IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රජයෙන් මේ මස සිට සහන මල්ලක්

(රංජන් කස්තුරි)

කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය.

ජනවාරී මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට විශ‍්‍රාමිකයින්ට සහ ආබාධිත සෙබ`ථන්ට මාසිකව රුපියල් 5,000/-ක විශේෂ දීමනාවක් ලබාදෙන බවද අමාත්‍යවරයා කීවේය. සමෘද්ධීලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 3500/-ක මාසික දීමනාව රුපියල් 1000/-කින් ඉහළ නංවන අතර රුපියල් 3500/-ට වඩා අඩුවෙන් ලැබෙන සමෘද්ධී සහනාධාරයද සමානුපාතිකව වැඩිකරන බවද ඔහු පැවසීය.

පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සීයයට 20ත් 30ත් අතර ප‍්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එම පාඩුව පියවීම සඳහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25/-ක අමතර මිලක් ලබාදෙන බවද ඔහු කීය.

ඒ අනුව ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75/-ක සහතික මිලකට මිලදී ගන්නා අතර සහල් මිල ඉහළ යෑම වළක්වාලීම සඳහා අමතර මුදල් භාන්ඩාගාරය දරණ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

දිවිනැඟුම වැඩපිළිවෙළ නැවත ක‍්‍රියාවට නැංවෙන අතර වගාකරන ගෙවතු සඳහා දිරිදීමනාවක් ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පර්චස් 20ට අඩු ගෙවත්තකට රුපයිල් 5000/-ක් ලබාදෙන අතර පර්චස් 20ට වැඩි අක්කර 01ට අඩු ගෙවත්තකට රුපියල් 10,000/-ක දිරි දීමනාවක් ලබාදෙන බවද ඔහු කීය. වගාව සාර්ථක වු බව පෙන්නුම් කළහොත් එම දීමනාව නැවත ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව සෑම වතුකම්කර පවුලකටම මසකට තිරිඟු පිටි කිලෝ 15ක් කිලෝව රුපියල් 80/-ක සහන මිලකට ලබාදෙන බවද ඔහු පැවසී්ය.

සේවක අර්ථ සාදක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරු පවුලකටම එම තිරිඟු පිටි සහනය හිමිවන බවද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව ජනතාවට සහන සැළසෙන එම පැකේජය සඳහා වසරකට රුපියල් බිලියන 229ක් වැයවෙන බවද මුදල් ඇමතිවරයා කීවේය.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000/-ක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87ක් විශ‍්‍රාමිකයින් සඳහා රුපියල් බිලියන 40ක් ගෙවතු සහනාධාරය සඳහා රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් වැයවෙන බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

ජනතාවට සහන ලබාදීමට වැයවෙන මුදල් සොයාගැනීමට බදු ඉහළ නැංවීමක් නොවන අතර ඒ සඳහා වෙනත් ක‍්‍රම උපයෝගී කරගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

අපනයන ආදායම ඉහළ නංවා ගැනීම, විදේශ රැකියා නියුක්තිය වැඩි කරගැනීම, සංචාරකයින් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම ආදී ක්‍රම මඟින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන අතර රාජ්‍ය ආයතන වල වියදම් කපා හැරීමට අපේක්‍ෂා කරන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ඉකුත් 2021 වසරේදී රාජ්‍ය ආයතන වල වියදම කපාහැරීම මඟින් රුපියල් කෝටි 05කට අධික මුදලක් මහා භාන්ඩාගාරයට ඉතිරිකර ගැනීඹට හැකි වු බවද ඔහු කීය.
ජනතාව ආර්ථික පීඩාවෙන් මුදවා ගැනීම සඳහා පස්මහා බැලුම් බලා හොඳම කාලයේදී සහන ලබාදීමට රජය තීන්දු කළ අතර ඊයේ (03) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවු බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඡායාරූපය ළහිරු හර්ෂණ

 



අදහස් (63)

රජයෙන් මේ මස සිට සහන මල්ලක්

Raveendra Monday, 03 January 2022 09:12 PM

ගැහුවත් අච්චු සල්ලි කොළ. හිටු කියලා......... හිත රැවටුනා නේද කොළ ගොඩ දැකලා....... 5000ක් ලැබූ පමණින් ජිවන වියදම අඩුවේද....... රට ගැන හිතපියව් හරකුනේ දැන්වත් ඇස් ඇරලා.....

:       9       141

samTuesday, 04 January 2022 05:08 AM

ලංකාවේ තියෙන හැම එකක්ම කැඩෙනවා, නොරොච්චෝලේ නොකැඩිච්ච දවසක් නෑ, අපේ සල්ලි අච්චු ගහන ප්‍රින්ටර් එක නිකමටවත් කැඩෙන්නේ නෑනේ...

:       0       0

lalTuesday, 04 January 2022 05:26 AM

"ඒ සඳහා වෙනත් ක‍්‍රම උපයෝගි කරගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය." මොනවද ජෙට් එක ගැන කියනකොට කියන්නේත් දුන්නේ කවුද කියලා කියන්න බැහැ කියලයි. මොකක්ද මේ වෙනත් ක්‍රම? ඔක්කොම ඡන්දය දීපු රටේ ජනතාවට වහලනේ වැඩ කරන්නේ? මේක ජනතා අයිතිය කරන්නේ මොකක්ද? කරන්නේ කොහොමද කියලා දැනගන්න එක..? මේකටද ජනවරම් දුන්නේ?

:       0       0

senaTuesday, 04 January 2022 10:35 AM

ඕකට කලබල වෙන්න දෙයක් නැහැ. ඔය ඔක්කොම එක මාසයක් තියෙයි වැඩිම උනොත් දෙකක්.

:       0       7

hesa Monday, 03 January 2022 09:13 PM

ආව්.. මරුනේහ්...

:       35       18

යෝගා Monday, 03 January 2022 09:16 PM

පඩි කොච්චර වැඩි කලත් කමක් නෑ ඔය රාජ්‍ය සේවකයන්ගෙන් හරියට වැඩක් ගන්න. වැඩිපුර ඉන්නේ වැඩ මගහරින අයිස් කඳන්.

:       7       85

ana Monday, 03 January 2022 09:17 PM

ජවිපෙට ඡන්දෙ දෙන්න යාන්තම් හිත හදා ගත්තා විතරයි. දිගටම රැල්ල ඒ පැත්තට තිබුණොත් තව වැඩි කරයි.

:       43       61

Raveendra Monday, 03 January 2022 09:19 PM

විපක්ෂේ හරකුන්ට 5000 මීපැණි ලෙස කියවනේ.... පාලනේ හරකුන්ට 5000 කප්රුක ලැබුනා ලෙසනේ..... පක්කලියන් උඩ පනිමින් කමෝන් ලොක්ක කියන්නේ..... සිලි සිලි බෑග් එකත් ලොකු වැඩිය 5000ටම බඩු ගන්න........

:       6       63

ranjith Monday, 03 January 2022 09:24 PM

ඉතා හොඳ වැඩක්.

:       92       16

ddd Monday, 03 January 2022 09:24 PM

මේවට අහුවෙන්න එපා.

:       12       88

Raveendra Monday, 03 January 2022 09:26 PM

කට කනේ තිබුනත් මේ අපේ බැසිල් අයියාගේ,,,,,, හදවත දන්නවා පුරවැසියන් රැවටුනු බවනේ.... වම් සාක්කුවෙන් දකුණු සාක්කුවට දැම්මානේ..... පසුවයි දන්නේ වම් සාක්කුවේ 5000ක් අඩු බවනේ...

:       5       67

Shan Monday, 03 January 2022 09:33 PM

ඔන්න එනවා අල්ලසක්. දැන් ඉතින් ඕක අරගෙන මෝඩයෝ වෙන්න එපා.

:       5       78

Cisco Monday, 03 January 2022 09:35 PM

නෝට්ටු මුද්‍රණය කරල නම් මේ වැඩේ කරන්න එපා. මොකද උද්ධමනය ඉහල යන නිසා. ගෙවතු වගාවට ආධාර දීම නම් හොද දෙයක්. මේ ගමනම මේවට මුදල් හොයාගන්න ක්‍රමයත් කිව්වනම්…..

:       1       69

kapila Monday, 03 January 2022 09:39 PM

මහජනයාගෙන් මුළු ජීවිත් කාලයම යැපෙන අයට තවත් රුපියල් 5,000 ක්. ඒ පන්දාහත් ගෙවන්න වෙන්නේ මහජනයාට තමයි. බැසිල්ගේ අතින් නොවේ.

:       1       69

sachith Monday, 03 January 2022 09:45 PM

කබ්රාල් තුමාගේ ප්‍රින්ටරේට නිදහසක් තියෙන එකක් නෑ එහෙනම් ඉස්සරහට.

:       2       71

Kumara Monday, 03 January 2022 09:49 PM

මේ රටේ අනාගත දරුවෝ ලෝකෙට ණයකාරයෝ නොකර දැන්වත් යන්න.

:       6       70

siripala Monday, 03 January 2022 11:26 PM

මොන සහන දුන්නද ලබන මැතිවරණයට පෙර මොහු ලංකාවෙන් පිටව යනු ඇත.

:       8       63

Rohana Monday, 03 January 2022 09:50 PM

මේ වැඩේටත් සල්ලි අච්චු ගැහුවා නේද? ආණ්ඩුවට ආදායම් නැතිව මෙවැනි සහන දෙන්න වෙන ක්‍රමයක් නම් නැහැ.

:       5       53

නාමල් බේබි Monday, 03 January 2022 09:53 PM

බාප්ප හිතුවට වඩා දක්ෂයි වගේ...

:       35       8

sampath Monday, 03 January 2022 09:57 PM

අච්චු ගහනවා බෙදනවා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. රුපියල තවත් බාල්දු වෙන එක විතරයි වෙන්නේ.

:       1       53

සඳුන් Monday, 03 January 2022 10:01 PM

සර්, ඕකට වැඩිය හොඳ නැද්ද බඩු මිල අඩු කරා නම්. අපරාදෙ සල්ලි කොළ ගහන්න යන වියදම වත් ඉතුරු කර ගන්න තිබුණා.

:       1       64

Kumara Monday, 03 January 2022 10:21 PM

ඇන ගන්න දවස වැඩි ඈතක නොවේ.

:       3       60

thushara Monday, 03 January 2022 10:24 PM

ඒක මරු. අච්චු ගැහුවා බෙදුවා. තව තවත් මිල වෑඩිවෙනවා.

:       2       54

Narada Monday, 03 January 2022 10:47 PM

අවසාන වශයෙන් හොඳ ආරංචියක්.

:       59       7

ජයන්ත Monday, 03 January 2022 10:57 PM

ඡන්දයක් ලග පාතක වගේ....

:       1       50

bandara Monday, 03 January 2022 11:37 PM

15 ලක්ෂයකට 5,000 ගානේ මාසෙකට 5,000 X 1,500,000 = 7,500,000,000 සෙල්ලන්ද කොල්ලො? රජයේ නොවන පවුකාරයෝ ගෙවපල්ලා ඉතින්.

:       0       67

Perera Monday, 03 January 2022 11:57 PM

සල්ලි අච්චු ගගහා බෙදනවා ඊටපස්සේ උද්ධමනය හඳටත් එහා යනවා.

:       2       58

Shan Tuesday, 04 January 2022 12:12 AM

ඇමරිකන් මොලේ කොහොමද.

:       8       30

Kumara Tuesday, 04 January 2022 12:25 AM

මොළ හතේ පරාක්‍රමේ මේක වෙන්න ඇති.

:       5       52

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 04 January 2022 12:58 AM

ඔයිට වඩා හොඳ නැද්ද ඔය සල්ලි ගහන මැෂින් පවුලකට එක ගානෙ බෙදලා දුන්නා නං...? එතකොට ඔයාලාටත් ලේසියිනේ...!!! 

:       0       0

nihal Tuesday, 04 January 2022 01:50 AM

බැසියා පුළුවන්නම් කරපන්... හරියට බැරිනම් ගෙදර යන්න...

:       0       0

Malika Tuesday, 04 January 2022 01:57 AM

ඡන්දයක් ළඟ එනවා ඇති. අනේ අපේ දුප්පත් මිනිස්ඩු රවටන හැටි... සල්ලි අච්චු ගහලා රට තවත් බංකොලොත් කරනවා. මෙයාලා අයි.එම්.එෆ් එකට නොයන්නේ මෙන්න මේවා නිසා. එ්කෙන් රටට අහිතකර තනි තීන්දු ගන්න බෑ. මෙයාලාට අවාසි වෙනවා ඒකට ගියොත්... කොමිස් ගහන්න බෑ. ඉන්දියාවෙන්, චීනෙන් ණය ගන්නවා. රටේ සම්පත් විකුණලා මෙයාලගේ 10% කොමිස් එකත් අරන් විටින් විට නොයෙක් නොයෙක් බොරු මහජනයාට කියනවා. මහජනයා කෑ ගහන කොට සල්ලි අච්චු ගහලා දීලා කට වහනවා. ආපහු මහජනයාම මේ ණය ගෙවන්න දඟලනවා. මෙයාලා ෂෝක් එකට අවසානයේ ඇමරිකාවට පනිනවා අපේ සල්ලි අරන්. මෙයාලා හැමදාම පෝසත්... රටයි, අපියි හැමදාම දුප්පත්...

:       0       0

Bishan Tuesday, 04 January 2022 02:03 AM

මේක මොලයක්ද බොල...? මේක බමුණුආරච්චි මොලයක්නේ...

:       0       0

Sam Tuesday, 04 January 2022 02:46 AM

ලොක්කා තව ප්‍රින්ටර් එකක් අරගෙන වගේ...

:       0       0

Demuni Uduwara Tuesday, 04 January 2022 03:08 AM

එහෙනම් ගන්න...

:       0       0

Priyantha Tuesday, 04 January 2022 04:56 AM

රූපවාහිනියටත් දේශපාලන හෙන්චයියෙක් දමලා, හොඳ පුද්ගලයාව අයින් කරලා, මිනිස්සුන්ව ගොනාට අන්දලා ඒ පාර සැරසෙන්නේ ඉන්දියාවට ඕන අපිට ඕන නැති පළාත් සභා තියන්නද?

:       0       0

sam Tuesday, 04 January 2022 05:06 AM

ළඟදී ටොන් 102 ක "ප්‍රින්ටඩ් මැටීරියල්" වගයක් උගන්ඩාවට ප්ලේන් එකේ යැව්වා කිව්වා නේද? සල්ලි ප්‍රින්ට් කරගෙන එන්න වෙන්න බැරිද?

:       0       0

Niresh Tuesday, 04 January 2022 05:19 AM

ඕක අරගෙන ගිහින් කොහෙහරි ගහගන්න...

:       0       0

සෑම් Tuesday, 04 January 2022 05:24 AM

මැදමුලනේ පොල් කඩපු සල්ලි වෙන්න ඇති බෙදන්නේ. අසුචි නැවෙන් කෑවට වඩා කෑමක් කන්න වෙන්නේ තව මාස 6 කින්. බදු අඩුකරලා රජයේ ආදායම නැති කරගෙන සල්ලි කොළ අච්චු ගහලා බෙදනවා. කම්බා හොරු සෙට් එක රටෙන් පනින්නේ රටේ කටුත් සූප්පු කරලා...

:       0       0

nalin Tuesday, 04 January 2022 05:31 AM

සල්ලි අච්චු ගහල සල්ලි බෙදල දෙනව, මිනිස්සුන්ට තේරෙන්න ඕනෙ එහෙම උනාම මොකද වෙන්නෙ කියන එක, දැන් බඩු මිල වැඩිවීම රුපියල් 5000 ක් දුන්නට විසදන්න බෑ, ගිය මාසෙ උද්දමනය කීයකින් වැඩිඋනාද? මේගොල්ලොන්ට කවදාකවත් රට ගොඩ ගැනීම පිලිබදව අදහසක් නෑ.

:       0       0

දාස Tuesday, 04 January 2022 05:59 AM

මිනිසුනේ දෙන ඒව ගන්න හැබැයි චන්දෙ දෙන්න එපා, මොකද ඡන්ද ගත්ත ගමන් ඡන්දෙ ගන්න පගාව දුන්න සල්ලි හොයාගන්න බඩු මිල වැඩිකරනවා.

:       0       0

ප්‍රේමසිරි Tuesday, 04 January 2022 06:32 AM

කිසිම නිෂ්පාදනයක් නැතිව අතේ තියෙන වටිනාකම ලොකු නෝට්ටුවෙන් කිසිවක් කරන්න බැහැ .මෙහෙම වුනාම ලංකාවෙ මුදල් නෝට්ටු බෝතල් පත්තර කාරයෝ එකතු කරන පත්තර වලට සමාන වෙනවා .

:       0       0

Bandara Tuesday, 04 January 2022 06:39 AM

හැමදේම ඉතින් රජයේ සේවකයෝ කියන කුම්මැහි, කුසීත කොට්ඨාෂයට විතරයි. එතකොට රටේ අනිත් මිනිස්සු?

:       0       0

Nuwan Tuesday, 04 January 2022 06:42 AM

බදු වැඩි නොකර මේක කරන හතානෝගෙ මන්තරය මොකක්ද?

:       0       0

mp Tuesday, 04 January 2022 06:47 AM

පෙන්ෂන් නොලැබෙන විශ්‍රාමිකයන්ට තියෙන එකම සහනය වූ බැංකු පොලිය තුට්ටුවයි. ඒ මිනිසුන්ගේ ප්‍රාග්ධනය ආණුඩුව භුක්ති වි‍ඳිනවා. ඒ ගැන මොකද කියන්නේ?

:       0       0

Sunil Tuesday, 04 January 2022 07:12 AM

ජනතාව රවටන්න තවත් උප්පරවැට්ටියක්

:       1       5

චරිත Tuesday, 04 January 2022 08:10 AM

ගිය අවුරුද්දේ රටට තිබුන ලොකුම ප්‍රශ්නය කොරෝනා. රටේ නොවැම්බර් මාසේ විතරක් 20000ක් මැරෙනවා කියලා රට විශාලා මහනුවරක් චීන එන්නත වැඩක් නෑ කියලා කිව්වේ. දැන් ඒ ප්‍රශ්නේ එක්තරා මට්ටමකට හරි. සැප්තැම්බර් මාසේ දක්වා මුලු අවුරුද්දටම සංචාරකයෝ ආවේ 38000යි. ඔක්තෝබර් විතරක් 44000යි නොවැම්බර් විතරක් 73000 යි. මේ කොවිඩ් මර්දනය අතින් රජය තරමක් දුරට හරි සාර්තකයි. ජාතක ආරක්ෂාව අතිනුත් සාර්තකයි. මේ දෙකම නිසා සංචාරක ව්‍යාපාරයට සුබයි. වැරදුන ප්‍රධාන තැන පොහොර ප්‍රශ්නය. ඒත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධවල බඩු අඩු වීම හොඳයි

:       8       2

chamara Tuesday, 04 January 2022 08:32 AM

එතකොට EPF නැති ජනතාව කියන්නේ පොහොසත් අයද?

:       0       2

SHARM WARN Tuesday, 04 January 2022 08:51 AM

මේ අර පැන්ඩෝරා පෙට්ටියෙන් ටිකක් අරන් ඇවිල්ලද බෙදන්නේ?

:       3       4

ddd Tuesday, 04 January 2022 09:03 AM

මේ පාර හොඳට හිතලා ඡන්දය පාවිච්චි කරන්න. රට ගැන හිතලා ඡන්දය පාවිච්චි කරන්න

:       0       3

Rohitha Tuesday, 04 January 2022 09:23 AM

ළඟදීම ඡන්දයක් එනවා වගේ.

:       2       2

de silva Tuesday, 04 January 2022 09:35 AM

සහන මල්ලෙනුත් කොමිස් ගහන්න පුළුවන්නේ.

:       1       3

Soma dubayi Tuesday, 04 January 2022 09:39 AM

කොහොමද දැන් බැනපු අයට කට උත්තර නෑ නේද? තව ටික කාලෙකින් මීට වඩා පඩි වැඩි කරලා ජනතාවගේ අතමිට සරු කරනවා

:       10       2

ගමේ එකාලාTuesday, 04 January 2022 10:40 PM

කොහෙවත් ඉන්න වහලුන්ට නම් මොකෝ. දූශිත බලලෝබි බඩගෝස්තරවාදි පවුල් පාලනේ උදවිය නම් පරම්පරා ගානකට ඇති වෙන්ඩ මඩිය ඕනෑවටත් වඩා සරු කරගෙන තියෙනවා .

:       0       0

lal Tuesday, 04 January 2022 10:35 AM

රජයේ සේවකයින්ගෙ පඩි වැඩි කරා කියන්නේ, ඊඟ ඡන්දෙදි ඒ ආණ්ඩුවට බඩුම තමා......

:       1       2

සුරලොව ඇල්මන් Tuesday, 04 January 2022 11:25 AM

සහන මල්ලක් කිව්වම මතක් වෙනවා අපි කුඩා කාලයේ කියවූ උම්මග්ග ජාතකයේ කතා ඇසුරෙන් සැකසූ අග්ගලා මල්ල කියන කථාව එම මල්ල අතැතිව සිටි බමුණාට වෙච්ච දේ වගේ දෙයක් තමයි රටටම වෙන්නෙ.

:       1       4

Ruwan R Tuesday, 04 January 2022 12:09 PM

පෞද්ගලික අංශයේ සේවකයන්ට හුලන්ද.? රජයේ සේවකයන් වැඩ නොකර ගන්න පඩියෙන් බාගයක් වත් ගන්නේ නැති පුද්ගලික අංශයේ සේවකයන් ඉන්නවා සමස්ත රජයේ සේවක ප්‍රමාණයට වඩා.

:       2       11

fairoos Tuesday, 04 January 2022 12:25 PM

දැන් ඕවට රැවටෙන්නේ වහල්ලු විතරයි. හොඳ කෑමක් ළඟදීම හම්බවෙයි.

:       4       15

ගමේ එකාලා Tuesday, 04 January 2022 07:54 PM

සහන මල්ල පෙන්නලා ජනතාව ගොනාට අන්දවන්න වගේ හදන්නේ..?

:       0       0

Gamage Tuesday, 04 January 2022 09:30 PM

එන්න මිතුර ගහමු ගහමු... අපි සල්ලි අච්චු ගහමු.

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 01:50 PM

21 වැනි සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට...

:       0       0

samantha weerasekara Friday, 07 January 2022 01:59 PM

ඇමරිකන් මොලේ තරම

:       0       0

Hashan Sachinthana Friday, 07 January 2022 02:05 PM

අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 155 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 226 0

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 49 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 381 0

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි
2025 අප්‍රේල් මස 24 144 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි


ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
2025 අප්‍රේල් මස 24 1181 1

ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 718 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site