ශ්රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට නවක සිසුන් 25600 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම මේදිනවල සිදු වේ. ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් එක්දහස් තුන්සීයයක් බඳවා ගැනීමට අපේක්ෂිත යැයි විශ්වවිද්‍යාලයේ සහකාර ලේකකාධිකාරී ( ශිෂ්‍යසේවා ) ඩබ්ලිව්. ඩබ්ලිව්. අනුර මහතා කියයි.
කෘෂිවිද්‍යා, ව්‍යවහාරිකවිද්‍යා, කළමණාකරණ, සමාජයීය විද්‍යා හා භාෂා යන පීඨ පහක පාඨමාලා 25කට මෙම සිසුන් බඳවාගැනීමට අපේක්ෂිතය. පෙබරවාරි 27 වැනිදායින් ඇරඹි මෙම ලියාපදිංචිය මාර්තු 12 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය . ඉතිහාසයේ වැඩිම පිරිසක් බඳවා ගැනෙණුයේ මේ වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අමතර පහසුකම් නැතිව විශ්ව විද්‍යාලවලට මෙහෙම අරගෙන මේ ළමයින්ට අරගල කරනන්න වෙන්නේ ඩිග්‍රිය ඉවර වෙනකම්. ඉන්න අයටත් ප්‍රායෝගික පරීක්ෂණ කරන්න හැම විශ්ව විද්‍යාලයකම පහසුකම් ප්‍රමාණවත් නැහැ මගේ හිතේ.අන්තිමට වෙන්නේ ජොබ් පෝලිමට එකතු වෙන එක කලා උපාධි කරලා. පහසුකම් දෙන්න කියලාත් මේ හදිස්සියට රජයට මුදල් තියෙනවාද?.මෙතැන වරද වෙලා තියෙන්නේ කොතැනද?(නදී)
සරසවි ගිහින් අවසන් වුණාට පස්සේ තමන් වෙනුවෙන් වගේම අනාගත දරු කැළ වෙනුවෙනුත් යමක් කරන්න බලන්න. (නි)
හොඳ වැඩක්,අහන්නත් සන්තෝසයි. හැබැයි ඉතින් ඇතුල්වූ සැනින් සියල්ල දත් කියලා ඔලුව උදුමවාගෙන හෙට පාරට නම් බහින්න හදන්න එපා. (නි)
උගතුන් රැසක් බිහි කරන්න ලැබේවා (දී)
ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් (දී)
ගියපු වැඩේ විතරක් කරගෙන රට පෙරලගෙන උද්ගොසන නොකර ඉක්මනට උපාධිය ඉවර කලානම් ලබන වසරටත් ගොඩක් අයට එන්න තිබුන ඔහෙට (දී)
සුභ අනාගතයක් ඔබලාට (දී)
දරු කැළක්ම සරසවි යවා දරුවනේ ඉගෙනගන්න.සරසවියෙන් රට හදන්න.(දී)
ඉගෙනගන්න සිතට ගන්න.(නදී)
අපේ රතු කට්ටියට එහෙම අහුවෙන්න එපා හොදේ. එහෙම වුණොත් හැමදාම පාරේම ඉන්න වෙයි. (නි)
ඇත්තටම හුගක් හොද වැඩක්.(නදී)
ඔක්කොම අමතක කරලා ඉගෙනගන්න දරුවනේ. සරසවියෙන් එලියට ඇවිත් පුළුවන්නම් රට හදන්න.(නදී)
හොද වැඩක් දිගටම කරගෙන යන්න.(නදී)
අනේ මන්දා මේක මේ අවුරුද්දට පමණක් සීමාවේවිද දන්නෙ නැහැ. (නි)
දරු කැළක්ම සරසවි යවා - ජාතියෙ මව ගෙදර ගියා... (නි)
සුභ පැතුම්! (නි)
ඔබ සැමට මගේ සුභ පැතුම්! (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබේවා! එයයි මාගේ ප්‍රාර්ථනය. (නි)