සුරිච්, මිලාන් හා රෝමය ඇතුළු යුරෝපීය ගමනාන්ත සඳහා වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් නියමිත කාල සටහන අනුව දිගටම සිදුවන බව එම සමාගම කියයි. ඉන්ධන මිල හා නඩත්තු ගාස්තු ඉහළ යාමත් සමග යුරෝපා ගමන් තාවකාලිකව නතර කිරීමට කලින් ගත් තීරණය අවලංගු කළ බවත් දැන් සුපුරුදු පරිදි මිලානෝ හා රෝමයේ ශ්‍රී ලංකන් ටිකට් කාර්යාලවලින් එරට ශ්‍රී ලාංකිකයනට හා වෙනත් අයට සිය ගමන් බිමන් සඳහා පහසුකම් සලසා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගමන් වලින් පාඩු වෙන්න බැහැ හැමදාම යන්න එන්න සෙනග ඉන්නවා කරන්න තියෙන්නේ යන එන ශ්‍රී ලාංකිකයින්ට හොදට සලකන එකයි ඒ හන්දා ශ්‍රී ලාංකිකයින් හොදට සේවය කර අපේ ගුවන් ගමන් ආයතනය රැක ගමු ලාබ ලබන ආයතනයක් කරමු කල කිරිලා වෙනත් ගුවන් ගමන් ආයතනය කරා ගිය මගීන් නැවත ගෙන්වා ගෙන මේ ආයතනය දියුණු කරමු
මල්පෙන්සා ගුවන් තොටුපොලේදී ලංකාවෙ අයට සලකන හැටි නම් අනුමත කරන්න බෑ.ඒකට පිලියමක් යෙදුවා නම් මීට වඩා ලාංකිකයින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත ගෙන්න ගන්න පුලුවන්...
අපිට අපේ ගුවත් සේවාව ගැන ආඩම්බරයි. මොකද ඒ අපේ දෙයක් නිසා. අපි අපේ දේ රැක ගත යුතුයි.
වෙනත් ගුවන් සේවාවල යන ජනතාවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අරන් අපේ ජාතික සේවය ශක්තිමත් කරන්න ඕනි
යුරෝපයේ ජීවත්වෙන සමහර අයට ලාංකික හැගීමක් නැහැ, යුරෝ 10 යේ ලාබයට අරාබි රටවල් හරහා දුක් විදගෙන ලංකාවට එන්නේ.
නියම වෙලාවට ගුවන් ගමන් ආරම්භ කරලා සියළු දෙනාට හොද සේවයක් කළොත් පාඩු වෙන්නේ නෑ. ලාභ ලබන්න පුළුවන්.
ශ්රී ලංකන් එයා ලයින් එකෙන් යුරෝපයට යන්න තියෙන මිළ ගණන් ගොඩක් වැඩියි. ඒ නිසා ශ්‍රී ලාංකිකයො පවා යන්නේ ඉන්දියන් ගුවන් සේවා වල. මේ ගැන අවධානය යොමු කළොත් හොදයි නේද?
ලාංකිකයො ගොඩක් දෙනෙක් එයාර් ලංකා එකෙන් යන්න අකමැති වෙන්න හේතු වෙලා තියෙන දුර්වලතා ඉක්මනින් හදා ගත්තොත් හොදයි නේද?
හ්‍රී ලංකන් එයා ලයින් එකේ අපේ ලංකාවේ අයට සලකන විදිය මම නම් අනුමත කරන්නේ නෑ
යුරෝ 10 යේ ලාබයට අරාබි රටවල් හරහා ලංකාවට යන්නෙ නැහැ.ශ්‍රී ලංකන් එයා ලයින් එකෙන් යුරෝපයට යන්න තියෙන මිළ ගණන් ගොඩක් වැඩියි.(යුරෝ 200/300)අනික අරාබි රටවල් හරහා යන ගුවන් සේවා ශ්‍රී ලංකන් එයා ලයින් එකට කලින් ලංකාවට එන්නේ.මේ දේවල් ගැනත් අවධානය යොමු කළොත් හොදයි.