රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලය මගින් පවත්වන 65 වන නිදහස් උළෙල රෝම බෞද්ධ විහාරස්ථානයේ දි පෙබරවාරි 4වන පැවැත්වීමට නියමිතය. නිදහස් දින සමරු පැවැත්වෙන ස්ථානය පිළිබඳව රෝමයේ තවත් පිරිසක් තම විරුද්ධත්වය ප‍්‍රකාශකොට තිබේ. ඉතාලියේ ඵ්කාබද්ධ සිංහල සංවිධානයේ සභාපති රෝමයේ ධර්මාශෝක වීහාරාධිපති ධඹදෙනියේ ධමිමාරාම හිමියෝ ඵසෑණ සමග මෙසේ පැවැසූහ.
අපි කියන්නේ නිළ රාජ්‍ය උත්සවය තානාපති කර්යාලයේ පැවැත්වීය යුතු බවයි. ඵතැන හැමෝටම සහභාගි වෙන්න පුලුවන් පොදු තැනක්. අපි සංවිධාන කිහිපයක් ඵකතුවෙලා මේ ගැන අපේ විරුද්ධත්වය ප්රකාශ කළා. මීට පෙර මේ විදියට නිදහස් උත්සවයක් පිට තැනක සිදුවෙලා නැහැ. තානාපති කර්යාලයයේ ප‍්‍රධාන නිළධාරිනියක් වන ගෝතමි ඉදිකඩහේන මහත්මියත් නිදහස් උත්සවය වර්ජනය කරන බව දැන ගන්නට තියෙනවා.
අපේ හාමුදුරුවනේ මෙවර නිදහස් උත්සවය පවත්වන්නේ රෝමයේ බෞද්ධ වීහාරස්ථානයක ඔබ වහන්සේ කියන විදියට, පන්සලකට යන්න බැරි තරමට රෝමයේ ජිවත්වන ශ‍්‍රි ලාංකිකයින් බෙදිමකටලක්වෙලාද?
ඇත්තම කියනවානමි ඵහෙම බෙදිමකට ලක් වෙලා.
රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයයේ අමාත්‍ය වෙළද කළමනාකරණ උපදේශිකා ගෝතමි ඉදිකඩහේන මහත්මිය මෙසේ කීවාය. මගේ රාජ්‍ය සේවය වසර 25යි. දෙරටක රාජ්‍ය දුතමණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළා. මම කිසිම දවසක වැරදි වැඩවලට අනුබල දීලා නැහැ. ඵ් වගේ දේකට සහභාගි වෙලත් නැහැ. නිදහස් උත්සවය තානාපති කර්යාලයේ පවත්වනවා නම් අනිවාර්යෙන්ම මම ඵ්කට සහභාගි වෙනවා. තානාපති කර්යාලයේන් පිට නිදහස් උත්සවයක් මම දැක නැහැ. සියලු දෙනාටම ඵකට සහභාගි වීය යුතූ පොදු තැනකයි අපි නිදහස් උත්සවය පැවැත්විය යුත්තේ. ඵ් නිසා මෙම උත්සවයට සහභාගි වීම පිළිබඳව දෙවරක් සිතන්න ඕනෑ.
නිදහස් උත්සවය පැවැත්වීමට නියමිත රෝම බෞද්ධ වීහාරස්ථානයේ වීහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හිමියෝ ඵසෑණට මෙසේ කීහ.
තානාපති අසිත පෙරේරා මහතා අපෙන් ඉල්ලිමක් කලා නිදහස් උත්සවය පවත්වන්න පන්සල් භූමිය ලබාදෙන්න කියලා. අපි ඵකට කැමැත්ත දුන්නා. ජනාධිපතිතූමන්ගේ අවසරය පිටයි ඵතූමා අපේ පංසලේ නිදහස් උත්සවය පවත්වන්නේ. ජාතික නිදහස් දින සමරු තානාපති කර්යාලයේම තියන්න ඔන කියලා නීතීයක් තියෙනවාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ජනාධිපතිතූමන් ඇතූලු මැති ඇමතිවරුන් සහභාගි වන නිළ නිදහස් උත්සවය රටේ නොයෙක් නගරවල පවත්වනවා. රෝමයේ මෙකට වීරුද්ධ පිරිස් තානාපති තූමන්ට ඵදා ඉඳලම හිරිහැර කලා. ඵතුමන්ව එලවන්න ජනාධිපතිතූමා ඉතාලියට ආපු වෙලාවේ පෙත්සමි පවා බාරදුන්නා. තමන්ට වැඩක් නැති කිසිම නිළධාරියකුට මෙහි ඇතැම් පිරිස් ඉන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ ක‍්‍රියාවන් අපට වැදගත් නැහැ. අපේ වැඩේ අපි කරනවා. මේ සම්බන්ධයෙන් තානාපති අසිත පෙරේරා මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිමට උත්සහා එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝතමී මහත්මියගේ ප්‍රකාශයට අප හදපත්ලෙන්ම ස්තුති කරනවා... ඔබතුමිය වැනි එඩිතර තීරණ ගැනීම ගැන කාන්තාවන් වන අපට මහත් ධෛර්යයකි. තව තවත් ඔබට ශත්තිය හා ධෛර්යය ලැබේවා .. බුදු සරණයි.. නිදහස් උත්සවය පැවැත්වීමට සුදුසු ස්ථානයක් නොවන නිසයි අප විරුද්ධ(නු)
හාමුදුරුවනේ දැනට ප්‍රශ්න ගොඩක් තියෙන නිසා පන්සල පොදු ස්ථානයක් කරන්න, එතකොට සියළු දෙනාම සහභාගී වෙයි.(නදී)
ගෝතමි මෙනෙවිය ඔබ නීතියට ගරු කරන කාත්තාවකි.. අපේ උණුසුම් සුභ පැතුම් ඔබටයි..!(නු)
මටනම් ඕක ප්‍රශ්නයක් නෙමෙයි (ස)
දුලිතා රෝම පන්සල කියන්නේ පොදු තැනක් තමයි. සෑම කෙනෙකුට එහි යාමට පිලිවන. ප්‍රශ්ණ තියෙන්නේ ඔයාලා වගේ කඩා කප්පල් කාරයන්ට පමණයි. ඇවිත් බලන්න ලාංකිකයනගෙන් පන්සල නිතරම පිරිලා තියෙන ලස්සන. රෝමය කැලණිය වගේ තැනක් කරගෙන ඉන්න අයට නම් මෙය පොදු තැනක් නෙවේ. (ස)
පන්සල කියන තැන බෞද්දයන්ට පොදු ස්ථානයක්. එක සත්‍යයක් . එහෙත් වෙනත් ආගම්වල අයට එතනට එන්න බලකිරීම වැරදි ක්‍රියාවක්. මේ උත්සවය ක්‍රිස්තියානි පල්ලියක තිබ්බනම් එත් විරුද්ධ වෙන අය ඉඳීවි ගොඩක්. ඇයි හැම පැත්තක්ම හිතා බලා හරි තීරණයක් නොගන්නේ? (ස)
ඉතාලියේ උගත් ශ්‍රී ලාංකිකයින් නොමැති වීමත් සිටින අයට මුදල් බෙහෙවින් තිබීමත් මේ ආකාරයේ ප්‍රශ්ණ වලට හේතුවයි(නදී)
පිටිගල මහත්මයාණෙනි,ඔබතුමා ඉතාලිය ගැන දැනුම අල්පවීම ගැන මගේ බලවත් කනගාටුව.ඉතාලිය විවිධ සංවිධාන ජාලයකින් සමන්විත්යි.ශ්‍රී ලාංකිකයන් රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලීක අංශවලත් හොද රැකියාවල නිරතවෙනවා. යුද්දෙ කාලේ ත්‍රස්තවාදයට විරුද්ධව පළමු වෙඩි මුරය යුරෝපට එල්ලකලේ ඉතාලියෙන් ,2000 වර්ශයේ විශාලතම ශ්‍රී ලාංකික ජනතාවක් රැස්කරමින් ත්‍රස්තවිරෝධි පෙලපාලිය පටන් ගත්තේ ඉතාලියේ නාපොලි නගරයෙන් , යුරෝපයේ පළමු වතාවට ත්‍රස්තයන් 31 පොලිස් අතඩංගුවට ගත්තේ ඉතාලියෙන් හිටපු තානාපති හේමන්ත වර්ණකුල මහත්මයාගෙ කාලේ.නූගත් ලාංකිකයනට ඔවා කරන්න බෑ නේද?සෑහෙන ව්‍යාපාරික ප්‍රජවක් සිටින,ඉතාලි රජයේ පළාත් සභාවල අද ශ්‍රී ලාංකික මන්ත්‍රීලා පවා ඉන්නවා. ඒ නිසා ලෝකයේ කිසිම ශ්‍රී ලාංකිකයකුට අපහස කරන්න එපා,හිස් භාජන ගොඩක් හඩ වැඩී කියලා සුද්දාම කියලා තියෙනවාන් ඒකනිසා එවනි දේ ප්‍රදර්ශනය කරන්න ඔවැනි අදහස් ලියන්න එපා.මෙය මුලු ඉතාලියේම් ශ්‍රි ලාංකිකයන්ට කල අපහසයක්. (ස)
පිටිගල මහත්තයෝ, තමන්ගේ ජාතිය පහත් කරලා කතාකරන්න එපා(නදී)
ගෝතමී මෙනවිය, ඔබට අපගේ උනුසුම් සුභ පැතුම්.(නදී)
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණි විහාරේ.(නදී)
කව්රුත් හොදට නිදහස ලබා ගත් හැටි ආයෙත් කියවලා බලන්න. හැම ජාතියකම හැම ආගමකම අය ඒ වෙනුවෙන් හවුල් වුනා. (නදී)
පන්සල පොදු තැනක් නෙමෙයි කියන්නේ කොහොමද? තානාපති කාර්යාලයෙම නිදහස් උත්සවය තියන්න ඕනේ කියලා නීතියක් කොහෙද තියෙන්නේ. මෙච්චර නීති තද සෞදි අරාබියේ විවිධ ස්ථානවල නිදහස් උත්සවය තිබ්බා. (නදී)
සහෝදර පාඨකයිනි, මේ ප්‍රශ්නය ගැන බුද්ධිමත්ව බලන්න. ඉතාලිය කතෝලික රටක් උනත් පල්ලි, පන්සල් බේදයක් නැහැ. මුළු ඉතාලියේම තියෙන පන්සල්වලට දානමාන කටයුතුවලට ආගම් බේදයකින් තොරව සහභාගී වෙනවා, නිදහස් උත්සවය අපි හැමෝටම අයිති දෙයක්, ඒක පන්සලේ පැවැත්වුවයි කියලා හීකමානෙන් වැඩකරන්නේ බොහොම සුළු පිරිසක්. වාද බේද දුරලා අපේ පුංචි ශ්‍රීලංකාවේ ලක්වැසියන් වන අප සැමටත් සියළු යහපත සිදුවේවායි ප්‍රාර්ථනා කරන්නමි.(නදී)
පිටිගල අයියාගේ සටනට තවත් අංගයක් එක්විය යුතුයි. (නි)
පංසල සැමට පොදු ස්ථානයක්නමි ලංකාවෙ මෙහෙම දේවල් වෙයිද? දැන් ලාංකිකයන් ගිය තැන අනාගන්නවා. ඔක්කොම රගපෑමි තමයි.(නු)
නිදහසක් නොමැති නිදහසක් සොයා අපි යන මේ ගමනේ, කවදාද අපි සැබෑ නිදහස දකින්නේ? (නි)
මේ කමෙන්ටදාල තියෙන හුඟදෙනෙක් එක්කෝ වල්ගේ පාගාගෙන.නැත්තම් සීද්ධියේ යතාර්ථය ගැන නොදන්න උදවිය වියයුතුයි.පන්සල්වල තියන්නේ ආගමීක වැඩසටහන්.නිදහස් සැමරුම තිබියයුත්තේ අනිවාර්යයෙන්ම සියලු ජනතාවට පොදු භූමියක.එතැනදී සුදුසුම තැන තානාපති කාර්යාලය.(නු)
ගෝතමී ඉදිකඩහේන මහත්මිය ඔබ අපට ශක්තියකි..!(නු)
අපේ රටේ තියෙන්නේ නාමික නිදහසක් විතරයි. අනික පන්සලක හො පල්ලියක හො කෝවිලක හො නිදහස් උත්සවයක් පවත්වන එකේ වරදක් නැහැ.පුජණිය ඉස්තානයක් කියන්නේ කාටත් පොදු තැනක්.. (නු)
මෙතන වෙලා තියෙන්නේ තම තමන්ගෙ බලය පිළිබද ප්‍රස්නයක් .. (නු)
ක්‍රෝධය වෛරය ඉරිසියාව තියන තැනින් තමයි පටන්ගන්න ඕන..!(නු)
කොහේ කලත් මොකද අනේ. කරන්නේ හොද වැඩක් නම් (නු)
අපේ රටේ තියෙන්නේ නාමික නිදහසක් විතරයි. රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැහැ. පොලිසිය දේශපාලනීකරණය වෙලා. රටේ නිතිය වල් වැදිලා. දුප්පතාට එක නීතියක්. පාර්ලිමේන්තුවේ ඉන්න අයට තව නීතියක්. මිනිස්සුන්ට මානසික කායික නිදහස නැහැ. එහෙම එකේ නැති නිදහසක් සමරන්නේ මොකටද? අනික පන්සලක හො පල්ලියක හො කෝවිලක හො නිදහස් උත්සවයක් පවත්වන එකේ වරදක් නැහැ. පුජනීය ස්ථානයක් කියන්නේ කාටත් පොදු තැනක්. මෙතන වෙලා තියෙන්නේ තම තමන්ගෙ බලය පිළිබද ප්‍රශ්නයක්. (නි)
පිටිගල මහත්මයාණනි, ඉතාලියේ 8 පාස් අයත් ඇති. විශ්ව විද්‍යාල වලට ගිහින් උපාධි ගත් අයත් ඉන්නවා. ඒක හින්දා ඔබතුමා ඔහොම මිනිසුන් පහත් කරලා කතා කරන්න එපා. මොකද මෙහෙ රැකියා සමානත්වය තිබෙනවා. මෙතන අද තියෙන්නේ බලය වෙනුවෙන් සටනක්. ඒක හින්දා නේද රෝමයේ හා මිලානෝ වෙරෝනා වල පන්සල් දෙකට බෙදිලා තියෙන්නේ? මේවා හන්දා තමයි සිංහල අපගේ ජාතියට හෙණ ගහලා තියෙන්නේ. ලැජ්ජා වෙන්න ඕනෑ අපිමයි. (නි)
රෝමයේ තවත් විහාරස්ථානයක් හා වෙනත් කතෝලික ක්‍රිස්තියානි පූජනීය ස්ථාන ආදිය තිබියදී මෙවර නිදහස් දින රාජකීය උත්සවය එහි පැවැත්වීම නොහොබිනා ක්‍රියාවක් බව අපගේ අදහසයි. (නි)
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගැන එදත් අදත් සැමදාමත් ප්‍රශ්න තියෙනවා. කාර්ය මණ්ඩලය එක පැත්තකටත් තානාපති එක පැත්තකටත් ඇදීම අප සැමදා දකින ලද දෙයක්. (නි)
පන්සලට එන්න අකමැති අය ලංකාවට අවේ අහසින් නෙවෙයි, සිංහලයින්ව සුද්දන්ට පාවා දීල තමන්ගේ පුද්ගලික වාසි වලට. ඒක අදත් කෙරෙනවා. නිදහස ගන්න එකට වැඩ කරපු හැටි කියන අය මර්සිලින් ජයකොඩි පියතුමා ගැන ලියල තියන "පන්සලේ පියතුමා" කියන පොත බලන්න.(නදී)
මෙම ලිපිය සහ සමහර අදහස් මල්ලේ පොල් තියරියක වගේ. (නි)
ඒක මාර වැඩක් නේ (දී)
ඒක පුදුම වැඩක් තමයි (දී)
ඉතින් ඒ විරුද්ධ කණ්ඩායම අල්ලගෙන තවත් නිදහස් උත්සවයක් පවත්වන්න පුළුවන්නෙ. (නි)
නිදහස් උත්සවයත් කුලල් කන්නේ නැතුව කරගන්න බැරි අපේ සිංහලයන්ට ඉදිරියට වෙන දේ හිතාගන්න පුළුවන් (ස)
හැටපස්වන ශ්‍රී ලංකා නිදහස් උත්සවය පැරීසියෙ පවත්වන්නේ ජාත්‍යන්තර බෞද්ධ මන්දිරයක, ඇයි ඉතින් රෝමයේ බැරි?(නදී)
අපේ අය මෙහෙ හිටියත් පිටරටක හිටියත් බෙදෙන්න හේතු හොයාගන්න හරිම දක්ෂයෝ.(නදී)
පන්සල පොදු තැනක් වෙන්නේ කොහොමද?(නදී)
ලංකාවෙ අය ගිය තැන ඔහොමයි, වනසනවා.(නදී)
මම කතෝලිකයෙක් . ඉන්නේ ඉතාලියේ . වෙන ආගම්වල අයට පන්සල් යන්න කියලා බල කරන්නේ මොන පදනමෙන්ද ? (ස)
තානාපති කාර්‍යලයක තීරණ ගත යුත්තේ පහළ නිලධාරින් නොව තානාපතිතුමායි. තානාපතිතුමාව සම්බන්ධ කරගන්න ඉතාලි වේලාවෙන් රෑ 10 න් පසු ඕනෑම කෙනෙකුට පුලුවන්. තානාපති කාර්‍යාලයේ නිළ වෙබ් අඩවියේ එතුමාගේ සියලුම දුරකතන අංක ඇත. (නි)
නටන්න බැරි මිනිහට පොළොව ඇදයිලුනේ.... (නි)
ඕනෑම කෙනෙකුට පන්සල පොදු ස්ථානයක් කියන එක මතක තියාගත්තොත් හොදයි. (නි)
නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන්වී.... (නි)
මේක පුදුම රටක්. රෝමයේ පන්සල කොච්චර හොදද නිදහස සමරන්න? පන්සලේ නිදහස් උත්සවය වෙනුවෙන් අපි පෙළගැසෙමු. (නි)
මෝඩයිනේ, පිට රටකදීවත් නිරුවත පෙන්නන්නෙ නැතිව ඉන්න බැරිද? රට්ටු හිනස්සන්න එපා. (නි)
ශ්රී ලංකාවේ නිදහස් උත්සවය කියන්නේ සිංහල බෞද්ධයන්ගෙන් ඉංග්‍රීසින් ලබාගත් රට නැවත ලබාදීම, සිහිපත් කිරීමේ දිනයයි. මේ රට සිංහල බෞද්ධ රට, ඔවුන් සමග සමගියෙන් සිටීම අන් අයගේ වගකීමක්. ඉතිහාසය ගැන දන්නෙම නැත්නම් අඩුම තරමින් වීර කැප්පෙටිපොළ, ශ්‍රී සුමංගල හාමුදුරුවෝ , වීර පුරන් අප්පු වගේ වීරවරයන් ගැනවත් හොයලා කියවන්න. සිංහල බෞද්ධ අපිට පන්සල පොදු තැනක් තමයි. (නි)
මෙතන තියෙන්නෙ ආගමික ප්‍රශ්ණයක් බව නම් ඉතා පැහැදිලියි. ජාතික උත්සවයකටත් ආගම් වාදය පටලාගැනීම අඥාන වැඩක්. ඉතාලියෙ අපේ අය කොටින්ට විරුද්ධව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණ අය නේද? ඉස්සරහට තව ක්‍රියාකාරකම් ඕනෑ වෙන කාලයක් එන්නේ. එකමුතුකම ශක්තියයි. ජාතික උත්සවයකදී තමයි එය ඉතාම අවශ්‍ය වෙන්නෙ. (නි)
ජනධිපතිතුමා ඉතාලියට ආපු වෙලාවේ තානාපතිතුමාට රෝම කණ්ඩායමක් විරුද්ධත්වය ප්රකාශ කළා. අද මේ ඉතාලියේ තිබෙන පන්සල් වල හාමුදුරුවරුත් දෙකට බෙදිලා. පන්සලක මේ උත්සවය තියෙන එක කොයිතරම් හොදද? ඉතින් කොහෙද මෙහෙ සමගියක්? සාමාන්‍ය ජනතාව සැමවිටම තානාපතිතුමත් සමගයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
පන්සල කියන්නෙත් ආගම් බේද නැති පොදු තැනක්. එතනට සියලුම දෙනාට යන්න පුළුවන්. මම දන්න තරමින් නම් නිදහස් උත්සවයක් පිරිසිදුවට කරන්න බැරි තැනක් රෝම තානාපති කාර්යාල පරිශ්‍රය. එතන අතුගාන්නෙ වත් නෑ වෙලාවට. ලට්ට ලොට්ට පිරිලා. එහෙවු එකේ පංසල මුල් කරගෙන නිදහස් දින උත්සවය පවත්වනවනම් කොච්චර අගේද..? පංසලට යාමට නොහැකි නිළධාරිනිය පංසලට නොයා හිටියට අපට කමක් නැහැ. එකම රටේ අය මේ විදිහට පිට රටකදී බෙදුම්වාදය ඇති කරන්නේ ඇයි..?
සුසන්ත හරි. (නි)
ඔයවගේ ගහමරාගෙන බෙදිලා යන එක හොදයි. එතකොට දෙමළ මුස්ලිම් අයට පැත්තකට වෙලා මෝඩයින්ගේ මෝඩ වැඩ දිහා බලාගෙන සතුටු වෙන්න පුලුවන්. (නි)
අනේ ගණන් ගන්න එපා. ලංකාවේ අයනේ. (නි)
එකම කණ්ඩායම් විවිධ නම් වලින් පෙනි සිටිමින් රෝමයේ නොයෙකුත් සමාජ විෂමචාර ක්‍රියාවන් සිදු කරනවා. එම විෂමචාර ක්‍රියාවලට කැමති නැති කාටවත් ඉන්නේ දෙන්නේ නැතිව කැලැ පත්තර ගැහිම, කරන පොදු වැඩ වලට අකුල් හෙළීම තමයි මෙයාලගේ එකම වැඩේ. පොදු ස්ථාන,පොදු වැඩ පිළිවෙළවල්,පොදු ලාංකිකයා,පොදු සංවිධාන කඩා කප්පල් කර ඛෙදිමකට ලක් කරපු අය කවුද කියලා මුලූ රෝමයම දන්නවා.වසර 25 කින් තම රටට නොගිහින්, ලංකාවේ නිදහසක් ගැන ක්‍රෝධයෙන් සහ ඊරිසියාවෙන් ඛෙරිහන් දෙනවා.ක්‍රෝධය,වෛරය,ඊර්සියාව නැති කරගන්න. ධර්මය පතුරුවන්න, දායකයන් යහ මගට ගන්න. ඔබ සැමත් යහ මගේ ගමන් කරන්න. (නි)
පන්සල කොහොමද පොදු තැනක් වෙන්නේ, මේකේ සංවිධායකයින් එකට එකතු වෙලා ස්ථානය පිළබ‍්ද තීරනයක් ගත්ත නමි හොදයි.(නදී)
මේකද නිදහස කියන්නේ. අනේ මන්දා කරන්නම්වාලේ නැතුව හිතල බලලා වැඩ කරන්න (ස)
අවුරුදු 65 තිස්සේ රට වලපල්ලට ගියහමද උත්සව පවත්වන්නේ (ස)
නුසුදුසු තැනක මෙම උත්සවය පැවැත්වීම ගැන අපි මහත් කණගාටුවට පත් වෙමු. (නි)
ශ්රී ලංකාවේ 2007 වසරේ නිදහස් උත්සවය ඉතාලියේ පැවත්වූයේ රෝමයේ කතොලික දේවස්ථාන ශාලාවක. තානාපති කාර්යාලය මගින් සංවිධානය කල එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුවේත් හිටපු තානාපති තුමා.අද මෙහෙම විරුද්ධය කැලැ පත්තර ගහන සංවිධාන වල පිරිස් සහ පන්සල් වල පිරිස් එදා එහි මුලසුන ගත්තා. තම දායකයකුගේ ගෙදර ගත්තත් හොඳයි කියන අය ඊරිසියාවෙන් කෑ ගහපු දෙන්. අපි සැවොම පන්සල් යමු. නිදහස සමරමු (ස)
ඉතින් කොහොමද සිංහල ජාතිය ගොඩනගන්නේ. බෙදෙන්නමයි බලන්නේ (ස)
පන්සලක් කියන්නේ පොදු තැනක්, ජාති ආගමි තුල භේද නැතිව ඕනම කෙනෙකුට යන්න පුළුවන් තැනක්, ඒක වැරදියට තේරුමි ගන්න එපා(නදී)
ඇත්තටම රටේ නිදහස සැමරිය යුත්තේ තානාපති කාර්යයාල භූමියක තමයි. එතන හැමෝටම පොදුයිනේ (ස)
මමත් බෞද්ධයෙක් තමයි. නමුත් ඕන නැති වැඩ නිසා ආගමට නිගා දෙනවනම් මමත් විරුද්ධයි (ස)
අනේ අපේ හාමුදුරුවනේ පන්සල් භූමියේ එදාට ආගමික වැඩසටහනක් පවත්වනවානම් වඩාත් හොඳයි නේද රටටම සෙත් පැතුවානම් (ස)