රුපියල් තිස්හය ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් හයක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ගුණසිංහපුර ජංගම දුරකතන ව්‍යාපාරිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
ග්‍රෑම් හයසියයක රන් සඟවාගෙන ගමන් කළ ආකාරය ගැන ඇතිවූ සැකය මත ඔහු රේගුවට අසුවිය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස්පිට රේගු අධිකාරී ඒ ආර් සේනාධීර, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, සාගර චන්ද්‍රකුමාර, ඒ එම් එස් නේ අබේවර්ධන, එම් කේ ප්‍රේමදාස , ජී කේ එන් පෙරේරා, ජී ජේ සේනාරත්න, ඩී එම් ජේ සී විමලදාස සහ එච් ඩී එම් පී පෙරේරා මහත්වරු විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කිත්සිරි ප්‍රනාන්දු මහතා රේගු පරීක්ෂණය සිදු කර රුපියල් ලක්ෂයක දඩයක් නියමකොට රන්බිස්කට් රාජසන්තක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඳ ගැහුවත් ලක්ෂ ගාණක් වටිනවා (ස)
රත්තරන් බිස්කට් මම දැක්ක පළමු වතාව. අනේ වාසනාවන්. එගොඩ ගොඩෙත් රත්තරන්, මෙගොඩ ගොඩෙත් රත්තරන්. (ස)
රට යන එන අයගේ අධෝ මාර්ගය පරීක්ෂා කරන්න වෙනම ඒකකයක් පිහිටවන්න දැන් කාලේ හරි .(ස)
රත්තරන් ඇයි ඔච්චර ගණන් (ස)
ගුද මාර්ගය දැන් ආධායම් මාර්ගයක් කරගෙන වගේ (ස)
රත්තරන් අද ගුද මාර්ගයටම සින්න වෙන්න යන්නේ . ඔහොම ගියොත් මිලත් අඩු වෙන්න ඉඩ තියෙනවා (ස)
ඉසුරන්දි මොකද කියන්නේ ...පටන්ගනිමුද ?(ස)
අයියෝ රත්තරන් වලට වෙච්ච දේ ? (ස)
අපගේ ප්‍රණාමය මෙයට සහභාගීවූ නිලධාරීන්ට..!(නු)
මෙම ආදායමට මොකද වෙන්නේ (ස)
මේ පොඩි දේ අල්ලන්න ඔච්චර නිලධාරී පිරිසක් ඕනද? ගුවන්තොටුපොළේ ඔක්කොමද මේ..!(නු)
විපුල කොල්ලා මොනවා ගැනද මන්දා කිවුවේ? (නි)
ඔය ජාතියේ බිස්කට් කාලා බොන්නෙ තේ වතුරද ආයිබොවන්? (නි)
මේවා ගුදමාර්ගයේ දාගෙන ගියාට වෙනමම ගානක් ගෙවන් ඕන..!(නු)
600 ග්රෑම් කොහොමද රදවාගෙන හිටියෙ.!(නු)
ඉසුරන්දි, ඔයා විපුලගේ කීමට රැවටෙන්න එපා. (නි)