IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රජීව්ගෙන් සිංහල පොප් ගී

ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අසහාය තරුව නිවී ගිය පසු ඔහුගේ ගී ගැයීමට බොහෝ දෙනා කරළියට පිවිසියහ. නමුත් ඒ සියලූ දෙනා අතරින් ක්ලැරන්ස්ට වඩා සාධාරණයක් කළ ශිල්පියා රජීව් සෙබස්තියන් බව බොහෝ දෙනාගේ හැඟීමය. ක්ලැරන්ස් විජේවර්ධන නැමැති අපූරු සංගීතඥයාගේ නිර්මාණවලට බෙහෙවින් පෙම්බැඳි රජීව් තම ගායන අංශය පටන් ගත්තේ තරුපහේ හෝටල්වල ඉංගී‍්‍රසි ගී ගයන ශිල්පියකු ලෙසය. පසුව ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැයූ ”ලෝකේ ජීවත්වන්නට” ගීතය ගයමින් සිංහල රසිකයින් අතරට ආ රජිව්, ඉන්පසු ඔහුගේම නිර්මාණ සමග ප‍්‍රසංග වේදිකාවට අවතීර්ණ විය. තම පාසල් දිවියේ සිටම ක්ලැරන්ස්ගේ රසිකයකු වූ රජීව් එදා ක්ලැරන්ස් සමග එකම කණ්ඩායමක සිටි තරු රෑණක් ඒකරාශි කොට උපහාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඇනස්ලි, ඉන්ද්‍රානි, ෂ්‍යාමි, අනිල් ඇතුළු ඒ පිරිස සමග ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගයේ හැඩ සමග තවත් විස්තර කියන්නට අපි රජීව්ට ඉඩ ලබා දෙමු.

 

 

රජීව් පසුගිය කාලයේ ඔබ ගැන වැඩි දෙනා කතා කළේ ගායනයටත් වඩා රියැලිටි තරග විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නිසා නේද?
සහතිකෙන්ම ඔව්. මම එහිදී ලබාදුන් ඍජු තීරණ නිසා මම හිතන්නෙ වෙනම ආකෘතියක් ඇතිවුණා.


කොහොමද අද දවසේ ඔබගේ කටයුතු?
සුපුරුදු පරිදි මගේ සංගීත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා. රජීව් ඇන්ඞ් ද ක්ලැන් පටන් අරගෙන වසර 23 ක් ගෙවිලා ඉවරයි. මම නිෂ්පාදනය කරන ගීත සහ ලෙජන්ඞ්ස් ඔෆ් ශ්‍රී ලංකන් පොප්, ඩෙස්මන් ඇන්ඞ් ඩෙස්මන්, ටි‍්‍ර බියුට් ටු මිල්ටන්, ටි‍්‍රබියුට් ටු ක්ලැරන්ස් ඇතුළු දැවැන්ත ප‍්‍රසංග 15 ක් විතර අප කර තිබෙනවා. ඊට අමතරව අපේම ගීත කළා. කැළණි විහාරය, වීදුරුමල් සහ ඩෙස්මන්ට සහ මනෝහරන්ට කළ රුහුණ-යාපනය, කොරීන්ට කළ ”කොණ්ඩෙ නැතත් ඉණගාවට” ගීතය ඇතුළු ගීත රසිකයින් අතරට ගිය ඒවා. ටෙලිනාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සිටිනවා. සංකල්ප පුනාවර්ධනගේ.


ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංගයක් නැවතත්. මේ සැරේ මොනවද කරන්න හදන්නේ?
වසර 12 කට විතර උඩදී මම ටි‍්‍රබියුට්ටු ක්ලැරන්ස් නමින් ප‍්‍රසංගයක් කළා. මම යමක් කළොත් ආයෙ එය දෙවන වතාවට කරන්නෙ නැහැ. මගේ කලාව එහෙමයි. නමුත් 
පසුගිය වසර දොළහ මම නිහඬව බලා සිටියා. මේ ක්ෂේත‍්‍රයේ මොකද වෙන්නෙ කියලා? මම විතරක් නෙවෙයි. ක්ලැරන්ස්ගේ සමීපතම සගයින් වූ ඇනස්ලි, ඉන්ද්‍රානි, අනිල්, පි‍්‍රයා වගේ බොහෝ දෙනා ක්ලැරන්ස් වෙනුවෙන් කළ ප‍්‍රසංගවලින් ඈත්වන බවක් දකින්න ලැබුණා. නීතිමය වාතාවරණ සහ විවිධ හැල හැප්පීම් මැද්දෙ එම ප‍්‍රසංග කෙරෙන හැටි බලා සිටියා. මේ සියල්ල  අතරේ එම් එන්ටර්ටේන්මන්ට් වෙත ක්ලැරන්ස් විජේවර්ධන ගීත තිහක් පමණ ලබාදී ඇති බව දැන ගන්න ලැබුණා. අපිට එම ආයතනයෙන්ම ආරාධනාවක් ලැබීම මත යමක් කරන්න හිතුවා. ඒ අනුව නැවත වතාවක් සියලූ ශිල්පීන් ඒකරාශී කරවලා මෙවැනි ප‍්‍රසංගයක් කරන්න කටයුතු සම්පාදනය කළා.


මේ දක්වා පැවැත්වූ ක්ලැරන්ස් උපහාර ප‍්‍රසංග සහ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ප‍්‍රසංගයේ වෙනස මොන වගේද?
බොහෝ දේ වුණා. නමුත් ක්ලැරන්ස් විජේවර්ධන ප‍්‍රතිරූපයට වටිනාකමක් ලැබුණු ප‍්‍රසංග නොලැබුණු බව මගේ හැඟීමයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රතිරූපයට වඩා සාධාරණයක් කළ හැකි ප‍්‍රසංගයක් කිරීම හොඳ බව තේරුම් ගියා. මෙය මුදල් හම්බ කිරීමට වඩා ඒ ප‍්‍රතිරූපය රකින ප‍්‍රසංගයක් වේවි. මොකද නෙළුම් පොකුණ වැනි රඟහලක ප‍්‍රසංගයක් කිරීමෙන් ලාබ ලබන්න බැහැ. නමුත් ඉහළ ප‍්‍රාසාංගික අත්දැකීමක් ලබාදිය හැකියි. මෙම ප‍්‍රසංගයට ශිල්පීන් 13 දෙනෙක් පමණ දායක වෙනවා. ඉන්දියාවේ සිට ඒ.ඊ. මනෝහරන් පවා එනවා. අපේ නිහාල් නෙල්සන් පවා ගී ගයනවා. ක්ලැරන්ස් නිහාල් නෙල්සන්ටත් ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඉන්ද්‍රානි, ඇනස්ලි, අනිල්, නීලා, කලාශූරී ලතා වල්පොල, මරියසෙල්, ටී.එම්., ජැක්සන් ඇන්තනී, ශ්‍යාමි, දමයන්ති ජයසූරිය, පි‍්‍රයා සූරියසේන වැනි බොහෝ ශිල්පීන් එකතු කරගෙන මම මෙම ප‍්‍රසංගය කරන්නෙ. මේ හැමෝම ඔහුගෙ සංගීතයට ජීවතුන් අතර සිටියදී ගී ගැයූ අයයි. එහෙමත් නැත්නම් යුග ගී ගැයූ අයයි. එතුමා මට පවා දිනුම පරාදය නමින් ගීතයක් නිර්මාණය කළා. මට  ඕනෑ වුණේ ඔහු කළ සංගීතය ඒ ආකාරයෙන්ම බොහොම සියුම් වෙනස්කම් සහිතව ප‍්‍රචලිත කිරීමටයි.


කවද ද කොහොමද මෙය පැවැත්වෙන්නේ? මොනවද තියෙන විශේෂාංග?
ද ස්ටෝර් ඔෆ් සිංහල පොප් නමැති මෙම ප‍්‍රසංගයේදී ඇතැම් විට වැඩිය අහලා නැති ගීත අහන්න ලැබේවි. ක්ලැරන්ස් සමග නිහාල් නෙල්සන් පවා එකට ගී ගයා තිබෙනවා. ඇත්තටම බොහෝ සැඟවුණු දේ ගැන සමහරු දන්නේ නැහැ. ඒ සියල්ල සමග ගයනි කරුණාරත්න ඩාන්ස් ඇකඩමිය නර්තනයෙන් ප‍්‍රසංගය හැඩ කරාවි. විජය කොරයා ප‍්‍රසංගය මෙහෙයවන අතර මෙය පැවැත්වෙන්නෙ මාර්තු (31) සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදීයි. සංගීතය රජීව් ඇන් ද ක්ලෑන්. අමතරව වී. හේමපාල පෙරේරා, වැනි ශිල්පීන් ද දායක වෙනවා.


ඇත්තටම ක්ලැරන්ස් හා ඔබ අතර මිත‍්‍රත්වයක් ඇතිවුණේ කොහොමද?
පාසල් යන කාලයේ සිටම මම ඔහුගේ රසිකයෙක්. දුරකථනයෙන් පවා කතා කළා. එදා වගේම අදත් හෙටත් මම ඔහුගේ රසිකයෙක්. අලූත් නිර්මාණ ගැන මේ දිනවල ඔහු එක්ක කතා කළ සැටි මතකයි. ඔහු තේරුණා මම හොඳ රසිකයෙක් කියලා. පසුව බොහෝ සමීප මිතුරන් වගේ වුණා. මගේ ගායන ක්ෂේත‍්‍රයේ නිර්මාණ කරු ලෙස වීරයා ඔහුයි. ඩෙස්මන් සිල්වා 
ප‍්‍රසාංගික වීරයායි.


රජීව් අද වන විට ඔබගේ ජීවිතය මොන වගේද?
සංගීතය අංශයෙන් ගත්තොත් ගීත රචනා කළා. තනු නිර්මාණය කළා. ගායනය කළා. කණ්ඩායමට වසර 23 ක් පුරා නායකත්වය දුන්නා. පුද්ගලිකත්වය ගැන කතා කරනවාට වඩා මට වටින්නේ සහ මාව සමාජයට වටින්නේ ඉහත කී සියල්ල නිසයි.


පසුතලය-  park Street mews

 

 



අදහස් (0)

රජීව්ගෙන් සිංහල පොප් ගී

ඡායා Sunday, 17 March 2013 01:31 PM

රජීහු දන්නේ එක කෝඩි එකයිද?(නදී)

:       0       0

උපාලි Tuesday, 09 April 2013 08:47 AM

ක්ලරන්ස්ට අසාදාරනයක් කලා වගේම සිංහල සංගීතයට් වැඩේ දෙන්න වගේ හදන්නේ. (නදී)

:       0       0

සුමනා Thursday, 21 March 2013 05:41 PM

කැලැරන්ස්ගේ අපි ආසා කරන ගීත ඔබේ කටහඩින් ඇහෙනකොට අනේ මන්දා.(නදී)

:       0       0

ජන්තු Tuesday, 26 March 2013 12:27 AM

කැලැරන්ස්ගේ හඩින් ගීත ප්‍රචාරය කළා නම් රසික හදවත් වලින් උපහාර ලැබෙනවා.(නදී)

:       0       0

සමන් Wednesday, 20 March 2013 03:50 PM

ජයවේවා (දී)

:       0       0

උපුල් Tuesday, 26 March 2013 04:06 PM

එකත් හොද වැඩක් (දී)

:       0       0

පාලිත Tuesday, 19 March 2013 05:03 PM

ලස්සනට තියෙයි (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 26 March 2013 08:12 AM

එතකොට ඔය උපහාර පූජාව කරන්නේ නොමිළයේද? (නි)

:       0       0

මිලින්ද Monday, 18 March 2013 05:33 PM

ඔබට ජයවේවා (දී)

:       0       0

උපමාලි Monday, 25 March 2013 06:26 PM

ක්ලැරන්ස්ගේ කටහඩට පෙම් බැදි මට නිතර අහන්න ලැබුනේ රජීව් විසින් ගයන ගීත. මොන තරම් අසාදාරණයක්ද.(නදී)

:       0       0

රොක්සි Tuesday, 02 April 2013 06:25 PM

පාසල් කාලේ යහළුවෝ අමතක කරන්න එපා (නි)

:       0       0

සිදත් Thursday, 28 March 2013 06:25 PM

රජිවූ ගෙන් අලුත් වැඩක් (දී)

:       0       0

කල්ප Sunday, 24 March 2013 03:37 PM

සිංහල ගියට නව මගක් (දී)

:       0       0

රනුක Tuesday, 02 April 2013 06:27 PM

ඔබතුමා අලුත් වැඩකට අත ගහලා වගේ (දී)

:       0       0

සුනෙත් Sunday, 17 March 2013 03:53 PM

සිංහල ගීතය තවත් මාවතකට (දී)

:       0       0

සුභාෂ් Wednesday, 27 March 2013 10:52 PM

මම ඒ නව වෙනසට කැමති (දී)

:       0       0

සුදත් Monday, 25 March 2013 02:21 AM

'නරි බුරති. නාටකයක්.(නදී)

:       0       0

ගයේෂා Monday, 25 March 2013 02:27 AM

කැලැරන්ස්ට නොදැනුවත්ව හෝ ලොකු පිනක් අත්වෙනවා ඔහුගේ ගීත ගයා හැදෙන අයට හැදෙන්න දුන්නට.(නදී)

:       0       0

රමණි Thursday, 21 March 2013 02:03 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 11:20 AM

සුබ පැතුම් ඔබට !! (ස)

:       0       0

සේරම් Wednesday, 20 March 2013 06:02 AM

අද නවක ගායකයෝ හුගදෙනෙක් ගයන්නේ පැරණි අයගේ ගීත. (නි)

:       0       0

මිලි Tuesday, 19 March 2013 12:57 PM

අලුත් වැඩක් වගේ සුභපතනවා ඔබට (දී)

:       0       0

ඩෑම් Monday, 25 March 2013 03:39 AM

හොද උත්සාහයක් රජිව්. නමුත් අපි ඉන්නේ සැතපුම් දහස් ගණනක් එපිට. අන්තර්ජාලයෙන් මෙය ලබාගන්න විදියක් හදන්න නොහැකිද? (නි)

:       0       0

ගිම්හානි Tuesday, 26 March 2013 06:04 PM

ත්ලැරන්ස්ගේ කටහඩ පමණක් නෙමෙයි ඔහුගේ නිර්ව්‍යාජ අහිංසක හිනාව ගයන ගීතය හා සැබදෙන නිසා එය හරිම අලංකාරයි. නමුත් වෙන අය ගයනකොට දෙන්නේ අමිහිරි රසයක්.(නදී)

:       0       0

සමරේ Thursday, 28 March 2013 12:31 AM

කිසිම කැපකිරීමක් නැතුව අනුන් කියපු සිංදු කියන අයට මම නම් පෞද්ගලිකවම විරුද්ධයි. (නි)

:       0       0

චින්තක Sunday, 17 March 2013 11:21 AM

නියමයි රජිව්

:       0       0

පිටිගල Saturday, 23 March 2013 04:13 AM

සමන්ත මම ඔබගේ අදහස් සමග එකඟයි (ස)

:       0       0

කසුන් Saturday, 23 March 2013 04:20 AM

සිංහල ගීත කොහොමද පොප් කරන්නේ (දී)

:       0       0

සමන්ත Friday, 22 March 2013 05:38 PM

ශ්‍රී ලංකාවේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව විසින් දෙවියන් සේ සලකන ක්ලැරන් විජේවර්ධන නමැති ඵලබර වූ මහා රුක්ෂයේ නැග එහි ඵල, කොළ, අතු, පොතු පමණක් ද නොව අරටුවද සූරා කමින් බඩ වඩාගනිමින් සකල ලාංකික සංගීත ලෝලීන් ඉදිරියේ කාඩ්බෝඩ් වීරයෙකු වන්නර කෙතරම් පෙරම් පිරුවද මෙ වැනි පරපුටුවන් කවදාවත් ක්ලැරන් විජේවර්ධන නමැති කීර්තිමත් සංගීත වේදියාගේ සැවනැල්ලකටවත් සම කල නොහැක.(නදී)

:       0       0

නන්දලාල් Sunday, 17 March 2013 12:01 PM

ඔබේ උත්සාහය සාර්තක වේවායි කියා ප්‍රාර්තනා කරනවා.(නදී)

:       0       0

සුජාතා Tuesday, 26 March 2013 06:34 PM

මොකද්ද ඒ ඇහුවෙත් අදයි (දී)

:       0       0

ගීතා Monday, 18 March 2013 11:53 AM

සිංහල පොප් ඒ මොකද්ද ඒ (දී)

:       0       0

සෙනරත් Monday, 18 March 2013 02:58 AM

සිංහල පොප්!!!!!! (දී)

:       0       0

මංජු Thursday, 28 March 2013 02:02 PM

මෙතන සමහරු දාලා තියෙන මෝඩ අදහස් දැක්කහම ඇත්තටම දුක හිතෙනවා. (නි)

:       0       0

ඉඳුනිල් Monday, 08 April 2013 04:12 PM

හොඳ වැඩක් (ස)

:       0       0

විනී Wednesday, 27 March 2013 11:31 AM

ගොඩාක් අයට ඇත්ත තේරුම් ගන්න පුළුවන් එක සතුටුයි. රජීව් කියන්නේ ක්ලැරන්ස්ගේ ඥාති පුතෙක් කියාගෙන තමයි සින්දු කියන්න ගත්තේ. පස්සෙ ක්ලැරන්ස්ගෙ නෝනාගෙන් සමාව අරගත්තා ආය ක්ලැරන්ස්ගේ සින්දු කියන්නේ නෑ කියලා. මොනවා උනත් තාම ක්ලැරන්ස්ගේ සින්දු කනවා. ක්ලැරන්ස්ගේ සින්දු වල තියන නියම ගතිය මෙයා කියද්දී එන්නේ නෑ. ඒක හැමෝම දන්නවා. මෙයා හැමදාමත් කරලා තියෙන්නේ අනුන්ගෙ සින්දු කියලා හැදෙන එක. තමන්ගේ කියලා සින්දුවක් කියලා පුළුවන්නම් ප්‍රසිද්ද වෙනවකො. අහලා අති නේද ක්ලැරන්ස්ගේ "මාවතේ අපි යයි කියා.." සින්දුව? ඒක අහන්න. ක්ලැරන්ස් එයාගෙ කළා ජීවිතේ කොච්චර කට්ටක් කාලද ඔය තැනට ආවෙ කියලා තෙරෙයි. එහෙම කෙනේගේ සින්දු කියලා එක රැයෙන් ප්‍රසිද්ද වෙන්න හදන මේ වගෙ මිනිස්සු නිකන් මල් වෙඩි වගේ. හිටපු ගමන් එලියට ඇවිල්ලා සද්දේ දාලා පත්තු වෙලා එක පාරටම නැති වෙලා යනවා.(නදී)

:       0       0

ශාලික Saturday, 23 March 2013 05:38 PM

ක්ලැරන්ස් කියන්නේ බහුතර ජනකායක් ආදරය කළ චරිතයක්. (නි)

:       0       0

දිසානායක Tuesday, 09 April 2013 02:11 AM

ක්ලැරන්ස් නැත්නම් රජීව් නැහැ.(නදී)

:       0       0

අමා Wednesday, 20 March 2013 09:04 AM

ඔබ දක්ෂ ගායකයෙක් ඒත් වැඩිය දකින්න නෑනේ.

:       0       0

හේමන්ත Monday, 18 March 2013 12:18 PM

මොකද්ද ඒ අලුත් වැඩක් වගේ (දී)

:       0       0

ලක්රුවනි Monday, 25 March 2013 09:35 PM

අභාග්‍යයකි! සදාචාරය මොකක්ද කියලා අපේ රටේ අය විතරයි දන්නේ නැත්තේ.(නදී)

:       0       0

චින්තක Tuesday, 26 March 2013 01:13 PM

සමන්ත, ඔබ හරියටම හරි. (නි)

:       0       0

මාගලී Sunday, 17 March 2013 07:32 PM

ඔබ මීටපසුව ක්ලැරන්ස් ගී ගයන්නේ නැහැ කියා කිවුවා නේද? (නි)

:       0       0

සිල්වා Sunday, 17 March 2013 01:00 PM

ගීතයට නව දැක්මක් (දී)

:       0       0

විවේකා Monday, 18 March 2013 07:29 AM

සුභ පැතුම් රජිව්

:       0       0

නිල්මිනි Monday, 18 March 2013 04:10 PM

මම කැමති ඒ වැඩේට (දී)

:       0       0

ලසිත Sunday, 17 March 2013 12:58 PM

සුභපැතුම් මහත්තයෝ (දී)

:       0       0

ගලබඩ-ඉතාලිය Monday, 18 March 2013 12:45 PM

කැලැරන්ස් ගී ගැයුවා. ඔබ එම ගීත වලින් හැදුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 2 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 169 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 293 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 814 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 280 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 555 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site