ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් ලෙස රටට හා විදුහලට කළ මෙහෙවර උදෙසා මහින්ද ආදි සිසුන් හත් දෙනෙක් උපහාර ලදහ.
මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙම උත්සවය සංවිධානය කළේය.
(වමේ සිට) කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් කාරියවසම්, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නලීන් වික්‍රමසූරිය, සිංගර් ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, යුද හමුදාවේ මේජර් ජනරාල් ලසන්ත වික්‍රමසූරිය, කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හා ඉරිදා ලක්බිම හිටපු කර්තෘ සුන්දර නිහතමානී ද මැල් මහත්වරු මේ උපහාරයට ලක්වූහ.
ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ද උපහාර හිමිවූ අතර විදේශ ගත වීම නිසා මෙම අවස්ථාවට එක් විය නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි
වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ,මහින්ද විද්‍යාලයේ ආදී ශිෂයෙක් .ඔහු මෙයට ඇතුලත් වී නැත්තේ මන්දැයි පැහැදිලි නැත.(නදී)
සඳරුවන්ලගේ ඇස් කවදා ඇරෙයිද මන්දා? (නි)
මමත් හිතුවේ සදරුවන් වෙන දෙයක් (නි)
ලංකාව ගැන පිටරට ඉන්න අය දුක් වෙන්න දෙයක් නැහැ. රට හොඳින් ඉස්සරහට යනවා. එක එකාගේ ඕපාදුප බලන අය නිකන් කලබල වෙලා. (නි)
බොහොම හොදයි.......
සමහර අයගේ ප්‍රතිචාර දැක්කම පැහැදිලිව පෙනෙනවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබෙන බව. කරුණාකරලා ශිෂ්ට සම්පන්න වෙන්න. තමන්ගේ පාසල් වලත් උගතුන්, බුද්ධිමතුන් කී දෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න (නි)
ඉරිදා ලක්බිම හිටපු කතෘ විශිෂ්ට මහත්මයෙක්. ඔබගේ සේවය රටට අවශ්‍යය. (නි)
මහසෙන් කියලා නම දැම්ම අයියත් ඉන්නවා.අනේ හොඳා! (නි)
මහින්ද පුත්තු හත් දෙනෙක් කිව්වම මම හිතුවේ වෙන දෙයක්. (නි)
ඇති විශිෂ්ටයි සර්. මා මහින්දියයෙක් වීම ගැන ආඩම්බර වෙමි (නි)
ලංකා මාතාවට හොද ආරංචියක්
අපේ මහින්ද සහෝදරයන් කවදත් ලංකාවේ ඉහලම අංශවල ඉන්නවා. ඒක අපිට ලොකු ආඩම්බරයක් වගේම රටටත් ලොකු වටිනාකමක්. කිසිම පුද්ගලයෙකුට අභියෝග කරන්න පුළුවන්කමක් තියෙනවද? (නි)
ජයවේවා
මෙතනින් වැදගත් කමක් තියෙන්නේ අනිල් ජාසිංහ මහතාට පමණයි. එයා විතරයි රටට සේවයක් කරන්නේ. විදුලි බලේ එක්කෙනා මුළු ලංකාවටම සේවයක් කළා. විදේශ සංචාර වල යන්න කොච්චර මුදලක් නාස්ති කරනවද? ඒවාගෙන් රටේ ජනතාවට සෙතක් සැලසෙනවද? නිකන් රටේ සල්ලි නාස්ති කරනවා විතරයි වෙන්නේ. මගේ ලස්සව රට ආගාධයකට යනවා බලාගෙන ඉන්න මට බැහැ. හරිම දුකයි රටේ අහිංසකයින් ගැන.(නදී)
චතුල / රිස්වාන් , මම කලබල වුණේ වෙන දේකට (නි)
රටට ආඩම්භරයක්
මමත් කලබල වුනා මාතෘකාව දැක්කහම... (නි)
අපි සුභපතනවා
සිරස් තලය දැක්කහම මම කලබල උනා වෙන කට්ටියක්ද කියලා.(නදී)
මහින්ද පුත්තු කීවට මම හිතුවේ ජනාධිපතිගේ කියලා .එහෙම උනානම් තවත් අවරුදු විස්සක්වත් රට ඉන්න වෙයි අපට.(නදී)