රසදිය ගා රීදිපාට කළ රන් කාසි තොගයක් ද, යුරෝ දෙදාස් පන්සියයක් ද චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා රෙදි වෙළෙන්දකු කටුනායක දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගත් රන්කාසි හා විදේශ මුදල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දොලහකි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරීවරුන් වන එස්.නියාෂ් සහ සෙනවිරත්න බංඩා යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන දිමුත් ප්‍රසන්න, චන්දිම කරුණාරත්න, නුවන් බංඩාර, රුචිර කරුණාතිලක, හසන්ත කෞෂල්‍ය සහ ඩිලාන් වීරරත්න මහත්වරු විමර්ශන සිදු කළ අතර රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා සැකකරුට ලක්ෂයක දඩ නියම කර රන්කාසි සහ මුදල් රාජසන්තක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ මොලේ තමයි මොලේ (ස)
මේ වෙළෙන්දා ඕවා කොහෙද හංගාගෙන ඉදලා තියෙන්නේ.. (නු)
මේක මොන මාර්ගයේ වැඩක්ද?(නු)
ඇති යන්තම්, වෙනස් වර්ගයේ රන් ප්‍රවාහනයක් ගැන පුවතක් පළවුණා... (නි)
යූරෝ 2000ක් අරගෙනවත් යන්න බැරිද? (නි)
කච්චපුටව මතක් වුණා (ස)
අල්ලන්න අල්ලන්න හොරු වැඩි වෙනවද කොහෙද? (නි)