
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තෙගම මහ මැද්දාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුව යාන්ත්‍රික කියතකින් කපා බරපතල තුවාල සිදුකළ සැකකරුවකු නවගත්තෙගම පොලිසිය විසින් ඊයේ (14) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම මොරගහවැව පදිංචි අයකු බව කියයි.
පොලිසිය පවසන්නේ කලක් පටන් පැවති ආරවුලක් මෙම සිද්ධියට මුල් වි ඇති බවයි.
පොලිසිය පවසන්නේ යාන්ත්‍රික කියතකින් කැපුම් තුවාල සිදුවූ අය මෙම සැකකරු සමග සවස ගැටුමක් ඇති කරගෙන ඇති බවත් ඉන්පසුව සැකකරු නිවසෙ තිබු යාන්ත්‍රික කියත පණ ගන්වා ඉන්පසුව තුවාල ලැබූ පිරිස පසුපස හඹායමින් කපා ඇති බවයි.
බරපතල තුවාල ලැබු දෙදෙනාගෙන් අයකු ගල්ගමුව රෝහලටත්, අනෙක් තැනැත්තා පුත්තලම මූලික රෝහලටත් ප්‍රතිකාර සඳහා යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු යාන්ත්‍රික කියතත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාන්ත්‍රික කියතකින් කැපීමෙන් දෙදෙනකුට තුවාල
Nimal Saturday, 15 August 2020 08:47 AM
අපි දවසින් දවස දියුණුවට යන ජාතියක්නේ... දැන් අපරාධත් යාන්ත්‍රික වෙලා. මේ පුණ්‍ය භූමියක් නේද?
සිරා Saturday, 15 August 2020 10:19 AM
ෂුවර් එකට GTA ගේම් එක ගහපු පොරක්..
Kamal Saturday, 15 August 2020 12:28 PM
නවගත්තේගම කියන්නේ 90% ක් පමණ පොහොට්ටු ඡන්ද දායකයන් සිටින ප්‍රදේශයක්...
Upali Sunday, 16 August 2020 01:59 AM
10%ක අනුවණයිනුත් ඉන්නවනේ...
ramaSunday, 16 August 2020 03:52 AM
කමල්ට ඒකත් දේශපාලනයට ගන්න ඕනෑවෙලා.
සත්‍යපාල සත්‍යපාල Saturday, 15 August 2020 03:11 PM
හිතක්, පපුවක් නැති කාලකන්නි පව්කාරයින්ගේ වැඩ...
ජයන්ත මිලානො Saturday, 15 August 2020 03:29 PM
ඉතාලියේ මාෆියා විරුද්ධවාදීන්ට මාෆියා එකෙන් දෙන භයානක දඬුවම... අත් දෙකෙන් එල්ලලා යාන්ත්‍ර්‍රික කියතෙන් කැපීම...
Wimal Herath -Araachchikattuwa Sunday, 16 August 2020 05:28 AM
නවගත්තේගම කියනකොටම සිහියට නැගෙන්නේ, විමලරත්න කුමාරගම කවියා... ඔහු එකල නවගත්තේගම ආදායම් පාලක නිලධාරී... වර්තමානයේ ප්‍රාදේශීය ලේකම් තනතුර... ඔහු සයිමන් නවගත්තේගමගේ පියා. එහෙව් අතීතයේ ඔය පැත්තේ අයම ඇයි ගුරුවරුන්ව දණගස්සලා තිබ්බේ? එහෙම පරිසරයක ඉස්සර දඬුකඳේ ගහපු අයගෙන් මීට වඩා යහපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?