IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙයි


 
තරිඳු ජයවර්ධන

 

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ  අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයකු ලෙස ජනාධිපතිවරයකු ඉදිරියේ දිවුරුම් දුන්නේ පස් වැනි වතාවටය.
 
1993 මැයි 07 වැනි දා මුලින්ම ඔහු අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඩී බී විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේය. ඔහුගේ එම ධුර කාලය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමත් සමඟ 1994 අගෝස්තු 19 වැනි දා අවසන් විය.
 
යළිත් වරක් 2001 දෙසැම්බර් 09 වැනි දා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ඉදිරියේ දිවුරුම් දුන් ඒ මහතාගේ දෙවැනි ධුර කාලය අවසන් වූයේ 2004 අප්‍රේල් දෙවැනි දා ය. 
 
2015 ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි නම වැනි දා රනිල් වික්‍රමසිංහ මහත් තුන් වැනි වතාවට අගමැති ලෙස දිවුරුම් දුන් අතර එම ධුර කාලය 2015 අගෝස්තු 21 වැනිදායින් පසු අවසන් විය. 
 
2015 අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතා සිව් වැනි වතාවට අගමැති ලෙස දිවුරුම් දුන්නේ 2015 අගෝස්තු 24 වැනි දා ය.  2018 ඔක්තෝබර් 26 වැනි දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා විසින් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබෙන තෙක් ඔහු එම ධුරයෙන් කටයුතු කළේය.

 

ඔක්තෝබර් 26 වැනි දා ඉවත් කිරීම නීතිවිරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව කියමින් මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර ඊට අදාළ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් ලබන වසරේ ජනවාරි මාසයේ දී කැඳවීමට නියමිතය.



අදහස් (85)

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දෙයි

Indunil Sunday, 16 December 2018 06:04 AM

මොන විහිළුද මෙව්වා ...

:       0       21

රජින්ද Sunday, 16 December 2018 06:06 AM

රටේ සහ අපේ අකමැත්ත මත ජනවරමට එරෙහිව මොහුව අගමැති කරවීම සම්පුර්ණයෙන්ම හෙලා දකිමි.

:       0       201

daham Sunday, 16 December 2018 06:12 AM

හපනා කියන්න බලන්න කවුද නිර්වස්ත්‍රව ඉන්නේ කියලා?

:       0       0

Ravi Sunday, 16 December 2018 06:17 AM

මොලේ අමාරුවක් තියෙනවා ලොකුවටම... රට කන්නේ මේ අය තමයි

:       0       0

රණ්බණ්ඩා Sunday, 16 December 2018 06:17 AM

ජනතා විමුක්ති පෙරමුණේ උණුසුම් සුභ පැතුම් ..අපි ඔබට ඔබ අපිට..

:       13       0

Kamal Sunday, 16 December 2018 06:20 AM

එජාප සගයිනි, ඔබ ඔබේ සතුට හෙට දිනයේ ජාතියේත් මළගමයි.

:       0       53

fairoos Sunday, 16 December 2018 06:24 AM

අයියෝ සිරිසේන..!!!

:       10       327

Sanath Kandy Sunday, 16 December 2018 06:25 AM

බලන්නකෝ දෙන්නගේ මුකුළුව. මම හිතුවේ දෙන්නට දෙන්නා ඔරවගෙන ඉඳියි කියලා. 2001 එස්බී අනිත් පැත්තට පැනලා චන්ද්‍රිකා ඉස්සරහ සමෘද්ධි ඇමැතිධුරයේ දිව්රුම් දුන්නා වගේ...

:       0       166

Raveendra Sunday, 16 December 2018 06:26 AM

මේ ගඟ මේ දුර කතර ගෙවා.///..... ඇයි මෙතනින් සයුරේ වැටුනේ ////... මේ හැටි දුර පියමන් කරලා ///... ඇයි " මම ඔබ ලග " නතර උනේ ////... යන සුන්දර ගීතය මතකයට නැගෙනවා . හරිම සුන්දර ආදරබර ගීතයක්...

:       0       40

d.upul Sunday, 16 December 2018 06:30 AM

මම ශ්‍රී ලංකික කියන්නත් ලැජ්ජයි මේවා දකිනකොට. අපේ මුල් පුරවැසියා දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය කල වැරදි කරුවෙක්.

:       1       209

sili bili Sunday, 16 December 2018 06:30 AM

හිටන් පටන් යන්නේ කවද්ද.?

:       1       116

Mallika Sunday, 16 December 2018 06:30 AM

ගරු මැතිඳුනි, උණුසුම් සුබපැතුම්!!! වගේම දැන්වත් පොරොන්දු ඉෂ්ට කරන්න.

:       253       218

suranjith Sunday, 16 December 2018 06:31 AM

ජනාධිපතිතුමා දැන් පැය ඉවරයි ඒ නිසා මහජනයාට කියූ පරිදි ඔබතුමා ජනාධිපති තනතුරෙන් අස්වෙලා යනවා නේද?

:       120       321

siriSunday, 16 December 2018 11:29 AM

පිස්සුද අයිසේ... විහිලුවක්වත් තේරෙන්නේ නැද්ද?

:       0       54

එම්.සිරිසේන Wednesday, 19 December 2018 01:06 AM

එහෙම කොහෙද, මේ රටේ ජනතාව ලක්ෂ 62ක් මාව ජනාධිපති ලෙස පිළිගත්තා. ඒ විතරක් නොවෙයි මීළඟ අවුරුදු 20ම මම තමයි විධායක ජනාධිපති.

:       0       1

dadi Sunday, 16 December 2018 06:37 AM

සුබපැතුම් !!!

:       2       108

vidya Sunday, 16 December 2018 06:42 AM

අගමැතිතුමා: දැන් එක එක එක්කෙනාට ඕනෑ විදිහට කයිවරු ගහන්න, අනංමනං කියවන්න, පෙළපාලි යන්න පාරවල් හරස් කරන්න, රතිඤ්ඤා පත්තු කරන්න, මීටින් තියල දොස් කියන්න, පුම්බන්න ඉඩ තියන්න එපා. ඔබතුමාට විශාල කාර්ය භාරයක් තියනවා වැටුණු රට දියුණු කරන්න සහ ජනාධිපතිතුමා සමග එකතුවෙලා අර හොරු කියපු සෙට් එක අල්ලලා දඬුවම් කරන්න තවද, බැංකුව පිළිබඳව අැතිවූ ප්‍රශ්නය සොයලා ඔක්කෝටම දඬුවම් පමුණුවන්න නීතිය ඉදිරියට ගෙනෙන්න. අද තරුණ ළමයි බලාගෙන ඉන්නවා කාගේ කාගේත් හැසිරීම බලල ඡන්දය පාවිච්චි කරන්න.

:       63       231

Saman Sunday, 16 December 2018 06:48 AM

ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය ......

:       23       216

d.upul Sunday, 16 December 2018 06:52 AM

ජනාධිපතිවරයාගේ මේ සුහද සිනහව යට මොන තරම් වෛරයක් ඇද්ද?

:       1       252

chamath Sunday, 16 December 2018 06:52 AM

දැන් ඉතින් රට ගැන හිතල වැඩක් නෑ...........

:       1482       1669

channa Sunday, 16 December 2018 06:54 AM

සිරිසේන කිව්වා වගේ රනිල් මහතා අගමැති ලෙස පත්වෙච්ච නිසා ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙයිද?

:       41       513

senaSunday, 16 December 2018 08:08 AM

තනිකරම වැරැද්ද මැඩම්ගේ තමයි... එතුමිය බත් එක වෙලාවට බැඳලා දෙන්න උනන්දු වෙනවා මිසක් පෙත්ත වෙලාවට දෙන්න කිසිම උනන්දුවක් නැහැ.

:       35       123

Sanath KandySunday, 16 December 2018 08:08 AM

විධායක ජනාධිපති ධුරයේ හානිකර බව අපි හොඳින්ම අත්වින්දා. දැන්වත් ජවිපෙ ගෙනා විසිවෙනි සංශෝධනය සම්මත කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු.

:       1338       1262

Kasun dSunday, 16 December 2018 10:36 AM

ජවිපෙ ගැන කතා කරලා වැඩක් නෑ. කිසිම ප්‍රතිපත්තියක් නැති අය ටිකක්. ලැබුණු අවස්ථාවේ ගම් මට්ටමින් සංවිධානය වෙලා නැවතත් රටේ 3 වෙනි බලවේගය වෙන්න තිබුණු එක නැති කර ගත්තේ. මට නම් හිතෙන්නේ තිබුණු ඡන්ද ටිකත් නැති කරගත්තා කියලා තමයි. ඉස්සර ආණ්ඩු හැදුවේ ආණ්ඩු නැති කලේ ජවිපෙ... දැන් ඒක කරන්නේ TNA. ජාතියක් විදිහට කණගාටු විය යුතු දෙයක් ඒක...

:       435       566

Sanath KandySunday, 16 December 2018 12:24 PM

කසුන්, ජවිපෙ කොන්දේසි විරහිතව රාජපක්ෂලාට කඩේ යනවා නම් ඔයාලට ජවිපෙ තරම් හොඳ පක්ෂයක් නෑනේද? අපිට නම් ආඩම්බරයි ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ගත් උත්සාහය ගැන...

:       631       315

SamanSunday, 16 December 2018 08:42 AM

රනිල් අගමැතිවෙලා පැයකට වැඩි නිසා ජනාධිපති පදවිය හිස් දැන්.. මම දැක්කා පොලොන්නරුව පැත්තට හෙලිකොප්ටරයක් යනවා.

:       35       155

V.warnakulasuriyaSunday, 16 December 2018 09:36 AM

අපේ සිරිසේන කියන ඒවා ගණන් ගන්න එපා. හිතේ අමාරුවට කියන ඒවා...එයාට නිවැරදි ගමනක් යන්න උවමනා වුණා. මහින්දගේ වැරදි දැක්කා. රනිල්ගේ වැරදිත් දැක්කා. කාට වුණත් හොරෙක් සමඟ නිවැරදි ගමනක් යා නොහැකියි. පවතින දේශපාලන සංස්කෘතිය අනුව හොරුන්ගෙන් තොර ගමනක්ද නැත. ගැටළුව එතැනයි. ජනතාව දැනුවත් කරලා යා හැකි ගමනක්ද නැත. එය ජ.වී.පෙරමුණේ දේශපාලන ගමනෙන් පැහැදිළිවේ. පක්ෂ භේදයකින් තොරව දූෂිතයින්ට එරෙහිවීමට අපේ ජනාධිපතිවරයා දක්ෂ නොවීමත්, ජනතාව ඒ සඳහා නිසි දායකත්වයක් ලබා නොදීමත් පෙනෙන්නට ඇති තත්ත්වයයි.

:       36       4278

ධනුෂ්කSunday, 16 December 2018 11:26 AM

මෙතන ඉන්නවා පොඩි පීච්චමයි, ලොකු පීච්චමයි. ලොකුම පීච්චමා දැන් තව ගුලියක් අඹරනවා අැති කොහෙට හරි වෙලා..

:       0       78

ලුම්බිණි Sunday, 16 December 2018 06:55 AM

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට කිසිසේත් සූදානමක් නැතැයි කියල කිව්වේ කල්පනාව අඩු වෙලාවකදීද? නැත්නම් විහිලුවකටද?

:       3       198

Sapumal. Sunday, 16 December 2018 07:02 AM

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්. මේ ජය ලබාගැනීමට මේ රටේ බොහෝ දෙනා,බොහෝ පක්ෂ හා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් පක්ෂ පාට නොබලා ඔබතුමා වටා එක්රොක් උනා. දැන් රටට යහපත කිරීමයි අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයට හර්ෂ හෝ එවැනි දක්ෂයෙකුත්,පොලිස් ඇමති ලෙස සරත් පොන්සේකා වැනි අයෙකුත් දැමීම වැදගත් වෙනවා. බදු අඩුකොට බඩුමිල අඩුකොට ජනතා සේවය සැලසීමට කටයුතු යෙදීම ඉතා වැදගත් දෙයක්.කල්ගිය සියලු නඩු ඉක්මනින් විභාගකරවා සියලු හොර මැරකම් වලට දඬුවම්දීමද රටේ අවශ්‍යතාවක් බව සිහි තබාගැනීම වැදගත්. තවද,පොලිස් ඔත්තුකරු නාමල් කුමාර ගේ කතාවේ සත්‍යතාවද රට හමුවේ ඉක්මනින්ම හෙළිකිරීමට කටයුතු කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදුණු සැමටද ස්තුති වේවා !

:       517       610

RaveendraSunday, 16 December 2018 08:14 AM

සපුමල්... සහතික ඇත්ත ඔබ සඳහන් කල සියල්ල නැතත් මහා බැංකුවේ හොර තක්කඩි රෑන ඇතුළට දාන්නම ඕනේ .

:       65       213

Sanath KandySunday, 16 December 2018 09:28 AM

ඇයි රවින්ද්‍ර සුනාමි හොරු, මිග් හොරු, අැවන්ගාඩ් හොරු සොහොන්කොත් හොරු, හෙජින් හොරු, කැරම් බෝඩ් හොරු, යකඩ බට හොරු, අල්ලස් හොරු, මේ ඔක්කොම ඇතුළට දාන්න ඕනෑ..

:       83       216

RaveendraSunday, 16 December 2018 02:48 PM

Sanath Kandy මයා වෙත, අප කිසිවිට කිසි දිනක සුනාමි හොරු, මිග් හොරු, අැවන්ගාඩ් හොරු සොහොන්කොත් හොරු, හෙජින් හොරු, කැරම් බෝඩ් හොරු, යකඩ බට හොරු, අල්ලස් හොරු, මේ ඔක්කොම" ඇතුලට නොදාන්න කියා නැත ". ඔබ එසේ සිතුවා නම් ඔබට වැරදීමකි. අප කිසිදු පක්ෂයකට පාටකට ගැති නොවන්න්නෝය. එමෙන්ම අප " පාට වීදුරු සහිත දියතරුප්පු " දමා කිසිදු ප්‍රශ්නයක් දෙස නොබලන්නෝය. හොඳ දෙයට හොඳලෙසත් වැරදි දෙයට වැරදි ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමට බිය නොවන්නෙමු.

:       0       0

Ruwan Sunday, 16 December 2018 07:13 AM

එකෙකුට වත් ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑ..

:       1       283

Lakmal Sunday, 16 December 2018 07:24 AM

ජය වේවා!!! දැන් නම්බුපිට විශ්‍රාම යන්න............

:       91       435

menna Sunday, 16 December 2018 07:32 AM

මේ පත් කිරීම නීති ගරුක වෙන්නයි මහින්ද මැතිතුමාගේ පත්වීම නීති විරෝධී වෙන්නයි ලංකාවේ නීති දෙකක් තියෙනවද? මට අපැහැදිලියි. අගමැතිව පරිලිමෙන්තුවේ ඡන්දයකින් පත් කරන්න කියා මෙතුමාගේ රාජකාරි වලට අතුරු තහනමක් ඉල්ලලා මට නඩුවක් දන්නා පුලුවන්ද? මහා මැතිවරණයකට යන්න බැරිනම් පාරිලිමේන්තුව තුළ ඡන්දයකින් ජනතාවට පහැදිලි උත්තරයක් දෙන්න. එක එක පක්ෂ වල යටිකුට්ටු ගිවිසුම් වලින් බහුතරය පෙන්නුවට මට එකඟ වෙන්න බැහැ. දෙකට බෙදුවහම 113 වැඩි වුනාට තුන හතරකට බෙදල වැඩිම අගය පෙන්වන්න. මෙම පත් කිරීම ලාංකිකයෙක් හැටියට මට එකඟ වෙන්න බැහැ.

:       276       483

NissankaSunday, 16 December 2018 08:15 AM

මෙන්න, රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකක් තියෙනවා. ඒ ගැන දන්නේ නැතිනම් මෙතන කමෙන්ට් දාන්න එපා. ඔයාගේ නූගත්කම ප්‍රදර්ශනය වෙනවා.

:       473       441

mennaSunday, 16 December 2018 08:53 AM

ව්‍යවස්ථාව කියව කියවා ජීවත් වෙන්න අමාරුයි. ඒක නීති විශාරදයින්ගෙන් අහගන්නම්... එක පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 පෙන්නන බැරි අවස්ථාවක අගමැති පත් කරන ආකාරය ගැන මට තියෙන ප්‍රශ්නයක්. ඔය හැමෝම කියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය මොකක්ද කියන එක සාමාන්‍ය මිනිහෙක්... මට අපැහැදිලියි... නූගත් මිනිහෙක්ට ඔබ නූගත් කියා කියන ඒක උත්තරයක් නොවේ...

:       320       339

pathiranaSunday, 16 December 2018 08:27 AM

මම හිතන්නේ ඔයාට බැරිවෙය් නඩුවක් ෆයිල් කරන්න. ලංකාවේ අධිකරණයේ නඩු ෆයිල් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි.

:       54       118

AnandaŔSunday, 16 December 2018 04:00 PM

මට නම් මතක හැටියට ඔය වගේ කෙනෙක් නඩුවක් දාලා තියෙන්නේ.. එළාර රජතුමාගේ කාලේ තමන්ගේ පැටියාව රජතුමාගේ පුතාගේ රථයට යටවෙලා මැරුණා කියලා.. නමුත් දැන් එහෙම එයා නඩු දාන්න යන බවක් පේන්නේ නැහැ.

:       0       0

de Sunday, 16 December 2018 07:36 AM

සුබපැතුම් , නමුත් එක ප්‍රාර්ථනාවක් එක්ක . ඉක්මනින්ම රනිල්, මහින්ද , මෛත්‍රී ඉවත්ව . රටේ උගත් තරුණ පරපුරට රටේ පාලනයට හිමිවන යුගයක් උදාවේව .

:       6       167

indra Sunday, 16 December 2018 07:37 AM

අපට ඇත්තේ මේ රට පමණි ,ඉදිරියට ඉපදෙන දරුවන් ගැන ඔබ සිතනවාද?

:       2       79

Hafeel Sunday, 16 December 2018 07:53 AM

එතකොට තව විනාඩි කොච්චර ඉතුරුවෙලා තියන්නේ මෛත්‍රීට ගෙදර යන්න? රනිල් නැවතත් අගමැති වුනානං, පැය දෙකක්වත් තමන් ජනාධිපති ධුරයේ ඉන්න නැහෙ කියල කිව්වා නේද.

:       80       48

Soma dubayi Sunday, 16 December 2018 08:08 AM

ඉතාම සතුටුයි. අතමිට සරු රනිල් යුගයක් නැවත එනවා.

:       515       115

Uditha - London Sunday, 16 December 2018 08:13 AM

දැන් ජනාධිපති තුමත් ඉල්ලා අස්වෙනවද.. ? රනිල් අාපහු අගමැති වුනොත් ඉල්ලා අස් වෙනවා කිව්වනේ.. දැන් අර සමනල්ලු අාපහු හොඳද එතකොට... හැම දෙනාටම කියන්න තියෙන්නේ පොඩි මිනිහට තියන ලැජ්ජාව කියන එක ඔය මහා ලොකු රට කරන්න එන එකෙක් ලඟවත් නැහැ.. කරුණාකරලා බල තණ්හාව කියන දේ නැති කර ගන්න.. අන්න එදාට රටට හොඳ කලක් යාවි.. ඔය රට කරන මහලොකු මිනිස්සු ගැන, පක්ෂ භේදයක් නැතුව මහජනතාව හොඳින් කල්පනා කරලා මීට පස්සේ තම තමන්ගේ වටිනා ඡන්දෙ පාවිච්චි කරන්න...

:       10       107

RaveendraSunday, 16 December 2018 08:53 AM

Uditha - London මයා වෙත, අපේ මුල් පුරවැසියා කලවැද්ද , කබරගොයා, තලගොයා හඳුනන්නේ නැති එකේ නිලමැස්සෝ කොහොම අඳුරයිද?

:       0       40

smn Sunday, 16 December 2018 08:27 AM

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දීර්ඝායු ලැබේවා! මගේ මව්බිමට ජයෙන් ජය ලැබේවා!

:       260       215

padmini Sunday, 16 December 2018 08:29 AM

සමහරු බාලාංශ ළමයි වගේනේ ප්‍රකාශ කරන්නේ? රනිල්ගේ පත්කිරීම නීතිගරුක වන්නේ උසාවි නියෝගය අනුව ඔක්තෝබර් 26ට පෙර තිබුණු තත්වයට නැවත රට ආණ්ඩු කිරීම බල පැවැත්වෙන නිසා. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ ජයක් මිස පුද්ගලානුබද්ධ ජයක් නොවේ.

:       1       231

chamal Sunday, 16 December 2018 08:30 AM

ඇයි රටට මොකද වෙන්නේ... පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?

:       1       14

ගල්කටස් Sunday, 16 December 2018 08:32 AM

අවසානයේ කැරකිලා හිටපු තැනටම අාවා. රනිල් මහතා අගමැති වූවාට මහින්ද මහතා අගමැති වන තරම් ගැම්මක් රටේ මිනිසුන්ට නැත. එ් අැයිද යන්න වටහා ගත යුතුයි. සමහර විට යුද්ධය නිම නොකළ නව ගුවන් පාරවල්, අධිවෙිගී මාර්ග, වාරායවල් හැදුවේ නැතිනම් මහින්ද මහතා සමගත් බටහිර බලවේග සිට ගන්න තිබුණා. රට ගැන හිතලා බටහිර ජාතීන්ව ගණන් නොගෙන වැඩ කිරීමට ඔහුට කොන්දක් තිබුණා එදා. එ් නිසයි මහින්දට අපේ රටේ මිනිස්සු කැමති මෙහෙම කඩේ යන්නෙ රනිල් රටට කළ එක හොඳ දෙයක් කියන්න පුළුවන්ද..? කට අැරියොත් මහින්දගේ ණය ඔච්චරයි කළ එකම වැඩේ... බලමු දැන්වත් වැඩ කරයිද කියලා. කෙසේ වෙතත් දැන් ඊළඟට සිරිසේන ජනාධිපති වරයා ලේ සෙලවීමකින් තොරවම ඝාතකය කිරීමට උත්සාහ ගත හැකිය.

:       173       715

aseSunday, 16 December 2018 09:00 AM

වහල්ලෙක් කතා කරයි !!

:       928       603

සමන්තSunday, 16 December 2018 09:34 AM

මහින්ද වෙනුවෙන් කතා කළොත්, වහලෙක් වෙන රනිල් වෙනුවෙන් කතා කලොත් පොරක් වෙන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද? ළමයින් පවා සයනයිට් කරලා එල්ලා යුද්ධයට යවපු ප්‍රහාකරන්ට මල් තියලා ඒ මිනිසුන් වඳිද්දී ඒ යුද්ධය ඉවර කරන්න සේනාධිනායක වශයෙන් අණ දීපු කෙනාට ගරහන සමාජයක් මේක.. මට නම් සමහර සිංහල කියාගත්තු මේවගේ අය ගැන ලැජ්ජාවකට වඩා කල කිරීමක් තියෙන්නේ...

:       96       443

RuchiSunday, 16 December 2018 09:37 AM

රට ගැන හිතන එක වහල්කමක්ද? රට වෙනුවෙන් වැඩකළ මිනිහෙක් ගැන කතා කිරීම වහල්කමක්ද? වහලා කවුද සහ නිවටයා කවුද යනු අපට පැහැදිලියි.

:       5       55

NuwanSunday, 16 December 2018 10:00 AM

සමන්ත, ඕනෑම පදයක් භාවිතා කරන සම්ප්‍රදායක් තියනවා. වහල්ලු නැත්නම් බයියෝ කියන්නේ මහින්ද වෙනුවෙන් කතාකරන අයට විතරයි. ඒකට හැමෝම එකඟවෙන්න ඕනෑ. රනිල්ට පක්ෂව කතාකරන අයට කියන්නේ ටොයියෝ, ප්‍රජාතන්ත්‍රවාදීන් එහෙමත් නැත්නම් ජෙප්පො කියලා. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ වහල්ලු කියන්නේ ස්වාමියාගේ අනසකට යටත්වෙලා දුක්විඳින, ඡන්ද අයිතිය වැනි මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමේ නිදහසක් නැති ගැහැණු හා මිනිස්සුන්ට. මෙහෙම අයට ඉතිහාසය පුරා තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න වුණා. තේරුණාද?

:       0       134

සමන්තMonday, 17 December 2018 04:22 AM

දැන් එතකොට ඡන්දයක් තියන්න හදනකොටනේ ඒක එපා කියලා උසාවි ගියේ.. ඉතින් එතකොට සටනක් නැතිවම අයිතියක් ලැබුනානේ.. දැන් රනිල් ඡන්ද තියයි කියලා හිතනවාද.... ඡන්දයක් එපා කියලා උසාවි ගියේ සෑබෑ වහල්ලු නේද..

:       0       21

සමන්තMonday, 17 December 2018 04:22 AM

දැන් එතකොට ඡන්දයක් තියන්න හදනකොටනේ ඒක එපා කියලා උසාවි ගියේ. ඉතින් එතකොට සටනක් නැතිවම අයිතියක් ලැබුනානේ. දැන් රනිල් ඡන්ද තියයි කියලා හිතනවාද.... වහල්ලු කවුද කියලා දැන් තේරෙනවා ද.. ඡන්දයක් එපා කියලා උසාවි ගියේ සෑබෑ වහල්ලු නේද..

:       57       77

sandy123 Sunday, 16 December 2018 08:48 AM

මෙච්චර දෙයක් වෙලත් තඩි කණ්නාඩි පොළොන්ගු හැම තැනම... තාමත් කඩේ යනවා.

:       52       27

Sunil Sunday, 16 December 2018 08:57 AM

සිරිසේනගේ 'ඝාතන කුමන්ත්‍රණය' නාටකය ඉවරයිද?

:       1       45

udaya Sunday, 16 December 2018 08:58 AM

දැන් රනිල්ට අවස්ථා දෙකක් තියනවා තෝරගන්න 1) මෛත්‍රී - මහින්ද සහ අනිත් කට්ටිය කියන විදිහට ඉතිරි වසර දෙක ඇදලා වසර දෙක අවසානේ තමුනුත්, සහය දුන් ජනතාවටත් අැනලා රට මහින්දට කන්න බාර දෙන්න 2) කෙලින් තීරණ අරගෙන යහපාලන අරමුණු ඉටු කරලා ඡන්දයට යන්න

:       74       110

වික්‍රමසිංහ Sunday, 16 December 2018 09:42 AM

මහ බැංකුවට සිදුවූ දේ ඔබතුමාට මතක තැතිව ඇති නේද..? මහින්ද කුමක් කිව්වත් මේ ර⁣ටට යමක් දුන්නා.. නිදන් හොරා මේ රටට යමක් කළා... ඒත් බැංකු හොරා මොනවද කලේ..? රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කළා.. ඒත් තවත් ලිබියාවක් කරන්න බැරි වුණා... මහින්දද, ප්‍රේමදාසද, රනිල්ද මේ රට විනාශ කලේ (මේ අය උදාහරණයක් ලෙස ගත්තේ තුන් දෙනාම හොරා කාපු නිසායි..)

:       84       134

De silva Sunday, 16 December 2018 09:04 AM

1977ට පෙර අප ජීවත් වූයේ දූපතකයි. දැන් අපිට තේරෙනවා දිවයින විශ්ව ගම්මානයක් වුණා කියලා.. රනිල්ට සුබ පැතුම්...!!!

:       142       110

නන්දක Sunday, 16 December 2018 09:12 AM

රනිල් කියන්නේ රතු නිල් එකතුවක්..! ඒ දෙපැත්තම ගානට බැලන්ස් කරා..!

:       4       8

Nandasiri Kottege Sunday, 16 December 2018 09:25 AM

මතක කරලමු පැරණි කථා.. එක්වෙමු ජාතික දියුණ පතා...

:       1       19

Mahee Sunday, 16 December 2018 09:31 AM

අපි අර කොළ අතු ඇඳපු යුගේම හිටියා නම් ප්‍රශ්නයක් නෑ නේද? ඒ කාලේ කැමරා නොතිබුණත් ඇත්තටම ලැජ්ජාව නිසා කොළ අතු ඇන්දා... දැන් රෙදි අඳින්නේ නම් කැමරා එල්ල කරන හින්දටම විතරයි...

:       1       53

රොහාන් දයාදර පැරිස් Sunday, 16 December 2018 09:46 AM

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නීතියේ අධිපත්‍යය ස්වාධීන, ඉතා ඉහළින් ගරුකරන රටක් බව මුළු මහත් ලෝකයා ඉදිරියේ අද දින සනිටුහන් කළා. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබට චිරංජයතු..!!!

:       33       6

රොහාන් දයාදර පැරිස් Sunday, 16 December 2018 10:03 AM

දැනට ලෝකයේ පරිනතම දේශපාලනේ පරිණතයා ලෝකයම ජයගත් * මිස්ට කලින් * ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබතුමාට නිදුක් නිරෝගී වේවා ජයවේවා..!!!

:       68       56

ravi Sunday, 16 December 2018 10:14 AM

"දේශපාලනයේදී " ලැජ්ජා නැතිකම පලවෙනි සුදුසුකම ලෙස අනුමත කරමු.. !

:       0       9

ravi Sunday, 16 December 2018 10:15 AM

"දේශපාලනයේදී " ලැජ්ජා නැතිකම පළවෙනි සුදුසුකම ලෙස අනුමත කරමු.. !

:       0       17

dias Sunday, 16 December 2018 10:23 AM

දැන් ඉතින් ණය රෝල් කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට පුළුවන්...

:       20       2

Sarasi Sunday, 16 December 2018 10:47 AM

ලෝකයේ කිසිම රටක නායකයෙකු තමන්ගේ අගමැතිගේ චරිත ඝාතනය කරමින් ජනතාව අමතනු අපි අසා නැහැ. මහා ලොකු සංස්කෘතිය ගැන අපි කතා කරන අතරේ සදාචාර ධර්ම අතින් ඇවතුම් , පැවතුම් අතින් ස්වාසිලන්තයටත් පහළින් ඉන්නේ... ඔක්කොටම කලින් රාජ්‍ය නායක ආචාර ධර්ම මොනවාද කියා දැන ගන්න. මේ විගඩම් ඕස්ට්‍රේලියාවේ රූපවාහිනියේ කිහිප දිනක් ප්‍රචාරය වෙලා තිබෙනවා අපිට ආරංචියි. මොන ලැජ්ජාවක්ද? !

:       0       10

muditha Sunday, 16 December 2018 10:54 AM

කොහොම සුබ පතන්නද මන්දා? අයියෝ සිරිසේන... අයියෝ සිරිසේන...!!!

:       1       10

amaraweera Sunday, 16 December 2018 11:23 AM

මෙතෙක් හිටපු දේශපාලයින්ගේ පරිනත හා පුදුම ඉවසීමක් ඇති ප්‍රබල දේශපාලකයෙක්. හිතා ගන්න බැරි කෘතහස්ත නායකයෙක්. ඇත්තටම පොලිටික්ස් මෙතෙර්ඩ්ස් දන්නේ මෙන්න මේ රනිල් කියන චරිතය . ඔක්කොටම කෙළවෙන්න ගේම ගැහුවා. මෙන්න වැඩ. ඔකොටම හොද පාඩමක් කියල දුන්න. ඉගෙන ගන්න ඕනේ නම් රනිල් ගේ දේශපාලන පන්ති වලට යන්න. ජේ . ආර් මැතිතුමාගේ ගේම් පරාද කළා . මාර චරිතයක්. ජය වේවා.!

:       14       0

siribiris Sunday, 16 December 2018 11:25 AM

සිරිසේන මහ්තයා විහිලු කරන එක දන්නේ .නැද්ද.? රනිල් අවොත් එක විනාඩික් ඉන්නේ නැහැ කිවේ බොරුවට. මහින්ද මහතාව රැවැට්ටුවා.

:       0       0

Gihaan Sunday, 16 December 2018 11:26 AM

මොනවා වුනත් රනිල්ට වැදගත් උගත් නෝනා කෙනෙක් ලැබෙන්න වාසනාව තිබිලා . ඇවතුම් පැවතුම් හැසිරීම් වුනත් කටක් ඇරලා මේ අපේ දේශපාලක නායකයෙකුගේ බිරිඳ කියලා ලෝකෙට අඳුන්නා දෙන්න හැකියි.

:       0       0

Sadun Sunday, 16 December 2018 12:06 PM

ජනතාවට වැට් සමයක්... සුබපැතුම් !!!

:       1       25

weerakoon Sunday, 16 December 2018 12:49 PM

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි. අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු...

:       34       5

Bishan Sunday, 16 December 2018 01:03 PM

2020දි සජිත් -ජනාධිපති රනිල් -අගමැති යුගයක් ශ්‍රී.ල .නි. ප ඩීල් කාරයෝන්ව නම් ආයෙත් ගන්න එපා.

:       49       0

suranga Sunday, 16 December 2018 02:09 PM

දැන් මහින්දට තියෙන්නේ ඕන කුදයක් ගහගනිල්ලා කියල මේ කුණු රට අතැරලා දාල කොහේ හරි රටකට ගිහින් පාඩුවේ ඉන්නයි. මේක මහා නරා වලක්. ගොඩ ගන්නම බෑ. පුළුවන් එකෙක් ඉන්නවා නම් රටකට පැනගන්න බලන එක තමා තියෙන්නේ. රනිල්ලටම කරගන්න කියලා මේක අතෑරලා දාන්න.

:       0       27

saman Sunday, 16 December 2018 02:20 PM

අන්තිමේ බමුණා දිනුවා නේද?

:       0       33

Ruwan Sunday, 16 December 2018 04:34 PM

ජනතාවට අවස්ථාව දී තිබුණා නම් ගෙදර අද...

:       96       145

nishaMonday, 17 December 2018 06:03 AM

ජනතාවට අවස්ථාව දීලා 2015 ලංකාවේ වැඩිම ඡන්ද අරන් ආපු බව අමතකද.?

:       35       1

BamunuarachchiFriday, 21 December 2018 04:20 AM

එදා ජනතාව කර ගත ඒ ගොන්කම 18 පෙබරවාරි මස හදාගත් බව අමතකද? ඉතිරි අවුරුද්දත් මෙහෙම යමු.

:       0       0

Meshala Sunday, 16 December 2018 07:03 PM

අප රට තුල මින් ඉදිරියට ස්ථාවර මෙන්ම ගරු සම්පන්න යහපත් දේශපාලන වතාවරණයක් ඉදිරියේදී අපේක්ෂා කරමි. සුබ පැතුම්!

:       20       0

nihal Sunday, 16 December 2018 08:28 PM

අගමැතිතුමෝ දැන් රටට උවමනා ව්‍යවස්තාවක් නොවෙයි සියලු දෙනාම එකතුවී හෝ ඉන්න කණ්ඩායම හෝ කතා කරගෙන රටේ ආර්ථිකය දියුණු කිරීමයි දුෂණය නැති කිරීමයි 225 ට දෙන අසීමිත වරප්‍රසාද සහ වරදාන අඩු කිරීමයි රටේ ජනතාව පෙලෙන අධික දරිද්‍රතාවයෙන් ඔවුන්ව ගලවා ගැනීමයි. ව්‍යවස්තාවක් ගෙනාවයි කියලා රටේ ජනතාවට සෙතක් නෑ රට දියුණු උනාට පස්සේ ඉතුරුහරිය පුළුවන්

:       0       0

kumara Monday, 17 December 2018 03:42 AM

ඉල්ලා අස්වන ජනපතිදුනි ඔබට සුබ පැතුම්.! දෙන්න අත්පොළොසන් නාදයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2359 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 685 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1151 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1002 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 723 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2182 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site