ළමයකු කොළඹ රාජකීය විදුහලට ඇතුළු කර ගැනීම කොළඹ රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අත්සන හොරට ගැසූ බව කියන පුද්ගලයෙක් කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් මෙම 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. සැකකාර මෙහොමඩ් බාවාගේ අත් අකුරු සාම්පල, සැකකටයුතු ලියවිලි පිළිබඳ විශේෂඥයාට යවා වාර්තාවක් ලබා ගන්නැයි මහේස්ත්‍රාත් නියෝග කෙළේය. මෙම ව්‍යාජ ලියවිලි සඳහා ළමයාගේ පියා බාවාට ලක්ෂ පහක් ගෙවා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මොකක්ද දන්නෙ නැහැනේ. (නි)
දරුවන් හොඳ පාසලකට දාන්න, උගන්වන්න දෙමාපියන් වෙහෙසෙන තරම, වැයකරන මුදල පේනවා නේද ??? (ස)
අයියෝ සල්ලි
කවුද දැන් සිරගතකරලා තියෙන්නේ (ස)
වංචාවත් දැන් රාජකීය මට්ටමටම ඇවිත් නේද?? අපේ රට දැන් ඒ අතින්නම් ගොඩක් දියුණුයි (ස)
රාජ වැඩ කාරයා (අ)
මේවගේ රාජකීය වැඩ වලට දෙන දඩුවම් මදි නිසයි මේවා දිගින් දිගටම සිදුවන්නේ. (නි)
බාවා කියන නමටත් කැලලක් (ස)
රාජකීය විදුහලේ වගකිවයුත්තන්ගේ අක්‍රමිකතා ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කීපවරක් විමර්ශන කර ඔවුන්ගේ වැරදි පෙන්වා දී ඇතත් ඒවා තවමත් සිදුවන අතර ගුරුවරියන්ට ඉහළින් සිදුවන ලිංගික බලපෑම් පවා ඊට ඇතුළත් බව කියවෙනවා. මේ ගැන නෙත් එෆ්එම් නාලිකාවේ බැලුම්ගලින් මේ ළඟදී හොඳ හෙළිදරවුවක් කළා. එය අහපු හැමෝටම වැරදිකරුවන් කවුද කියා කටින්ම කියනවා අහගන්න ලැබුණා. අපි ආසයි ඒ වැරදි වලටත් යුක්තිය ඉටු වෙනවා දකින්න. (නි)
මේ විදියට රාජකිය විදුහලට ලමුන් කී දෙනෙක් එනවද. අවසාන ලැයිස්තුව දැම්මට පස්සේ කී දෙනෙක් ඇතුලු වෙලා තියෙනවද? එහෙම වෙන්නේ බොරු අත්සනින්ද නැතිනම් හැබැම අත්සනින්ද? මේ වත් හොයා බලන්න. (ස)