක. මුස්ලිම් නීතිය ගැන පොතක් පිටවීම සතුටකි. මන්දයත් නොදන්නා අයට දැන ගැනීම සදහා කාලෝචිත නිර්මාණයකි. (නි)
බෞද්ධයන්ට කියල නීති පොතක් තියෙනවද? හැමෝම යන නිසා පන්සලට යනවා. බෞද්ධ ධර්මයේ තියෙන සියලු දේවල් හින්දු ආගමින් ගෙනා දේවල්. අපට කියල අවුරුද්දක් නැහැ. ඒකත් හින්දුන්ගේ. බුදුහාමුදුරුවෝ තමාව පිළිපදින්න කිව්වේ නැහැ. එයත් හින්දු ජාතිකයෙක්. 33 කෝටි දෙවියොත් දෙමල කට්ටියගේ. (නි)
මේක පොතක් පමණයිනේ. (නි)
ඔය පොතේවත් ලියලා තියෙනවද කෑම බීම වර්ග හලාල් කරන්නේ කොහොමද කියලා.(නදී)
කලට වැසි වසින්නා සේ කලට වටිනා පොතක් (දී)
මෙය හොඳ දෙයක් නිසා තමය හාමුදුරුවරුත් සහභාගි වෙලා තියෙන්නේ.(නු)
ගැමුණු, ආරාධනය කල නිසයි රැස් වුනේ.(නදී)
හැංගිලා තියෙන දේවල් එලියට එන එක හොදයි. අපේ ගොඩක් මිනිස්සු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මොනවා තියෙනවද කියලවත් දන්නේ නැහැ. රටට ආදරය කරන අය අඩුයි. ඔක්කොම ආත්මාර්ථකාමී වෙච්ච අය ටිකක් ඉන්නේ. කවදාහරි රට විනාශ වෙච්ච දවසක තේරෙයි. (නි)
සියලු මිනිසුන් කිවවියයුතු පොතක් (දී)
කතාබහට ලක් වෙන පොතක් වෙයි (දී)
ඇත්තටම මේ කාලෝචිතයි (දී)
සිතාරා ඔයාගේ නම සිතාරා පාතිමාද? සිතාරා සෙල්ලම්මාද? (නි)
මේක නිකම්ම නිකම් පොතක් විතරමයි. ඒ වගේම මේක අපේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කරන්නේ නැහැ. මේක පොතක් විතරයි. කියවලා හොද දේවල් ඔලුවට ගන්න.(නදී)
පලමුව මම එක දෙයක් ඉල්ලන්න කැමතයි සියලු දෙනාගෙන්ම, බුදුදහම ඉතාමත් ගැබුරු ලෝතයේ පවතින පිරිසිදුම නිවරදි වු දහමයි. එහි ඇත්තේ නිර්මල වු සතයම පමනකි. උතුම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත අප්‍රමාන කලයක් මහන්සිවි අවබෝධ කලාවු ලොව හේතුපල දහමයි. එය ඔබ පිලිගත්තා හෝ නොකලා හෝ එයයී ලොව ඇති අත්ත. ඒ නිසා එවන්වු ගබුරූ දහමක් නොදැන කතා කරන්න යාම මහා පාපයකි. ප්‍රිය සිතාරා, කෙටියෙන් ඔබෙ ප්‍රශ්න වලට පිලිතුරු මෙසේය, අපිට නීතියක් ඇත- කෙටීයෙන් එය සීලයයි. නිර්මල බුදු දහම යනු ස්වාදීන දහමකි, කිසිම ආගමකට සමාන නොවෙත්මය. ඒ අරහත් වු සම්මා සම් බුද්ධ වු ගෞතම බුදු රජානන් වහන්සේ කෙසේ නම් කාටවත් සම කරන්නද?(නදී)
එහෙනමි සිතාරා කියන්නේ අපේ බුද්ධාගම ඉන්දියාව විසින් අපිට පටවපු එකක් කියලද?(නදී)
කාලෝචිත පොතක් (දී)
ඉතින් දමින්ද කියන්නේ බුද්ධාගම ඉතාමත් ගැඹුරු සාමාන්‍ය මිනිසුන්ට ලෙහෙසියෙන් වටහා ගත නොහැකි දෙයක් කියලද?(නදී)
නියමයි, හලාල් ගැන නැද්ද ඒකේ (දී)
පැත්ත ගියත් ඇත්ත කියූ සිතාරට මගේ ප්‍රණාමය! (නි)
සිතාර, පැත්ත ගියත් ඇත්ත කියලා තියෙනවා.(නදී)
ආසිරිගේ අදහස් හොඳයි! (ස)
තව තව දේවල් දොරට වඩිවි ඉදිරියට..!(නු)
හොද වැඩක්..කාලීන අවශ්‍යතාවයක්..!(නු)
ඉතාම හොද ක්‍රියාවක්.(නු)
බලමු මොනවද තියෙන්නේ කියලා. නොදැන කිසිම දෙයක් කියන්න හොඳ නැහැ. (ස)
හොද ක්‍රියාවක් (ස)
මෙහි ඇති වරද කුමක්ද දිලීප...? (ස)
ඔය නීතිය කැරකිලා කැරකිලා නතර වෙන්නෙම ලාභයක් ලග..!(නු)
රටක ව්‍යවස්ථාවෙන් සම්ම්ත නීතියක් තිබෙද්දී, මුස්ලිම් නීතියක් ගැන කතා කරන්නේ කුමන අවශ්‍යතාවයකට ද ? (ස)
නිදහස හම්බවෙලා 65 වසරක් ගියා තාම රටටම බලපාන එක නීතියක් නැහැ ,රෝම ලන්දේසි නීතිය තියනවා ,බ්‍රිටිෂ් ලෝ එකතියනවා ,කැන්ඩියන් ලෝ එක තියනවා ,මුස්ලිම් ලෝ එකතියනවා තව කීපයක් තියනවා මන් හිතන්නේ. අපි වනචාරීන්ද තාමත් ?(නු)
දිලීප කෙනෙකුගේ යහපත් ක්‍රියාවක් අගය කරන්න ඉගෙන ගන්න එක වටිනවා ජීවිතේට..!(නු)
ලහිරැ කියන දේ හරි. එක රටක එකම නීතියක් තියෙන්න ඕන. සිංහල නීති, මුස්ලිම් නීති, ඔය වගේ දේවල් රටේ අනාගතයට හොඳ මදී නේද? (ස)
එතකොට සිංහල නීතිය, දෙමළ නීතිය, කවදද එළි දක්වන්නේ. (ස)
විකුමභාහු මහත්තය මොකාටද එන්නේ.(නදී)
දෙමළ නීතිය ලියන්නේ කවුද ? (ස)
මේවාද විය යුත්තේ..!(නු)
ඇත්ත වශයෙන්ම විශිෂ්ඨයි.කාලීන අවශ්‍යයථාවයක්.ජ්‍යෙෂ්ඨ නීතිඥ කරැණාරත්න හේරත් මහතාට අපේ ප්‍රණාමය.
හැමෝටම ලියන්න, කියන්න නිදහස තියෙන නිසා තමාට හිතෙන දේ කියනවා, ලියනවා.(නදී)
මෙය හොද දෙයක් නෙමෙයි, බටහිර රට වලට අත් වෙලා තියෙන භයානක ඉරණම දන්නා කෙනෙක් මෙයට කැමති වෙන්නේ නැහැ, තුර්කිය, මොරොක්කෝ, ඇල්ජීරියා වෙනි රට වලින් නීති විරෝදිව සංක්‍රමණය උන බොහෝ දෙනා දැන් ඔවුන්ගේ නීතිය එම රටවල් වලට හදුන්වාදී ඔවුන් එම රටවල් වල හැසිරෙන ආකාරය හරිම කණගාටු දායකයි, දැන් ඔවන් පවසන්නේ එම රටවල මහජාතීන්ට අපි සමග ඔබලාට ඉන්න බැරිනම් වෙන රටක් සොයාගෙන යන ලෙසයි,ලගදීම මෙය අපේ රටටත් විය හැකියි.(නදී)
ඇයි තේසවලාමේ නීතිය .(නදී)
පණපිටින් බෙල්ල කපන නිතියත් ඔය පොතේ තියෙනවද දන්නේ නැහැ .(නදී)
බුද්ධාගම, අනිත්‍ය දුක්ක අනාත්ම,හාමුදුරුවරු, මුස්ලිම් නීතිය, මේවා එකට යන්නේ කොහොමද? හමුදුරුවන්ට මේවට යන්න, බුද්දාගම නියෝජනය කරන්න තියෙන අයිතිය මොකක්ද? බුද්දාගමේ අපි අසරණයි.(නදී)
මම මේච්චර කල් හිතාගෙන හිටියේ අපි ඔක්කොම එකම ශ්‍රි ලාංකීය ජාතියක් කියලා.? එක නීතියයි රටේ තියෙන්නේ කියලා. අනේ මහත්තයෝ එහෙනම් සිංහල අපිට නීතියක් නැද්ද?(නදී)
ඒක හොදයි. අඩුම ගානේ ලංකාවේ මුස්ලිම් ජනතාව වත් ගුනකරුක වේවි. අපිට තියෙන නීතිය වල් වැදිලානේ.(නදී)
මාධ්‍ය සංදර්ශන තියනවට වඩා ඒ පොත කියවලා තමුන්ගේ ජීවිතයට යමක් ගන්න. එහි පුයෝජනවත් යමක් ඇතිද බලන්න. (නදී)
අපිට ඔච්චරයි අඩුවකට තිබුනේ. ලංකාවේ එක නීතියක් තියෙද්දී ඕවා ගෙනත් ටික ටික එලියට එන්නේ හොදකට නෙමෙයි.(නදී)
පින්තූරවල ඉන්න අයගෙ හැටියටනම් කන්න හදන පැලය මොකක්ද කියල හිතාගන්න පුළුවන්.(නදී)
අනේ සහෝදරවරුනි, පොතක් අරන් කියවලා බලන්න. දෙවනුව ලියන්න මොනවද කියලා තියෙන්නේ කියලා.(නදී)
ලංකාව තුල තිබිය යුත්තේ එක නීතියක් පමණි එය සියලුම ජාතීන්ට පොදු නීතියක් විය යුතුය. මොකටද මුස්ලිම් අයට විතරක් වෙනම නීතියක්. (නු)
සිංහලුන්ටයි කියලා සිංහල නීතියක් නැතිවුණාට මුස්ලිම් අයට වෙනම මුස්ලිම් නීති තියෙනවා. (නි)