රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සහිත ගමන් මල්ලක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
ඇමෙරිකා ඩොලර්, කුවේට් ඩිනාර්, කටාර් රියාල්, ස්ටාලින් පවුම්, සෞදි රියාල්, යුරෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් එහි වූ බව ද රේගුව කියයි.
සැකකරු සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර 18 වතාවක් පමණ යාම් ඊම් කර ඇතියි කියති.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී එස් පී අයි බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ලලිත් රණසිංහ, ඇලෙක්ස් පෙරේරා, කසුන් සූරියආරච්චි, කීර්ති හේරත්, සංජීව කරුණාරත්න, දිනූෂ හෙට්ටිආරච්චි සහ ප්‍රසාන්ත බෝපගේ මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී ඩී එන් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති බැරි අයට හරි දෙන්න තිබුණා නිකන් රේගුවට දෙන එකේ .පිනක් හරි සිද්ධ වේවිනේ (ස)
කොහොමද වැඩේ, (දී)
දේව කෝපයක්ද කොහේද? (නි)
මේවා හලාල් කරපු සල්ලි. (නි)
මෙයා මේ තරම් මුදලක් බය නැතිව ගෙනියන්නේ මේ වැඩ කලින් ජයට කරපු නිසා වෙන්න ඇති.. මේවා කලින් අල්ලන්න බැරි උන එක ගැන පරික්ෂණයක් කරන්න ඕන.. (නු)
මේවා අහු නොවී ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද හැබෑටම? (නි)
මේ සල්ලි රැගෙන යන්නේ ලංකාවේ මුදල් මාරු කරන්න තිබෙන තැන් වලින්, ගැණුම් මිලට වටිනාකම ගෙවලා, පිටරට සිට ලංකාවට බඩු රැගෙන එන්න කොම්පියුටර් උපාංග ,සිගරට්,සුවද විලවුන්,විදුලි උපකරණ,හා අනෙකුත් නීතිවිරෝධි හා නොවන හාණ්ඩ සදහාය. එමෙන්ම මෙම මුදල් වැඩියෙන්ම ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයා මුදල් මාරු කරන තැන් වලිනි. මෙය අද ඊයේ සිට සිදුවෙන ජාවාරමක් නොවේ . (නි)
මෙයා කලිනුත් කරලා ඇත්තේ මේ සෙල්ලමම තමයි. (නි)
ඔය අහුවෙන්නේ තවම ටිකයි. (නි)
නමක් සදහන් කර නොමෑති නිසා අනිවාර්යෙන්ම සිංහල ජාතිකයකු විය යුතුයි.(නදී)
මොකක්ද මේකේ ඇති ප්‍රතිපත්තිය? නීතිය? (නි)
මේ සල්ලි බැංකු හරහා හුවමාරු වෙන විදියට වැඩපිළිවෙළක් හැදුවොත් නරකද? (නි)