නොයෙක් අවශ්‍යතාවයන් සඳහා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (8) ආ විශාල පිරිසකට පැය ගණනක් එහි රස්තියාදු වීමට සිදු වූ බව තානාපති ආරංචි මාර්ග කියයි. තානාපති අසිත පෙරේරා සහ ගෝතමී ඉද්දකඩහේන මහත්මිය ලෝක ආහාර වැඩ සටහනනේ රැස්වීමකට ගොස් සිටි අතර ලියවිලි අත්සන් කිරීමේ බලය පැවරෑ නිලධාරිනිය හදිසියේ කාර්යාලයෙන් පිටව ගොස් සිටි නිසා කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි පලෙර්මෝ හා සිසිල් නගරවල සිට කුඩා දරුවන් ද සමග ආ පිරිස් මෙසේ අපහසු තාවට පත්වූ බව ඔවුහු කියති.
ඇතැම් පිරිස් හට තමන් වෙන් කර ගත් ගුවන් යානාවලට යෑමට නොහැකි නිසා රාත්‍රිය ගුවන්තොට ගත කිරීමටත් තවත් අමතර මුදලක් ගෙවා වෙනත් යානයකින් යාමට සිදු වූ බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදා. අපරාදේ කියන්න බැහැ. (නි)
නිලධාරීවාදය හැමතැනම තියෙනවා. මේක තුරන් කරනතුරු ශ්‍රී ලාංකිකයින්ට දෙවි පිහිටයි.(නදී)
ධර්මපාල මහත්තයා ඉතාලි වල ඉන්න කාලේ අති විශිෂ්ඨ සේවයක් කලා. (නදී)
අයියෝ සල්ලි (දී)
"ඇතැම් පිරිස් හට තමන් වෙන් කර ගත් ගුවන් යානාවලට යෑමට නොහැකි නිසා රාත්‍රිය ගුවන්තොට ගත කිරීමටත් තවත් අමතර මුදලක් ගෙවා වෙනත් යානයකින් යාමට සිදු වූ බවත් කියති."..... ඒක පුදුම වැඩක් තමයි (දී)
අයියෝ ඒ මොකද ඒ. කනගාටුයි (දී)
තමන්ගේ සේවා කාලය තුල වෙනත් වෙනත් වැඩවල යෙදෙනවා නම් ඒකෙන් හිරිහැර විදින්නේ අනෙත් මිනිස්සුයි. ඕක කොහෙත් එකයි. මෙයාලා වෙලාවට කලාවට වැඩ. එකක්වත් හරියට කරන්නේ නැහැ.(නදී)
ජංගම සේවා වගේම ඉරිදටත් වැඩ කලේ හිටපු අමාත්‍ය උපදේශක ධර්මපාල මැතිතුමයි. එතුමා තමයි ඉතාලියේ මේ දක්වා වැඩකල දක්ෂම නිලධාරියා. එතුමගෙන් පස්සේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න. ඒ දවස්වල උනත් අනෙත් නිලධාරින් එතරම් වැඩකලේ නැහැ. (නදී)
ලංකාවට ගිය ධර්මපාල මැතිතුමා අපට අමතක නැහැ. මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන, කෙලින් කතා කරලා, උදව් කළා. ජංගම සේවා සංවිධානය කළේ එතුමා. ඉරිදා වැඩ කළේ එතුමා. එහෙම තමයි දක්ෂ නිලධාරීන්. මුළු ඉතාලියම අගය කරනවා. (නි)
ලංකාවට ඇයි මෙහෙම ලැජ්ජා කරන්නේ? (නි)
තලවල, එහෙම කියන්න එපා. කිලෝමීටර් 2000 දුරෙන් ඉදලා එන අයටවත් සේවයක් කරන්න බැරි තානාපති කාර්යාගයක් මොනවටද? කනගාටුදායකයි.(නදී)
ගරු අසිත පෙරෙරා තානාපති තුමා හොද මහත්මයෙක්.නමුත් හේමන්ත වර්නකුළසුරිය මහතා තරම් දක්ෂ හා පලපුරුද්දක් නෑත. එතුමා නීතිවේදියකි. එතුමාගෙ සහයට පර්ව්තයක් බදු මුලු ඉතාලියම් සතුරු මිතුරු කාගෙත් ආදරය දිනාගත් අමාත්‍ය උපදේශක චන්ද්‍රපාල ලියනගේ මහතා සිටියේය. මුලු ඉතාලිය පුරා ජංගම සේවය පෑවෑත්වීය. නාපොලි නගරයෙ ජංගම සේවයට 3474 කගෙ සේවා කටයුතු ඉටු කලේය. අපගෙ දායකත්වයත් ,පෑමින සිටි සියලු දෙනාගෙ දායකත්වයත් සහභාගිත්වය ආන්දෝලත්මක කතිකාවක් මාධය තුල පවා ලෝකයටම ගියෝය. අතිගරු ජනාදිපති තුමෙනි ,තානාපති කර්යාලයෙ සියලුම පරන නිලධාරින් ගේ කාලය දීර්ග නොකර අලුත් නිළධාරී මඩූල්ලක් එවන්න. තානාපති කාර්යාලයට පමනක් කොටු නොවී , මුලු ඉතාලිය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් සමග අත්වෑල් බෑද ගනිමින් රටෙ ඒකීය භාවයට එල්ලවන අභියෝග වලට මුහුණදෙමින් ,ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අපගේ ලක් මවටත් ආදරය කරන පිරිසක් ලෑබේනම් එය ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙ එකම බලාපොරොත්තුවයි.(නදී)
රෝමය ගිනිගනිද්දී නීරෝ වීණාව වැයුවාලු .(නදී)
ඔය වැඩේ සිදුවුණ පළමුවැනි වතාව නෙමෙයි.. මීට කලිනුත් ඔය කියන බලය පවරන නිලධාරීනිය තමන්ගේ වැඩ වලට රාජකාරිය අමතක කරලා ගිහිං තියෙනවා.. එසේම කිසිම දැනුමකින් තොර පිරිසක් තමයි ඔතන ඉන්නෙ.. (නු)
මෙවන් තානාපතිවරයකු පත් කර එවා මෙතරම් ගැටුම් ඇතිවී තිබියදීත් මේ පිළිබඳව සෘජු තීරණයක් නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි අප නොදනිමු. කෙසේ නමුත් මේ හැම කටයුත්තකදීම රටක් වශයෙන් අපට ඇතිවන දීර්ඝකාලීන පරිහානිය රටෙහි නායකයන් මීට වඩා දුරදිගබලා සිතිය යුතුව ඇත. (නි)
තානාපතිකාර්යාලයේ සියළු දෙනා මාරු කරන්න..!(නු)
තලවල, ඔයාද ඉතාලියේ ඉන්න අයට සල්ලි දෙන්නේ? (නි)
මෙය ඉතාමත් බරපතල වරදක්. දුර බැහැර සිට රෝම තානාපති කාර්්‍යාලයට මිනිස්සු එන්නේ නිදිවර්ජිතව. ඒ ඇවිල්ලා හිස් අතින් ආපසු යනවා කියන්නේ හරිම කනාගාටුදායක පුවතක්. ඉහළ නිලධාරීන් බැහැරව සිටියදී ලියකියවිලි අත්සන් කරන්න රැදිලා සිටිය යුතු කෙනාත් කොහොද ගියේ.? එහෙම බැහැරව යන්න පුළුවන්ද? එතකොට ලියකියවිලිවලට අත්සන් කරන්නේ කව්ද?මේක සිතා මතා කල කඩාකප්පල්කාරී වැඩක්. වහාම පරික්ෂනයක් අරඹන්නත. රෝමේ තානාපති කාර්්‍යාලයේ නිලදාරීන් දෙකට බෙදිලා වැඩකරන්නේ. එය ඉතාමත් නරක ආදර්ශයක්.(නදී)
අති ගරු ජනාධිපතිතුමනි! සුදුසු පුද්ගලයන් සුදුසු රැකියාවලට යොදවන්න.(නදී)
කලින් හිටපු තානාපති ගොඩක් වැඩ කළා.. ඉරිදා දිනවල පවා තානාපති කාර්යාලාය ඇරලා වැඩ කලා.. ඒත් එයාට කවුරුවත් හොදක් කිව්වෙ නැහැ.. දැං ඉන්න එක්කෙනාව මල් මාල දාලා පිළිගත්තා.. ඇවිල්ලා මාසය යනකොට ඉරිදා සේවය නැවැත්තුවා.. මෙහෙ ඉන්න අයට හොද වැඩේ.. දැං තේරෙනවා ඇති කළින් කෙනාගෙ අගේ..!(නු)
රෝමය ගිනි ගනී..(නු)
ඉතාලියේ දැන් ඉන්න අයට රැකියාත් නැතුව මොන සල්ලිද?(නදී)
ලංකාවෙ වැඩ කොහෙ ගියත් එකයි. කැලේ මාරු වුනට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ. (නු)
එම නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමර්ගයක් ගන්න.(නදී)
ඔන්න ඕකයි තත්වය. ඒ ගොල්ලන්ගේ පින. මහන්සිවෙලා වැඩ කරලා රටට විදේශ විනිමය එවනවා කියන්නේ අපේ කරුමයද මන්දා.(නදී)
රට විරුවන්ට කොහොමද සලකන සැලකිල්ල.(නදී)
කමක් නැහැ ඔය ඉතාලියේ ඉන්න අයට සල්ලි තියෙනවනේ.(නදී)
ලියකියවිලි අත්සන් කරන නිලධාරියා අමතර රැකියාවකට එලියට යන්න අති මගේ හිතේ...!(නු)
හොදට වැඩකරන්න පුළුවං පිරිසක් පත්වුණොත් අපේ වාසනාව කියලා හිතන්න පුළුවං..!(නු)
ඔතන වැඩකරන්නෙත් ලංකාවෙ නිලධාරීන්නෙ.. මෙහෙ හැටිත් ඔහොමනේ..!(නු)