බංගලිදේශ හා මියන්මාර ජාතිකයන් 139 දෙනකු නැගෙනහිර මුහුදේදී බේරාගෙන ඩෝරා යාත්‍රාවකින් ඔලුවිල් වරාය වෙත රැගෙන ආ නාවික හමුදාව පොලීසියේ ද සහයෙන් ඔවුන්ගේ තොරතුරු ගැනීමට උත්සාහ ගනී. එහෙත් භාෂා ප්‍රශ්නය හරස්වී ඇත. හින්දි දන්නා එක් අයකු එහි සිටින බව පොලීසිය කියයි. මොවුන් යාත්‍රාවකින් මලයාසියාවට හෝ තායිලන්තයට යමින් සිටියදී අනතුරකට ලක්වූ බව පෙනෙතියි පොලීසිය කියයි. දවස් ගණනක් නිරාහාරව සිටි බව ද පෙනෙතැයි ද සමහර විට මුහුදේදී පහර කෑමට ලක්වන්නට ඇතැයි ද පොලීසිය අනුමාන කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ මිනිස්සු (දී)
හොද දෙයක් කරලා තියෙන්නෙ. මේ අයට තමන්ගේ රටට යන්න අපි උදවු කළ යුතුයි. (නි)
පවු අහිංසක මිනිස්සු. උදවු කළාට පවු නැහැ. (නි)
ජිනීවා එකට මේවත් පෙන්නන්න. අපේ රණ විරුවන්ගේ උතුම් මෙහෙවරක එක පියවරක් හැටියට.(නදී)
නියමයි.(නදී)
හමුදාව කල ඉතා උතුම් ක්‍රියාවක්. ඇඳකට වඩා මේ මැරෙන්න ගිය මනුස්සයෝ ටික බේරාගෙන කන්නයි, බෙහෙත් ටිකයි දෙන එකම ඇති. අරුණි තව ටිකක් මනුස්සකම ගැන ඉගෙනගන්න.(නදී)
අයියෝ අරුණි, වෙච්චි දෙයක්? (නි)
නාවික හමුදාවාට අපගේ උත්තමාචාරය! (නි)
අපේ ත්‍රිවිධ හමුදාව ලෝකෙම තියෙන හොදම විරලම සුදුසුකම ඇති හමුදාවයි. ඒ තමයි මනුස්සකම. (නදී)
නියමයි අපේ විරුවනේ. ලංකාවේ කම මුළු ලෝකෙටම කියා දෙන්න සොයුරනේ.(නදී)
මේ කොහේ යන ගමන්ද? නාවික හමුදාව ගැන සතුටුයි.(නදී)
මෙහෙමත් අසරන කමක් (දී)
ත්‍රිකුණාමලයේ නිදහස් උත්සවය බලන්න පැමිණි පිරිසක්ද දන්නෙ නැහැ. (නි)
ඒක නම් පවු. (නි)
මුහුදු ගමන භයානකයි (දී)
ඔතන දාල තියෙන්නෙ නේවි එකේ කොල්ලො නිදා ගන්න මෙට්ට නේද පැදුරු නෙමෙයි නේද? (නි)
අසරණයෝ කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද (දී )
අයියෝ අරුණි? (නි)
හමුදාව කළ ඉතා උතුම් ක්‍රියාවක්. (නි)
ජීවිත රැසක් බේරාගෙන මුහුදු රැලෙන්... සහනය ලබාදී ගොඩබිම කරා එමින්... ආදර දයා කරුණා ගුණ හද පතුලෙන්... උත්තම මිනිස් ගති පෙන්වති නාවිකයන් (නි)
අපේ අරුණිගේ දෑස් වැහිලා. අපේ ත්‍රිවිධ හමුදාව ලෝකෙම තියෙන හොදම විරලම සුදුසුකම ඇති හමුදාවයි. අපගේ ප්‍රනාමය!(නදී)
අපේ හමුදාවේ මනුස්සකම ගැනඅපිට ආඩම්බරයි. (නි)
අසරණ මිනිස්සු (දී)
ආදර්ශයක් දාමු තායිලන්තයට.(නදී)
මේ අය ජීවිතේ නැති වෙන්න ගිය මිනිස්සු. පණ රැක ගැනීම සහ කුස ගින්නට ආහාර මිසක් ඇඳ ඇතිරිලි, යාන වාහන වල බලා පොරොත්තුවක් මේ අසරණයන්ගෙ නැති බව විශ්වාසයි. නාවික හමුදාව ඉතා විශිෂ්ඨ මානුෂික මෙහෙයුමක් කරලා තියෙන්නෙ.(නදී)
අපේ ලාංකිකයෝ මුහුද මැද මේ වගේ අතරමන් වෙලා වෙනත් රටත අත්අඩංගුවේ හිටිය නම් අපේ අය බේරගන්න මොනතරම් කොන්දේසි වලට යටත් වෙන්න වෙනවද? ඒත් මොනතරමි හැලහැප්පිලි අපේ අතරේ තිබුනත් මනුස්සත පිරිලා ඉතිරිලා තවමත් රැදී තිබෙනවා.(නදී)
නියමයි! නාවුක හමුදාව හොද වැඩක් කරලා තියෙනවා.(නදී)
පවි අහංසකයෝ, අපිට කරදරයක් වුනේ නැහැනේ. හොදට කෑම දීලා සලකන්න. මේ බුදුන්ගේ දේශයයි.(නදී)
මෙයාට ඇදක් දෙන්නේ නැත්තේ මොකද? මෙහෙමද ආගන්තුක සත්කාර කරන්නේ අපේ අය. ප්‍රභූ පිරිසක් නමි මෙහෙම කරන්නේ නැහැ නේද?(නදී)
ආගන්තුකයින්ට සැලකීම උසස් ගුනයක්.(නදී)
අරුණි, උන්න හැටියට මලා මදෑ, ඇදන් ඕන නමි ඔයා ගිහින් දෙන්න. අපේ අය කලේ උතුම් සේවයක්.(නදී)
අපි එක මවකගේ දරුවෝ වෙමු හැමදා.(නදී)
මෙයාලා යන්නේ ඕස්ට්‍රේලියාවට. මෙයාලා හිංද කතාකරන්නේ නැහැ. බංගලි භාෂාව හා හින්දි එකිනෙකට වෙනස්.(නදී)
පවි අහිංසක මිනිස්සු. කෑම ටිකක් දුන්නට අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. (නදී)
හොද වැඩක්! පව් අහිංසක දරුවොත් ඉන්නවා.(නදී)
ෂා! නියම වැඩක්, අනිත් රටවල් වලට හොද ආදර්ශයක්.(නදී)
අයියෝ! ඕක මොකක්ද? හිංදි දන්නවානම් අවුලක් නැහැනේ. අපේ දවල් තිස්සේ හිංදි චිත්‍රපටි බලන නංගිලා, අක්කලා ටික යැවිවා නමි නේද හොද?(නදී)
මෙන්න එහෙනම් මෙයාලට පළවෙනි ඇද අරැණිගෙන්.(නදී)
අපේ රටේ ත්‍රවිධ හමුදාවේ අය ළඟ මනුස්සකම තියනවා. (ත)
කාරුණික නාවික හමුදාවට අපේ උපහාරය!(නදී)
බංගලිදේශ තානාපති කාර්යාලයේ භාෂාව දන්න අය ඇති. සහාය ලබාගත හැකිවේවි. දැක්ක නේද අපේ සැලකුම්. (ත)
අරැණි, මේ අය කලින් දන්වලා ආ අය නෙමෙයි අතරමන් වුන කටිටියක්. කන්න කෑම ටිකයි, බෙහෙත් ටිකයි තමයි ඉස්සැල්ලා දෙන්න ඕනේ. ඇදක් නෙමෙයි. සලකන විදිය හොදටම ඇති.(නදී)
කන්න නැති අයට කෑම මිසක් මොන ඇඳවල්ද? (ත)
බයවෙන්න එපා ඔයාලා දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ.(නදී)
ඔහොම තමයි යොහාන්. අරුණි වගේ අය කිසිම දෙයක හොදක් දකින්නෙම නැහැ.(නදී)
අරුණී, ඔයා කොහෙද ඉන්නේ. පැදුරේ නිදාගන්න බය වෙන්න එපා. ඇද නැති දාට අපිට ඉන්න වෙන්නේ පැදුරේ. නාවිත විරුවන් කරපු උතුමි දේ ගැන හොද අදහසක් ලියා එවන්න.(නදී)
විශේෂයෙන් මානුෂිකත්වයට ගරුකරන නාවික හමුදාවක් තිබිම ආඩමිබරයක්. ලොවටම ආදර්ශයක්.(නදී)