කොළඹගේආර උඩවලව හම්බන්තොට මාර්ගයේ දෙවැනි අලි වැට පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් ඉදිකර ඇති නිසා උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන්ට දැන් හිඟමන් ඉල්ලීමට පාර අයිනට පැමිණීමට නොහැකි බව වනජීවී නිලධරයෝ කියති. එහෙත් අලි ඇත්තු ජලාශයෙන් පිහිනා විදුලිවැට කෙළවරින් පාර අයිනට පැමිණ හිඟාකෑමට පුරුදු වී සිටිති. එසේ ආ අලියකුට මිනිසුන්ගෙන් හොඳටම කෑම බීම ලැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අප්පා ලංකාවේ අලි ඇතුන්ට ගිය කලක් (ස)
තිලංක ඔයාගේ කතාව ඇත්ත (ස)
මෙවැනි අලි ඇතුන් පමණක් නොව අනෙකුත් වන සත්වයන්ගේත් අහාර රටාවන් විනාශ වන අයුරින් ස්වභාවික පරිසරය ආත්මාර්ථකාමී ලෙස විනාස කරනු ලබන්නේ මිනිසුන් මිස වන සතුන් නොවෙන අතර සතුන් මෙසේ "සිඟා කනවා " යි පැවැසීමට මිනිසුන් වශයෙන් ලැජ්ජා විය යුතුය. මෙයට වගාකිවයුත්තෝ මිනිසුන්මය. (ස)
පුරුද්ද ලොකුයි නේ (දී)
වනයේ ඉන්න අලි හිගාකද්දී, එළියේ ඉන්න අලි කුළල්කාගන්නවා. (නි)
වන්නියේ අලි හිගාකනවා. මෙහේ අලි කුළල් කාගන්නවා. (නි)
දහස් ගණන් අවුරුදු සිට ආ පුරුදුයි වන සත්තුත් අලි ඇත්තුත් අපි සමගයි අලිය වුණත් මිනිසුන්ගෙන් ඉගෙන ගනියි කෑම ටිකක් ගන්නට පෙර නෑම හොඳයි... (නි)
සතුන්ට කෑම දෙන එක ගොඩක් හොඳ වැඩක් (ස)
පමණට වඩා මිනිස් ඇසුර හොඳ නෑ අලි ඇතුන්ට (ස)
සරත් කියන්නේ වන අලි ගැන නේද? (නි)
අපිම තමයි අලින්ට උන් හිටි තැන් අහිමි කරලා, උන්ව යාචකයන්ගේ තත්ත්වයට පත් කළේ. (නි)
ඇයි එයාට කියන්නේ හිගාකෑමක් කියලා? අපිත් එයාට කන්න දීලා තියෙනවා. පවු. (නි)
ඔය සත්තුන්ගේ හැටි ඔහොම තමයි (ස)
අසරණ සතුන් වුවත් කැමතියි රස කෑම කන්න. (නි)
මේ අලියා විදුලි වැට නිසා යන්න බැරිව කොටුවෙලා ඉන්නේ.කෑමක් දුන්නොත් කනවා , පව් අනේ (ස)
මේ විදියට ගියොත් අපිටත් හිගාකන්න තමයි වෙන්නේ. (නි)
මේ හැමදේම කරන්නෙ බඩගින්න නිවා ගන්නනෙ (ස)
මිනිස්සුන්ටත් දැන් වෙලා තියෙන්නේ හිගාකන්න තමයි. (නි)
පින් සිදුවෙනවා. ඒත් ප්‍රවේශමෙන් (නි)
පවු. අපේ අලින්ටත් ගිය කලක්. (නි)
පුරුද්ද විදුලියෙන් න්නවත්වන්න බැහැ (දී)
අනේ පින් සිද්ධ වෙච්චාවේ! (නි)
මෙතනට සංචාරකයින්ගෙන් තියෙන්නේ ලොකු ඉල්ලීමක්, අහල පහල ගම්වල අයටත් කීයක් හරි හම්බකර ගන්න මේක අවස්ථාවක් . හැබැයි වැඩේ බයානකයි (ස)
අලි හිගාකන එක මගේ හිතට නම් ටිකක් විතර හොද නැහැ වගේ. (නි)
අපි වගේම අලියත් හිඟාකන තත්වෙට වැටුණා එහෙනම් (ස)