IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ලී යන්ග්, චංගුමී වූ හැටි

චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංගුමී වෙන්නට ගත් මෙහෙය පිළිබඳව කළ අපූරු හෙළිදරව්වකි මේ.


ගිම්හානයේ එක් සුන්දර දවසක් චිත‍්‍රපටයේ රූගත කිරීම් නිමා විය. ලී යන්ග් ඒ ගෙදර ගියේ දිගු විවේකයක් ගත කිරීමේ අදහසිනි.
අඩුම තරමින් අවුරුදු දෙකක් ඇය තමාටම කියාගත්තාය. රංගනය පිළිබඳ උපාධියක් කිරීම කොරියාව පුරා සංචාරය කිරීම මේ දිගු නිවාඩුව තුළදී නිමා කළ යුතු වූ ඉලක්ක ලෙස ඇය තෝරා ගත්තාය.

එහෙත් මේ වන විටත් ලී යන්ග් ඒ නම් වූ සුන්දර යුවතිය, කොරියානු පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ශණයත්, ආදරයත් දිනාගත් සිහින කුමරියකව උන්නාය. මේ නිසා දෝ තව තවත් ටෙලි නාට්‍යයත් චිත‍්‍රපටත් ඇයට ලැබිණි.
”මම විවේකයක් ගන්නයි හිතාගෙන ඉන්නේ...”
ලි යන්ග් ඇයට නාට්‍ය ගෙනා හැමෝටම කීවාය.
”මේක රඟපාලා ඉවර වෙලාම විවේකය ගන්න.”
ඒ හැම විටෙකම ඇයට පෙරලා යෝජනා කෙරිණ.

ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ලී බියොන් හන්, ලී යන්ග් ඒ සොයා ආවේ ඔය අතරතුරය.
ලී බියොන් ගේ නිර්මාණ ගැන ලී යන්ග් තුළ තිබුණේ යහපත් ප‍්‍රතිචාරයකි. ඔහු ආවාට ගියාට නිර්මාණ කළේවත්, ශිල්පීන්ට අසාධාරණයක් කළේවත් නැත.
මම මේ පාර කරන්නේ අවුරුදු පන්සීයකට එහා ජොසෙන් රාජවංශය කාලෙ කතාවක්. මේ කාලෙ රජ ගෙදර වෛද්‍යවරිය වුණේ ජෙන්හෙයුම් කියලා ගෑණු ළමයෙක්. එයාගේ කතාව මම කරන්න හදන්නේ. ඉතින් ඒ රාජකීය වෛද්‍යවරිය වෙන්නයි මං ඔයාට ආරාධනා කරන්නේ.”
අධ්‍යක්‍ෂ ලී නිලි ලීට පැවසුවේය.

මට හරිම මහන්සියි ලී. මං හිතා ඉන්නෙ දිග විවේකයක් ගන්න. මං හිතන් ඉන්නවා රංගනය ගැන උපාධියක් කරන්නත්.
ලී කීවාය.
මේ චරිතය ඔයාගෙ ගමන් මග වෙනස් කරන චරිතයක්. කෝකටත් තීරණයක් ගන්න කලින් ඔයා මේ පිටපත කියවන්න.
අධ්‍යක්‍ෂ ලී කිම් යන්ග් විසින් ලියූ තිර පිටපත නිලි ලී අත තබමින් කීවේය.
 


සිය විවේකයෙන් බිඳක් වැය කර ඬේ ජෙන්ග් ගෙයුම් නම් වූ නාට්‍ය පිටපත කියවන්නට ලී පටන් ගත්තාය. මවත් පියාත් නැති අනාථ දැරියක වූ ජෙන්ග් ගෙයුම් රජ ගෙදර මුළුතැන් ගෙයි ආහාර පිසින්නියක ලෙස සේවයට පැමිණීමත්, අවසානයේ එහිම රාජකීය වෛද්‍යවරිය වීමත් දක්වා දිවෙන අපූරු කතාවක් වූ එහි ප‍්‍රධාන කාන්තා චරිතය අපූරුවට රඟපෑ හැකි යැයි ලී යන්ග්ට සිතිණි. සිය විවේකය සිහිනයක් කර තවත් ටික කලකට කල් තබන්නට ලී තීරණය කළාය.
මීට කලින් ඇය රඟපෑ ඓතිහාසික ටෙලිනාට්‍ය දෙක ද ඇය සිය මතකයට නගා ගත්තාය. එකක් බටහිර මන්දිරයයි. අනෙක චන් ප‍්‍රම්ධන්ජා නාට්‍යයයි. එම නාට්‍යවලටත් වඩා හොඳින් ජැන්ග් ගෙයුම් නාට්‍ය කළ හැකි බව ලී යන්ග්ට සිතිනි.

එහෙත් නාට්‍යයේ කොටස් පනස් හතරක් තිබිණි.
”මෙච්චර කොටස් ගණනක් රඟපාන්න නම් අමාරුයි” එසේ සිතූ ලී යන්ග්, අධ්‍යක්‍ෂවරයාට කතා කර කීවේ, නාට්‍යයේ කොටස් ගණන අඩු කළ යුතු බවය. එහෙත් අධ්‍යක්‍ෂධවරයා ඊට එකඟ වූයේ නැත.
ඔයාට වෙහෙසක් මහන්සියක් නොදැනෙන්න අපි මේ වැඬේ කරමු.
අධ්‍යක්‍ෂ, ලීට පැවසුවේය. අවසානයේ ලී, ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී වන්නට තීරණය කළාය.

ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී යන ඓතිහාසික චරිතය ටෙලිනාට්‍යයට නැගෙන බව ප‍්‍රචාරය වීමත් සමග කලා ලෝකයෙන් ලැබුණු ප‍්‍රතිචාරය උණුසුම් විය.
සමහරු වෙබ් අඩවි ඔස්සේ වැරැදි තොරතුරු ප‍්‍රචාරය කළ අතර ඇතැම් රසිකයෝ ලී යන්ග් ඒට චංගුමීගේ චරිතය නිරූපණය කළ හැකි දැයි සැක පහළ කළහ. මෙවැනි සැක සංකා මතුවන විට ලී යන්ග් ද හිතුවේ ඇයට මේ අභියෝගය ජය ගත හැකි ද කියාය. එහෙත් ඇය අභියෝගය බාරගන්නට පෙර සූදානම් වූවාය.
හැන් බොග්නියෝගේ කෝර්ට් කුකින් ස්ටඞී කොලේජ් නම් වූ ආයතනයට ගිය ඇය ඉවුම් පිහුම් පාඨමාලාවක් කළාය. ඒ සමගම කොරියානු ඉපැරැණි වෛද්‍යවරයකු වෙත ගොස් ඒ පිළිබඳ හැදෑරීම් ද කළාය. හෝ ජෙන්ග් ලියූ ඊස්ටන් මෙඩිසින් එපිටොම් පොත ද ජෝසෙන් රාජධානි සමය ගැන හා ජැන්ග් ගෙයුම් පිළිබඳ ලියැවුණු පොත පත ද පරිශීලනය කළාය. මේ ඔස්සේ ලත් දැනුම වසර පන්සියයකට පෙර අතීතයේ සැරිසැරීමට ලීට මහෝපකාරී විය.
ටෙලිනාට්‍ය පිළිබඳ ප‍්‍රථම හමුවේදී ඇයට නළු නිළියන් රාශියක්ම මුණගැසිණි. ඒ අතරින් ඇගේ හිත ගත්තේ චෝයි ආර්යාවගේ චරිතයට පණ දුන් ක්යොන් මිරි, ජෙයුම් යොන්ග් ලෙස රඟපෑ හොන් ලිනා ගැන්ග් ඩිගෝකුගේ චරිතය රඟපෑ ඉම් සහ එම චරිතයේ ළමා කාලය නිරූපණය කළ ඩෝ ජියෝංග් යන පිරිසය.

චෝයි ආර්යාවට අවුරුදු හයක පුතෙක් හිටියා. එයා හරිම හුරතල්. හංගගෙන හිටිය සල්ලි ටිකක් අරගෙන ඇවිත් මට දීලා එයා මගෙත්තෙක්ක යාළු වුණා. ඊට පස්සේ මගෙ ඔඩොක්කුවට පැන්නා. එයාගෙ හුරතල් හින්දා දර්ශන තලයේදී මට පාළුවක් දැනුනෙම නැහැ.
ලී, පසුව විස්තර කළාය.
 


ඬේ ජන්ග් ගෙයුම් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කොරියාවේ විවිධ ප‍්‍රදේශවල පැවැත්විණි. ඇතැම් රූගත කිරීම් කෙරුණේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. තවත් සමහර රඟපෑම් කළ යුතු වූයේ ජේජු දූපතේදීය. මේ දර්ශන තල ලී ගේ සිතට ආශ්වාදයක් ලබා දුන්නේය.

හුඟාක් ග‍්‍රාමීය පෙදෙස්වලට ගියාම අම්මල තාත්තලා එයාලගේ රෝගී ළමයි අරගෙන මගෙ ළඟට ආවා. ඇවිල්ලා එයාලගෙ ළමයින්ගෙ ඔලූවෙන් අත තියලා එයාලව සනීප කරල දෙන්න කියලා ඉල්ලූවා. මට එහෙම බලයක් නෑ කියලා කිව්වට ඒ අය විශ්වාස කළේ නෑ. පස්සේ මමත් එයාලගේ ඉල්ලීම් ඉටු කළා. මං හිතන්නේ ඒ අය හිතන්න ඇති මං ඇත්තටම රාජකීය වෛද්‍යවරියක් කියලා. ලී යන්ග් ඇගේ රසමුසු මතක හෙළිදරව් කළේ එලෙසිනි.

මෙවැනි අවස්ථාවලදී ඇයට කොරියාවේ ඉපැරැණි පන්සල්වලට ද යන්නට අවස්ථාව ලැබිණි. සමහර ගැමියන් මේ පන්සල්වලට ගොස් බාර හාර වී කන්නලව් කළ අතර මෙවැනි අවස්ථාවලට සහභාගි වන්නට ද ලී යන්ග්ට සිදුවිය.
”මම බෞද්ධයෙක් නොවුණත් ඒ අවස්ථාවලට සහභාගි වුණේ සතුටින්.”
ලී කියයි.


ජේජු දූපතේ රූගත කිරීම්වලට සතියකට දෙකකට වරක් ජේජු දූපතට ද යන්නට ඇයට සිදුවිය. එම ගුවන් ගමන්වලට ඇය දැක්වූයේ බියකි. සැප්තැම්බර් එකොළහ ප‍්‍රහාරය පිළිබඳව කම්පාවට පත්ව  සිටි ලී තවත් වරක් එබඳු ප‍්‍රහාරයක් සිදුවේ යැයි බියෙන් පසුවූවාය. ඇතැම් විට ඒ ප‍්‍රහාරය ඇය යන ගුවන් යානයකට එල්ල විය හැකිය යන බිය ඇගේ සිත සසල කළේය. ඇය ගුවන් ගමන්වලට බය වූයේ එබැවිනි.
එහෙත් ජේජු දූපතේ මුහුද යටින් ගොස් කොරල් පරවල අසිරිය නැරඹීමට ඇය අතිශයින් ආශා කළාය.

ජේජු දූපතේ රූගත කිරීම් පටන් ගත්තෙ ජනවාරි මාසෙක. ඒ කාලෙ හොඳටම සීතලයි. මගෙ කාමරේ උණුසුම් කරගන්න කියලා මට හීටරයක් ගෙනත් දුන්නෙ මගෙ සහෝදර නිළියක්.
ලී යන්ගේ සුන්දර මතක එබඳුය.
චංගුමී ජේජු දූපතේ සිර කර සිටියදී ඇය බේරා ගන්නට ආවේ මින් ජුන්ගෝය. ඔහු ඇයට ආදරය කළ අයෙකි. ඔහු ඇයටත් ඇය ඔහුටත් ආදරය කළ නමුත් එම ආදරය කවදාවත් වචනවලට පෙරලූණේ නැත. එහෙත් චංගුමී සිරගතව සිටිය දී ඇය බේරා ගන්නට මින් ආ විට චංගුමීගේත් මින්ගේත් ඇස් කඳුළුවලින් පිරී ගියේය.

”මින් මාව බේරා ගන්න ආවෙ අශ්වයෙක් පිටේ. ඒ දර්ශනයට මං හුඟාක් කැමතියි.”
ලී කියයි.
එහෙත් ජේජු දූපතේ පැවැති සීතල දේශගුණය ලී යන්ග්  රෝගී කළේය. ඇයට වැළඳුණු උණ සහ ප‍්‍රතිශ්‍යාව නිසා දින කිහිපයකට රූගත කිරීම් නතර කරන්නට ද සිදුවිය.
 


රූගත කිරීම් නතර කරන්නට සිදුවූ තවත් අවස්ථාවක් ද උදාවිය. ඒ රජ ගෙදර කුස්සියේදී ලී ගේ අත කැපුණු අවස්ථාවයි.
”එදා කැපුණේ මුද්ද දාන ඇඟිල්ල. ලේ ගොඩාක් විද්දා. මං හිතුවේ මට වෙඩින් එක දවසට මඟුල් මුද්දවත් දාන්න බැරි වෙයි කියලයි.”
ඒ මතකය ලී යන්ග් අවදි කරන්නේ එලෙසිනි.

එදා අධ්‍යක්‍ෂ ලීත් හොඳටම බය වුණා. මාව ඉක්මනටම ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එහිදී ශල්‍යකර්මයක් කරලා මගේ අත තිබුණු විදිහටම සනීප කළා.
ලි යන්ග් චංගුමීට පණදෙන්නට අපමණ සේ වෙහෙස වූවාය. ඒ සඳහා ඇය රඟපෑම් විවිධ තාක්ෂණික උපක‍්‍රම භාවිතා කළාය. අතීතයේ දී ලද විවිධ අත්දැකීම් විවිධ අභිනයන් භාවිතා කළාය.
ඇතැම් අවස්ථාවක් හරිහැටි තේරුම් ගැනීමට ලී ට අපහසු විය. එවැනි විටෙක ඇය කරන්නේ තිර රචකයාට ඇමතීමය. ඇය සමග චරිතය පිළිබඳවත් සිදුවීම් පිළිබඳවත් ගැඹුරට සාකච්ඡා කළාය. මෙවැනි කතාබහ ඔස්සේ චරිත සහ සිදුවීම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ලී සමත් විය.
”මගේ රංගනයේ සාර්ථකත්වය ඒකයි”
ලී යන්ග් කියයි.

 

ඇගේ තවත් රංගන උපක‍්‍රමයක් තිබේ. ඒ කැඩපතක් ඉදිරියට ගොස් පළමුව රඟපෑමයි. එමගින් ඇගේ අඩුපාඩු ඇයටම දැක බලා ගත හැකිය. මේ බව දන්නා ක්‍ෂේත‍්‍රයේ උදවිය ලී යන්ග්ට අන්වර්ථ නමක් ද පටබැන්දෝය. ඒ කැඩපත් කුමාරි යනුවෙනි.
ලී යන්ග් ඒ මෙතරම් වෙහෙස මහන්සි වී රඟපෑවත් කොරියානු පුවත්පත් වරක් සඳහන් කළේ ජැන්ග් හෙයුම් ටෙලිනාට්‍යයේ සාර්ථකත්වයේ රහස අධ්‍යක්‍ෂකගේ සහ තිරරචිකාවගේ හපන්කම බවය.

”එදා නම් මට හොඳටම දුක හිතුණා. මං ඇඬුවත් එක්ක” ලී යන්ග් කියයි.
කෙසේ වුවත් ටෙලිනාට්‍යය විකාශය වන විට පේ‍්‍රක්ෂක ආදරය ලැබුණේ ලී යන්ග්ට මිස අධ්‍යක්‍ෂකටවත්, තිර රචිකාවටවත් නොවේ.
බාල මහලූ තරුණ වයස් බේදයක් නැතිවත් පිරිමි ගැහැණු ලිංග බේදයක් නැතුවත් ඇයට ආදරය සෙනෙහස ලැබිණි.
ලී ගේ රුවින් සහ පිළිසඳරවලින් පත්තරව පිටු පිරිණි. රුපවාහිනී නාලිකාවලටත් ඇය නැතිවම බැරි විය.
”මට ආසයි සේද මාවත දිගේ යන්න”
වරක් ලී පුවත්පතකට පැවසුවාය.

ඊට සතියකට පසු රසිකයෙක් ඇයට සේද මාවත පිළිබඳව ලියැවුණු පොතක් තිලිණ කර එව්වේය.
ඇත්තටම ලීගේ සතුට සංචාරයයි. ජපානයට ගිය ඇය එහි ගිම්හානයේ ලස්සන බලාසිටියේ අප‍්‍රමාණ සතුටකිනි. දැන් ඇගේ පැතුම සේද මාවත දිගේ ඇවිද යාමටය. එහෙත් දැන් ඇය ජිවත් වන්නේ දේදුණු මාවතේය. අක්කර එකසිය අසූවක විසල් වත්තක් මැද්දේය.
ඇය සතුටිනි

 


අද ඇය හැඳින්වෙන්නේ ආසියාවේ මැණික ලෙසිනි.

- සටහන
ශාන්ත කුමාර විතාන


 

 


 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ලී යන්ග්, චංගුමී වූ හැටි

ශමාලී Sunday, 10 February 2013 01:21 PM

ලස්සන නාට්‍යයක්. ගොඩක්ම අවශය ටික විතරයි තිබුනේ. නමුත් ලංකාවේ දර්ශන ගොඩක් කපලා දාලා. එහෙම නැතිව සේරම පෙන්නුව නම් හොදයි. අපේ ලංතාවට හොද ආදර්ශයක්. (නදී)

:       0       0

තනුජා Wednesday, 20 February 2013 11:52 PM

නැවත....නැවත.... බලන්න හිතෙන කතාවක් (දී)

:       0       0

දිනිති Sunday, 10 February 2013 01:22 PM

නියමයි.(නදී)

:       0       0

සිගාමනි ජෝජ් යසස් Saturday, 09 February 2013 07:06 PM

අගය කළ යුතු නාට්‍යයක්...!(නු)

:       0       0

චන්ද්‍රෙස්න Tuesday, 26 February 2013 06:16 AM

කතාව හොදයි. ඒත් ළමයින්ගේ අධ්‍යාපනයට ගැටලුවක්.(නදී)

:       1       0

ප්‍රේමරත්න Monday, 11 February 2013 10:36 AM

කවුරු මොනවා කියුවත් ලස්සන කතාවක් (දී)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 08:09 PM

ච්ංගුමී චරිතය අපේ ගැහැණු ළමයින්ට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

නිශාදිනී Tuesday, 05 March 2013 10:58 AM

මේ කතාව තව සැරයක් පෙන්වනවානම් අපි ආයෙත් බලනවා. කෙතරම් බැලුවත් එපා වෙන්නේ නෑ (ස)

:       0       0

දීපිකා Tuesday, 26 February 2013 07:14 AM

චංගුමී නාට්‍ය හිරු චැනලයේ පෙන්නන්න පුළුවන්ද?(නදී)

:       0       0

කුරුවිට Saturday, 16 February 2013 10:20 PM

ඉතා රසවත් කතාවක්. (නි)

:       0       0

ලක්ෂ්මි කාරියවසම්. Saturday, 09 February 2013 09:02 PM

ඒක හරිම අසාධාරණයි.. අපට බැහැ මේ නාට්‍යය බලන්න හෙලබිම ටීවී එකෙන්.. අපි කැමැතියි ඒක බලන්න.. ඒක බැලීමට අවසර ලබා දෙන්න.,!(නු)

:       0       0

නිමාෂි Sunday, 10 February 2013 10:25 PM

ආදර්ශවත් නාට්‍යයක්. (නි)

:       0       0

උපාලි Sunday, 10 February 2013 02:55 PM

ළමයි පාඩමි කරන වෙලාවේ සතියේ දින පහම ඒ සදහා යෙදවීම තුලින් අධ්‍යාපනයට බාදා ඇති විය හැක. ඒ නිසා ලස්සන කතාවක් ඊලගට පස්වරු හයට දාන්න.(නදී) l

:       0       0

වීරසිංහ Saturday, 09 March 2013 08:17 PM

ඕෂින්ට පස්සේ දැක්ක ලස්සන කතාවක්. (නි)

:       0       0

නිසල් Tuesday, 12 February 2013 08:47 PM

මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය.(නදී)

:       0       0

බලපිටිය Monday, 18 February 2013 08:41 AM

බලපු ටෙලි නාට්‍ය අතරින් හොඳම නාට්‍ය (ස)

:       0       0

තාෂන් Sunday, 10 February 2013 03:22 PM

මම ඒ නාටකයට කැමතියි එය හතයි තිහට පුචාරය කරනවා නම්.(නදී)

:       0       0

නදීෂා Saturday, 09 February 2013 09:48 PM

වයස් භේදයකින් තොරව හැමෝටම බලන්න පුලුවන් ටෙලි නාට්‍යක්. මෙතෙක් විකාශය වු හොදම නාට්‍ය මෙයයි.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 12 February 2013 09:31 AM

ළමුන්ගේ පාසල් ගෙදර වැඩ කරන වෙලාව ගන්න එපා. (ස)

:       0       0

හිමාංගි Monday, 11 February 2013 03:27 PM

ආදර්ශමත් නාට්‍යයක්. වයස් බේදයකින් තොරව බලන්න පුළුවන් ඇත්තටම මම බලපු හොදම එක.(නදී)

:       0       0

චන්දික Monday, 11 March 2013 11:39 AM

නැවත පෙන්නන්න ඒ කතාව (දී)

:       0       0

උදේනි Tuesday, 12 February 2013 09:42 AM

හරි ලස්සනයි. බලන්න හරි ආසයි. මෙය අගය කළ යුතු නාට්‍යක්. චංගුමී ඔබ හරිම ලස්සනයි. (ස)

:       0       0

හිමංගි Monday, 11 February 2013 03:35 PM

බලපු හොඳම නාට්‍ය (ස)

:       0       0

පද්මතිලක Tuesday, 26 February 2013 09:54 AM

හොඳ නිර්මාණයක් (ස)

:       0       0

සදුනි Saturday, 09 February 2013 12:40 PM

මෙතෙක් විකාශය වූ සාර්ථකම විදේශීය නිර්මානය.(නදී)

:       0       0

අජිත් Sunday, 10 February 2013 12:06 AM

සිංහල මිනිස්සු ගොඩක් දෙනා දැන් මේක නාට්‍යයක් විදියට නෙමෙයි, හැබෑක් විදියටයි හිතන්නේ. (නි)

:       0       0

සුපුනිකා Friday, 15 February 2013 07:23 AM

හොද ටෙලි නාට්‍යයක්. (නි)

:       0       0

හිරුණි Friday, 15 February 2013 08:53 PM

ඉතා හොද නාට්‍යයක්. (නි)

:       0       0

සුරංග Monday, 11 February 2013 02:01 AM

ඇත්තටම ඉතාමත් හොදම ටෙලිනාට්‍යයක්‌. ලංකාවේ ටෙලිනාට්‍ය වලට හොද ආදර්ශයක්. මෙය නැරඹීමේදී යම් අබාධ තිබුනත් "හෙළබිම "කළේ හොද දෙයක්. එහෙත් 52 කොටසේ සිට 55 දක්වා නැරඹීමේ අවස්ථා අවහිර කර තිබෙනවා. එයින් මුල සිට නැරඹූ ටෙලිනාට්‍යවල ආස්වාදය ගිලිහි ගොස් ... එම නිසා 1 සිට අවසානය දක්වා නරඹන්න අවස්ථාව ලබාදෙන්න. (නි)

:       0       0

ලලිත් Sunday, 10 February 2013 02:18 AM

බලන්න කතාවේ සංස්කරණය... අවශ්‍යම ටික විතරයි පෙන්වන්නේ. නළු නිලියෝ චරිතවලට පණදෙනවා, හඬ කැවීම විශිෂ්ටයි. අවුරුදු ගණනකින් බැලුව හොඳම කතාව. මේ කතාව අපේ ටෙලි නාට්‍ය කලාවේ වෙනසක් ඇතිකරයි කියලා හිතනවා. (නි)

:       0       0

ලිසුමි Tuesday, 12 February 2013 04:11 PM

අනේ, චන්ගුමි ඔයා හරිම ලස්සනයි (දී)

:       0       0

පියුමි Monday, 25 February 2013 08:29 PM

මම බලපු හොඳම කථාව. චන්ගුමී මගේ අක්කා වගේ. මේ කථාව හොඳ ආදර්ශයක්.. (ස)

:       0       0

කිස්සිරි Tuesday, 12 February 2013 10:37 AM

කතාව හොඳ ඇති, එත් මේවගේ ගතයුතු ආදර්ශයක් තිබේනම් එය නොගෙන, චරිත වලට උන්මාද ඇති කිරීම තරමක් නොහොඹිනා බව කිව යුතුයි. පසුගිය සෙනසුරාදා ළමයින්, කාන්තාවන් මහරගම පදික වේදිකාවේ පොරකමින් යමක් තෝරමින් මිලදී ගන්නවා දුටුවා. ළං වී බැලුවිට චංගුමී ගේ ස්ටිකර් හා පෝස්ටර් විකුනනු දැක සිනා පහල වුනා. කොහෙවත් තිබෙන මනහ්කල්පිත චරිතයක් අපේ රටේ වීරවරියක වී ඇති අරුමය...(ස)

:       0       0

ඡායා Monday, 11 February 2013 04:10 PM

කතාව ඉතාමත් හොදයි. ඒ වුනාට ළමයින්ට පාසැල් වැඩ කරන්න තියෙන කාලය සවස 5.30 සිට සවස 7.30 . ඉන්පසුව පෙන්නුවනම් නේද හොද?(නදී)

:       0       0

රන්දි Sunday, 10 March 2013 01:58 PM

හරිම ලස්සන කතාවක්. (නි)

:       0       0

සිතුමි Sunday, 17 February 2013 08:28 AM

රසවත්, හරවත් කතා මාලාවක්. (නි)

:       0       0

සිතුනි Sunday, 17 February 2013 08:29 AM

දැනට විකාශනය වූ හොදම නාට්‍යය... (නි)

:       0       0

හිමාදි Sunday, 17 February 2013 08:33 AM

තවපාරක් චංගුමී විකාශනය කරන්න කියලයි මම ඉල්ලන්නේ. (නි)

:       0       0

දිනූ Tuesday, 12 February 2013 11:31 AM

අපි හොඳ දේ අගය කරන්න ඕන. නරක පින්තූර ළමයි අතරට යනවට වඩා මෙි වගේ පින්තූර මිලදී ගත්තට දෙයක් නෑ. ඒවා දැකලා හිනාවෙන තරම් පහත් මානසික මට්ටමක් තියෙන අයත් ලංකාවේ ඉන්නවා. කොයි රටේ උනත් අගය කළ යුතු දේ අගය කළ යුතුයි. (ස)

:       0       0

පෙරේරා Tuesday, 12 February 2013 11:34 PM

තව පාරක් බලන්න ආසයි (දී)

:       0       0

සොනත් Sunday, 24 February 2013 07:40 PM

මගේ ආසම කතාව. චංගුමී මගේ අක්ක වගේ.(නදී)

:       0       0

උපාලි Sunday, 10 February 2013 06:22 PM

අපි ටෙලිඩ්‍රාමා නොබලා හිටියේ. ආයෙමත් බලන්න ආසා හිතුනා මේ ඩ්‍රාමා එක නිසා. දැන් අපි දරුවන් පිරිවරාගෙන ආලින්දයේ මේ කතාව බලනවා.(නදී)

:       0       0

සෙනෙත් Sunday, 24 February 2013 07:43 PM

මේ කතාව ඉතා ආදර්ශමත් කතාවක්. මම බලපු හොදම නාට්‍යක්. හැම චර්තයක්ම හොදට පනපොවලා තියෙනවා.(නදී)

:       0       0

සජිත් Saturday, 09 March 2013 02:48 PM

ලස්සන කතාවක්, ලස්සන රුපයක් (දී)

:       0       0

සදරුවන්-කුවෙට් Sunday, 10 February 2013 06:38 PM

අපිට චංගුමී තියා ලංකාවවත් හරියට බලාගන්න බැරි වුනා. ඇවිල්ලා මාසෙන් සල්ලි ඉවරයි.(නදී)

:       0       0

සෙනෙත් Sunday, 24 February 2013 07:46 PM

චංගුමීගේ චරිතය ලොකු අයට හා පොඩ් අයට හොද ආදර්ශයක්.(නදී)

:       0       0

සුමති Monday, 11 February 2013 07:58 AM

හොද දේ අපි අගය කළ යුතුයි. (නි)

:       0       0

සදා Monday, 11 February 2013 12:45 PM

හරවත් රසවත් කතා මාලාවක්. (නි)

:       0       0

සචින්ත දියනාත් Sunday, 17 February 2013 08:00 PM

මම බලපු ටෙලි නාට්‍ය වලින් හොඳම එක.(නදී)

:       0       0

නදීකා Sunday, 10 February 2013 09:37 AM

එය උසස් නිර්මාණයක්.(නදී)

:       0       0

නිමන්ත Monday, 11 February 2013 05:03 PM

දැන් කාලේ තියෙන නාට්‍යවලට වඩා හොඳ නිර්මාණයක් (ස)

:       0       0

රිකාස් Wednesday, 13 February 2013 02:48 AM

ඇත්තෙන්ම චංගුමීගේ චරිතයෙන් කොපමණ දුෂ්කර අවස්ථාවකදී උනත් අපට සුබවාදීව හිතන හැටි කියාදෙනවා.(නදී)

:       0       0

චූලනි උත්පලා මැණිකේ Monday, 18 February 2013 01:29 PM

මම බලපු ටෙලි නාට්‍ය අතරින් ගොඩාක් හොද නාට්‍යයක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ආදර්ශ ගන්න පුලුවන් නාට්‍යයක්. තව සැරයක් ගියොත් හොදයි. (නි)

:       0       0

සචින්ත දියනාත් Sunday, 17 February 2013 08:50 PM

මම කරගෙන යන ‘ශ්‍රී ලංකාවේ කොරියානු ටෙලි නාට්‍ය‘ පිටුව ගොඩක් අය කියවනවා. ඒ අය දන්වා තියෙනවා අභීත දියණීයෙන් පස්සේ චන්ගුමී ඉන්න තව කතාවක් ගියොත් හොඳයි කියලා.(නදී)

:       0       0

වරුන Sunday, 10 February 2013 10:13 AM

මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය.(නදී)

:       0       0

සංජීව Monday, 11 February 2013 01:08 PM

ඒ ළමයා හරිම ලස්සනට චරිතයට පණ දෙනවා. හරිම සංවේදී කතාවක්. (නි)

:       0       0

එල්විජෝස් Tuesday, 12 February 2013 06:25 PM

අපේ ගෙවල් වල මිනිසුන්ට රූපවාහිනය බලන්න තියා රදා වේල කාලා ඉන්නවත් වෙලාවක් නැහැ. හොද වැඩසටහනක් වෙන්න ඇති. නමුත් පුහු මනන්කල්පිත ලෝකෙන් බැහැරවෙලා සැබෑ ලෝකේ ජීවත් උනාම තමා වැඩේ හොද.(නදී)

:       0       0

ප්‍රසාදි Wednesday, 13 February 2013 12:50 PM

ලස්සන නිර්මාණයක්. ජීවිතයට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. (නි)

:       0       0

ගලබඩ Tuesday, 12 February 2013 02:03 AM

ඔබ හරිම ලස්සනයි. (නි)

:       0       0

සචිනි Sunday, 10 February 2013 11:21 AM

ඇත්තටම හොද ටෙලි නාට්‍යයක්. (නි)

:       0       0

රෝෂ් Saturday, 16 February 2013 06:32 PM

චංගුමී අඩනකොට මටත් ඇඩෙනවා. (නි)

:       0       0

තුසිත Monday, 04 March 2013 01:41 PM

තව තවත් බලන්න හිතෙන කතාවක් (දී)

:       0       0

විජිත් Friday, 01 March 2013 07:22 AM

කතාව නම් හොද කතාවක්. (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 04:11 PM

හම්මේ! වැහැලා වැහැලා පෑවුවා වගේ. (නි)

:       0       0

සමන් Wednesday, 12 June 2013 11:12 AM

යහපත් දෙයක් සැමදාම රැදේවි.(නදී)

:       0       0

කුමාරි සමරවීර Tuesday, 12 February 2013 01:45 PM

අපි ටෙලි නාට්‍ය කවදාවත් බලලා නැහැ. නමුත් දරුවනුත් සමඟ කට්ටියම එය බැලුවා. හරිම ලස්සනයි. (ස)

:       0       0

චන්දිමා Saturday, 09 February 2013 05:47 PM

හොද දේට හොදයි නොකියා මොනවා කියන්නද? ලංකාවෙ හොද නිර්මාණ බිහිනොවෙනවා නෙවෙයි.. ඒත් ඒවා මේ තරම්අපේ රටේ අය අගය කරන්නෙ නැහැ.. එහෙම අගය කරලා අපේ නිර්මාණ කරුවෝ උනන්දු කළොත්අපේ අයත් මේ වගේ ලොකෙ ලොකු ප්‍රසිද්ධ නිර්මාණ කරන්න පුළුවං.. හොද දෙයක්.. ගොඩක් හොදයි.. සුභ පැතුම්.. මෙහි දක්ෂ නිර්මාණ කරුවන්ට..!(නු)

:       0       0

කුමාරි Tuesday, 12 February 2013 01:47 PM

හරි ලස්සනයි.. (ස)

:       0       0

චන්දන Sunday, 10 February 2013 12:31 PM

ඉතා හොද ටෙලි නාට්‍යයක්. (නි)

:       0       0

ජුඩ් සමන්ත Monday, 11 February 2013 06:50 PM

අපේ නිර්මාණකරුවන්ට ආදර්ශයක්.(නදී)

:       0       0

සමන් Friday, 15 February 2013 04:50 PM

ටිකක් විතර අප්සට් කතාවක් මේක. ඔෂීන් නම් හොදයි. (නි)

:       0       0

සාරිකා Monday, 11 February 2013 10:07 AM

ගොඩක් හො‍ඳ නිර්මාණයක්.දුකයි ඉක්මණින් ඉවර වෙනවට.......(ස)

:       0       0

සෙනුදි Saturday, 09 February 2013 06:11 PM

ලස්සන වැඩසටහනක්.(නදී)

:       0       0

ලංකා Tuesday, 12 February 2013 02:09 PM

තව පාරක් බලන්න වටිනවා (දී)

:       0       0

තනුක Sunday, 10 February 2013 08:26 PM

නිහතමානිත්වය රැදි උසස් ටෙලි නිර්මානයක්.(නදී)

:       0       0

චමිලා Friday, 01 March 2013 08:58 AM

හරිම ලස්සනයි. මම මේකට ගොඩක් කැමතියි.(නදී)

:       0       0

kaludurage subasingha Sunday, 10 February 2013 08:31 PM

අපි ටෙලිඩ්‍රාමා නොබලා හිටියේ. ආයෙමත් බලන්න ආසා හිතුනා මේ ඩ්‍රාමා එක නිසා. දැන් අපි දරුවන් පිරිවරාගෙන ආලින්දයේ මේ කතාව බලනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 710 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 534 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1615 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 497 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1362 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site