ඉන්දියාව පුරාම කිසිදා නොදුටු අන්දමේ ක්ෂණික කෝපයක් ඇතිකළ අමානුෂික ස්ත්‍රී දුෂණයක් පසුගියදා නවදිල්ලි නුවරින් වාර්තාවිය.
සිය මිතුරෙකු සමඟ රාත්‍රී චිත්‍රපටයක් නරඹා නවාතැන් බලා ගමන්කරමින් සිටි 23 හැවිරිදි භෞතක චික්තිසා සිසුවියක් මැරකන්ඩායමක බිහිසුණු පහරදීමකට ලක්වූ අතර ඇය අද ජීවිතයත් මරණයත් අතර බලවත් සටනක යෙදෙමින් රෝහල්ගතව සිටින්නීය.
මේ දුෂ්ට අපරාධයට වගකිවයුතු හයදෙනෙකුගෙන් යුතු මැර පිරිස අල්ලා ගැනීමට පොලිසිය තවමත් අසමත්වී තිබීම මහජනය කෝපය උත්සන්න වීමට හේතුවී ඇත.
මැරයන් එම කාන්තාව කෙළෙසා ඇත්තේ " තනියම රාත්‍රී කාලයේ ඇවිදීමේ වරදට" බව පවසා ඇත.
මෙම ඛේදජනක ප්‍රවෘත්ති එළිවීමත් සමග මුළු ඉන්දියාව පුරාම මෙමෙ සැහැසි ක්‍රියාව හෙළා දකිමින් එයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකෙරෙන විරෝධතාවයන් මුළු රට පුරාම ක්ෂණිකව පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විදියට වුණා නම් හැමදාම එයාලට මෙහෙම පාරවල් වලට බැහැලා තමයි ඉන්න වෙන්නේ. (නි)
මෙවැනි දේවල් වළක්වන්න නම් ප්‍රථමයෙන් කළ යුත්තේ පෙළඹවීම් නැති කිරීමයි. මිනිසුන්ගේ අධ්‍යාත්මික පැත්ත හරි ගස්සන්න ඕනෑ. අනේ ඉතින් අපිට කොහෙද අධ්‍යාත්මික පැත්තක්? ඒ වෙනුවෙනුත් අපි දබර කරගන්නවානේ. අනුන්ගේ පල්ලි කඩන්නයි පන්සල් කඩන්නයි. කෝවිල් කඩන්නයි... අපිට වෙලා මදි. (නි)
අපේ රටේ නම් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්. (නි)
උපන් රටට පිටු පානා හෙළයන් හෙළබිමට එපා... (නි)
ලංකාවෙ නම් ඡන්දෙ ඉල්ලන්න එක සුදුසුකමක්. (නි)
ලංකාවෙ නම් දේශපාලනයට මේක සුදුසුකමක් වෙනවා. (නි)
චණ්ඩිනේ, සැගවී ඇති තැනකින් එළියට වරෙවු! (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඉන්දියාවෙත් ප්‍රාදේශීය සභා තියෙනවද? (නි)
ඔයාම කියන්නකෝ රංජිත් අපිටත් ඇහෙන්න. (නි)
ලංකාවෙ මෙහෙම දෙයක් උනොත් අපේ අය කියයි මෙයා මොකටද රෑ පානෙ ඇවිදින්න ගියේ කියලා..!(නු)
වරදක් කියන්න බැහැ. කෝ ඉතින් සම තැන ඉල්ලන කාන්තාවන් (දී)
අහල නැද්ද අවේලාවේ විදි සංචාරය හොද නැහැ කියලා (දී)
ඉන්දියාවට මේක ලොකු දෙයක් උනාට ලංකාවේ අපිටනම් මේවා දිනපතාම ඇහෙන සාමාන්‍ය දේවල් (ස)
අචිනි මොනවද දන්නෙ නැහැ අපේ රටේ ප්‍රවෘත්ති වලින් දිනපතාම අහන්නේ? (නි)
ආදරචන්තයින්ටත් නරක කාලයක් වගෙයි. (නි)
අන්තර්ජාලයට ගොස් ඉන්දියාව ගැන සොයාබලන්න. (නි)
ඉන්දියාවේ මේ දේවල් වෙන්නේ හරිම කලාතුරකින් (ස)
මිනිසුන්ගේ බුද්ධි මට්ටම ගැන කාන්තාවන් ම්ට වැඩිය හිතන්න ඕනෑ. (නි)
ලංකාවෙ නම් මේ වගේ උද‍්ඝෝෂණ කළොත් කදුළු ගෑස් හරි වතුර හරි ගහලා පන්නනවා...!(නු)
තවම සැකකරුවන් අල්ලලා නෑ. ඉන්දියාවේ පොලිසිය නිදි. අපරාධ කරුවන් තවම නිදැල්ලේ.... (ස)
නිතිය යාවත්කාලින විය යුතුයි. නඩු අහන්න දෙයක් නැ .නිසි දඬුවම් දියයුතුය. (ස)
බබෙක් නෙමෙයිනේ (ස)
එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩවලට මුළු රටම පාවො දීම හරි නැහැ. ඒත් කළයුත්ත තිබියදී නොකළයුත්ත කිරීමයි වරද. එහෙම මිනිස්සු මාස දෙකක් තුනක් ඉදලා නිදහස් කිරීම වැරදියි. මිනිහෙක් මරනවට වඩා දරුණු දෙයක් දුෂණය කරනවා කියන්නෙ. මොකද ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම ඉවරයි, ලංකාවේ සංස්කෘතිය අනුව බලනකොට. (නි)
ඉස්ලාම් ගැහැනුන්ට දැඩිව අවවාද කරන්නේ, ගෙදට්ට වෙලා ඉන්න කියලා මේ නිසයි. කාන්තාවන්ට නිදහස ඕනෑවට වැඩිය දෙන්න හොද නැහැ. (නි)
ජනතාව මෙසේ කටයුතු කිරිම අගයමි. මෙවැනි අකටයුතුකම් ලොවෙන් තුරන්වේවා ! (ස)
මේ ලෝකේ ඉපදුන හැම කෙනෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒක පිරිමින්ටද කාන්තාවන්ටද සතුන්ටද කියලා නැහැ. ඒ අයිතිය උදුර ගන්න කිසිම මනුස්සයකුටවත් දෙවියකුටවත් බැහැ. පිරිම පුළුවන් තරම් වැරදි කරලා ගැහැණුව හිර කරනවා. හරි වැරදි මතයක් (ස)
මෙහෙම අයට දෙන්න ඕනෑ රජ කාලේ දඩුවම් (නි)
කණගාටුයි. (නි)
ලංකාවේ ඔය වගේ දෙයක් වෙනවා කියන්නේ තවත් එක සිද්දියක් විතරයි (ස)
ඔන්න ලංකාවේ අයට ආදර්ශයක් ගත හැකි වැඩක්. පුළුවන්නම් ඔවුන්ව අල්ලන්න (ස)
මේ වැඩේ කරපු අය දැනටමත් හිරේ.. බස් රියදුරා ඇතුළු පිරිස.. තව දෙන්නෙක් අල්ලන්න ඉන්නවා..ගැහැණු ළමයා තාම හදිසි අනතුරු වාට්ටුවෙ.. මේ පිළිබද වැඩි විස්තර ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියෙන් දැන ගත හැකිය..!(නු)
ඒ ගැහැණු ළමයා තනියෙන් නෙමෙයිනේ ගිහිල්ලා තියෙන්නේ. (නි)
රාත්‍රී කාලේ චිත්‍රපට බලන්න යෑමනම් හොඳ දෙයක් නෙමෙයි !!!!!!! (ස)
මොන රටේ සිද්ධ වුණත් ලොකු වරදක්. හැබැයි අපේ රටේ වගේමද දන්නේ නෑ (ස)
මට හිනා යනවා... නෑ... ඇඩෙනවා ...... අපේ රටේ නම් මෙහෙම දේවල් හරි ම සාමාන්‍ය දෙයක්.. අපි එච්චරම දියුණු ජාතියක්... (මම කිව්වේ මෙහෙම උද්ගෝෂණ කරන එක සාමාන්‍ය දෙයක් කියලා නෙමෙයි, මෙහෙම අපචාර වෙන එක සාමාන්‍ය දෙයක් කියලයි).... ඒ වුනා ට මොක තමයි ලෝකෙන් ම උතුම් ම රට... (ස)
ලෝකෙ තියෙන හැම වැඩක්ම වෙන ඉන්දියාවෙ වෙන දේවල් දාලා අපේ ලංකාවෙ මිනිසුන් ගෙ සිත් දූෂණය කරන්න එපා..!(නු)
ඉන්දියාවෙත් ආශ්චර්‍යයද !. (ස)
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)
මෙන්න මිනිස්සු. ඒකට ලංකාවේ 1000 කට අතවර කරත් කිසි කෙනෙක් පාරට බහින්නේ නෑ (ස)
ඉන්දියාවෙ මේ වගේ දෙයක් වෙලා සියළු නොම එකතු වීම ගැන හරිම හොදයි.. ලංකාතේ මේ වගේ එකමුතුකමක් තියෙනවා නම් මේ වගේ දේවල් අඩුකරගන්න පුළුවං ලංකාවට ජය වේවා..!(නු)
ජරා වැඩක් (ස)
දිලීප් ඔයා හරි ......ඉන්දියාවේ මිනිස්සු අදහන්න වටිනවා . ඒකට අපේ අය............ (ස)
ඔන්න මේ වගේ දේවල් වලට තමයි ජනතාව නැගී සිටින්න ඕන. (ස)
දිලීප්, ලංකාවේ අයනං කාන්තාවන් 100 කට විතර අතවර කරාම කරන දේ දන්නවද ?? (ස)
ෂරීෆ්, කාන්තාවන් හැමදාම ගෙදර වැඩ කරමින් සිටිය යුතුයි කියලා මේ විසිඑක්වන ශතවර්ෂයේ හිතන්නේ නැහැ... සමහර මැදපෙරදිග රටවල වගේ..(නු)
නීතියක් නැතිකම තමයි ලංකාවෙ නම් හේතුව. (නි)
මොන රක වුණත් තමන් දැනගන්න ඕනෑ රෑ පානේ ගමන් බිමන් හොද නැහැ කියලා. (නි)
ලංකාවෙ එක්කෙනෙක් ඉන්නෙ සීයකට විතර අතවර කරලා පාටිත් දාලා ඡන්දෙත් දිනලා ඉන්නෙ..? (නු)
කෝ මේකේ කවුරුවත් ඉන්දියාවේ ආණ්ඩුවට බැනලා නැහැනේ. ලංකාවේ වුණා නම් ආණ්ඩුවේ තමයි වරද. ඉන්දියාවේ තමයි ලෝකේ වැඩිම කාන්තා හිංසන වෙන්නේ, ගින්නට පැනලා මැරෙන්නේ. මෙහෙම උද්ඝෝෂණ මදි. අඩු තරමේ කෝටි 50ක් වත් පාරට බහින්න ඕනෑ ඉන්දියාවේ වෙන කාන්තා හිංසන තරමට. මේකත් මේ වැඩිපුර ටිකක් කරන්නේ ඉහළ මධ්‍යම පන්තියේ කෙනෙක් නිසා. නැතිනම් කවුරුවත් ගණන් ගන්නෙත් නැතිවෙයි. (නි)
වැඩක් නැහැ ඕවා ගැන මෙහේ කතාකරලා. (නි)
අසරණයින් කබලෙන් ළිපටමයි වැටෙන්නේ. (නි)
ඒකට මෙහේ. කාන්තාවක් 100ක් දූෂණය කළහම සමරනවා...? (නි)
ලංකාවෙත් මිනිස්සු ළගදිම පාරට බහීවි. (නි)
කාන්තාවන්ගේ බිය නැතිවුණ එක තමයි වරද (දී)
ශීලා හරි.. අපි අදහන්නේ බුද්ධාගමනෙ..? අපේ ලංකාවෙ අය මීට වඩා දහස් ගුණයක් සීලාචාරයි..!(නු)