එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා සන්ධානය එක්ව පිහිටවූ ආණ්ඩුවෙන් සන්ධානය අද (26) සවස ඉවත් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි
ධම්ම Friday, 26 October 2018 02:39 PM
ජයවේවා!
benatFriday, 26 October 2018 07:32 PM
හරියකට කතාවක් වත් කරගන්න බැරි මහින්ද රටක් කොහේ දියුණු කරන්නද? කරයි ලෝකෙන්ම ණය අරන්. දැන් ඉතින් එ්ක කරන්න පරණ කට්ටියව නැවත ගන්න වෙනවා. තාවකාලික වින්දනයක් දෙයි ජනතාවට මදි නොකියන්න. එහෙම කරලා ටික කාලෙකින් ගිය ආණ්ඩුවේ ණය හින්දා කියල වමාරන්න දෙයි කට්ටියට. ගිය පාර මිනිස්සු මහින්දව පැරැදවූවේ පවුල් පාලනය , රජ පාලනය මේ රටේ නැවත දෙන්නේ නැහැ කියලයි .
සුදත් ශ්‍රී Friday, 26 October 2018 02:43 PM
අපේ උණුසුම් සුභපැතුම්!
SinhalayaFriday, 26 October 2018 04:51 PM
අලුත් ආණ්ඩුවේ ඇමතිකම් 30කට සීමා කරන්න. රට නිකන්ම දියුණු වේවි.
Bimal Friday, 26 October 2018 02:45 PM
මේක තමයි ලංකාවේ දේශපාලනය... කුජීතයි.
Amila Friday, 26 October 2018 02:46 PM
ඒ මූණෙයි, මේ මූණෙයි කිසි වෙනසක් නැහැනේ...
sandun Friday, 26 October 2018 02:47 PM
අද මේ වෙලාවේ දැනෙන සතුට කියන්න බැහැ ලංකාවේ හිටියා නම්...
Ratnayake Friday, 26 October 2018 02:49 PM
ජයවේවා !!!!!
Janu Friday, 26 October 2018 02:49 PM
ජය වේවා
saman Friday, 26 October 2018 02:51 PM
රට ගිය විධිහට ගියානම් ලංකාවේ මිනිස්සුන්ට හෙට අනිද්දටම පොල්කට්ටක් අරන් ලෝකේ වටේ හිඟා කන්න වෙන්නේ. ඔහොමවත් වෙනසක් කරලා බලමු
Don Friday, 26 October 2018 02:55 PM
අයියෝ සිරිසේන!!! රනිල්ගේ ලොකු හිසරදය ඉවරයි.
ගල්කටස් Friday, 26 October 2018 02:56 PM
ජය වේවා.. ගියවර වුණ වැරදි නිවැරදි කරන් රට ගොඩනගන්නට ශක්තිය ලැබෙවා. ඔබව අමතක නොකල ජනතාව කිසිදාක අමතක නොකරන්න. නිවැරදී තැන් වලට සුදුස්සන් යොදවන්න ඔබ නම විනාශ කරන්නන් පත් නොකරන්න. මේ ඔබේ අවසන් අවස්ථාවයි.
අනුෂ Friday, 26 October 2018 03:10 PM
ජයවේවා...!!! වසර 3කට පස්සේ ඒ දවස ලැබුවා.. හිතේ තියෙන්නේ ලොකු බරක් අගමැතිතුමනි.. සත්තම සත්තයි..
Dhammika Friday, 26 October 2018 03:02 PM
යුගයේ ආප්පයා.... තමන්ව දිවිදී බලයට ගෙනා අයට වස දී එලෙව්වා...
Manjula Friday, 26 October 2018 03:02 PM
කාලෙකට පස්සේ ලක්මව සතුටු කඳුළු හෙලන දවසක් අද... දැන් අපි බය නැහැ. රට ආයෙත් දියුණු වෙනවා..
madushanka Friday, 26 October 2018 03:07 PM
මරුමරු... හිතාගන්ට බැරි දෙයක්නේ මේක...
Abcd Friday, 26 October 2018 03:10 PM
දැන් ඉතින් හොම්බෙන් තමයි යන්න වෙන්නේ..
Nalaka Friday, 26 October 2018 03:16 PM
ලැජ්ජාවක් කියලා නාමයක් නැහැ. අඩි 6ක් යට යනවා කියලා නේද කිව්වේ? අනේ රටකට ගිය කලක්... තවත් මෙවැනි දෙපිටකාට්ටුවන් විශ්වාස කරලා ඡන්දෙ දෙන්න...
Hafeel Friday, 26 October 2018 03:17 PM
ඉතිහාසයේ රනිල් පූර්ණ ධුර කාලය අවසන් කළේ නැහැ. ඔහුගේ සියලුම සැලැස්ම අතේ පිපිරෙනවා. මෙච්චර කල් හොරුන්, අපරාධකරුවන් ආරක්ෂා කළා. මුස්ලිම් ඡන්ද ගන්න තාජුදීන්ගේ දේහය සුසාන භූමියෙන් පිටට අරන් මාධ්‍ය සංදර්ශන පෙන්නුවා...
සතයපාලFriday, 26 October 2018 05:07 PM
හෆීල් දැන් ඉතිං සතුටු වෙන්න රනිල් කෙරුවේ මාධ්‍ය සංදර්ශනය කල එක විතරයි. දැන් වෙලා තියෙන්නේ ඒ අයම නැවත රජවීමයි.
BamunuarachchiSaturday, 27 October 2018 01:04 AM
ඔහෙලා කුජීතයි නේද?
ඇත්ත සත්‍යපාල Saturday, 27 October 2018 03:02 AM
සතයපාලට හිතට අමාරුයි වගේ නේද?
විජිත් Friday, 26 October 2018 03:18 PM
මහින්ද මහත්තයෝ, දැන්වත් ඔබතුමාගේ සහෝදර සහෝදරියන් සහ දරුවන්ට ඕනෑ විදිහට රටේ සල්ලි සමග සෙල්ලම් කරන්න ඉඩ නොදෙවියි කියා කොහොම හිතන්නද..? ජයග්‍රහණයේ මන්දිර හදන්නේ පරාජයේ කුළුණු මතයි " කියලා කතාවක් තියෙනවනේ... ඔබතුමා වටේ ඉන්න කේවට්ටයින්ගේ ලණු නොකා " රට " දියුණු කරන්න උත්සාහ කරන්න. මම මගේ ජීවිතයේදී එකම එකවතාවයි ඡන්දයක් පාවිච්චි කලේ. ඒ පුද්ගලයා ජයග්‍රහණය කළා. නමුත් රට කෑවා. එදා සිට මේ අද වෙනකම් වත් මම කාටවත් ඡන්දයක් පාවිච්චි කරලා නැහැ. ඒ නීතිය ඔබතුමාටත් පොදුයි. මන්දයත් අතීතයේ චර්යාවන් බලද්දී ඔබතුමාවත් මට විශ්වාස කිරීමට නොහැකි නිසයි. කෙසේවතත් රටට සේවයක් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියාපතමි...
MahindaFriday, 26 October 2018 03:36 PM
හා හොදයි
Dan Rosh Friday, 26 October 2018 03:19 PM
එස්.බී. ත් බත් කකා හිටිය ගමන් ඇවිත්.
rasika Friday, 26 October 2018 03:19 PM
දේශපාලන උපක්‍රම අතින් ඉතාම දක්ෂයි. ඉන්දියාවේ රෝ ඔත්තුසේවයට දුන්න මරු පහරක්.... මේ වගේ ගේම් ගහන්න මොසාඩ් එකටවත් බැහැ. රනිල් ගහපු ගේම් මොනවද මේවත් එක්ක...? මේ හැකියාව ලෝකය ජයගන්න අනෙත් රටවල් එක්ක ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගහන්න භාවිත කරන්න අපේ රට ගොඩ දාන්න. මේ පාර වැරැද්ද ගන්නේ නැතුව වැඩේ කරන්න. ඕනේ නම් දැන් අර 20 සංශෝධනේ ගෙනැල්ලා ජනාධිපති අහෝසි කරන්න.
.මහින්ද Monday, 29 October 2018 11:47 AM
නැහැ මල්ලි එ්ක අවශ්‍ය වෙන්නේ නැහැ. රනිල්ලාගේ කට්ටිය දැන් දෝෂාභියෝගයක් ගෙනෙනවානේ එයාට ඉන්න... ඒක ජයග්‍රහණය කරන්න මගේ කට්ටියත් එ්කට අත්සන් කරනවා. එතකොට මිනිහා ඉවරයි. මට අමතක නැහැ මගෙත් එක්ක ආප්ප කාලා පහුවෙනිදා මාව එලවපු හැටි.... ඊට පස්සේ සමහර විට මිනිහට ජම්පර් අඳින්නත් වෙන්න බැරි නැහැ... හා හා..
සමන් Friday, 26 October 2018 03:20 PM
අනාථවෙලා හිටපු අපට දැන්නම් පුංචි බලාපොරොත්තුවක් හිතට දැනෙනවා ඔබතුමාට ජය...!!!
indra Friday, 26 October 2018 03:21 PM
ඔබතුමා පැමිණීම හිතට සහනයක්... ගියවර සිදුවීම් නැවත නොවෙන්න වග බලාගන්න. සහයෝගය දුන්නු පමණටම තනතුරු නොදෙන්න වගබලා ගන්න... මගේ රටට බුදුපිහිටයි..!!!
bandar Friday, 26 October 2018 03:21 PM
සුබ අනාගතයක්...
කරතොට ධම්මසිරි හිමි Friday, 26 October 2018 03:22 PM
රනිල් නැමති කාලකණ්නියාගෙන් රට මිදුනා. අහෝ දැනෙන සතුට කියලා නිමකරනු බෑ.
SiriSaturday, 27 October 2018 01:15 AM
ධම්මසිරි ! රනිල් නරක අයෙක් නම් එයාගේ ලොක්කා ගැන හිතාගන්නවත් පුළුවන්ද? මෙවැනි වචන බුදු දහමේ තිබෙනවද?
saliya Friday, 26 October 2018 03:22 PM
රනිල් මෛත්‍රී දෙදෙනාම කේන්දරේ බලා ගත්තොත් හොඳයි.
හිටං Friday, 26 October 2018 03:23 PM
පුතාලා ටික ඩාන්ස් පටන් ගත්තොත් මේ පාරත් හබස්...
සෙනෙවි Friday, 26 October 2018 03:25 PM
සියලු ප්‍රශ්න විසඳේ නම් අපත් එකඟයි. රට අගාධයෙන් අගාධයට යාම වැළැක්විය නොහැක.
don kal Friday, 26 October 2018 03:26 PM
ජය වේවා..!!! රටටම කිරි ඉතිරේවා...!!! සුබම සුබ අනාගතයක්..!!!
Ruchi Friday, 26 October 2018 03:27 PM
යන්තම් ඇති... රනිලව යවාගත්තා.. තනිකර පිස්සුනේ කළේ... අලුත් අැමැති මණ්ඩලයක් පත්කරලා අලුත් දෙයක් කරන්න දෙන්නම එකතුවෙලා....
dhammika perera Friday, 26 October 2018 03:28 PM
කෙටි මාර්ග මතින් බලය ලබන්නෝ තමන්ගේ විනාශයද එමගින්ම උදාකරගනිති.
රජින්ද Friday, 26 October 2018 03:28 PM
ඉතාමත් කාලීන අවශ්‍යතාවයක්..!! ඉතාමත් ඉක්මනින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බව මගේ මතයයි.
Gamage Friday, 26 October 2018 03:30 PM
ජය දෙරණී... !!!
chathuri Friday, 26 October 2018 03:30 PM
කොන්ද දැන්වත් කෙලින් වෙයිද? බලමු ජනාධිපතිට තමන්ගේ වියදමෙන් ආරක්ෂාව දාගන්න කාලේ හරි...
kapila Friday, 26 October 2018 03:32 PM
මේක කොට්ට මාරුවක් පමණි.
lalith Friday, 26 October 2018 03:34 PM
මම කිව්වේ දුර බලන කන්නාඩියෙන් බලාගෙන ගියාට ළඟ තියෙන වලවල් පෙනෙන්නේ නැහැ කියලා.
saliya Friday, 26 October 2018 03:37 PM
සෙල්ලමේ දෙවැනි ඉනිම ඊළඟට, පාර්ලිමේන්තු බලය පෙන්වීමට මන්ත්‍රී වෙන්දේසිය... ලංසුව බිලියන ගණනින්. මෙහෙමත් රටක්...
Asanka Friday, 26 October 2018 03:38 PM
හා දැන් හැමෝම 2019 ඉඳන් චීනෙට ඩබල් පොළී ගෙවන්න පිළිවෙතින් හැඩගැහෙන්න.. ඔන්න එකයි දෙකයි...
කසුන් Friday, 26 October 2018 03:38 PM
කෝ මේ චානක් ලොස් ඇන්ජලීස්.... රියල් සත්‍යපාල එහෙම?
සතයපාලFriday, 26 October 2018 04:22 PM
කුමන්ත්‍රණය කරලා බලය අල්ලන තක්කඩි රැලක් වෙනුවෙන් උදම්වෙන්නේ අනුවණයින්. තමන්ට නැවත ඡන්දයකින් ආණ්ඩුවක් හදන්න ජනවරමක් නොලැබෙන බව දන්නා නිසා මෙවැනි පහත් කුමන්ත්‍රණ වල යෙදී හෝ බලය අල්ලා ගත්තා සේම අල්ලා ගත් බලය තුළින් නැවත වරක් මහජන දේපල කොල්ල කෑමටත් රටපුරා භීෂණය පතුරුවමින් ඡන්ද මංකොල්ලයේ යෙදමින් රටේ මිලේච්ඡ පාලනයක් පවත්වාගෙන යන්න මේ චෞර කල්ලිය සූදානම් වෙනවා ඇත...
කසුන් Friday, 26 October 2018 06:16 PM
ආ... ඔයා තොප්පිය දා ගත්තද..?
sathyapalaSaturday, 27 October 2018 02:14 AM
රටටම තොප්පිය වැටිලා තියන වෙලාවේ මට අලුතින් දාන්න තොප්පියක් අවශ්‍ය නැහැ.
BamunuarachchiSaturday, 27 October 2018 01:08 AM
ඔලුවක් නැතිව තොප්පිය කොහේ දාන්නද?
Chanak Los angelesSaturday, 27 October 2018 10:55 PM
ඔහොම බලාගෙන ඉන්න ගුණමකුවන්ට වෙන දෙය .. අපිට දුකයි ජනපති වෙලා සිටි කෙනෙක් ඔහුගේ යටතේ සිටි සේවකයෙකු ඉදිරියේ වැටෙමින් නිලතල ලබාගන්න එකට....
Chanak Los angelesSaturday, 27 October 2018 10:55 PM
අපිට දුකයි ජනපති වෙලා සිටි කෙනෙක් ඔහුගේ යටතේ සිටි සේවකයෙකු ඉදිරියේ වැටෙමින් නිලතල ලබාගන්න එකට .
Anuradha. Friday, 26 October 2018 03:41 PM
ශ්‍රී සද්ධර්මයෙන් ලැබුණු දායාදයක් ලෙස අපට උරුම වූ කෙලෙහි ගුණ සැලකීම දන්නා අය අපේ රටේ තවම ඉන්නවා. ඔබතුමාට තෙරුවන් සරණයි! ජයෙන් ජයම වේවා!
Nuwan Friday, 26 October 2018 03:44 PM
අනේ මොඩයිනේ.... මෙතනත් මහින්ද වටේ වටවෙලා ඉන්න අය පේන්නේ නැද්ද? හුරේ දාපල්ලා...
රොමේෂ් Friday, 26 October 2018 03:57 PM
අපේ රටේ කුණු ගඳ ගහන දේශපාලනයට මිනිස්සු කොයිතරම් ආසද? මිනිස්සුන්ට ඕනෑ කුණු රස... ඉස්සර නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා. දැන් අසූචි දීලා අසුචි ගත්තමත් පුදුම සතුටක් දැනෙන්නේ...
weerakoon Friday, 26 October 2018 03:58 PM
අඩි 6ක් යට යනවා කියලා නේද කිව්වේ? මේක තමයි ලංකාවේ දේශපාලනය... කුජීතයි තවත් මෙවැනි දෙපිටකාට්ටුවන් විශ්වාස කරලා ඡන්දෙ දෙන්න...
සනත් ඉතාලිය Friday, 26 October 2018 06:05 PM
තව ටිකක් හිටියා නම් මෛත්‍රිපාලගේ මොකක්වත් ඉතුරු කරන්නේ නැහැ. එ්කයි මේ තීන්දුව ගත්තේ.. කැහි ගෑනිට වඩා හොටු ගෑනි හොදයි කියල නුපුරුදු දීගෙට වඩා,.. සුපුරුදු තනිකම හොඳයිලුනේ.
lalith Friday, 26 October 2018 03:59 PM
ආලපාලුවන්ට රටේ තනතුරු දෙන්නේ නැතුව, රටත් ආරක්ෂා කරන, ඔබගේ නමත් කැත නොකරන පිරිසකට රට බාර දෙන්න. ගිය පාර වටේ හිටපු අය රටත් කාලා ඔබවත් කෑවා...
Perakum Friday, 26 October 2018 04:00 PM
ඇති යාන්තං හොරු ඔක්කොම ගොඩ...! අපි ඉතින් පටි තද කර ගමු. මේ තමයි සිරි ලංකා සුනඛ දේශපාලනය...
dinesh Friday, 26 October 2018 04:10 PM
ජයවේවා !!!
Soma dubayi Friday, 26 October 2018 04:16 PM
ජනාධිපතිතුමනි, ගරු රනිල් මැතිතුමා සමග දිගටම යහපාලන රජය ගෙනියන්න.
malith Friday, 26 October 2018 04:19 PM
ජයවේවා!!! අපේ පැතුම ඔබයි මහින්ද මැතිතුමනි...,
banda Friday, 26 October 2018 04:22 PM
ලංකාවේ අපි ගැන අපිම දුක් වෙන්න ඕනේ...
dias Friday, 26 October 2018 04:24 PM
ඇයි දන්නේ නැහැ මෙතුමාගේ පුත්‍ර පරම්පරාව මේ රැස් වෙලා ඉන්න පිරිසේ නැත්තේ?
කැළුම් Friday, 26 October 2018 04:24 PM
රාජිත, මංගල, එස්.බී, රවී, විජයකලා, අකිල, කිරිඇල්ල, විජයානන්ද, බදුර්දීන් (තව ඇත) වගේ අයට තැන දීලා තිබුණොත් රටේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නෑ මහත්තයෝ..
PA - RA Friday, 26 October 2018 04:52 PM
ඕක කළින් කරන්න තිබුණු වැඩක්... දැන් ටිකක් පරක්කුයි...
pakeer Friday, 26 October 2018 04:55 PM
ඇද්ද? හොඳ වැඩේ මේ අයට...
සතයපාල Friday, 26 October 2018 04:59 PM
අන්තිමට රටේ ආණ්ඩුවත් හොරා කෑවා වගේ එහෙනම් !
gunarathnaSaturday, 27 October 2018 01:25 AM
සත්‍යපාල බලාගෙන ඉන්ට... මොකද වෙන්නේ කියලා? මහින්ද කවදාවත් මේ කැබිනට් එක එක්ක වැඩ කරන්නේ නැහැ. මහින්ද කරන්නේ ඉක්මනටම ඡන්දෙකට ගිහිල්ලා බලය ස්ථිර කරගන්න එක... නමුත් අපිට හොඳම විහිලු ටිකක් බලාගන්ට පුළුවන් දේශපාලන වේදිකාවේදී...
නුමා Friday, 26 October 2018 05:25 PM
රටින් පිටවුන එක ගැන ඇත්තටම සෑහෙන දුකෙන් හිටියෙ. දැන් නම් තේරෙනවා ඒ තීරණය හරි කියලා.
ChutiFriday, 26 October 2018 11:12 PM
100%ක් මමත් එකඟයි ඔබත් එක්ක..
Soma dubayi Friday, 26 October 2018 06:20 PM
යහපාලන රජය 2029 දක්වා දිගටම ගරු මෛත්‍රී මැතිඳුන්ගේ හා ගරු රනිල් මැතිතුමාගේ නායකත්වයෙන් දිගටම යනවා.
සනාFriday, 26 October 2018 08:42 PM
සෝමට පාචනය හැදිලා..
RNG Saturday, 27 October 2018 12:54 AM
මෙයා හීනෙන් කියවන්නේ.. ගණන් ගන්න එපා කවුරුවත් ..
KANDEPOLASaturday, 27 October 2018 04:23 AM
සෝමා ඩුබායිම ඉන්න. මෙහෙ එන්නේ නැති එක හොඳයි.
nihal B D Friday, 26 October 2018 06:24 PM
තිරිවාන ගල් යටගියා ගොම රිටි උඩ අාවා.
Chanda Friday, 26 October 2018 08:04 PM
මට නම් මේවා ටිකක් මදිවගේ හිතට... ලංකාවේ අයම පත්කරත් යහපාලනේ තිබුණා නම් තමයි ටොප්...
sam Friday, 26 October 2018 08:39 PM
මේ සියල්ල පිටුපස තියෙන්නේ මෛත්‍රී ජනපතිතුමාට නැවත බලයට ඒමට මගක් පාදා ගැනීම මිස රටට, ජාතියට සේවයක් කිරීමේ අරමුණ නොවේ. හිටපු ජනපති මහින්ද මහතාටත්, හිටපු අගමැති රනිල් මහතාටත්, සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටත් එළිපිටම ද්‍රෝහී වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විය යුතු පරිද්දෙන් දේශපාලන කුණු බක්කියට විසිවෙන දිනය වැඩි ඈතක නොවේ.
sam Friday, 26 October 2018 08:49 PM
අලුත් රජයේ පළමු කටයුත්ත විය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමාව දෝෂාභියෝගයක් මගින් එලවා දැමීමයි. පාර්ලිමේන්තුවේ 225 වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩුම තරමින් 200-210 පමණ ප්‍රමාණයක්වත් දෝෂාභියෝගයට සහාය දෙන බව මට විශ්වාසයි.
ලුම්බිණි Friday, 26 October 2018 10:44 PM
අපේ ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගයෙන් පසුව ලංකාවේ කල ලොකුම පවා දීම කළා.
Bandula Friday, 26 October 2018 11:39 PM
මගේ සුබපැතුම් !!!
nimal Saturday, 27 October 2018 12:33 AM
මගේ අත්දැකීමේ හැටියට සිදුවන එකම දේ කොන්ත්‍රාත් කාරයින් ලේකම්වරයින් ආයතන ප්‍රධානියන් වගේ අයගේ නම් වෙනස් වෙයි. ක්‍රමය ඔය තියෙන විදිහටම වෙයි. ජනතාවට වෙන සෙතක් හෝ විශේෂ නරකක් නැහැ.
Perera Saturday, 27 October 2018 12:35 AM
දාමුද තව ආප්ප පාටියක්?
Susil Saturday, 27 October 2018 12:37 AM
නීතිමය වටපිටාව පිළිබඳ නිශ්චිතව පූර්ව දැනුවත්භාවයකින් තොරව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙහි මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන් සිල්වා මහතා බවයි කියන්නේ. පාර්ලිමේන්තුවේදි රනිල්ට බහුතරය පෙන්වීමට හැකිවුනොත්, එදාම ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් අත්සන් කරලා කතානායකට දුන්නා නම් ජනාධිපතිගේ තටු කපල පැත්තකින් තියන්න පුලුවනි... එතකොට ජනාධිපතිට මොනවත් කරන්න බැහැ.. ඒකෙ තීන්දුව එනකම්...
rohana Saturday, 27 October 2018 02:10 AM
සිරිසේන නැවතත් වසලයෙක් බව ඔප්පු කළා. කාපු පතේ අහවල් වැඩේ කරපු බව ඔප්පු කළා. මහින්දට පින් අගමැති කමක් ලැබුණා. ආණ්ඩුව හොරු ඇල්ලුවේ නැහැ. හොරු ආණ්ඩුව ඇල්ලුවා.
Nimal Saturday, 27 October 2018 02:14 AM
අඩි 6ක් පහළට යන එක හරිවගේ..
pushpa Saturday, 27 October 2018 03:21 AM
ජය වේවා! ජය වේවා!! ජය වේවා!!!
රවිඳු Saturday, 27 October 2018 03:51 AM
කෙටියෙන් කියනවා නම්, දහ නවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන පරිදි අගමැතිවරයා ,"ජනාධිපතිවරයා අමතා ලිපියක් මගින් ඔහුගේ ධුරකාලයට ප්‍රථම ඉල්ලා අස් නොවුන හොත් මිස, වසර පහක කාලයක් ඔහුගේ ධුරය දැරිය යුත්තේය" යන්න සඳහන් වෙනවා. මෙසේ බලන කල ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට වසර පහක් ගතවන තෙක් අගමැතිවරයාව ඉවත් කල නොහැක. පක්ෂ බේදයකින් තොරව අදහස් පලකරන මා හට නම් හැඟෙන්නේ, මේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් ලෙසය.