චංගුමී හෙට නික්ම යයි. එහෙත් අනිද්දාටත් ඇය පිළිබඳ මතක අපේ සිත්වල ඉතිරි වී තිබෙනු ඇත. චංගුමීට පණ දුන් ලී යන්ග් ඒ චංගුමී වෙන්නට ගත් මෙහෙය පිළිබඳව කළ අපූරු හෙළිදරව්වකි මේ.
ගිම්හානයේ එක් සුන්දර දවසක් චිත‍්‍රපටයේ රූගත කිරීම් නිමා විය. ලී යන්ග් ඒ ගෙදර ගියේ දිගු විවේකයක් ගත කිරීමේ අදහසිනි.
අඩුම තරමින් අවුරුදු දෙකක් ඇය තමාටම කියාගත්තාය. රංගනය පිළිබඳ උපාධියක් කිරීම කොරියාව පුරා සංචාරය කිරීම මේ දිගු නිවාඩුව තුළදී නිමා කළ යුතු වූ ඉලක්ක ලෙස ඇය තෝරා ගත්තාය.
එහෙත් මේ වන විටත් ලී යන්ග් ඒ නම් වූ සුන්දර යුවතිය, කොරියානු පේ‍්‍රක්ෂකයන්ගේ ආකර්ශණයත්, ආදරයත් දිනාගත් සිහින කුමරියකව උන්නාය. මේ නිසා දෝ තව තවත් ටෙලි නාට්‍යයත් චිත‍්‍රපටත් ඇයට ලැබිණි.
”මම විවේකයක් ගන්නයි හිතාගෙන ඉන්නේ...”
ලි යන්ග් ඇයට නාට්‍ය ගෙනා හැමෝටම කීවාය.
”මේක රඟපාලා ඉවර වෙලාම විවේකය ගන්න.”
ඒ හැම විටෙකම ඇයට පෙරලා යෝජනා කෙරිණ.
ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ලී බියොන් හන්, ලී යන්ග් ඒ සොයා ආවේ ඔය අතරතුරය.
ලී බියොන් ගේ නිර්මාණ ගැන ලී යන්ග් තුළ තිබුණේ යහපත් ප‍්‍රතිචාරයකි. ඔහු ආවාට ගියාට නිර්මාණ කළේවත්, ශිල්පීන්ට අසාධාරණයක් කළේවත් නැත.
මම මේ පාර කරන්නේ අවුරුදු පන්සීයකට එහා ජොසෙන් රාජවංශය කාලෙ කතාවක්. මේ කාලෙ රජ ගෙදර වෛද්‍යවරිය වුණේ ජෙන්හෙයුම් කියලා ගෑණු ළමයෙක්. එයාගේ කතාව මම කරන්න හදන්නේ. ඉතින් ඒ රාජකීය වෛද්‍යවරිය වෙන්නයි මං ඔයාට ආරාධනා කරන්නේ.”
අධ්‍යක්‍ෂ ලී නිලි ලීට පැවසුවේය.
මට හරිම මහන්සියි ලී. මං හිතා ඉන්නෙ දිග විවේකයක් ගන්න. මං හිතන් ඉන්නවා රංගනය ගැන උපාධියක් කරන්නත්.
ලී කීවාය.
මේ චරිතය ඔයාගෙ ගමන් මග වෙනස් කරන චරිතයක්. කෝකටත් තීරණයක් ගන්න කලින් ඔයා මේ පිටපත කියවන්න.
අධ්‍යක්‍ෂ ලී කිම් යන්ග් විසින් ලියූ තිර පිටපත නිලි ලී අත තබමින් කීවේය.
.jpg)
සිය විවේකයෙන් බිඳක් වැය කර ඬේ ජෙන්ග් ගෙයුම් නම් වූ නාට්‍ය පිටපත කියවන්නට ලී පටන් ගත්තාය. මවත් පියාත් නැති අනාථ දැරියක වූ ජෙන්ග් ගෙයුම් රජ ගෙදර මුළුතැන් ගෙයි ආහාර පිසින්නියක ලෙස සේවයට පැමිණීමත්, අවසානයේ එහිම රාජකීය වෛද්‍යවරිය වීමත් දක්වා දිවෙන අපූරු කතාවක් වූ එහි ප‍්‍රධාන කාන්තා චරිතය අපූරුවට රඟපෑ හැකි යැයි ලී යන්ග්ට සිතිණි. සිය විවේකය සිහිනයක් කර තවත් ටික කලකට කල් තබන්නට ලී තීරණය කළාය.
මීට කලින් ඇය රඟපෑ ඓතිහාසික ටෙලිනාට්‍ය දෙක ද ඇය සිය මතකයට නගා ගත්තාය. එකක් බටහිර මන්දිරයයි. අනෙක චන් ප‍්‍රම්ධන්ජා නාට්‍යයයි. එම නාට්‍යවලටත් වඩා හොඳින් ජැන්ග් ගෙයුම් නාට්‍ය කළ හැකි බව ලී යන්ග්ට සිතිනි.
එහෙත් නාට්‍යයේ කොටස් පනස් හතරක් තිබිණි.
”මෙච්චර කොටස් ගණනක් රඟපාන්න නම් අමාරුයි” එසේ සිතූ ලී යන්ග්, අධ්‍යක්‍ෂවරයාට කතා කර කීවේ, නාට්‍යයේ කොටස් ගණන අඩු කළ යුතු බවය. එහෙත් අධ්‍යක්‍ෂධවරයා ඊට එකඟ වූයේ නැත.
ඔයාට වෙහෙසක් මහන්සියක් නොදැනෙන්න අපි මේ වැඬේ කරමු.
අධ්‍යක්‍ෂ, ලීට පැවසුවේය. අවසානයේ ලී, ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී වන්නට තීරණය කළාය.
ජැන්ග් ගෙයුම් හෙවත් චංගුමී යන ඓතිහාසික චරිතය ටෙලිනාට්‍යයට නැගෙන බව ප‍්‍රචාරය වීමත් සමග කලා ලෝකයෙන් ලැබුණු ප‍්‍රතිචාරය උණුසුම් විය.
සමහරු වෙබ් අඩවි ඔස්සේ වැරැදි තොරතුරු ප‍්‍රචාරය කළ අතර ඇතැම් රසිකයෝ ලී යන්ග් ඒට චංගුමීගේ චරිතය නිරූපණය කළ හැකි දැයි සැක පහළ කළහ. මෙවැනි සැක සංකා මතුවන විට ලී යන්ග් ද හිතුවේ ඇයට මේ අභියෝගය ජය ගත හැකි ද කියාය. එහෙත් ඇය අභියෝගය බාරගන්නට පෙර සූදානම් වූවාය.
හැන් බොග්නියෝගේ කෝර්ට් කුකින් ස්ටඞී කොලේජ් නම් වූ ආයතනයට ගිය ඇය ඉවුම් පිහුම් පාඨමාලාවක් කළාය. ඒ සමගම කොරියානු ඉපැරැණි වෛද්‍යවරයකු වෙත ගොස් ඒ පිළිබඳ හැදෑරීම් ද කළාය. හෝ ජෙන්ග් ලියූ ඊස්ටන් මෙඩිසින් එපිටොම් පොත ද ජෝසෙන් රාජධානි සමය ගැන හා ජැන්ග් ගෙයුම් පිළිබඳ ලියැවුණු පොත පත ද පරිශීලනය කළාය. මේ ඔස්සේ ලත් දැනුම වසර පන්සියයකට පෙර අතීතයේ සැරිසැරීමට ලීට මහෝපකාරී විය.
ටෙලිනාට්‍ය පිළිබඳ ප‍්‍රථම හමුවේදී ඇයට නළු නිළියන් රාශියක්ම මුණගැසිණි. ඒ අතරින් ඇගේ හිත ගත්තේ චෝයි ආර්යාවගේ චරිතයට පණ දුන් ක්යොන් මිරි, ජෙයුම් යොන්ග් ලෙස රඟපෑ හොන් ලිනා ගැන්ග් ඩිගෝකුගේ චරිතය රඟපෑ ඉම් සහ එම චරිතයේ ළමා කාලය නිරූපණය කළ ඩෝ ජියෝංග් යන පිරිසය.
චෝයි ආර්යාවට අවුරුදු හයක පුතෙක් හිටියා. එයා හරිම හුරතල්. හංගගෙන හිටිය සල්ලි ටිකක් අරගෙන ඇවිත් මට දීලා එයා මගෙත්තෙක්ක යාළු වුණා. ඊට පස්සේ මගෙ ඔඩොක්කුවට පැන්නා. එයාගෙ හුරතල් හින්දා දර්ශන තලයේදී මට පාළුවක් දැනුනෙම නැහැ.
ලී, පසුව විස්තර කළාය.
.jpg)
ඬේ ජන්ග් ගෙයුම් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කොරියාවේ විවිධ ප‍්‍රදේශවල පැවැත්විණි. ඇතැම් රූගත කිරීම් කෙරුණේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. තවත් සමහර රඟපෑම් කළ යුතු වූයේ ජේජු දූපතේදීය. මේ දර්ශන තල ලී ගේ සිතට ආශ්වාදයක් ලබා දුන්නේය.
හුඟාක් ග‍්‍රාමීය පෙදෙස්වලට ගියාම අම්මල තාත්තලා එයාලගේ රෝගී ළමයි අරගෙන මගෙ ළඟට ආවා. ඇවිල්ලා එයාලගෙ ළමයින්ගෙ ඔලූවෙන් අත තියලා එයාලව සනීප කරල දෙන්න කියලා ඉල්ලූවා. මට එහෙම බලයක් නෑ කියලා කිව්වට ඒ අය විශ්වාස කළේ නෑ. පස්සේ මමත් එයාලගේ ඉල්ලීම් ඉටු කළා. මං හිතන්නේ ඒ අය හිතන්න ඇති මං ඇත්තටම රාජකීය වෛද්‍යවරියක් කියලා. ලී යන්ග් ඇගේ රසමුසු මතක හෙළිදරව් කළේ එලෙසිනි.
මෙවැනි අවස්ථාවලදී ඇයට කොරියාවේ ඉපැරැණි පන්සල්වලට ද යන්නට අවස්ථාව ලැබිණි. සමහර ගැමියන් මේ පන්සල්වලට ගොස් බාර හාර වී කන්නලව් කළ අතර මෙවැනි අවස්ථාවලට සහභාගි වන්නට ද ලී යන්ග්ට සිදුවිය.
”මම බෞද්ධයෙක් නොවුණත් ඒ අවස්ථාවලට සහභාගි වුණේ සතුටින්.”
ලී කියයි.

ජේජු දූපතේ රූගත කිරීම්වලට සතියකට දෙකකට වරක් ජේජු දූපතට ද යන්නට ඇයට සිදුවිය. එම ගුවන් ගමන්වලට ඇය දැක්වූයේ බියකි. සැප්තැම්බර් එකොළහ ප‍්‍රහාරය පිළිබඳව කම්පාවට පත්ව සිටි ලී තවත් වරක් එබඳු ප‍්‍රහාරයක් සිදුවේ යැයි බියෙන් පසුවූවාය. ඇතැම් විට ඒ ප‍්‍රහාරය ඇය යන ගුවන් යානයකට එල්ල විය හැකිය යන බිය ඇගේ සිත සසල කළේය. ඇය ගුවන් ගමන්වලට බය වූයේ එබැවිනි.
එහෙත් ජේජු දූපතේ මුහුද යටින් ගොස් කොරල් පරවල අසිරිය නැරඹීමට ඇය අතිශයින් ආශා කළාය.
ජේජු දූපතේ රූගත කිරීම් පටන් ගත්තෙ ජනවාරි මාසෙක. ඒ කාලෙ හොඳටම සීතලයි. මගෙ කාමරේ උණුසුම් කරගන්න කියලා මට හීටරයක් ගෙනත් දුන්නෙ මගෙ සහෝදර නිළියක්.
ලී යන්ගේ සුන්දර මතක එබඳුය.
චංගුමී ජේජු දූපතේ සිර කර සිටියදී ඇය බේරා ගන්නට ආවේ මින් ජුන්ගෝය. ඔහු ඇයට ආදරය කළ අයෙකි. ඔහු ඇයටත් ඇය ඔහුටත් ආදරය කළ නමුත් එම ආදරය කවදාවත් වචනවලට පෙරලූණේ නැත. එහෙත් චංගුමී සිරගතව සිටිය දී ඇය බේරා ගන්නට මින් ආ විට චංගුමීගේත් මින්ගේත් ඇස් කඳුළුවලින් පිරී ගියේය.
”මින් මාව බේරා ගන්න ආවෙ අශ්වයෙක් පිටේ. ඒ දර්ශනයට මං හුඟාක් කැමතියි.”
ලී කියයි.
එහෙත් ජේජු දූපතේ පැවැති සීතල දේශගුණය ලී යන්ග් රෝගී කළේය. ඇයට වැළඳුණු උණ සහ ප‍්‍රතිශ්‍යාව නිසා දින කිහිපයකට රූගත කිරීම් නතර කරන්නට ද සිදුවිය.
.jpg)
රූගත කිරීම් නතර කරන්නට සිදුවූ තවත් අවස්ථාවක් ද උදාවිය. ඒ රජ ගෙදර කුස්සියේදී ලී ගේ අත කැපුණු අවස්ථාවයි.
”එදා කැපුණේ මුද්ද දාන ඇඟිල්ල. ලේ ගොඩාක් විද්දා. මං හිතුවේ මට වෙඩින් එක දවසට මඟුල් මුද්දවත් දාන්න බැරි වෙයි කියලයි.”
ඒ මතකය ලී යන්ග් අවදි කරන්නේ එලෙසිනි.
එදා අධ්‍යක්‍ෂ ලීත් හොඳටම බය වුණා. මාව ඉක්මනටම ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එහිදී ශල්‍යකර්මයක් කරලා මගේ අත තිබුණු විදිහටම සනීප කළා.
ලි යන්ග් චංගුමීට පණදෙන්නට අපමණ සේ වෙහෙස වූවාය. ඒ සඳහා ඇය රඟපෑම් විවිධ තාක්ෂණික උපක‍්‍රම භාවිතා කළාය. අතීතයේ දී ලද විවිධ අත්දැකීම් විවිධ අභිනයන් භාවිතා කළාය.
ඇතැම් අවස්ථාවක් හරිහැටි තේරුම් ගැනීමට ලී ට අපහසු විය. එවැනි විටෙක ඇය කරන්නේ තිර රචකයාට ඇමතීමය. ඇය සමග චරිතය පිළිබඳවත් සිදුවීම් පිළිබඳවත් ගැඹුරට සාකච්ඡා කළාය. මෙවැනි කතාබහ ඔස්සේ චරිත සහ සිදුවීම් පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ලී සමත් විය.
”මගේ රංගනයේ සාර්ථකත්වය ඒකයි”
ලී යන්ග් කියයි.
ඇගේ තවත් රංගන උපක‍්‍රමයක් තිබේ. ඒ කැඩපතක් ඉදිරියට ගොස් පළමුව රඟපෑමයි. එමගින් ඇගේ අඩුපාඩු ඇයටම දැක බලා ගත හැකිය. මේ බව දන්නා ක්‍ෂේත‍්‍රයේ උදවිය ලී යන්ග්ට අන්වර්ථ නමක් ද පටබැන්දෝය. ඒ කැඩපත් කුමාරි යනුවෙනි.
ලී යන්ග් ඒ මෙතරම් වෙහෙස මහන්සි වී රඟපෑවත් කොරියානු පුවත්පත් වරක් සඳහන් කළේ ජැන්ග් හෙයුම් ටෙලිනාට්‍යයේ සාර්ථකත්වයේ රහස අධ්‍යක්‍ෂකගේ සහ තිරරචිකාවගේ හපන්කම බවය.
”එදා නම් මට හොඳටම දුක හිතුණා. මං ඇඬුවත් එක්ක” ලී යන්ග් කියයි.
කෙසේ වුවත් ටෙලිනාට්‍යය විකාශය වන විට පේ‍්‍රක්ෂක ආදරය ලැබුණේ ලී යන්ග්ට මිස අධ්‍යක්‍ෂකටවත්, තිර රචිකාවටවත් නොවේ.
බාල මහලූ තරුණ වයස් බේදයක් නැතිවත් පිරිමි ගැහැණු ලිංග බේදයක් නැතුවත් ඇයට ආදරය සෙනෙහස ලැබිණි.
ලී ගේ රුවින් සහ පිළිසඳරවලින් පත්තරව පිටු පිරිණි. රුපවාහිනී නාලිකාවලටත් ඇය නැතිවම බැරි විය.
”මට ආසයි සේද මාවත දිගේ යන්න”
වරක් ලී පුවත්පතකට පැවසුවාය.
ඊට සතියකට පසු රසිකයෙක් ඇයට සේද මාවත පිළිබඳව ලියැවුණු පොතක් තිලිණ කර එව්වේය.
ඇත්තටම ලීගේ සතුට සංචාරයයි. ජපානයට ගිය ඇය එහි ගිම්හානයේ ලස්සන බලාසිටියේ අප‍්‍රමාණ සතුටකිනි. දැන් ඇගේ පැතුම සේද මාවත දිගේ ඇවිද යාමටය. එහෙත් දැන් ඇය ජිවත් වන්නේ දේදුණු මාවතේය. අක්කර එකසිය අසූවක විසල් වත්තක් මැද්දේය.
ඇය සතුටිනි
.jpg)
අද ඇය හැඳින්වෙන්නේ ආසියාවේ මැණික ලෙසිනි.
- සටහන
ශාන්ත කුමාර විතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ටෙලි නාට්‍යයක්. (නි)
මම කරගෙන යන ‘ශ්‍රී ලංකාවේ කොරියානු ටෙලි නාට්‍ය‘ පිටුව ගොඩක් අය කියවනවා. ඒ අය දන්වා තියෙනවා අභීත දියණීයෙන් පස්සේ චන්ගුමී ඉන්න තව කතාවක් ගියොත් හොඳයි කියලා.(නදී)
මම බලපු ටෙලි නාට්‍ය වලින් හොඳම එක.(නදී)
තවපාරක් චංගුමී විකාශනය කරන්න කියලයි මම ඉල්ලන්නේ. (නි)
දැනට විකාශනය වූ හොදම නාට්‍යය... (නි)
රසවත්, හරවත් කතා මාලාවක්. (නි)
ඉතා රසවත් කතාවක්. (නි)
චංගුමී අඩනකොට මටත් ඇඩෙනවා. (නි)
ඉතා හොද නාට්‍යයක්. (නි)
ටිකක් විතර අප්සට් කතාවක් මේක. ඔෂීන් නම් හොදයි. (නි)
බලපු ටෙලි නාට්‍ය අතරින් හොඳම නාට්‍ය (ස)
හම්මේ! වැහැලා වැහැලා පෑවුවා වගේ. (නි)
ලස්සන නිර්මාණයක්. ජීවිතයට ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. (නි)
ඇත්තෙන්ම චංගුමීගේ චරිතයෙන් කොපමණ දුෂ්කර අවස්ථාවකදී උනත් අපට සුබවාදීව හිතන හැටි කියාදෙනවා.(නදී)
තව පාරක් බලන්න ආසයි (දී)
මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය.(නදී)
ච්ංගුමී චරිතය අපේ ගැහැණු ළමයින්ට හොද ආදර්ශයක්.(නදී)
අපේ ගෙවල් වල මිනිසුන්ට රූපවාහිනය බලන්න තියා රදා වේල කාලා ඉන්නවත් වෙලාවක් නැහැ. හොද වැඩසටහනක් වෙන්න ඇති. නමුත් පුහු මනන්කල්පිත ලෝකෙන් බැහැරවෙලා සැබෑ ලෝකේ ජීවත් උනාම තමා වැඩේ හොද.(නදී)
අනේ, චන්ගුමි ඔයා හරිම ලස්සනයි (දී)
තව පාරක් බලන්න වටිනවා (දී)
හොඳ නිර්මාණයක් (ස)
යහපත් දෙයක් සැමදාම රැදේවි.(නදී)
නැවත පෙන්නන්න ඒ කතාව (දී)
හරිම ලස්සන කතාවක්. (නි)
ඕෂින්ට පස්සේ දැක්ක ලස්සන කතාවක්. (නි)
ලස්සන කතාවක්, ලස්සන රුපයක් (දී)
මේ කතාව තව සැරයක් පෙන්වනවානම් අපි ආයෙත් බලනවා. කෙතරම් බැලුවත් එපා වෙන්නේ නෑ (ස)
තව තවත් බලන්න හිතෙන කතාවක් (දී)
හරිම ලස්සනයි. මම මේකට ගොඩක් කැමතියි.(නදී)
කතාව නම් හොද කතාවක්. (නි)
හරි ලස්සනයි.. (ස)
චංගුමී නාට්‍ය හිරු චැනලයේ පෙන්නන්න පුළුවන්ද?(නදී)
කතාව හොදයි. ඒත් ළමයින්ගේ අධ්‍යාපනයට ගැටලුවක්.(නදී)
මම බලපු හොඳම කථාව. චන්ගුමී මගේ අක්කා වගේ. මේ කථාව හොඳ ආදර්ශයක්.. (ස)
චංගුමීගේ චරිතය ලොකු අයට හා පොඩ් අයට හොද ආදර්ශයක්.(නදී)
මේ කතාව ඉතා ආදර්ශමත් කතාවක්. මම බලපු හොදම නාට්‍යක්. හැම චර්තයක්ම හොදට පනපොවලා තියෙනවා.(නදී)
මගේ ආසම කතාව. චංගුමී මගේ අක්ක වගේ.(නදී)
නැවත....නැවත.... බලන්න හිතෙන කතාවක් (දී)
මම බලපු ටෙලි නාට්‍ය අතරින් ගොඩාක් හොද නාට්‍යයක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ආදර්ශ ගන්න පුලුවන් නාට්‍යයක්. තව සැරයක් ගියොත් හොදයි. (නි)
මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය.(නදී)
නිහතමානිත්වය රැදි උසස් ටෙලි නිර්මානයක්.(නදී)
අපිට චංගුමී තියා ලංකාවවත් හරියට බලාගන්න බැරි වුනා. ඇවිල්ලා මාසෙන් සල්ලි ඉවරයි.(නදී)
අපි ටෙලිඩ්‍රාමා නොබලා හිටියේ. ආයෙමත් බලන්න ආසා හිතුනා මේ ඩ්‍රාමා එක නිසා. දැන් අපි දරුවන් පිරිවරාගෙන ආලින්දයේ මේ කතාව බලනවා.(නදී)
මම ඒ නාටකයට කැමතියි එය හතයි තිහට පුචාරය කරනවා නම්.(නදී)
ළමයි පාඩමි කරන වෙලාවේ සතියේ දින පහම ඒ සදහා යෙදවීම තුලින් අධ්‍යාපනයට බාදා ඇති විය හැක. ඒ නිසා ලස්සන කතාවක් ඊලගට පස්වරු හයට දාන්න.(නදී) l
නියමයි.(නදී)
ලස්සන නාට්‍යයක්. ගොඩක්ම අවශය ටික විතරයි තිබුනේ. නමුත් ලංකාවේ දර්ශන ගොඩක් කපලා දාලා. එහෙම නැතිව සේරම පෙන්නුව නම් හොදයි. අපේ ලංතාවට හොද ආදර්ශයක්. (නදී)
ඉතා හොද ටෙලි නාට්‍යයක්. (නි)
ඇත්තටම හොද ටෙලි නාට්‍යයක්. (නි)
අපි ටෙලිඩ්‍රාමා නොබලා හිටියේ. ආයෙමත් බලන්න ආසා හිතුනා මේ ඩ්‍රාමා එක නිසා. දැන් අපි දරුවන් පිරිවරාගෙන ආලින්දයේ මේ කතාව බලනවා.(නදී)
එය උසස් නිර්මාණයක්.(නදී)
බලන්න කතාවේ සංස්කරණය... අවශ්‍යම ටික විතරයි පෙන්වන්නේ. නළු නිලියෝ චරිතවලට පණදෙනවා, හඬ කැවීම විශිෂ්ටයි. අවුරුදු ගණනකින් බැලුව හොඳම කතාව. මේ කතාව අපේ ටෙලි නාට්‍ය කලාවේ වෙනසක් ඇතිකරයි කියලා හිතනවා. (නි)
සිංහල මිනිස්සු ගොඩක් දෙනා දැන් මේක නාට්‍යයක් විදියට නෙමෙයි, හැබෑක් විදියටයි හිතන්නේ. (නි)
වයස් භේදයකින් තොරව හැමෝටම බලන්න පුලුවන් ටෙලි නාට්‍යක්. මෙතෙක් විකාශය වු හොදම නාට්‍ය මෙයයි.(නදී)
ඒක හරිම අසාධාරණයි.. අපට බැහැ මේ නාට්‍යය බලන්න හෙලබිම ටීවී එකෙන්.. අපි කැමැතියි ඒක බලන්න.. ඒක බැලීමට අවසර ලබා දෙන්න.,!(නු)
අගය කළ යුතු නාට්‍යයක්...!(නු)
ලස්සන වැඩසටහනක්.(නදී)
හොද දේට හොදයි නොකියා මොනවා කියන්නද? ලංකාවෙ හොද නිර්මාණ බිහිනොවෙනවා නෙවෙයි.. ඒත් ඒවා මේ තරම්අපේ රටේ අය අගය කරන්නෙ නැහැ.. එහෙම අගය කරලා අපේ නිර්මාණ කරුවෝ උනන්දු කළොත්අපේ අයත් මේ වගේ ලොකෙ ලොකු ප්‍රසිද්ධ නිර්මාණ කරන්න පුළුවං.. හොද දෙයක්.. ගොඩක් හොදයි.. සුභ පැතුම්.. මෙහි දක්ෂ නිර්මාණ කරුවන්ට..!(නු)
බලපු හොඳම නාට්‍ය (ස)
අපි ටෙලි නාට්‍ය කවදාවත් බලලා නැහැ. නමුත් දරුවනුත් සමඟ කට්ටියම එය බැලුවා. හරිම ලස්සනයි. (ස)
අපි හොඳ දේ අගය කරන්න ඕන. නරක පින්තූර ළමයි අතරට යනවට වඩා මෙි වගේ පින්තූර මිලදී ගත්තට දෙයක් නෑ. ඒවා දැකලා හිනාවෙන තරම් පහත් මානසික මට්ටමක් තියෙන අයත් ලංකාවේ ඉන්නවා. කොයි රටේ උනත් අගය කළ යුතු දේ අගය කළ යුතුයි. (ස)
කතාව හොඳ ඇති, එත් මේවගේ ගතයුතු ආදර්ශයක් තිබේනම් එය නොගෙන, චරිත වලට උන්මාද ඇති කිරීම තරමක් නොහොඹිනා බව කිව යුතුයි. පසුගිය සෙනසුරාදා ළමයින්, කාන්තාවන් මහරගම පදික වේදිකාවේ පොරකමින් යමක් තෝරමින් මිලදී ගන්නවා දුටුවා. ළං වී බැලුවිට චංගුමී ගේ ස්ටිකර් හා පෝස්ටර් විකුනනු දැක සිනා පහල වුනා. කොහෙවත් තිබෙන මනහ්කල්පිත චරිතයක් අපේ රටේ වීරවරියක වී ඇති අරුමය...(ස)
හරි ලස්සනයි. බලන්න හරි ආසයි. මෙය අගය කළ යුතු නාට්‍යක්. චංගුමී ඔබ හරිම ලස්සනයි. (ස)
ළමුන්ගේ පාසල් ගෙදර වැඩ කරන වෙලාව ගන්න එපා. (ස)
ඔබ හරිම ලස්සනයි. (නි)
අපේ නිර්මාණකරුවන්ට ආදර්ශයක්.(නදී)
දැන් කාලේ තියෙන නාට්‍යවලට වඩා හොඳ නිර්මාණයක් (ස)
කතාව ඉතාමත් හොදයි. ඒ වුනාට ළමයින්ට පාසැල් වැඩ කරන්න තියෙන කාලය සවස 5.30 සිට සවස 7.30 . ඉන්පසුව පෙන්නුවනම් නේද හොද?(නදී)
මෙතෙක් විකාශය වූ සාර්ථකම විදේශීය නිර්මානය.(නදී)
ආදර්ශමත් නාට්‍යයක්. වයස් බේදයකින් තොරව බලන්න පුළුවන් ඇත්තටම මම බලපු හොදම එක.(නදී)
ඒ ළමයා හරිම ලස්සනට චරිතයට පණ දෙනවා. හරිම සංවේදී කතාවක්. (නි)
හරවත් රසවත් කතා මාලාවක්. (නි)
කවුරු මොනවා කියුවත් ලස්සන කතාවක් (දී)
ගොඩක් හොඳ නිර්මාණයක්.දුකයි ඉක්මණින් ඉවර වෙනවට.......(ස)
හොද දේ අපි අගය කළ යුතුයි. (නි)
ඇත්තටම ඉතාමත් හොදම ටෙලිනාට්‍යයක්. ලංකාවේ ටෙලිනාට්‍ය වලට හොද ආදර්ශයක්. මෙය නැරඹීමේදී යම් අබාධ තිබුනත් "හෙළබිම "කළේ හොද දෙයක්. එහෙත් 52 කොටසේ සිට 55 දක්වා නැරඹීමේ අවස්ථා අවහිර කර තිබෙනවා. එයින් මුල සිට නැරඹූ ටෙලිනාට්‍යවල ආස්වාදය ගිලිහි ගොස් ... එම නිසා 1 සිට අවසානය දක්වා නරඹන්න අවස්ථාව ලබාදෙන්න. (නි)
ආදර්ශවත් නාට්‍යයක්. (නි)