සිව් මස් බිළිඳකු මරා දැමීයැයි චෝදනා කර සෞදි රාජ්‍යයෙන් ගෙල සිඳ ඝාතනය කළ රිසානා නෆීක්ගේ උපන් දිනය අදට යෙදී ඇත.
මූතුර් සාපිනගර් හි 1988.02.04 දින ඇය ඉපදිණි.
ත්‍රිකුණාමලයේදී අද පැවැත්වෙන 65 වැනි ජාතික නිදහස් උළෙල ට සහභාගී වන්නැයි සංවිධායකයින් රිසානාගේ පවුලේ අයට ද ආරාධනා කර ඇත. මෙවැනි උත්සවයකට සහභාගීවීමට තරම් සුදුසු මානසිකත්වයක් නොමැති හෙයින් තමන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව රිසානාගේ මව වන සෙයියදු අහමදු රිසිනා කීවාය. අවුරුදු හයක් වැඩියෙන් යොදා ඇය සෞදි අරාබියේ රැකියාවට යවන විට ඇගේ වයස අවුරුදු 17 කි.
ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාව තෑගිබෝග ද රැගෙන රිසානාගේ පැල්පතට ගියාය. ඇගේ මරණය ගැන දැඩි සේ සංවේගය පළ කළ ජනපති ආර්යාව රිසානාගේ සහෝදරියට රැකියාවක් දීමටත් ඔවුන්ගේ ආරථික දියුණුව සැලසීමටත් ඉදිකැරගෙන යන නිවසේ වැඩ කඩිනම් කරන බවත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිසානා අපේ රජයේ සහ සෞදි රජයේ තියෙන නීතියේ තියෙන සිදුරුවල උල්පත් වලින් ගලාගිය ජලයෙන් තමයි ඔබේ දිවිය සැගවී ගියේ. ඔබේ නාමය දකුනේ මරාදැමූ මනම්පේරි සුරූපිනිය සේ සදා මතකයේ රැදෙනවා නියතයි.(නදී)
මුතුකුඩලත් හරියට ළිදේ ඉන්න මැඩියෝ වගේ. (නි)
මැදපෙරදිග හැම රටකම වගේ ඉන්නේ හිතක් පපුවක් නැති මිනිස්සු. (නි)
ජනපති ආර්යාවට අපේ ප්‍රනාමය!(නදී)
ලලිත්, ඔබ කියපු දේ ඇත්ත , නමුත් අපේ පත්තර වල අයට ඕව පෙනෙන්නෙ නැති එකනෙ වැඩේ.(නදී)
මෙම උතුම් භාවය සෑම මනුෂ්‍යයකුටම ආදර්ශයක්! (නි)
ඔබට නිං සුව ලැබේවා (දී)
රිසානාට නිවන් සුව! නැවතත් මෙවැනි දේවල් නොවීමට වගබලා ගනිමු. (නි)
ඔවු පහන්, මිලේඡ්ච ෂරියා නීතියක් ගැන ඔබලා බන දෙසනවා. ලංතාවේ අමු අමුවේ කාන්තාවන් දුෂණය කරනවා. පවුල් පිටින් ඝාතනය කරනවා. සංඝායා වහන්සේලා ඝාතනය කරනවා. පුජාභූමි ගිනිබත් කරනවා. කුඩු මත්පැන් වලින් පුර්ණ වෙලා. සදාචාරය පිරිහිලා. මිනිසුන්ගේ ආචාරධර්ම මානසිකත්වය ඇද වැටිලා. තන්හාව පිරි ඉතිරිලා. බන වෙනුවට ජාතිවාදය තමයි දෙසන්නේ. මේවාට නිසි ආගමික නීති පද්ධතියක් නැති ප්‍රායෝගික ජීවන කුමයක් නැති ඔබලාට කොහොමත් ඒකයි.(නදී)
රිසානා දුවේ අපි ඔබට නිවන් සුව පතනවා (දී)
අසව්..අසව්...මුතූගේ වැදි බණ (ස)
අසරණ කෙල්ල (ද)
සංවේදී මොහොතක් දී)
ජනපති ආර්‍යවනි ඔබට ස්තූතියි. චිරං ජයතු (ස)
රිසානගේ මරණය සාධාරණයි කිව්ව ඔයාලගේ කට්ටිය ආවේ නැද්ද ? (ස)
අර මීට කලින් ඇණ ගහලා තිබුණු අම්මට මොකද උනේ (ස)
ඇත්ත කියනකොට චන්ද්‍රාට අමාරුයි වගේ.(නදී)
අද අපේ නිදහස සමරනවා වගේම රිසානගේ උපන් දිනය වෙනුවෙන් දුප්පත් අයවත් සිහිකරලා පිං පතමු. රිසානා ඔබට නිවන් සුව ලැබේවා.(නදී)
මුතුකුඩ සහෝදරයා. ලලිත්ගේ කතාව ඇත්ත. එහෙම සිදුවීමක් සිදු වෙලා තියෙනවා.(නදී)
ශානිකා ඔයාට වලිගෙ පෑගිලා රිසානා ගියේ දරුවන් වෙනුවෙන් නෙමේ දෙමාපියන් වෙනුවෙන් . අනික ඒ අසරණ දරුවා අද ජීවතුන් අතර නැහැ .අරාබියේ නෙමේ ලෝකේ ඕනෙම තැනක .ලංකාවට විදේශ විනිමය හොයන්න කබුරන ලක්වැසියන් සිහිකිරීම හොද දෙයක් . (නදී)
ලලිත් -කටාර් කොහේ හිටියත් වරද වරද විදිහට දැකීම ගැන ආඩම්බරයි. මුතුකුඩ කියන්නේ හැම අරාබි රටක්ම සවුදිය වගේ කියාද ? ලංකාවේ හැමෝම මේ හෙලා දකින්නේ ම්ලේච්ච අසාධාරණ ෂරියා නීතියයි. ඔබ ඔය රටේ වැඩකලා කියල එ්ක හරිය කියල කියන්න එපා . වැරදියි කියන්න බැරිනම් කට වහගෙන ඉන්න .වැරදි කිව්වොත් කට කපනවනේ .(නදී)
ලලිත් අපිටනමි එහෙම දෙයක් ආරංචි නැහැ. සමහර අය මේ රටවල් වල ඉදගෙන බොරු මවනවා. ඔබ යන්න ඉතාලිය වාගේ රටකට. මොකද කටාර් කියන්නෙත් අරාබි රටක්. අර සමහරු ඉන්නවානේ කාපු දේටත් මොනවාද කරනවා කියලා. ඔබත් එහෙමද?(නදී)
නිදහස සමරනවා වගේම රිසානගේ උපන් දිනය වෙනුවෙන් රිසානා සිහිකරලා පිං පතමු. රිසානා ඔබට නිවන් සුව ලැබේවා. (දී)
වයස අඩුවෙන් රට යැව්වේ දෙමාපියෝ දැනුවත්ව නේද , ඒක නිසා කවුරු කවුරුත් වැරදියි බලනකොට (ස)
අද නිදහස් දිනයට එන්න බැහැ කියපු විදියටම රිසානාගේ උප්පැන්නේ හොරට හදන්න බැහැ කිවිව නම් රිසානා තාම ජීවතුන් අතර. (නදී)
රිසානා සහෝදරියට එහෙම කරපු සෞදියෙම අද අවුරුදු පහක දියණියක් එයාගේ තාත්ත දූෂනය කරලා මරලා දාලා. නමුත් ඒ මිනීමරු තාත්තගේ බිරිද මුදල් වලට ඒ මිනිහට සමාව දීලා. එහෙම රටක් ඒක.(නදී)
රිසානාට කරන ගෞරවය නම් දෙමාපියන් දැන දැන අඩු වයස් දමා විදේශ ගමන් බලපත්‍ර සාදා තම දරුවන්ව විදේශවලට නොයැවිය යුතුයි.(නදි)
ඇයි රිසානා විතරද දරුවන් වෙනුවෙන් දුක්විදලා සල්ලි හොයන්න ගියේ. අරාබියේ හිරගෙවල් වල දුක්විදින සියළු දෙනාවම සිහිකරන්න ඕන දවසක් අද.(නදී)
ඔබට සුබ උපන්දිනයක්, ඔබට නිවන් සුව (දී)
ඔබ ගැන අපිට හරිම කනගාටුයි (දී)
විවිධ තීරු ලිපි රචකයන් රිසානා නිදහස් කර ගැනීමට මේ මේ දේ කළයුතුව තිබුණා කියා දැන් ලියනවා .ඇයි දෙවියනේ ඕවා කලින් කිව්වේ නැත්තේ ? (දී)
දුවේ ඔබට නිවන් සුව (දී)
මේ ගොල්ලෝ වැඩ කරන්නේ හරියට හිතක් පපුවක් නැති මිනිස්සු වගේ . මිනිස් ජීවිත එක්ක විහිළු කරන්න එපා (ස)