තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට මිය ගිය සාමාජිකයන් ප්‍රසිද්ධ ස්ථානවල සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් වල සැමරීමට කිසිදු තහනමක් නැති බවත් යාපනය අණ දෙන නිලධාරි මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා යාපනයේ පුවත්පත් සාකච්ජාවකදී පැවසීය.
මාධ්‍යෙව්දීයකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ගිය වසරේ යාපන සරසවියේ සිසු පිරිසක් ගිය වසරේදී සරසවිය ඇතුළේ මහවිරු දිනය පවත්වමින් සිටි බවයි. එවැනි දේට ඉඩ දිය නොහැකි බව ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම්, කේ.පී, කරුණා, පිල්ලෙයාන්.(නදී)
ඒ වෙනුවෙන් පින්කම් කරන්නත් බැරිද(දී)
ඔය දේ විශ්ව විද්‍යාලයක වුණා නම් මේක පිටිප්සසේ ඉන්නේ කවුද කියලා ආයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
ඔබතුමන්ගේ තීරණය හරි. (නි)
තහනම් සන්විධනයක් නේද (දී)
හරක් මර මර ලේ ගගා බිම ඉඳුල් කරමින් ලක පුරා හිඟාකන්නට මෙහේ ආ උන් අපට පෙන්නති දැන් කොකා නිදාගත් සිංහයෝ ගොරවා බලන් පිබිදී රණකෙලී නැහී කුමටද පලකො බේරි හෙළයො මොරදෙති එඩි පපා ළඟට ආදා සිටම සටනත් පාවා දුන්නලු පෙර දිනේ එහෙව් ගෙරිකුණු ඉන්ට ඉඩදී තවත් නැසෙමුද වෙන් වෙවී රටෙන් කොටහක් ඉල්ලතී බොල අඳෝනා මඩු ඉදිවෙතී මුන්ට යන්නට දෙන්නෙ නැහැ රට, වරෙව් හෙළයිනි පෙළ සැදී එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ... (නි)
අපේ රට ජාතිය විනාශ කළ ඔය සංවිධානයට ඕනෑ ඕනෑ දේවල් කරන්න දෙන්න බැහැ. (නි)
මහත්මයාණෙනි, ඔබ ගත් ක්‍රියාමාර්ගය නිවැරදියි. ස්තූතියි. (නි)
ගෞරවනීය හමුදා නිලධාරියෙක් ලෙස නීතියයි මානුෂීයබවයි අතර තිබෙන වගකීම එතුමා මැනවින් ඉටුකරලා තිබෙනවා. සුභපැතුම්! (නි)
කොටි සංවිධානය තහනම් කරපු එකක් නිසා ඔබගේ නියෝගය හරියට හරි.(නදී)
නියමයි. (නි)
මොකද්ද එකරන්න යන වැඩේ (දී)
පුලුවන් නම් ඇමරිකාවේදී අල්කයිඩා, තලෙයිබාන් අයව සමරන්න කියන්නකෝ. (නි)
සමරන්න එන අයට හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
ඇත්තටම වැදගත් තීරණයක්. ජයවේවා!(නදී)
සමරන්නම දෙන්න හිතෙනවා. රජයේ හමුදාවකට විරුද්දව නේද මෙයාලා අවිගත්තේ.(නදී)
අඩුම තරමේ ගෙවල්වලවත් සමරන්න ඉඩ දීලා තියෙනවනේ. ඉතින් මොනටද වෙන වෙන තැන්වල සමරන්නේ.(නදී)
කොටි සංවිධානය තහනම් කරපු එකක් නිසා ඔබගේ නියෝගය හරියට හරි.(නදී)
ඔව්! එය එසේමයි.(නදී)