මහරගම නාවින්නේදී බිරිය හා දියණිය මරුමුවට පත් වූ ලොරිය පැදවූ පියා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් දීප්ති ලියනගේ මහතා නියෝග කළාය. කාර්මිකයකු වන එස්.ඒ.අජිත් ප්‍රියංගට එසේ ඇප නියම විය. ඔහුගේ රියදුරු බලපත්‍රය උසාවි බාරයට ගත් අතර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ලංගම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවමංගල්‍ය කටයුතු කරගන්නේ කොහොමද කියලාවත් නීතිය හිතුවේ නැද්ද? (නි)
උසාවිය ගත් ක්‍රියාමාර්ගය අගය කරනවා.. ඒ මනුස්සයා මොන තරම් වේදනාවෙන් ඇද්ද?(නු)
අපි දන්න විදියට නම් අනෙක් පැත්තෙන් ආපු බස් එක වැරදි පැත්තෙනුයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන ගැළවෙන්නයි එයා අනෙක් පැත්තට කපලා තියෙන්නේ. (නි)
මෙවන් අනතුරු නොවේවා (දී)
එයාටත් පොඩ්ඩක් සැළකුවා නම් ඇත්ත කියයි. (නි)
අත් අඩංගුවට ගත යුත්තේ ඒවගේ ඇත්ත තත්වය වසන් කර කාඩ් බෝඩ් පෙට්ටි වැනි ලොරි නොවන ලොරි විකුණන්නන්ය (ස)
මොකද්ද ඇත්ත කියලා ටික දිනකින් දැන ගන්න ලැබේවි. එතෙක් ඉවසන්න. ඇත්ත නොදැන කාටවත් චෝදනා කරල වැඩක් නෑ. (ස)
ඇප දෙන්නෙ මිනිස් වටිනාකමට නෙමයි.. උසාවි එන්න කියලා සහතිකයක් වශයෙන්..!(නු)
අද කාලේ හුගක් රියදුරන් වාහන පදවන්නේ "ඔන්න, පුලුවන් නම් බේරෙන්න" කියන මානසිකත්වයෙනුයි. (නි)
මම නම් කියන්නෙ එයාට ලොරියක් පදවන්න බලපත්‍රයක් නැතිව ඇති... මොකද ගොඩක් අය එහෙම ඉන්නවා..!(නු)
හදිසි අනතුරක් වුවත් මෙය රියැදුරුගේ නොසැළකිල්ලයි. (නි)
අපට වඩා දුක තියෙන්නේ රියැදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. (නි)
හදිසි අනතුරකදී කෙනෙක් මිය ගිය විට වාහනය පැදවු රියදුරු සති දෙකක් රිමාන්ඩ් භාරයට පත් කරනන් මහේස්ත්‍රාත් තුමියට අමතක උනාද? මේ නීතිය බලපාන්නෙ පොඩි මිනිහාට පමණද?(නු)
මේක හදිසි අනතුරක්. අපට වඩා දුක තියෙන්නේ රියදුරාට. මොකද මියගිහින් තියෙන්නෙ බිරියයි දරුවයි. ඒ නිසා තවවරක් හිතලා අදහස් දක්වනවා නම් හොදයි. (නි)
මේක හදිසි අනතුරක්.. අපට වඩා දුක තියෙන්නේ රියදුරට මොද මියගිහිං තියෙන්නෙ බිරිදයි දරුවයි ඒ නිසා දෙපාරක් හිතල අදහස් දක්වනවානම් හොදයි..!(නු)
ඇයි සෙනරත්.. ලක්ෂයයි ලක්ෂයයි දෙලක්ෂයි.. එතන ජීවිත දෙකක් නේ ඉතිං හරිනේ..(නු)
මේ දවස්වල පියවරුන් අතින් බොහෝ අඹු දරුවන් මරණයට පත් වෙනවා..!(නු)
ජීවිත දෙකක වටිනාකම ලක්ෂ දෙකයිද? (නි)