IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අගමැති ධුරය දැරීමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
 එමෙන්ම  මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා  අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි  ද අභියාචනාධිකරණය  අද (03) නොතීසි නිකුත් කළේය.
 
මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
 
අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කළ අතර තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කරමින්   අභියාචනාධිකරණය මෙම  තීන්දුව ලබා දෙන ලදී.
 
පෙත්සම  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත.


මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.

 

 

 

 ( ඡායාරූප - ඉෂාන් සංජීව ) 



අදහස් (83)

මහින්දට අගමැති ධුරයට නිත්‍යනුකූල හිමිකමක් නැතැයි අතුරු නියෝගයක්

sirimal Monday, 03 December 2018 10:07 AM

ඉතින් මොකේද දන් වළඳන්නේ?

:       2401       1539

එරික් Monday, 03 December 2018 10:35 AM

බය වෙන්නෙපා. තව තුරුම්පු තියෙනවා...

:       66       502

Hafeel Monday, 03 December 2018 02:06 PM

ගහපු තුරුම්පු සේරම අසාර්ථකයි. අනික කට ඇරියොත් පට්ට බොරු. මේ ජනාධිපති කියා තිබුණා මහින්දට එරෙහිව අඩි හයේ කතාව කිව්වේ ඡන්ද දිනන්නලු. ඉදිරියේදී රනිල්ගේ ඝාතන කුමන්ත්‍රණ කතාවටත් මොනවා හරි ගොතාවි.

:       344       576

Chandana - Australia Monday, 03 December 2018 10:12 AM

හැමදාම හොරකමෙන්, බොරුවෙන්, වංචාවෙන් ජීවත්වෙන්න බැහැ කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි ඔබතුමා...

:       15126       13227

channaMonday, 03 December 2018 10:55 AM

අඩුම කාලයක් ලංකාවේ හිටපු අගමැති කව්ද?

:       275       657

sirisenaMonday, 03 December 2018 01:33 PM

දහනායක මහත්මා 5වැනි අගමැති 1960 සැප්තැම්බර් 26 සිට 1961 මාර්තු 20... මාස 6ක්

:       53       735

Jagath LeanageMonday, 03 December 2018 04:35 PM

පව් කියලත් හිතෙනවා .

:       18       2

ද්ලුම් Monday, 03 December 2018 10:20 AM

අනේමන්දා හැම කෙනාම පොරකනවා. අපි සහ අපේ ළමයි අපේ රට ඇතුලෙම අනාථවෙනවා. දෙමළ මේ හැම දේකින්ම ජයඅරන් හෙට, අනිද්දාට ඊලම පිහිටෙව්වාම මේ තීන්දු ඔක්කොම සැපයි...

:       3145       3927

KapMonday, 03 December 2018 10:36 AM

මොකක්ද දමිල සම්බන්ධතාවය?

:       71       507

john the bass Monday, 03 December 2018 11:52 AM

බොරු බිල්ලන් මවන්න එපා. ආරක්ෂක අමාත්‍යාංශය ෆොන්සේකාට දෙන්න පස්ස ගැහුවේ කව්ද? රටේ ආරක්ෂාව පැත්තක තියලා හොර නඩයක් බේරන්න දත කෑවේ කව්ද කියලා දැන් ඔප්පු කරලා නේද?

:       17369       2450

ගල්කටස් Monday, 03 December 2018 10:20 AM

වන්ෂොටි අයියා හරි... මල්ලි දැන් හිත හදාගනිල්ලා අනිත් එකෙත් තීන්දුව ඔහොමම තමා කියලා. රනිල් අගමැතිට ජයවේවා කියපල්ලා දැන් ඉතිං.., මැතිවරණ නැති සමනළ පාලනයකට දැන් ලෑස්ති වෙයල්ලා... ජනාධිපතිගේ හුලං බැස්සා. වැඩක් හරියට කරන්න බැරිනම් නිකං ඉන්න ඕනෑ..

:       1609       4181

sam Monday, 03 December 2018 10:21 AM

මේවත් ඉඩම් නඩු වගේ තමයි.

:       144       2334

tommy Monday, 03 December 2018 10:24 AM

මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණ තව දුරටත් උසාවියට භාර නොදී, තමන් විසින්ම සිතා මතා නිවැරදි තීරණයක් ගනී යයි සිතමි.

:       24       35

Kumar S Monday, 03 December 2018 10:24 AM

දැන් අධිකරණය පද්ධතියම විසුරුවමු.

:       264       270

channaMonday, 03 December 2018 04:11 PM

අනිත් තුරුම්පුව වෙන්න ඇති

:       0       8

anandaTuesday, 04 December 2018 03:09 AM

විහිළුවට වත් කියන්න එපා . එකත් කරන්න බැරි නැහැ .

:       1       22

tommy Monday, 03 December 2018 10:25 AM

මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා මේ කරුණ තව දුරටත් උසාවියට බාර නොදී, තමන් විසින්ම සිතා මතා නිවැරදි තීරණයක් ගනී යයි සිතමි...

:       390       313

channa Monday, 03 December 2018 10:27 AM

සිරා ඇනගත්තා නේද? මට දුක අපේ මහින්ද මහත්තයා සිරාගේ ලණු කාලා පීචන් වෙච්ච එක.

:       2802       3720

සරදියල් Monday, 03 December 2018 10:28 AM

ඉඩම් වලට හොර ඔප්පු ලියන්නා සේ, ආණ්ඩුවට හොර අයිතිය පෙන්වීමට එරෙහි වන රිට් නියෝගයක් දී තිබේ. බලෙන් පැහැරගෙන ගොස් දූෂණය කරන්නාසේ ආණ්ඩුව මංකොල්ල කරුවන් විසින් පසුගිය ඔක්තෝබර් 26 එසේ සිදුකර ඇත.

:       453       721

Chris Monday, 03 December 2018 10:28 AM

මේ කල්මැරීම් සහ මුදල් නාස්තිය නතර කරලා මැතිවරණයකට යන්න අවස්ථාව සලසලා දුන්නා නම් රටේ ජනතාව ආණ්ඩුවක් පත්කරගනීවි. ත්‍රස්තවාදී හෙවනැලිත්, පෙරහුරුත් රටේ අනිත් කොනෙන් ඇසෙන නිසා බලවත් ආණ්ඩුවක් ලංකේය ජාතියට ඕනේ වෙලාවක් මේ...

:       2646       7016

Chadnana - AustraliaMonday, 03 December 2018 11:47 AM

ක්‍රිස් මහත්මයා එක එක අයගේ බලයට තියෙන අාසාවට එක එක අයට ඕන ඕන වෙලාවට මැතිවරණ තියන්නේ නැහැ රටක. මැතිවරණය ව්‍යවස්ථාවට අනුව තිබිය යුතුයි. මහින්ද 2015 මහමැතිවරණයෙන් පැරදුණා. එ්ක නිසා ඊළඟ මහා මැතිවරණය තෙක් ඉවසා සිටිය යුතුයි. නැත්නම් ඔය ඉල්ලන මැතිවරණයත් පැරදුනොත් මොකද කරන්නේ?

:       1731       1618

ලසන්තMonday, 03 December 2018 02:46 PM

ඒගොල්ලෝ කියන විදියට පැරදුණාට පස්සේ ඊලඟ මාසේ විසිරුවලා තව ඡන්දයකට යනවා. ඇයි අවුල්ද?

:       4       17

RAJEEVMonday, 03 December 2018 06:31 PM

කෝටි 500ක් මහජන මුදල් වියදම් කරලා මැතිවරණ තියන්න අවශ්‍ය නෑ. අවූරුදු 6ක් ඉවසන් ඉන්න බැරි ඇයි?

:       223       122

tiktik Monday, 03 December 2018 10:30 AM

කොහොම හිටිය, කොහොම ඉන්න තිබ්බ නායකයෙක්ද? බලයට තින පෙරේතකමයි. සල්ලි, පවුලේ අය සමග රජකරන්නයි..

:       311       1311

priya Monday, 03 December 2018 10:42 AM

රටේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වැදගත් පියවරක්...

:       2795       3601

මංකොල්ලයට තිත. Monday, 03 December 2018 10:47 AM

ආණ්ඩුව මංකොල්ල කෑ මැරයන්ට නියම දඬුවම දිය යුතුය. එසේ නොවුනහොත් මේ රටේ පාරක තනිවම ළමයකුට, තරුණියකට යා හැකිද?

:       275       555

priyantha Monday, 03 December 2018 10:50 AM

පිස්සෙක් රජෙක් වුනත්, රජෙක් පිස්සෙක් වුනත් එකකි..

:       238       542

naradha Monday, 03 December 2018 10:53 AM

බොහෝවිට මේ අතුරු නියෝගය දෙන්නට ඇත්තේ, මෙහි තීරණයක් අද දුන්නා නම්, එය 7 වෙනිදා දෙන තීන්දුවට බලපෑමක් ඇතිවෙන නිසා විය හැකියි.

:       245       266

jaya Monday, 03 December 2018 10:54 AM

අද සිට 12 වෙනකන් අගමැති කෙනෙක් නැද්ද?

:       239       176

sili bili Monday, 03 December 2018 10:55 AM

සිරිසේන මහත්තයෝ දැන් හරි ඔබ යන්නේ කවදාද ?

:       278       317

Amila Monday, 03 December 2018 10:55 AM

මහින්ද මෙහෙම පච කරානේ සිරා සහ රනිල්ගේ උප්පරවැට්ටියක් නිසා කියලත් මතයක් යනවා.

:       243       341

Chandana - AustaliaMonday, 03 December 2018 12:25 PM

අනේ පව්... මහින්ද මොනවත් දන්නේ නැති බබානේ... ඒ විදිහයට රවටන්න.

:       159       135

vipula Monday, 03 December 2018 10:59 AM

තමන්ගේ දරුවන්, බිරින්දෑවරුන් යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාව වගේ රටවල ජීවත්වෙන පිරිසට වඩා, මේ රට වෙනුවෙන් තමන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ වගේම සමහර දෙමව්පියන් ජීවිතයෙන් වන්දි ගෙව්ව උදවියට, රට ගැන සැබෑ කැක්කුමක් තිබෙනවා. මේ කරන දේශපාලන සුදුවට මේ රටේ අහිංසක ජනතාව විඳවනවා.. කරුණාකරලා පිස්සු කෙලින එක නැවත්තුවොත් හොදයි... අපිට තියෙන්නේ මේ රට විතරයි... තනිකරම රට අවුලෙන් අවුලට ගෙනයන අදුරදර්ශී ක්‍රියාවන්ගෙන් පක්ෂ විපක්ෂ සැවොම ඉවත් නොවුනොත් රටට ආදරය ඇති ජනතාවත්, රටත් අඳුරට යනු ඇත. අනිත් උදවිය රට හැර යනු අැත.

:       2       668

Buddika Monday, 03 December 2018 11:01 AM

උත්තරීතර නීතිය මේකයි. බලහත්කාරයට සදා රජ කරන්න බැහැ. මහතැන අනපු දේ රටම අවුල් කළා. දැන්වත් ජනමතයට ඔළුව නමලා ගෙදර යන්න.

:       381       432

d.upul Monday, 03 December 2018 11:05 AM

බොහෝ දෙනෙක් මැතිවරණයක් ඉල්ලනවා. අනේ මන්දා මේ අය මන්දබුද්ධිකද කියලා. මුලින්ම කළ යුත්තේ ජනපති කළ වරද නිවැරදි කරන එකයි. ඉන්පස්සේ මැතිවරණය...

:       261       465

Raawana Monday, 03 December 2018 11:09 AM

සිදුකල අසාධාරණය 5 පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. ඒ වුණාට රට කරවන අයට තේරෙන්නේ නැහැ...

:       244       362

ගමරාල Monday, 03 December 2018 11:14 AM

මංකොල්ලකරුවන්ට යස පාඩමක්...

:       405       497

amali Monday, 03 December 2018 11:23 AM

එතකොට රනිල්මද මෙයා අායෙමත් අගමැති. ඔයාලා හරි නෝටියි අනේ...

:       313       207

nisar Monday, 03 December 2018 11:34 AM

එතුමා මේවට සැලන්නේ නැහැ...

:       403       457

Sira Monday, 03 December 2018 11:36 AM

මෛත්‍රී මහින්දයට හෝල් සේලේ එකේ කෑවා. නියමයි.

:       258       313

Sanka Monday, 03 December 2018 11:45 AM

සත්‍ය ජයගනී. අතිගරු විනිසුරුතුමන්ලාට ජාතියේ ප්‍රණාමය.... හොරුන්ට මහජනතාව රැවැට්ටුවට නීතිය රවට්ටන්න බැරිබව පෙන්නපු ඓතිහාසික අවස්ථාවක්... රටට ජයෙන් ජය!!!

:       489       579

Nuwan Monday, 03 December 2018 11:48 AM

අද පටන් ඒකාධිපති හිටං...

:       236       195

චමින්ද Monday, 03 December 2018 12:04 PM

දෙවරක්ම ජනපතිගේ තීන්දුවට තහනම් නියෝග ලැබුණා. දැන් කරන්න තියෙන්නේ ජනාධිපති ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් පැවැත්වීමයි.

:       249       337

dias Monday, 03 December 2018 12:07 PM

බමුණුආරච්චි අද දවසම ඇඳ යට හැංගිලා ඉන්නවා කියලයි ආරංචි...

:       307       386

athuraMonday, 03 December 2018 01:45 PM

අන්න කතාව.

:       0       0

De silva Monday, 03 December 2018 12:13 PM

තීරණයට මාගේ උත්තමාචාරය...

:       285       136

rocky Monday, 03 December 2018 12:13 PM

මහින්දව නැති කෙරුවේ, එස්.බී., වාසු දේව, විමල් වීරවංස, ගම්මන්පිල, වලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, පීරිස්, රත්තරන් කාරයා, ආදී කණ්ඩායමයි. ඔවුන්ට අපේ හෘදයාංගම ස්තුතිය පිරිනමමු!

:       290       640

ROHAN DAYADARA paris Monday, 03 December 2018 12:15 PM

19 වන සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණය ස්වාධීනයි. එමනිසා තීන්දු ස්වාධීනයි...!!

:       288       340

parakkramaMonday, 03 December 2018 03:35 PM

අපිත් හිතනවා අධිකරණය දැන් ස්වාධීනයි කියලා. නමුත් දැන් අලුත් සිදුවීම් ගැන බලන කළ එකී ස්වාධීනත්වය එලෙසම රැකේවායි පතනවා හැර අන් කිසිවක් නොමැත.

:       16       3

රවින් Monday, 03 December 2018 12:18 PM

හපොයි !! හත්පොලේ ගාගත්තා නේද? රෑ රුපියල්, දවල් දැනියල් ගේ උපදෙස් අරගෙන වැඩ කරන්න බැහැ. රටක රාජ්‍ය නායකයින් තීන්දු තීරණ ගන්න ඕනේ පරම්පරා ගණනාවක් ගැන හිතලා. මුළු ලෝකෙටම විහිළුවක් වෙන්න නොවේ...

:       239       270

සෙනෙවි Monday, 03 December 2018 12:35 PM

උසාවි විසඳුම් කල් මරමින් ඔය පාර කපන්නේ මිලිටරි ආණ්ඩුවකට වගේ පේන්නේ..

:       236       83

Ashan Monday, 03 December 2018 12:37 PM

මේකේ අදහස් දාල තියෙන ගොඩක් දෙනෙක් කියල තියෙන්නේ නීතිය වැරදියි, කරපු නීතිවිරෝදී ක්‍රියාව හරි කියලා. ලංකාව කවද‍ා හැදෙයිද?

:       76       225

sam Monday, 03 December 2018 12:38 PM

හිටං නට්ටන්...

:       0       183

පිටිගල මිලානෝ Monday, 03 December 2018 12:40 PM

මේ කළ පහත් වැඩේට ප්‍රජා අයිතිය නැතිකර හිරේ දමන්න බැරිද?

:       665       498

සෙනෙවි Monday, 03 December 2018 12:46 PM

රට අරාජික වෙලා කොටින්ට රටෙන් කෑල්ලක් කඩාගන්න නියම අවස්ථාව පෑදිලා තියෙන්නේ...

:       915       710

dadi Monday, 03 December 2018 12:49 PM

පව් අනේ මහින්ද... නානවා ඉවරයක් නැහැ. දැන්වත් ගෙදර යන්න.

:       720       599

බද්රානි Monday, 03 December 2018 12:51 PM

මෙම තීරයේ පලකරන ඉතාම කෙටි නිවැරදි අදහසක් කෙරෙහි මගේ සිත යොමු වුණා. ප්‍රියන්ත මහත්මයා විසින් තබා තිබූ ඒ වැදගත් අදහස, ඔහුට ගරු කිරීමක් ලෙස හා ඊට එහා මට ලියන්න යමක් නොමැති නිසා එම අදහසම මමත් ලියමි. "පිස්සෙක් රජෙක් වුනත්, රජෙක් පිස්සෙක් වුනත් එකකි" පිස්සෙකු විසින් සිදුකළ කඩු හරඹය හෝ මඩු වලිගය වැනීමේ ආදීනව මේ වනවිට අපි භුක්ති විඳිමින් සිටියි.

:       1685       717

dias Monday, 03 December 2018 12:58 PM

මහින්ද මහතා දැන්වත් ඉල්ලා අස්විය යුතුයි. පුතාව ඔය තැනට පත් කරන්න. ඔහු අවුරුදු 3න් හොඳ නායකයෙක් වේවි...

:       116       113

Ajith NissankaMonday, 03 December 2018 03:03 PM

අනේ ඔව්! අර බාප්පාගේ සුදු වෑන් සමාගමත් නාමල් බේබිට ඔය ගමන්ම අරන් දෙන්න!

:       0       0

මංජුල Monday, 03 December 2018 01:36 PM

බැටින්ද? ෆීල්ඩින්ද? කියන එක අදාළ නෑ. මහින්ද මහත්තයා මැච්‍එකේ ඉන්න කල් රට ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන්. අපි ඔබතුමා සමගයි.

:       784       914

Sanjaya Monday, 03 December 2018 02:04 PM

මේක තමයි නියම වෙලාව රනිල්ට උදව් කරලා ෆෙඩරල් ගන්න.

:       739       837

Nimal Monday, 03 December 2018 02:05 PM

ආණ්ඩුවක් නැති එකේ දැන් මොකටද අපි ටැක්ස් ගෙවන්නේ?

:       0       353

Chamara Monday, 03 December 2018 02:08 PM

සිංහල බෞද්ධයාට විරුද්ධව නඩු තීන්දු විනිසුරුවරුන් අතරින් මෙම විනිසුරුවරුන් ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. ඥානසාර හිමි හිරගෙට යැවීමට තීන්දුව ලබා දුන්නේද? මෙම විනිසුරුවරුන් දෙපලමයි.

:       2510       2136

චමින්දTuesday, 04 December 2018 12:47 AM

චාමර මහත්තයෝ පක්ෂ කඩතුරාවට මුවාවී අධිකරණයට අපහාස කරන්න එපා

:       36       15

Rasika Monday, 03 December 2018 02:39 PM

ව්‍යවස්ථාවට සම්බන්ධ කාරණාවලදී තීන්දු දීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. තමන්ට අයිති නැති තීන්දුවක් දෙන්න ගිහින් මේ වෙලාවේ අභියාචනාධිකරණය ඇදගෙන නාලවගේ.

:       2       16

Chanak Los Angeles Monday, 03 December 2018 02:45 PM

කඩේ යන අය මේවා දැකලා උන ගනීද දන්නේ නැහැ ?

:       1       1

Don Monday, 03 December 2018 02:55 PM

12 වෙනිදාට ශ්‍රීලන්කන් යානාවකින් ගෝල බාලයන් සමග උසාවියට එන්න...

:       95       150

බිෂන් සලිහීන් Monday, 03 December 2018 02:56 PM

පර්සි මහින්ද යනු බලලෝභයෙන් පෙලෙන පුද්ගලයකු බව මනාවට පෙනේ... අභියාචනාධිකරණය දුන් තීන්දුව පිළිගන්නේ නැතිලු. කාට කියන්නද මේවා...? රටට හෙන ගහලා ගියත් කමක් නෑ. මේ අයට ඕනේ බලය ගන්න.

:       931       1350

Rata Perata Monday, 03 December 2018 03:17 PM

මහින්දගේ නඩු ටික දැන් අහන්න පටන් ගන්න පුළුවන්. ඕකටනේ මේ සෙල්ලම් ඔක්කොම දැම්මේ.

:       0       0

Banda Monday, 03 December 2018 03:18 PM

මෙතන සිටින පිරිසෙන් 1% ක් වත් මෙම තීන්දුව හරියට කියවා තේරුම් ගෙන නැහැ. මෙයින් මහින්ද ඇතුළු පිරිස වරද කරුවන්වත් රනිල් ඇතුළු පිරිස නිවැරදි කරුවන්වත් කියා තීන්දුවක් දී නැහැ. එහෙත් මෙම නඩුවිභාගය අවසන් වනතුරු තනතුරු වල රැදී නොසිටීමට සාමාන්‍ය නිතිය යටතේ නියෝග කර ඇත. තේරුම් නොයාම අහඹු සිදුවීමක් නම් නොවේ. තමන් වෙත ආ බොරු කොටි ගණන් විස්වාස කර ලැබෙන සුළු වෙනසක් බලාගෙන, මුළු රටම විනාස කරන යහපාලන හොරුන්ට ඡන්දය දුන්න මේ වගේ ගොන් හරක් ටිකක් ඉන්න රටක් නේ මේක.

:       3       40

athuraTuesday, 04 December 2018 12:46 PM

එහෙනම් යහපාලන හොරු... රාජපක්ෂ සුද්ධ වන්තයෝ....

:       0       0

ruchi Monday, 03 December 2018 03:19 PM

ලංකාවේ අයට දැන් සනීපෙට නින්ද යයි. ඕකනේ ඕන කිවුවේ. රට විනාශ වුනාට කමක් නැහැ නේද මචන්ලා.

:       1       0

sandy123 Monday, 03 December 2018 03:34 PM

ජනාධිපති ලිද ලග... බාල්දිය පාර්ලිමේන්තුවේ....

:       5       11

amitha Monday, 03 December 2018 03:55 PM

කාටවත් ආණ්ඩුව ගෙනියන්න බැරි වෙයි. 2015 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵල දැන් වලංගු නැහැ. 2018 මැතිවරණයෙන් එක පැහැදිලියි. මහ මැතිවරණයකට ගොස් ජනතාවට ඉඩ දෙන්න​.

:       10       26

Ranjan Tuesday, 04 December 2018 12:29 AM

මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන යාමේ අභිමතානුසාරී බලය අවසන් වශයෙන් පැවරෙන්නේ විධායක ජනාධිපතිවරයා හටය.

:       7       20

seya Tuesday, 04 December 2018 12:31 AM

අගේට පිපීගෙන ආපු පොහොට්ටුව තණ්හාවට බලෙන් පුප්පන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් මේ. ස්වර්ණ හංස ජාතකය මතක් වෙනවා.

:       6       26

Ranjan Tuesday, 04 December 2018 12:36 AM

මේක තමයි යහපාලනයේ ප්‍රතිපල.

:       20       18

maraya Tuesday, 04 December 2018 01:21 AM

සිංහලයා දන්නේ නැහැ, තමන්ගේ වල තමන් විසින්ම කපමින් සිටින වග. මහින්ද හෝ රනිල් නොව රටට වෙන විපත බලන්න. ඡන්දයක් ඉල්ලන්න සිංහලුනේ, ඒක තමන්ගේ දුවාදරුවන්ට ලබාදෙන හොඳම දේ. පාට කන්නාඩි ගලවන්න.

:       9       30

vidya Tuesday, 04 December 2018 01:39 AM

කරුණාකරලා ශ්‍රී ලංකාවේ සුභ සිද්ධිය සලකා කරුණා කරලා අයින් වෙලා යන්න . රනිල් මහත්තය ආපසු ඇවිත් වැඩ බාර ගෙන රටේ යහපත සලකා නැවත මැතිවරණයක් පවත්වා නැවත පාර්ලිමේන්තුවක් හදා ගන්න දිනන යට පුළුවන්. පුටු වලින් පොත් වලින් මිරිස් කුඩු වලින් පාර්ලිමේන්තුවට අගෞරව කරන අය එලවලාම දමන්න. අනාගතයේ පාර්ලිමේන්තුවට තිබු ගෞරවය භික්ෂුවට තියන ගෞරවය සදහටම කෙලෙසී යන වගයි පෙනෙන්නේ.............

:       24       20

rohani Tuesday, 04 December 2018 03:40 AM

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේකට දාලා නිකන් සවුත්තු කෙරුවා. අපරාදේ.

:       30       33

as Tuesday, 04 December 2018 05:00 AM

ඔය 225 ගෙදර යවන්න ඔය යක්කු කරන දෙයක්වත් දන්නා දෙයෙක්වත් නැහැ..... බොරුවට සල්ලි නාස්ති කරනවා නිලධාරින්ට වැඩි වැටුපක් ගෙවල වැඩ ටික කරගත පුළුවන එකෙන් වැඩෙන රටට හොදකුත් වේවි.........

:       0       20

චමින්ද Tuesday, 04 December 2018 10:58 AM

අමිත මහත්ත‍යෝ 2015 මැතිවරණ ප්‍රතිපල දැන් වලංගු නැත්නම් එක්දහස් නවසිය අසූ ගණන්වල ශ්‍රී ලංකාව දිනූ ලෝක ක්‍රිකට් සූරතාවත් දැන් වලංගු නැහැ.ඉන් පසුව වාර ගණනක්ම ලංකාව පැරදුනු නිසා

:       0       0

සිග් සැග් Tuesday, 04 December 2018 12:19 PM

අනේ මන්දා... මේ කට්ටිය කූරියා ගහන්නේවත් නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2279 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 659 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1123 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 980 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 706 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2157 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site