ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී‍්‍රසි ගී ගයන ශිල්පියකු ලෙසය. පසුව ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ ”ලෝකේ ජීවත්වන්නට” ගීතය ගයමින් සිංහල රසිකයින් අතරට ආ රජිව්, ඉන්පසු ඔහුගේම නිර්මාණ සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. තම පාසල් දිවියේ සිටම ක්ලැරන්ස්ගේ රසිකයකු වූ රජීව් එදා ක්ලැරන්ස් සමග එකම කණ්ඩායමක සිටි තරු රෑණක් ඒකරාශි කොට උපහාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇනස්ලි, ඉන්ද්‍රානි, ෂ්‍යාමි, අනිල් ඇතුළු ඒ පිරිස සමග ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයේ හැඩ සමග තවත් විස්තර කියන්නට අපි රජීව්ට ඉඩ ලබා දෙමු.
රජීව් පසුගිය කාලයේ ඔබ ගැන වැඩි දෙනා කතා කළේ ගායනයටත් වඩා රියැලිටි තරග විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නිසා නේද?
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.
කොහොමද අද දවසේ ඔබගේ කටයුතු?
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.

ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංගයක් නැවතත්. මේ සැරේ මොනවද කරන්න හදන්නේ?
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත්
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.
මේ දක්වා පැවැත්වූ ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංග සහ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ප‍්‍රසංගයේ වෙනස මොන වගේද?
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.

කවද ද කොහොමද මෙය පැවැත්වෙන්නේ? මොනවද තියෙන විශේෂාංග?
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.
ඇත්තටම ක්ලැරන්ස් හා ඔබ අතර මිත‍්‍රත්වයක් ඇතිවුණේ කොහොමද?
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා
ප‍්‍රසාංගික වීරයායි.
රජීව් අද වන විට ඔබගේ ජීවිතය මොන වගේද?
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.
පසුතලය- park Street mews

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්ලැරන්ස්ගේ කටහඩ පමණක් නෙමෙයි ඔහුගේ නිර්ව්‍යාජ අහිංසක හිනාව ගයන ගීතය හා සැබදෙන නිසා එය හරිම අලංකාරයි. නමුත් වෙන අය ගයනකොට දෙන්නේ අමිහිරි රසයක්.(නදී)
ක්ලැරන්ස් කියන්නේ බහුතර ජනකායක් ආදරය කළ චරිතයක්. (නි)
සිංහල ගියට නව මගක් (දී)
'නරි බුරති. නාටකයක්.(නදී)
කැලැරන්ස්ට නොදැනුවත්ව හෝ ලොකු පිනක් අත්වෙනවා ඔහුගේ ගීත ගයා හැදෙන අයට හැදෙන්න දුන්නට.(නදී)
හොද උත්සාහයක් රජිව්. නමුත් අපි ඉන්නේ සැතපුම් දහස් ගණනක් එපිට. අන්තර්ජාලයෙන් මෙය ලබාගන්න විදියක් හදන්න නොහැකිද? (නි)
ක්ලැරන්ස්ගේ කටහඩට පෙම් බැදි මට නිතර අහන්න ලැබුනේ රජීව් විසින් ගයන ගීත. මොන තරම් අසාදාරණයක්ද.(නදී)
අභාග්‍යයකි! සදාචාරය මොකක්ද කියලා අපේ රටේ අය විතරයි දන්නේ නැත්තේ.(නදී)
කැලැරන්ස්ගේ හඩින් ගීත ප්‍රචාරය කළා නම් රසික හදවත් වලින් උපහාර ලැබෙනවා.(නදී)
එතකොට ඔය උපහාර පූජාව කරන්නේ නොමිළයේද? (නි)
සමන්ත, ඔබ හරියටම හරි. (නි)
එකත් හොද වැඩක් (දී)
සිංහල ගීත කොහොමද පොප් කරන්නේ (දී)
මොකද්ද ඒ ඇහුවෙත් අදයි (දී)
ගොඩාක් අයට ඇත්ත තේරුම් ගන්න පුළුවන් එක සතුටුයි. රජීව් කියන්නේ ක්ලැරන්ස්ගේ ඥාති පුතෙක් කියාගෙන තමයි සින්දු කියන්න ගත්තේ. පස්සෙ ක්ලැරන්ස්ගෙ නෝනාගෙන් සමාව අරගත්තා ආය ක්ලැරන්ස්ගේ සින්දු කියන්නේ නෑ කියලා. මොනවා උනත් තාම ක්ලැරන්ස්ගේ සින්දු කනවා. ක්ලැරන්ස්ගේ සින්දු වල තියන නියම ගතිය මෙයා කියද්දී එන්නේ නෑ. ඒක හැමෝම දන්නවා. මෙයා හැමදාමත් කරලා තියෙන්නේ අනුන්ගෙ සින්දු කියලා හැදෙන එක. තමන්ගේ කියලා සින්දුවක් කියලා පුළුවන්නම් ප්‍රසිද්ද වෙනවකො. අහලා අති නේද ක්ලැරන්ස්ගේ "මාවතේ අපි යයි කියා.." සින්දුව? ඒක අහන්න. ක්ලැරන්ස් එයාගෙ කළා ජීවිතේ කොච්චර කට්ටක් කාලද ඔය තැනට ආවෙ කියලා තෙරෙයි. එහෙම කෙනේගේ සින්දු කියලා එක රැයෙන් ප්‍රසිද්ද වෙන්න හදන මේ වගෙ මිනිස්සු නිකන් මල් වෙඩි වගේ. හිටපු ගමන් එලියට ඇවිල්ලා සද්දේ දාලා පත්තු වෙලා එක පාරටම නැති වෙලා යනවා.(නදී)
මම ඒ නව වෙනසට කැමති (දී)
කිසිම කැපකිරීමක් නැතුව අනුන් කියපු සිංදු කියන අයට මම නම් පෞද්ගලිකවම විරුද්ධයි. (නි)
මෙතන සමහරු දාලා තියෙන මෝඩ අදහස් දැක්කහම ඇත්තටම දුක හිතෙනවා. (නි)
රජිවූ ගෙන් අලුත් වැඩක් (දී)
පාසල් කාලේ යහළුවෝ අමතක කරන්න එපා (නි)
ඔබතුමා අලුත් වැඩකට අත ගහලා වගේ (දී)
හොඳ වැඩක් (ස)
ක්ලැරන්ස් නැත්නම් රජීව් නැහැ.(නදී)
ක්ලරන්ස්ට අසාදාරනයක් කලා වගේම සිංහල සංගීතයට් වැඩේ දෙන්න වගේ හදන්නේ. (නදී)
මම කැමති ඒ වැඩේට (දී)
ඔබේ උත්සාහය සාර්තක වේවායි කියා ප්‍රාර්තනා කරනවා.(නදී)
ගීතයට නව දැක්මක් (දී)
සුභපැතුම් මහත්තයෝ (දී)
රජීහු දන්නේ එක කෝඩි එකයිද?(නදී)
සිංහල ගීතය තවත් මාවතකට (දී)
ඔබ මීටපසුව ක්ලැරන්ස් ගී ගයන්නේ නැහැ කියා කිවුවා නේද? (නි)
සිංහල පොප්!!!!!! (දී)
සුභ පැතුම් රජිව්
සිංහල පොප් ඒ මොකද්ද ඒ (දී)
මොකද්ද ඒ අලුත් වැඩක් වගේ (දී)
කැලැරන්ස් ගී ගැයුවා. ඔබ එම ගීත වලින් හැදුනා.(නදී)
නියමයි රජිව්
ඔබට ජයවේවා (දී)
අලුත් වැඩක් වගේ සුභපතනවා ඔබට (දී)
ලස්සනට තියෙයි (දී)
අද නවක ගායකයෝ හුගදෙනෙක් ගයන්නේ පැරණි අයගේ ගීත. (නි)
ඔබ දක්ෂ ගායකයෙක් ඒත් වැඩිය දකින්න නෑනේ.
ජයවේවා (දී)
සුභ පැතුම්! (නි)
කැලැරන්ස්ගේ අපි ආසා කරන ගීත ඔබේ කටහඩින් ඇහෙනකොට අනේ මන්දා.(නදී)
සුබ පැතුම් ඔබට !! (ස)
ශ්රී ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව විසින් දෙවියන් සේ සලකන ක්ලැරන් විජේවර්ධන නමැති ඵලබර වූ මහා රුක්ෂයේ නැග එහි ඵල, කොළ, අතු, පොතු පමණක් ද නොව අරටුවද සූරා කමින් බඩ වඩාගනිමින් සකල ලාංකික සංගීත ලෝලීන් ඉදිරියේ කාඩ්බෝඩ් වීරයෙකු වන්නර කෙතරම් පෙරම් පිරුවද මෙ වැනි පරපුටුවන් කවදාවත් ක්ලැරන් විජේවර්ධන නමැති කීර්තිමත් සංගීත වේදියාගේ සැවනැල්ලකටවත් සම කල නොහැක.(නදී)
සමන්ත මම ඔබගේ අදහස් සමග එකඟයි (ස)