එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද රැස් විය. නායකත්වයට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත්, නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාත් තරඟ කරන බව ලිඛිතව දැනුම් දුන්නේයැයි පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මාධ්‍යයට පැවසීය.
සඳුදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රහ ඡන්දයකින් නායකයා තේරීමට නියමිතය. නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රෙමදාස, රවී කරුණානායක, උතුරුමැද පළාත් සභාවේ විපක්‍ෂ නායක කස්තුරි අනුරාධනායක මහත්වරුද, ජාතික සංවිධායක ධූරයට දයාසිරි ජයසේකර හා දයා ගමගේ යන මහත්වරුද තරග වැදීමට නියමිතය. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජියකු ලෙස කඩුවෙල නගර සභාවේ විපක්‍ෂනායක ප‍්‍රියන්ත පත්බේරිය මහතා අද පත්වීම් ලැබීම විශේෂ සිද්ධියක් විය.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් හරි තීරණයක් අරන් රටට වැඩක් වෙන දෙයක් කරන්න.
ආණ්ඩුව සමුග එකතුවුණ අය එපා...
කරු, සජිත්, දයාසිරි..... ජය නියතයි. උණුසුම් සුභපැතුම්
සජිත් ආවනම් හොදයි..
මෙනවා උනත් දක්ෂයා රනිල්.
සංතෝෂයි. පක්ෂය හදල වැඩ අල්ලමු