IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රෝම උද්ඝෝෂණයට කඹ ඇදිල්ලක්

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සඳහා අවසර ගත් ආකාරය ගැන රෝමයේ ශ්‍රී ලාංකික වැසියන් අතර මත බේදයක් හටගෙන ඇත. තානාපති කාර්යාලයෙන් සිදු වෙතියි කියන ඇතැම් අඩුපාඩු කම් ගැන විරෝධතා දැක්වීමට ලබන ඉරිදා පැවැත්වෙන එම උද්ඝෝෂණයට ඉතාලි රජයෙන් අවසර ලබා ගෙන ඇත. තම විහාරස්ථානයේ ලිපිනය පාවිච්චි කරමින් අවසර ගත් බව කියතත් තමන් එවැනි අවසරයක් ගෙන නැතැයි බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ කියති.  ඒ සම්බන්ධයෙන් ඉතාලි එකාබද්ධ ශ්‍රී ලාංකික සංගමයේ අනුශාසක දඹදෙණියේ ධර්මාරාම හිමියන්ගෙන් කළ විමසුකදී  ඒ හිමියන් පැවැසුයේ අවසර ගත් ආකාරය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. මේ ගැන විමසීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.



අදහස් (0)

රෝම උද්ඝෝෂණයට කඹ ඇදිල්ලක්

පෙරේරා Saturday, 16 February 2013 09:48 PM

හරියට තතු දන්න අය නම් දන්නවා මේක පිටුපස ඉන්නේ කවුද කියලා. (නි)

:       0       0

ගාමිණී Friday, 15 February 2013 08:43 PM

ඉතාලියේ සමහර ශ්‍රී ලාංකිකයින් කරන වැරදි වැඩ වාර්ථා වෙනවා. මේවාට අතදාන්න තානාපති කාර්යාලයට ඉඩ නැහැ. නමුත් නිලධාරීන් තමන් සතු වගකීම නිසියාකාරීව ඉටු කළ යුතුයි.(නදී)

:       0       0

සරත් Saturday, 16 February 2013 12:44 PM

කොහෙත් එක වගේ (දී)

:       0       0

රිස්වාන් Friday, 15 February 2013 09:13 PM

ඉතාලියේ ඉන්න බහුතරක් ලාංකිකයෝ ඉතාලියත් කාලා ලංකාවේ නමත් කනවා. (නි)

:       0       0

තිලක් රෝමය Saturday, 16 February 2013 01:28 PM

මේක ඇවිල්ලා පොදු උද්ඝෝෂණයක් නෙවෙයි.පෞද්ගලික පලිගැනීමකට කරන එකක්.(නු)

:       0       0

නිෂාන්ත Saturday, 16 February 2013 01:34 PM

රෝමයේ වෙසෙන අය දෙකඩ කැඩිලා, ඒ ඒ අය දරුණු ලෙස මඩ ගහ ගන්නවා(නු)

:       0       0

නෙවිල් Saturday, 16 February 2013 01:37 PM

රෝමයේ පිරිස බේද කරන්නේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

දමිත් Saturday, 16 February 2013 01:37 PM

රෝමයේ දැන් ඉන්න සිංහල උදවිය හරි නපුරුයි.(නු)

:       0       0

සමිත Saturday, 16 February 2013 01:40 PM

කවුද මේවා සැළසුම් කරන්නේ..?(නු)

:       0       0

සුපුන් Friday, 15 February 2013 09:25 PM

ඉතාලියේ වෙසෙන මහජනතාවට සේවයක් නොවෙන, තානාපති කාර්යාලයේ සේවකින් වහා සේවයෙන් නෙරපනු! (නි)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 01:44 PM

හාමුදුරුවො මොනවාට මේවාට සම්බන්ධ වෙනවාද?(නු)

:       0       0

සුපුන් Friday, 15 February 2013 09:26 PM

ඉතාලියේ වෙසෙන මහජනතාවට සේවයක් නොවෙන තානාපති කාර්යාලයේ සේවකින් වහා සේවයෙන් නෙරපනු . (ස)

:       0       0

අශෝක Saturday, 16 February 2013 02:15 PM

මෙය ලෝකයේ තියෙන බොහෝ තානාපති කාර්යාලවලට පොදු දෙයක්.. වැඩ බොහොම මන්ද ගාමියි.,!(නු)

:       0       0

අනිල් Friday, 15 February 2013 09:57 PM

තානාපති කායාලයට විරුද්ධව උද්ඝෝෂණයත් කරන්නේ අනුන්ව පාවා දෙමින්. රෝමයේ පොලිස් කාරයන් තමන් බව හිතාගෙන ඉන්න අය මට්ටු වෙන්නෙත් මෙදා පාරය . (නි)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 02:37 PM

ආරාධනා ලැබූ සම්මික උඩුනුවර, ඔබ කියන්නේ පන්සල මුල් කරගෙන අවස්ථාවාදී වෙන්න කියලද? අනේ සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 10:10 PM

‍අනේ මන්දා, මොනවා බෙදාගන‍්නද මේ දේවල්? (නි)

:       0       0

මාලා Saturday, 16 February 2013 03:22 PM

ලෝකේ හැම රටම එක වගේ (දී)

:       0       0

ඉන්ද්‍රකීල Saturday, 16 February 2013 03:57 PM

පළමුවම කළයුතුව තිබුනේ මෙම උද්ඝෝෂණය සංවිධානය කරන අයගෙන් මේ පිළිබඳ දැන ගැනීමයි. මාධ්‍යවේදියෙක් යනු අනුන් කියන දෙය තමන්ගේ නමින් පළ කරන පුද්ගලයකු නොවිය යුතුයි. සොයා බලා සත්‍ය තත්වය වාර්තා කළයුතුයි. (නි)

:       0       0

මාටින් Saturday, 16 February 2013 04:11 PM

ඉතාලියේ තියා දිව්‍ය ලෝකයේ හිටියත් ලාංකිකයෝ තමන්ගෙ අනන්‍යතාවය නම් ‍මොනවට පෙන්නුම් කරනවා. (නි)

:       0       0

අසන්ක Saturday, 16 February 2013 12:39 AM

සංවිධායකන් අවසර ගන්න දන්නවා හොදට. (නි)

:       0       0

මාලන් Saturday, 16 February 2013 12:41 AM

මාධ්‍යය විසින් තම වගකීම පිළිබදව සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

ගාමිණි Saturday, 16 February 2013 12:47 AM

කොහෙත් ඔහොම තමයි, කලබලවෙන්න එපා (දී)

:       0       0

ජෝයි ඩයස් ,නාපොලි Saturday, 16 February 2013 12:54 AM

ඈයි හාමුදුරුවනේ ඕක හොයාගන්න අමාරුවක් නෑ. රෝමයේ නගර සභාවෙන් හරි,පොලිසියෙන් ඈහුවත් කියනවානේ .ඔබතුමාගේ විහාරස්තානයේ ලිපිනය පාවිච්චි කරලනම් ඔබ නොදෑනුවත්ව,ඔබට අයිතියක් තියෙනවා නීතිමගින් කටයුතු කිරීමට අවසර ගත් කෙනාගෙ රිසිඩන්ස් ලිපිනය තමා දාන්නෙ අවසර පත්‍රයට.මෙ අවසරය අරන් තිබෙන්නේ පන්සලෙ රිසිඩන්ස් තිබෙන කෙනෙක් , කාට හරි කොල හදන්න පන්සලේ නවාතෑන් පහසුකම් ලිපියක් දුන්නාද කියලා (හොස්පිති ලියවිල්ලක්) මතක් කරලා බලන්න. වගකීම ඔබතුමා බාර ගත යුතුයි.තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණය කලා කියලා ඉතාලි රජයෙන් මොනවා කරන්න ද? අපේ උපන් බිමේ ප්‍රතිරූපය බිද වෑටෙනවා වගේම යුරෝපයේ මාධ්යවල ප්‍රශ්ණය විකෘති කරලා යනවා. එහෙම වෙලා තිබෙනවා.ජිනීවා වලට තවත් කුණු එකතු කරන්න එපා.උඩබලාගෙන කෙල ගසාගන්න එපා .අපේ මූණටමයි.කොටි පරදවන්න පාට බේද ,ජාති බේද වලින් තොරව ඔබලා අපත් සමග අත්වෑල් බෑදගත්තා මතකයි.ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙනි ඔබලාගෙ උද්ගෝෂණය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සෑසිවාරයෙන් පසු මාර්තු මාසයෙන් පසුව පවත්වන මෙන් ඉල්ලා සිටිමි.පටු දේශපාලන අරමුණු හා ඩයස්පොරාවෙ කූට උපක්ක්‍රම වලට හසුනොවී මින් ඉදිරියටත් තමන්ගෙ උපන් දෙශයට ආදරය කරන ලෙස රෝමයෙ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි.(නු)

:       0       0

කුමාර Saturday, 16 February 2013 01:11 AM

හසිත පෙරේරා කියන්නේ ‍හොදට වැඩ කරන මහත්තයෙක්. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 16 February 2013 05:16 PM

ජෝයි ඩයස් මහතා, ඒක තමයි ඇත්ත. මෙයත් සඝ පරපුරේ චිත්ත පාරිශුද්ධිය ලෝකයට පෙන්වන එක් අවස්ථාවක්. (නි)

:       0       0

සම්මික උඩුනුවර Saturday, 16 February 2013 02:25 AM

තානාපති කාර්යාලය ඉදරිපිට තිබන උද්ඝෝෂණය ගැන මා මෙයට පෙරද දැනුවත් කළා. ඇත්තටම මේ උද්ඝෝෂණය පවත්වන්නේ එකතරා පන්සලක ප්‍රධානත්වයෙන්. මේ සදහා මට ආරාධනා ලැබී තිබෙනවා. නමුත් මම යන්නේ නැහැ. ඇත්තටම තානාපති කාර්යාලයේ වැඩ දැන් හොදට වෙනවා. මෙතන තිබෙන්නේ අවස්ථාවාදින්ගේ කුමන්ත්‍රණයක්. මේකට අහුවෙන්න එපා. (නි)

:       0       0

කරීනා Saturday, 16 February 2013 05:29 PM

බලන් කඩතුරා හැර දෑසේ... (නි)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 02:49 AM

කොහෙත් ඔය මාතෘකාවම තමයි (දී)

:       0       0

කණිෂ්ක Saturday, 16 February 2013 03:05 AM

රෝම තානාපති කාර්යාලයේ වැඩ හරිම මන්දගාමීයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 67 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 82 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1433 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 616 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1050 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 315 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site