අරණායක උස්සා පිටිය රිවිසද ජාතික පාසලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙලේ මීටර් 5000 ඉසව්වට සහභාගී සිටි දහතුන් වැනි වසරේ ශිෂ්‍යාවක ඇද වැටී මිය ගියාය.
දුවද්දී සිහිසුන්ව ඇද වැටුණු ඇය මාවනැල්ල රෝහලට ඇතුළු කරන විටද මිය ගොස් සිටියාය.
අරණායක රහල අනුෂා කුමාරී (17) මිය ගිය ශිෂ්‍යාවයි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වැඩිපුර ළමයිට කොල්ලෝ පිස්සුවනේ.. ඉතින් ඇඟේ ශක්තිය නෑ (ස)
මෙම දරුවා මීටර් 5000 දුර දිවීමට අවශ්‍ය වයස සපුරා නොමැති බව වෙබ් අඩවියක සදහන්ව තිබේ. එය ඇත්තද? (නි)
කරන්නේ කුමක් වුවත් එය උපරිමයෙන් පුරුදු පුහුණු වී කළ යුතුයි. (නි)
පත්තර තුනක වයස් තුනක් දාලතියනවා (දී)
අසිල ඇත්තටම ඔයා හරි. දැන් කාලේ තියෙන්නේ කෑම වල රස විතරයි. කිසිම ගුනයක් නැහැ. ඉතින් කන අයට කිසිම පෝෂනයක් නැහැ.(නදී)
අපේ පාසැල් ක්‍රීඩා තරඟ වැනි ක්‍රියාකාරකම් සෞඛ්‍ය බළධාරීන්ගේ අධීක්‍ෂණය සහ සහයෝගය යටතේ පමණක් කළ යුතු බවට නීති පැනවිය යුතු කාලය ඇවිත්. බොහෝ රටවලට මෙය අමුතු දෙයක් නොවේ. (නි)
ලංකාවේ ළමයින්ගේ ආශ්චර්යය ගැන කිවුවා නේද? මේ තියෙන්නේ ප්‍රතිඵල. අහෝ ඛේදයකි! (නි)
දරුවන්ගේ හිතේ හයිය නිසා තරග වලට ඉදිරිපත් වෙනවා. ගතේ ශක්තිය නැහැ. රටේ පවතින ජීවන වියදමට සරිලන ආදායමක් නැති නිසා පෝෂ්‍ය දායී ආහාර දීමට දෙමවිපියන්ට ආදායමක් නැහැ. ඉදිරියටත් මේ තත්වය වැඩි වෙයි. (නදී)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දියණියනි, ඔබට නිවන් සුව. සසර වසන තුරු මෙවන් අකල් මරණයනට ගොදුරු නොවේවා!(නදී)
අනේ මොනවා වුණත් ලස්සන තරුණ ගැහැණු ළමයෙක්. (නි)
ෂාන් ගෑණු ළමයා දාලා ගියාවත්ද? ඇඟේ ශක්තිය නැත්තේ පෝෂණීය ආහාර හිඟකම (ස)
ෂාන් ඔයාට සහොදරියෝ නැද්ද ??? (ස)
දුකයි මේ වගේ දේවල් සිදු වෙනවිට.. අකාලේ ජීවිත නැති උනාම,එයා ගෙනපු ආයුෂ ඉවර ඇති ඒකයි...(ස)
මින් පේන්නේ නිසි පෝෂ්‍යජනක අහරක් නැති එක තුන්වෙනි දියණිය බිලිදෙන්න පෙර කවුරු කවුරුත් දෙවරක් තුන්වරක් හිතුවොත් තමයි හොඳ (ස)
පාසල් තුල පවත්වන ක්‍රීඩා උත්සව හා එම ක්‍රියාවලියට පිළිබදව කිසිදු විධිමත් ක්‍රමවේදයක් (පුහුණු වීම් හා ක්‍රීඩා සදහා තොරාගැනීමට) පාසල් පද්ධතියට නැතිකම වෙන්න ඕනෑ මේ පෙනෙන්නේ (නි)
මේවාට කවුද වග කියන්නේ (දී)
මට හරිම දුකයි.(නදී)
මට හරිම දුකයි.(නදී)
ළමයින්ට අවශ්‍ය පෝෂණය නැහැ. මේ ගැන ජනමතයක් ඇති කළ යුතුයි. (නි)
මේ ළමයින්ට තරඟ ආරම්භ කරන්න පෙර වෛද්‍ය පරීක්ෂණයක් කර සහතිකයක් අරගෙන හිටියනම් මේ වගේ ඉරණමක් ළමයින්ට අත් වන්නේ නැහැ.. ඔබට නිවන් සුව...! (ස)
මේවගේ අධික ලෙස මහන්සිවෙන තරඟ වලට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කිරීම අනිවාර්ය කරනවානම් කාටත් හොඳයි..(ස)
ළඟකදි ඉඳලා මැරතන් දුවන ගෑණු ළමයි මැරිලා වැටෙනවා.. මේකට හේතුව කුමක්ද ? (ස)
මේක මාර සෙල්ලමක්නේ. දැන් කී දෙනෙක් මලල ක්‍රීඩා කරන්න ගිහිල්ල මැරුණද? ළමයින්ගේ අධිෂ්ඨානයයි උත්සහයයි තිබුනට මදි. ශාරීරික යෝග්‍යතාවය මුලින්ම පරීක්ෂා කලයුතුයි.(ස)
මේකට හේතුව තමයි දීර්ඝ කාලීන පුහුණු වීම් නැතුව ක්‍රීඩා කිරීම.. මෙවැනි සිදුවීම් ගැන ක්‍රීඩා භාර නිලධාරීන්ගේ අවදානය යොමුවන්න ඕන. මෙය මෑතකදි පාසල් තුල සිදුවීමේ ප්‍රවණතාව වැඩි නිසා... (ස)
2013 මැරතන් ක්‍රීඩාවට අපලද.. ? (ස)
දැන් කන්න තියෙන්නේ වසනේ... හිතේ හයිය තිබුණට ඇඟේ හයිය නැහැ. (ස)
ඇයි මේ වගේ දේවල් වෙන්නෙ.. (නු)
ඔබට නිවන් සුව ලැබේවා... (ස)
ඒ කියන්නේ කඩා වැටිලා තියෙන මලල ක්‍රීඩාව තව දුරටත් කඩා වැටෙනවා...? (ස)
පව් අනේ... නිවන් සැප ලැබේවා... !!! (ස)
දියණියනි, ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..!!! (ස)
මේ අද සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය..!(නු)
කුරුවිට 2013 වසර මැරතන් ක්‍රීඩාවට විතරද අපල.. මුළු රටටම අපල කාලයයක් පේනවානේ අහන බලන දේවල් අහුගිය දවස්වලත්....!(නු)
හරිම කණගාටුදායක පුවතක්.. මේ වගේ අකල් මරණ මේ මාසය තුල අහපු දෙවැනි සිද්ධිය.!(නු)
ප්‍රථමාධාර කණ්ඩායමක සහය ලබාගත්තෙ නැද්ද? රෝහලට යනකම් අවශ්‍ය දේවල් කෙරිලා නැහැ කියලයි මට නම් හිතෙන්නෙ..!(නු)
අර යෝගට් කෑව නං කොරන්න මට ඕනෙ දේ, දුවන්න මට ඕනෙ දේ, පනින්න මට ඕනෙ දේ කිය කිය දිව්වෑකිනෙ. ඔය බත් වගේ කෑම කන එකේ වැරදි. අද ඉඳන්වත් පාන් යෝගට් කකා කිරිපිටි බොමු.(නු)
මේ පළවෙනි එක නෙවෙයි නේද..? මතට හැටියට මීට කලිනුත් මෑතකදී මැරතන් දුවපු ගැහැණු ළමයෙන් ඔය විදිහටම මැරුනා. හොයලා බලන්න..(නු)
ප්‍රසන්නගේ කතාව සහතික ඇත්ත. (නි)
සමස්ත ජනගහණයෙන් 30%ක් ගැබිණි මවුවරු රක්තහීනතාවයෙන් පෙළෙද්දී, 35%ක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී මෙවන් පුවත් අරුමයක් නොවේ. (නි)