හැටන් යමින් සිටි පිරිසක තරුණයන් පස් දෙනකු නාවලපිටිය පොල්ගම්පලදී මහවැලි ගගේ දිය නාන්නට ගොස් වතුර පෙවීමෙන් රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
රෝහලේදී ඔවුන් මිය ගිය බව නාවලපිටිය රෝහල් ප්‍රකාශකයකු පවසයි. මියගිය අය මහනුවර උඩුනුවර වටදෙණියේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ වටදෙණියෙ පදිංචි සමන් දිසානායක (23) සුමිත් තෙන්නකෝන් (20) කසුන් සඳරුවන් කුළතුංග (26) , චමින්ද බණ්ඩාර (29) ඔහු ගුවන් හමුදා සෙබළෙකි. රියැදුරු ජනිත් මධුෂංක නවරත්න (22) යන පස් දෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් කැකිල්ලේ කථා නොකිය කියන්න ඕන දේ කියන්න.. වරද අධ්‍යාපන ක්‍රමේ, කොළු කමේ නෙවෙයි, රට වටේ මුහුද තියන් පීනන්න බැරි, ප්‍රථමාදාර නොදන්න සමාජයක් බිහිවීමේ වරද.. (ස)
නාන්න හොද නැති තැන්වල බෝඩ් එකක් දැම්මා නම් ඉවරයිනේ. (නි)
මට නම් මෙතන දැක්කහම නාන්න තියා බහින්නවත් හිතෙන්නේ නැහැ. (නි)
කණගාටුයි. ඒත් මොනවා කරන්නද? (නි)
මේචචර අනතුරු වෙද්දී ඇයි මෙයාලා ගගට බැස්සේ? (නි)
ට්‍රිප් යන විට නාන්න තියෙන්නේ පුදුම උනක්. ගෙදර ගිහිල්ලා නාගත්තා නම් මොවුන් අදත් ජීවත් වෙනවා. වැලි ගොඩ දාන නිසා දැන් හැම තැනම වලවල්. (ස)
නාවලපිටියේ පොල්ගම්පොල කියලා තැනක් නැහැනේ..!(නු)
නාවලපිටියේ පොල්ගම්පොල කියලා තැනක් නැත.!(නු)
මේ වගේ අනතුරුවලින් හැම වාරයකදීම විශාල තරුණ ජීවිත සංඛ්‍යාවක් නැතිවෙනවා.. මත් පැන් නිසා.. අපේ අය ඔක්කොටම කලින් කරන්නේ මත් පැන් බොන එකනේ.. අපරාදෙ වටින ජීවිත පහක් .. ගම්පොල අය වෙලත් නාවලපිටියෙ මෙතන නාන්න හොද නැහැ කියලා නොදැන හිටපු එක කණගාටුවට කරුණක්..!(නු)
පීනන්න පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්ම... පාසල්වලටත් විෂයක් ලෙස පිහිණුම් තිබෙනවා නම් හොඳයි.. මේවා වෙන්න ඒක නිසයි කියලයි හිතෙන්නේ.. (ස)
රවිනාත් සහතික ඇත්ත... මම උසස්පෙළ ජීව විද්‍යාව ඉගෙන ගත්තත් කිසිම ප්‍රථමාදාරයක් දන්නේ නැ... ඔන්න ඕකයි තත්වේ.. (ස)
තැන නොතැන නොදැන අපරාදෙ ජීවිත පහක් නැති වුණා..!(නු)
රට වටේටම මුහුද තිබිලා.. රට හැමතැනම ගංගාවල් තිබිලා කී දෙනාද පිහිනන්න දන්නේ.. මාත් දන්නෙ නැහැ.. වෙන රටවලට ගිහාම අපි ලැජ්ජා වෙනවා.. මේකයි අපේ අධ්‍යාපනයේ තත්ත්වය..!(නු)
ඔබසැමට නිවන් සුව! (නි)
මෙතනට කියන්නේ වැලිගම්පොල
මෙතනට කියන්නේ වැලිගම්පොල කියලා.. මෙතන සාමාන්‍යෙයන් නාන තොටුපොලක්..!(නු)
මම හිතන්නේ පොල්ගම්පොල නෙවෙයි වැලිගම්පල මේ සිද්දිය වෙලා තියෙන්නේ (ස)
අනේ පව් පීනන්න දන්නේ නැත්නම් යන්නේ මොකටද ? (ස)
හොද සිහියෙන් නෙමෙයි වෙන්න ඇති ඉන්න නම් ඇත්තෙ.. කොහොම උනත් බොහොම කණගාටුයි..!(නු)
මේ තරුණයන්ගේ දෙමව්පියන්ට කොයි තරම් දුකක් ඇත්ද? උපදින ආත්මයකවත් මෙවන් අකල් මරණ නොවේවා.. නිවන් සුව අත්වේවා..!(නු)
රුවන්, ඔබට ස්තූතියි. තව දන්න දේවල් කියලා අපිව දැනුවත් කරන්න. (නි)
එක් කෙනෙක් නොව පස් දෙනෙක් ගොඩ අරගෙන ප්‍රථමාධාර දෙනවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. (නි)
ලංකාවේ සෑම පාසලකම පිහිනීම විෂයක් හැටියට ඉගැන්විය යුතුයි. (නි)
කොල්ලෝ මෙහෙම වුණාට කෙල්ලෙක්ව දියේ ගිලුණොත් තරුණයින් රොත්තක් ඒවි උදවු කරන්න. (නි)
සාලින්ද ලංකාවේ නෙමෙයිද.. බෝඩ් දාලා තියෙන තැන් වල ඕන තරම් නානාවා.. හෙල්මට් නැතිව බයික් පදිනවා... කුඩා දරුවෝ වාහනවල ඉස්සරහ තියන් යනවා. මේක ලංකාව (ස)
ඔබ සියලුම දෙනාට නිවන් සුව ඇත වේවා (දී)
මේ අයගේ දෙමවුපියන්ට මොනතරම් නම් දුකක් ඇද්ද? (නි)
අපේ තරුණ පරම්පරාවට කොච්චර කිවුවත් වැඩක් නැහැ. (නි)
කොච්චර කිවුවත් අපේ මිනිස්සු ඉතින් යමක් අහන අය නෙමෙයිනේ. (නි)
ඇයි මේ කවුරුවත් බේරුණේ නැත්තේ? :P (නි)
අනේ මන්දා මේ ළමයි නම්? (නි)
අනිච්චාවත සංඛාරා! (නි)
මෙයාලා මියගොස් ඇත්තේ රෝහලේදී නම් ලොකු අවුලක් තියෙනවා. ප්‍රථමාධාර දන්න එක්කෙනෙක් හිටියානම් මේ ජීවිත 5ම බේරගන්න තිබුනා. එවැනි සරල ප්‍රතමාධාරයක් වත් නොදන්න පරපුරක් බිහිකරන නිදහස් අධ්‍යාපනයෙන් ඇති පලේ මොකක් ද කියලා මටනම් තේරෙන්නේ නෑ.(නදී)
තැන නොතැන බලලා නාන්න යන එකයි වැරැද්ද.(නදී)
නොසැලකිලිකම විනාශයට මුලයි (අ)
රෝහලට ඇතුළත් කරලා මියගියා කියන්නේ, දොස්තරලාගේ තියෙන නොසැළකිල්ලද? (නි)
රවිනාත් හරි. මෙහෙම දේකදි රෝහලේදී මැරෙනවා කියන්නේ ප්‍රථමාධාර දන්න එක්කෙනෙක්වත් ඉදලා නැද්ද? මීට අවුරුදු 10 යකට පමන උඩදී අපේ පාසැල් වල ප්‍රථමාධාර පිළිබදව ඉගැන්වූවා. දැන් ඒවා නැහැ. හරිම කතගාටුයි.(නදී)
මට නම් පුදුමයි මෙයාලට මෙච්චරටම ජීවිත වල වටිනාකම ගැන අවබෝධයක් නැති එක. (නි)
ඔව් ප්‍රභාත්. අපිත් පාසැලේ දී ප්‍රථමාධාර ඉගෙන ගත්තා. අධ්‍යාපනයේ ඉන්න අය ඒවා විෂය නිර්දේශයෙන් ඉවත් කරලා වගේ. සෑම සිසුවෙකුටම සෞඛ්‍ය විෂය සමග ප්‍රායෝගිකව ප්‍රථමාධාර ඉගැන්විය යුතුයි. දියුණු රටවල අනිවාර්ය අධ්‍යාපන අංගයක් වූ ප්‍රථමාධාර අපේ රටේ කප්පාදු වෙන්නේ මෙරට කිසිම විපතක් සිදු නොවන කලාපයක පිහිටා ඇති බව අධ්‍යාපන ලොක්කන් විසින් තීරණය කර ඇති නිසා ද? (නි)
සුරා පානය කරලද ඉදලා තියෙන්නේ? (නි)
මේ මැරුණ පස් දෙනාම අපේ ගෙවල් ලග මැරුනේ. හොදටම මත්පැන් පානය කරලයි හිටියේ. එක් අයෙක් බේරුනා. ප්‍රථමාධාර දුන්නා. ඒත මම හිතන්නේ ඒ වෙනකොටත් මිය ගිහින්. ඒ මොහොතේ ගග ලග කව්රුත් ඉදලා නැහැ. මල්ලි කෙනෙක් මේක දැකලා තියෙනවා. ඒත් ගොඩ වෙලාවක් මෙයාලා වතුරේ ගිලිලා ඉදලා.(නදී)
මේක සිද්ධ වුණේ අපේ ගෙවල් ළග. මල්ලී කෙනෙක් දැකලා තමයි කෑගහලා මෙයාලව ගොඩට අරගෙන තියෙන්නේ. (නි)
අයියෝ! අපරාදේ කොල්ලෝම පහක්... (නි)
මෙය නම් නොදන්නාකමින් සිදුවූ ලොකුම අපරාධයක්. ලොකු ප්‍රථමාධාර දැනගැනීමට අවශ්‍ය නැත. වතුරේ ගිලී ගොඩගත් විටම ඉතා ඉක්මනින් මුනින් හරවා පිට තදකර හෝ කකුල් දෙකෙන් උස්සා පපුව තදකර හෝ පෙනහළුවලට ඇතුලුවූ වතුර ඔවුන්ගේ මුවින් ඉවත් කිරීම මූලික අවශ්‍යතාවයයි. ගොඩගත් අය මේ දෙය කළා නම් අද ඔවුන් පස්දෙනා අප අතර ජීවත්ව සිටිති. (නි)
සිංහලයා වැඩිපුරම නැතිවෙන්නේ බීමත්කමිනුයි. (නි)
රුවන් ඔබලාගේ ගමේ අය මෙයාලා බේරගන්න ලොතු උත්සාහයක් ගන්න ඇති. ඒ සඳහා ස්තූතිය ඔබට හිමියි. පුවතේ සඳහන් වෙන්නේ ඔවුන් රෝහලේ දී මිය ගිය බවයි. පෙවුන ජලය ඉවත් කර කෟතිම ස්වසනය සහ හෘද සම්බහනයෙන් සිහි මුර්ජා වුන කෙනෙකු යථා තත්වයට පත්කල හැකියි. රොහල්ගත කල යුත්තේ ඉන් පසුවයි. හදිසියකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන අවබෝධය අපේ සමාජයට නෑ. බීමත්කම නිසා මෙවැනි අනතුරු වැඩිවෙන බව සත්‍යයක්. බීමත් කෙනෙක් අනතුරකට මුහුන දුන් විට සමාජය උදවු කරන්න ඉදිරිපත් වෙන්නේ අකමැත්තෙන්, අඩුවෙන්. මෙය නොබොන මිනිසුන් සිටින රටක් නොවේ. බීමත් වුනත් නැතත් අකතුරට මුහුන දුන්නේ අපේ සහෝදරයෙක් බව සිතා කටයුතු කිරීමයි වැදගත්. මොවුන් මියගියේ රෝහලේ දී බව වෙනත් පුවත්පත් ද වාර්ථාකර තිබේ. ඔක්සිජන් නොලැබී ගතවන සෑම මොහොතක්ම, හෘදය අක්‍රීයව ගතවන සෑම තත්පරයක්ම රෝගියා මරනය කරා ගෙනියනවා. අපි බේරාගන්නේ ජීවිතයක් බව සිතා සැලකිල්ලෙන් සහ වේගයෙන් කටයුතු කලයුතුයි. මෙවන් අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය පිලිබඳ මහජනයා දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමයි. (ස)
කව්රුත් පීනන්න ඉගෙනගත්තොත් මේවගේ වෙලාවක දී වටිනවා නේද (ස)
කව්ද දන්නේ මේ අය බීලද කියලා (ස)
ඔව් දැන් අධ්‍යාපනයේ තියෙන්නේ එකිනෙකාව පරද්දලා ඉදරියට යන තරඟයක් මිසක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් නෙවෙයි. (ස)
අපරීක්ෂාකාරී වැඩ කරන්න යනවට හොද පාඩමක්. (නි)
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. මෙවැනි ගමන් යනවිට වැඩිහිටියන් සහභාගී කරගෙන යා යුතුයි. වර්තමාන පාසලේදී ප්‍රථමාධාර ඉගැන්වීමේදී යම් අඩු පාඩුවක් තිබෙන බව නම් සිදුවෙන ව්‍යසන දෙස බැලූ විට පෙනේ. (නි)
නොදන්නා තැන්වල වතුරට බහින විට ඉතාමත් පරිස්සම් විය යුතුයි. (නි)